Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහසුවෙන්ම සොබාදහම නිවාස අලංකරණයට යොදා ගත හැකි ක්‍රම

හිත නිවන තැන ‘නිවහන’ යි. නිවස ලස්සන වෙන තරමට අපේ අනික් ප්‍රශ්නවලින් හිත නිදහස් කරගෙන ඒ ලස්සන විඳින්න හැකි වෙනවා. එය තවත් වැඩිකරගත හැකි ක්‍රමයක් තමයි පරිසරයේ තිබෙන කොළ පැහැය, ශාක සහ පාෂාණ වැනි දේ නිවෙස තුළට එක් කරගනිමින් එළිමහන නිවස තුළට ගෙන එන එක. අතීත ලාංක‍ේය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමවල පවා දකින්නට ලැබුණු ඒ ක්‍රම අපේ නව පන්නයේ නිවහනටත් ගෙන එමු.

රටාවන් සහ වර්ණ භාවිතය

දිය සෙවෙල් ආකාරයේ කාපට් එකක් (shopify.com)

බිත්තිවල ශාක පත්‍ර/ ගල්/ දැවමය රටා සහිත බිතුපත් (wallpaper) හෝ ටයිල් භාවිතා කිරීම මඟින් ඇස ගැටෙන පරිමාණයෙහි හරිත බව ඇති කරන්නට පුළුවන්. අඳුරු විය යුතු බිත්ති එනම්, රූපවාහිනිය පසුපස බිත්තිය, කෑම කාමරයක පසුබිම් බිත්තියක් වැනි දෑට මෙවන් රටාවක් එක් කළ හැකියි. මේ සඳහා කොළ වර්ණයේ Shades (ලා කොළවල සිට තද කොළ සහ නිල් පැහැයට හුරු කොළ) මෙන්ම කහ-තැඹිලි පැහැය, රෝස (චෙරි) පැහැය වැනි වර්ණ යොදා ගන්න පුළුවන්.

ඒ රටාවටම හෝ වර්ණයට ගැලපෙන Table lamp, පින්තූර Frame වැනි ගෘහ අලංකරණ භාණ්ඩ, Grass carpet ආදියෙන් එයට තවත් වටිනාකමක් ලබා දෙන්න. හැමදේම එකිනෙක ගැලපෙද්දී පිළිවෙළ යි. Wallpapers තෝරාගනිද්දි ක්ෂුද්‍ර ජීවී හානිවලින් ආරක්ෂාව ගෙන දෙන (Antibacterial) ඒවා ‍මිල දී ගන්න අමතක කරන්න එපා.

කුඩා ශාක යොදාගන්න

සත්‍ය ශාක හෝ ආකෘති භාවිතා කරන්න (prestigeflowers.co.uk)

නිවස තුළම පහසුවෙන් නඩත්තු කළ හැකි, නිතර හිරු එළිය අවශ්‍ය නොවන සත්‍ය ශාක යොදා ගෙන අභ්‍යන්තර අලංකරණය කිරීමෙන් ස්වභාවිකත්වය එලෙසින්ම මවන්නට පුළුවන්. මේ සඳහා වඩාත්ම ප්‍රසිද්ධ ශාක වන්නේ කැක්ටස් සහ බොන්සායි ආකාරයට සැකසූ ශාක යි. ශාකය බඳුන් ගත කර තිබුණ ද එහි පසුබිම (බිම හෝ බිත්තිය) ද ඊට ගැලපෙන සේ ගල් කැබලි, තීන්ත වර්ණ, ටයිල් රටා, ආලෝකකරණය (Spotlight) ආදියෙන් තවත් හැඩකර ගත හැකියි.

පමණින් මඳක් විශාල ශාක යොදා ගනිද්දී රාත්‍රියේ ජනනය වන කාබන් ඩයොක්සයිඩ් පිටවීමට ඉඩ සලසමින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තැබීමට කටයුතු කිරීමත්, කටු සහිත ශාක දරුවන්ට ළඟා විය නොහැකි ස්ථානවල තැබීමත් වැදගත්. එනිසා හොඳම දේ කෝමාරිකා වැනි ශාක භාවිතය යි.

ජනේල තිර ආවරණ සඳහා

බට පැළලි යොදා ඇති ආකාරය (selectblindscanada.ca)

සොබාදහමේ එක් රහසක් තමයි සිසිලස. කොන්ක්‍රීට් වනාන්තර සහ දැඩි හිරු එළිය අපේ මානසික ආතතිය තවත් වැඩි කරවනවා. ඉතින් ස්වභාවිකවම සිසිලස ඇති කරගත හැකි ආකාරයන් ගැනත් සිතන්න වෙනවා. ජනේලයෙන්, වෙනත් හිරු එළිය ඇතුළු වන කවුළුවලට රස්නය උරාගත හැකි ස්වභාවික ආවරණයක් යොදා ගැනීමෙන් එය කරන්න පුළුවන්.

බට පැළලි යෙදීමෙන් ඒවාට වැඩි උෂ්ණත්වයක් දරා ගන්නට හැකි නිසා සිසිලස ලබා ගැනීම, සොබාදහම නිවස තුළට ගෙන ඒම යන දෙකම එක්වර ක‍රගන්නට පුළුවන්. ඒ අවට තබන පුටුත් වේවැල්වලින් වියන ලද ඒවා නම් තවත් එයට ගැලපී යනවා.

ස්වභාවික අමුද්‍රව්‍ය 

රූපවාහිනියට යෙදූ Floating shelf එකක් (ytimg.com)

සොබාදහමේ රටා නිවසට ගෙන ආ හැකි තවත් ක්‍රමයක් තමයි හැකිතාක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් කළ සැරසිලි, හෝ ස්වභාවික රටා යොදා කෘත්‍රීමව නිර්මාණය කළ ගෘහ භාණ්ඩ පාවිච්චි කරන එක. ඒ දෙකම මුසු කරමින් විශාල ජනේලයකට තිර රෙද්දක් දාද්දි ලී රටාවකින් කළ රැඳවුමකුත්, ලී/හරිත පැහැ රටා යෙදූ ‍තිර රෙද්දක් යොදන්නටත් හැකියි.

නිදන ඇඳ අසල මේසය, සාලයේ තබන මේස සැරසීමේදී කොරල්, වර්ණවත් ගල් කැබලි, කුරුළු පිහාටු නිර්මාණ ආදිය යොදා ගන්න. දොරවල් අසල පොල්කෙඳි ලී ආකෘතියෙන් සැකසූ බිත්තියේ සවිකළ රාක්ක (Floating shelf) යෙදීමත්, ඉහත රූපයේ පරිදි බිත්තියේ සවි කළ රූපවාහිනිය යටින් යෙදීමත් (එවිට රූපවාහිනී යන්ත්‍රය රාක්කයෙන් ඉහළ පාවෙන්නාක් සේ පෙනෙනවා) නිර්මාණශීලී අදහස් වලට සුළු උදාහරණ කිහිපයක්.

කුඩා මැද මිදුලක්

ස්වභාවික ආලෝකය සහ සොබාදහමේ නිර්මාණ නිවස තුළම රඳවාගෙන ඇති ආකාරය (freshome.com)

නිවස ඉදි කරද්දී ඉ‍ඩමේ තිබෙන මධ්‍යම පරිමාණ ගස් ඉතිරි කරමින් ඒ වටේ නිවස සැකසීමෙන් ඉතාම පහසුවෙන් සොබාදහම නිවස තුළට ගෙන එන්නට පුළුවන්. එම කොටස වටා වීදුරු යෙදීම, ලී රටා සහිත ටයිල්, ගස දෙසට සහ බිත්තිවලට කෘත්‍රීම දැව Wall lamp ආවරණ යෙදීම, පිවිසුමට Grass carpet මෙන්ම ගස වටා පොළොව ආවරණය කරමින් විසිතුරු ගල් කැබලි යෙදීම කළ හැකියි.

මේ සැරසිලිවලට අවශ්‍ය හැමදේම The Concept Store වෙතින් පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්. නැත්නම් 0117 400 222 අංකයට ඇමතුමක් දුන්නොත් නිවස අභ්‍යන්තර අලංකරණය ගැන තවත් දේවල් ඔබට දැනගන්න පුළුවන්.

කවරය: proflowers.com

Related Articles