චන්ඩිගාර් යනුවෙන් හඳුවන්වනු ලබන්නේ, ඉන්දියාවේ වඩාත්ම හොඳින් සැලසුම් කරන ලද නගරයයි. මෙම නගරය ජවහල්ලාර් නේරු මහතාගේ සිහිනයක් මල් ඵල ගැන්වීමකි. එමෙන්ම ‘ලෙ කොර්බුසියර්’ විසින් නිර්මාණය කරන ලද මෙම නගරය නවීකරණය හා පරිසර සංරක්ෂණය සමව පත්වනා ඉතාමත් දුර්ලභ සංග්‍රහයකි. මාර්ග, ගොඩනැගිලි මෙන්ම ගස් සහ ශාක මෙම ඉදිකිරීමේ කොටසකි. ඉන්දියාවේ පළමු සැලසුම්ගත, පොහොසත්, සමෘද්ධිමත් හරිත නගරය වර්තමානයේ ‘The City Beautiful’ යනුවෙන් හඳුන්වනු ලබනවා.
ඉතිහාසය
වර්ෂ 1947 අගෝස්තු මස 15 ඉන්දියාව නිදහස ලබා ගත් දිනයයි. ඊට දිනකට පෙර පාකිස්ථානය නිල වශයෙන් බිහි වුණා. ඉන්දියාව හා පකිස්ථානය ලෙස වෙන්වීම සමඟ ම පන්ජාබය ද බටහිර පන්ජාබය හා නැගෙනහිර පන්ජාබය ලෙස දෙකඩ වීම සිදු වුණා. එනම් බටහිර පන්ජාබය පකිස්ථානයට අයත් වූ අතරම මෙහි අගනුවර ලාහෝර් ලෙස සලකනු ලැබුවා. නැගෙනහිර පන්ජාබය ඉන්දියාවට අයත් වූ අතර මෙය ප්‍රාන්තයක් බවට පත් වූ නමුත් මේ සඳහා අගනුවරක් නියමාකාරයෙන් තිබුණේ නැහැ. ග්‍රීෂ්ම කාලයේ අගනුවර ලෙස ශිම්ලා තෝරනු ලැබුවා.
පන්ජාබ් රජය විසින් දක්ෂ, තරුණ ඉංජිනේරුවරයෙකු වූ පී. එල් වර්මාට පන්ජාබ් ප්‍රාන්තය සඳහා ස්ථිර අගනුවරක් තෝරන ලෙසට වගකීම පැවරුවා. භුමි භාග කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නව නගරයක් සඳහා අවශ්‍ය සියලුම අවශ්‍යතාවයන් පාහේ සහිත චන්ඩිගාර් තෝරනු ලැබුවා.
අවසානයේ වර්ෂ 1948 මාර්තු මස ඉන්දීය රජය සමඟ පන්ජාබ් රජය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව Ropar නමැති දිස්ත්‍රික්කයේ වර්ග ශිවලික් නමැති කන්ද පාමුල පිහිටා තිබෙන වර්ග කිලෝමීටර් 114.59 පමණ ප්‍රමාණයකින් යුත් කලාපය නව අගනගරය බවට සම්මත වුණා. එමෙන්ම චන්ඩිගාර් යනුවෙන් පැවති නම නව නගරයට ලබා දෙනු ලැබුවා. එහි චන්ඩි යන්නෙන් ‘දෙව්දූගේ බලය’ යන්නත්, ගාර් යන්නේ ‘බළකොටුව’ යන්නත් අර්ථවත් වනවා.
සැලසුම හා ගෘහ නිර්මාණ ශිල්පය
ඇමරිකානු සමාගමක Mayer, Whittlessay, Glass යන අය හට වර්ෂ 1950 දී නව නගරය සඳහා සැලසුමක් සකස් කිරීමට බලය ලබා දෙනු ලැබුවා. පසුව ඇල්බර්ට් මේයර් හා මැතිව් නොවිකි හට මෙය කියාවට නැංවීමට සකස් කරනු ලැබුවත්, නොවිකිගේ හදිසි වියෝව හේතුවෙන් මේයර් මෙය කරගෙන යාමට අදහස් නොකළා. මේ හේතුවෙන් මෙම නගර සැලසුම Charles Eduard Jeanneret හෙවත් ලෙ කොර්බුසියර් හට වර්ෂ 1951 දී පවරනු ලැබුවා.
ස්විස්-ප්‍රංශ ජාතිකයෙකු වූ මොහු වස්තු විද්‍යාඥයෙකු, මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු, නාගරික, රචකයෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකුද වුණා. නවීන වාස්තු විද්‍යාව පිළිබඳ ඉතාමත් ප්‍රසිද්ධ මොහු නාගරික සැලසුම්කරුවෙකු, නවීන ගෘහ භාණ්ඩ මෝස්‌තර ශිල්පියෙකුද වනවා.
ජේෂ්ඨ වස්තු විද්‍යාඥයින් තිදෙනෙකු විසින් මොහුට ආධාර සපයනු ලැබුවා. ඒ අතර Maxwell Fry, ඔහුගේ බිරිඳ Jane B Drew සහ ලෙ බුසියර්ගේ මස්සිනා වන Pierre Jeanneret. එමෙන්ම මෙම ජේෂ්ඨ වස්තු විද්‍යාඥයින් තිදෙනාට සහය පළ කිරීම සඳහා තරුණ ඉන්දීය වස්තු විද්‍යාඥයින් කණ්ඩායමක් වන එම්.එන් ශර්මා, බී. පී. මතුර්, ආධිත්‍ය ප්‍රකාශ් ආදී පිරිස් සිටිනු ලැබුවා. ප්‍රධාන සැලැස්ම ලෙ බුසියර් විසින් සංවර්ධනය කිරීමක් සිදු කරනු ලැබුවා. එමෙන්ම ඔහු අගනගර සංකීරණය නිර්මාණය කළ අතර, නගරයේ ප්‍රධාන ගොඩනැගිල්ලට වස්තු විද්‍යාත්මක පාලනය සහ නිර්මාණය කරන්නට ද කටයුතු කළා.
මෙම නගරය විවිධාකාර දේශගුණික සෘතු වල බලපෑම එනම්, ග්‍රීෂ්ම, මෝසම් හා ශීත සෘතුවල බලපෑමට හසු වනවා. නගරයේ බොහොමයක් ඉදිකිරීම් සිදු වූයේ ගඩොල්, ගල් ආදිය භාවිතා කරමිනි. එමෙන්ම පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස නිර්මාණය කරන ලද මෙහි සියළුම පහසුකම් සහතික කරමින් සියළුම පන්ති වල මිනිසුන් හට ගෞරවනීය ජීවිතයකට මෙහෙයවීම අරමුණ වුණා.
කලාව හා සංස්කෘතිය
පන්ජාබ් හා හර්යානා යන ප්‍රාන්ත දෙකටම අගනුවර වන්නේ චන්ඩිගාර් ය. මුලින් පන් ජාබයේ අගනුවර වූ එය පසුව 1966 දී හර් යානා ප්‍රාන්තය නිර්මාණය කළ විට එහි ද අගනුවර ලෙස නම් කෙරුණා. නගරය පිහිටා ඇත්තේ එම ප්‍රාන්ත දෙකෙහි මායිමේ යි. කෙසේ නමුත් නගරයේ පාලනය එම ප්‍රාන්ත දෙකට ම නොව මධ්‍යම රජයට අයත් වනවා.
නගරය සතුව ඉතාමත් පොහොසත් සංස්කෘතියක් හා සම්ප්‍රදායක් තිබෙනවා. විවිධාකාරයේ මිනිසුන් මිනිසුන්, ආගම්, උත්සව හා නොයෙක් ආකාරයේ ගැමි නර්තන ආදිය තිබීම මෙයට හේතුව වනවා. මෙම නගරය වාණිජ හා සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදගත් කමක් උසුලනවා. Baisakhi, Lohri, Holla Mohalla, Gurupurab, Tika, Teeyan, Karwa Chauth, Dusshera, Diwali, Raksha Bandhan ආදී ප්‍රධාන උත්සව මෙහි දී දැක බලා ගැනීමට හැකි වනවා.
එමෙන්ම සංස්කෘතික අගනගරයක් වන මෙහි බොහෝ කලාකරුවන්, රචකයන් ජීවත් වනවා, ලෙ කොර්බුසියර් නගරයේ දසවැනි කලාපයේ කොටසක් සංස්කෘතික සංකීරණය ලෙස දැක්වූ අතරම එහි අන්තර්ගත වූයේ ශ්‍රව්‍ය දෘශ්‍ය පුහුණු ආයතනයක්, කෞතුකාගාරයක්, චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක් සහ ඉදි කිරීමට අපොහොසත් වූ Miracle Box යන්නත්ය. පසුව මේ වෙනුවට විද්‍යා කෞතුකාගාරයක් ස්ථාපනය කරනු ලැබුවා.
අද වන විට මෙහි රජයේ කලා විද්‍යාලයක්, රාජ්‍ය කෞතුකාගාරයක් ආදියෙන් යුක්ත වනවා.
සුවිශේෂී ස්ථාන
විවෘත අතක් සහිත සමාධිය චන්ඩිගාර් හි සලකුණ වනවා. ලෙ-කොර්බුසියර් විසින් නිර්මාණය කරන ලද මෙය සුළඟට භ්‍රමණය වනවා. එමෙන්ම සුඛ්නා විල ද සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් ස්ථානයක් වන අතර, මෙය බොහොමයක් උත්සව සැමරීමට යොදා ගන්නා ස්ථානයක්ද වනවා. විදේශීය සංක්‍රමණික කුරුල්ලන් හට අභය භූමියක් වන මෙය ආරක්ෂා කරන ලද ජාතික වගුරු බිමකි.
ටීජ් නමැති උත්සවය සැමරීමට ස්ථානයක් ලෙස සැලකෙන ගිරි ගෙවත්ත (Rock Garden) කාර්මික ද්‍රව්‍ය හා නිවසේ ඉවත දමන දෑ වලින් සම්පුර්ණයෙන්ම නිම කොට තිබෙන සංචාරක ආකර්ෂණය දිනා ගත් තවත් එක් ස්ථානයකි. එමෙන්ම ජපාන ගෙවත්ත ද ඉන්දියාවේ පළමු ජපාන උද්‍යාන සම්ප්‍රදාය අනුසාරයෙන් ගොඩ නැගූ ඉන්දියාවේ පළමු උද්‍යානය ලෙස ගැනෙනවා. මීට අමතර ගිරා කුරුළු අභය භුමිය ද මෙම නගරයේ පිහිටා තිබෙන කුඩා කුරුළු අභය භූමියකි.
කවරයේ පින්තූරය: gudstory.com