Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රිදී නිසා නම් ලද​ ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව, නිල වශයෙන් ආර්ජන්ටිනා සමූහාණ්ඩුව යනුවෙන් හැඳින්විය හැකි වනවා. එරට ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගනු ලැබූයේ 1816 වර්ෂයේදීයි. දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන රටක් වන අතරම ලොව 8 වැනි විශාලම රට වන්නේද ආර්ජන්ටිනාවයි.

මෙරටට ආර්ජන්ටිනාව යන නම ලැබී තිබෙන්නේ ලතින් වචනයකින් ය. එනම් ආර්ජෙන්ටුම් (“argentum”) යන්නෙන් ආර්ජන්ටිනාව යන්න ලැබී තිබෙන අතර එහි අදහස වන්නේ රිදී (“silver”) යන්නයි. මෙම නම ලැබීමට හේතුව ආර්ජන්ටිනාවේ පිහිටි ලා ප්ලාටා නදිය බවයි සාමාන්‍ය පිළිගැනීම වන්නේ. ආර්ජන්ටිනාවට පැමිණි පළමු යුරෝපීය දේශ ගවේෂකයන් රිදී පාටින් දිලිසෙන ලා ප්ලාටා නදියේ ජලය හේතුවෙන් එම නම එරටට තබන ලදැයි විශ්වාස කෙරෙනවා.

ආර්ජන්ටිනාවේ නගර

ආර්ජන්ටිනා සිතියම​ (argentinamap.facts.co)

බුවෙනෝස් අයර්ස් (Buenos Aires) මෙහි අගනුවර වන අතරම මෙරට ජනගහනය 42,610,981 ක් පමණය. කොර්ඩොබා (Cordoba), මෙන්ඩෝසා (Mendoza), ලා ප්ලාටා (La Plata), ටුකුමන් (Tucuman) හා මාර් ඩෙල් ප්ලාටා (Mar del Plata) ජනගහනය අතින් ගත් කල විශාලත්වයෙන් යුත් අනෙකුත් නගර අතර වනවා.

මීට අමතරව ආර්ජන්ටිනාව සතුව විශාල තැනිතලා, කාන්තාර, වනාන්තර, උස කඳු, ගංගා මෙන්ම සාගර වෙරළ සැතපුම් දහස් ගණනක් වනවා. ආර්ජන්ටිනාව සතුව ඇන්ටාර්ක්ටිකාවේ කොටසක්ද, දකුණු අත්ලාන්තික් සාගරයේ දූපත් කිහිපයක්ද හිමි වනවා.

භාවිතා කරනු ලබන භාෂා හා ආගම්

ආර්ජන්ටිනාවේ දිනපතා නිකුත් කරන පුවත් පත් 150කට අධික සංඛ්‍යාවක් තිබෙන අතරම, වාණිජ ගුවන් විදුලි නාලිකා සිය ගණනක් පමණ මෙහි තිබෙනවා. රූපවාහිනි මධ්‍යස්ථානද බොහෝමයකි.

මෙරට නිළ භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. නමුත් ආර්ජන්ටිනාවේ භාවිතා කරන ස්පාඤ්ඤ භාෂාව, ස්පාඤ්ඤයේ කතා කරන ස්පාඤ්ඤ භාෂාවට වඩා තරමක් වෙනස් වනවා. ඇතැම් අවස්ථාවලදී එය ශබ්ද වන ආකාරය ස්පාඤ්ඤ භාෂාවට වඩා ඉතාලි භාෂාවට බොහෝ සමාන තාවයක් දක්වනවා. එමෙන්ම ඉතාලි, ඉංග්‍රීසි, ජර්මන් හා ප්‍රංශ යන වෙනත් භාෂාද ආර්ජන්ටිනාවේ භාවිතා කරනු ලබනවා. ඉතාලියේ සිට සංක්‍රමණය වූවන් ද සැළකිය යුතු ප්‍රමාණයක් ආර්ජන්ටිනාවේ වාසය කරනවා. ස්වදේශීය භාෂාවන් ලෙස ගුරානි, ටෙහුල්චේ සහ කුචුආ ආදී භාෂාද කතා කරනු ලබනවා.

ආර්ජන්ටිනාවේ ව්‍යවස්ථාව මඟින් ආගමික නිදහස සහතික කර තිබීම සුවිශේෂී තාවයකි. එමෙන්ම රෝමානු කතෝලික ආගම රාජ්‍ය ආගම ලෙස කටයුතු කරනු ලබනවා. ඒ අනුව රෝමානු කතෝලික 92% පමණද, රෙපරමාදු 2% කුත්, යුදෙව් 2% කුත්, වෙනත් 4% ලෙස අදහනු ලබනවා.

ආර්ජන්ටිනාවේ ආර්ථිකය

වයින් නිෂ්පාදනයට සිදු කර තිබෙන වගාවක් (stingynomads.com)

ආර්ජන්ටිනාවේ භාවිතා කරන මුදල් ඒකකය වන්නේ ආර්ජන්ටිනා පෙසෝ (Argentina Peso) යන්නයි. මෙරට වටිනා ඛනිජ සම්පත් වලින් පොහොසත් රටක්. රටේ පවතින ඛනිජ සම්පත් අතර ප්‍රධාන වශයෙන් ඊයම්, සින්ක්, ටින්, තඹ, යකඩ, මැග්නීසියම්, ඛනිජ තෙල්, යුරේනියම් හා ලිතියම් අඩංගු වනවා. මෙහි නිපදවන ප්‍රධාන කාර්මික ඛනිජය වන්නේ ලිතියම්. 2010 වර්ෂයේදී ලෝකයේ දෙවන විශාලතම බෝරෝන් නිෂ්පාදකයා වුයේද ආර්ජන්ටිනාවයි. ස්වභාවික සම්පත් වලින් බහුල රටක් වන මෙය G-15 හා G-20 හි ප්‍රධාන ආර්ථිකයන්හි සාමාජිකයෙකුද වන අතර ලතින් ඇමරිකාවේ ශක්තිමත්ම​​ ආර්ථිකයන්ගෙන් එකක් ද වනවා.

ආර්ජන්ටිනාවෙන් සොයා ගත් ඉතාමත් වැදගත් ලෝහ අතර තඹ, රත්තරන්, රිදී හා සින්ක් වන අතරම 2010 වර්ෂයේදී රන් කිලෝ 6500 ක් පමණ ලබා ගෙන තිබෙනවා. එමෙන්ම මෙරටට හිමි  ස්වභාවික ගෑස් හා ඛනිජ තෙල් ද වැදගත් සම්පත් වනවා.

ආර්ජන්ටිනාව අනිකුත් රටවලට වඩා ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන අතරම ජෛව ඉන්ධන අපනයනය කරන අපනයනකරුවෙකුද ලෙස ලොව තුන්වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.එයින්ද නොනවතින අතර 2010 වර්ෂයේ රටේ ආර්ථිකයේ 16% ක් පමණ ගිණුම් ගත කර තිබෙන්නේ පතල් කර්මාන්ත අංශය මඟිනුයි.

මීට අමතරව සෝයා බෝංචි, තිරිඟු හා මස් අපනයනය කරන ලොව ප්‍රධාන අපනයකරුවකු ලෙස දැක්විය හැකියි. ලොම් හා වයින් ද විශාල වශයෙන් නිෂ්පාදනය කරනු ලබන අතර බොහෝ විට වයින් දේශීය පරිභෝජනය සඳහා යොදා ගනු ලබනවා.

මෙරට ධීවර කර්මාන්තයද සිදු කරන අතරම එය සාපේක්ෂව කුඩා කර්මාන්තයක් වනවා. වනාන්තර කර්මාන්තය මඟින්ද ආර්ජන්ටිනාවේ සියලු අවශ්‍යතා සම්පුර්ණ වීමක් සිදු වන්නේ නැහැ. අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ දැව සඳහායි. ඉන් කුඩා ප්‍රමාණයක් අඟුරු හා දර සඳහා යොදා ගනු ලබනවා.

ආර්ජන්ටිනාවේ සංකේත

ආර්ජන්ටිනාවේ ජාතික ධජය (Wikimedia Commons)

මෙරට ජාතික පක්ෂියා ලෙස සැලකෙන්නේ හොර්නෙරෝ (Hornero) නමැති පක්ෂියායි. එමෙන්ම ටැන්ගෝ නමැති නැටුමද ජාතිකත්වයෙහි ලා සැලකෙනවා. ජාතික පුෂ්පය වන්නේ සයිබෝ (Ceibo) නමැති පුෂ්පයයි. මොවුන් සතුව ආදර්ශ පාඨයක්ද තිබෙනවා. එනම් “En unión y libertad” යන්නෙන් “එක්සත්කම හා නිදහස” යන්න ගම්‍යමාන වනවා.

වර්තමානයේ භාවිතා කරන ජාතික ධජය නිළ වශයෙන් අනුමත වී තිබෙන්නේ 1812 පෙබරවාරි මස 12 වන දිනයි. රත්තරන් පැහැයෙන් යුත් හිරු ජාතික ධජයට එක් කොට තිබෙන්නේ 1818 වසරේදීයි.

ස්වභාවික සුන්දරත්වය

පෙරිටෝ මොරෙනෝ ග්ලැසියර (nationsonline.org)

ආර්ජන්ටිනාව භූමි ප්‍රමාණය අතින් සලකා බැලූ විට ඉතාමත් විශාල රටක් වනවා සේම ස්වභාවික සුන්දරත්වය ඉතාමත් උපරිම ආකාරයට මෙරටට හිමි වී තිබෙනවා. එරට තිබෙන ස්වභාවික සුන්දරත්වය විදහා පාන ස්ථාන කිහිපයක් වන්නේ ස්වභාවික පුදුමයක් ලෙස නම් කරන ලද ඉගුආසු ඇල්ල, පෙරිටෝ මොරෙනෝ ග්ලැසියර, නහුඑල් හුආපි විල, ඇකන්කාගුවා කන්ද, ස්වභාවික ඉල්බෙරා රක්ෂිතය ආදී ස්ථානයි.

ආර්ජන්ටිනාවේ දේශපාලනය

වර්තමාන ජනාධිපති (CNN)

ආර්ජන්ටිනා ජනරජය එමෙන්ම එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ ෆෙඩරල් ජනරජයකි. විධායක බලය ජනපති සතු වනවා. ආර්ජන්ටිනාවේ පළාත් 23 ක් හා එක් ස්වාධීන ෆෙඩරල් දිස්ත්‍රික්කයක් තිබෙනවා. එරට ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් වන්නේ  රිපබ්ලිකන් ප්‍රපෝසල්(Republican Proposal), ෆ්‍රන්ට් ෆො වික්ටරි (Front for Victory), රැඩිකල් සිවික් යූනියන් (Radical Civic Union) හා සමාජවාදී පක්ෂය​ (Socialist Party)  යනුවෙනි. වර්තමාන ජනාධිපති තුමා වනුයේ මොරිසියෝ මක්‍රි වන අතරම උප ජනාධිපති වනුයේ Gabriela Michetti  වේ.

Cover Image: බුවෙනෝස් අයර්ස් (Mente Argentina)

Related Articles