Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවත් ලංකාවත් අතර කඹ ඇදිල්ලකට මුල් වුණු කච්චතිව්

කච්චතිව් දූපත යනු ශ්‍රී ලාංකික අප සහ අසල්වැසි ඉන්දියාව, විශේෂයෙන්ම තමිල්නාඩුව ප්‍රාන්තය  අතර ගැටුම් හටගැනීමට හේතු වූවකි. මෙහි අයිතිය කලින් කලට වෙනස්වීම එයට හේතුව වේ. කලින් කලට පවතින දේශපාලන වාතාවරණය අනුව විටක කච්චතිව් දූපත ඉන්දියාවට අයත් බවත් විටෙක ශ්‍රී ලංකාවට අයත් බවට  තර්ක විතර්ක ඉදිරිපත් විය. මේ වන විට ඉන්දියානු රජයේ ද එකඟත්වය සහිතව මෙහි අයිතිය අපට හිමිව තිබෙන නමුත් තමිල්නාඩු රජය එම තීරණය හා එකඟ නොවේ.

කච්චතිව් වැදගත් ඇයි?

කච්චතිව් දූපත භූමි ප්‍රමාණයෙන් අක්කර 285ක, ධීවර කටයුතු සඳහා වැදගත් දූපතකි. ඩෙල්ෆ් දූපතට ආසන්නයේ, ශ්‍රී ලාංකික සහ ඉන්දියානු අන්තර්ජාතික මුහුදු සීමාවන් අතර පිහිටා ඇති මෙහි මිනිස් වාසයක් නොමැත. මේ දූපත සහ මුහුදු සීමාව සොබාව සෞන්දර්යය අතින් පරිපූර්ණව වනවා මෙන්ම මේ ආශ්‍රිතව ස්වාභවික ඛනිජ තෙල් සහ ගෑස් පවතින බවට ද මතයක් පවතී.

දූපත පිළිබදව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වූ ගිවිසුම්

කච්චතිව් දූපත 1974 කච්චතිව් ගිවිසුමටත් පෙර ශ්‍රී ලංකාවට අයිතිව තිබුණු අතර මෙම ගිවිසුම හිටපු අග්‍රාමාත්‍යවරියන් වන සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර අත්සන් තබන ලද්දේ 1974 ජුනි මස දී ය. ඉන්දිරා ගාන්ධි මෙම ගිවිසුමෙන් කච්චතිව් ඉන්දියාවේ කොටසක් සේ සලකන ලෙස කරනු ලබන ඉල්ලීම් මෙතැනින් අවසන් බව, සහ එය ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට අයත් කොටසක් බව පිළිගන්නා ලදී.

(static.dailymirror.lk) දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට යටත් බව තීරණය විය.

නමුත් මෙම එකඟවීමට පෙර මේ සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙක අතර නිරන්තර ගැටළු හටගත් අතර ඒ පිළිබඳව වූ සාකච්ඡාවන් ද මාස ගණනාවක් පුරා පැවැත්විණි. ඉන්දියානු ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ 1921 වර්ෂයේ දී ද මේ පිළිබදව සාකච්ඡාවන් පවත්වා ඇත. එයට ශ්‍රී ලාංකික නියෝජිතයන් සිව්දෙනෙකු සහ ඉන්දියාව නියෝජනය කරමින් නියෝජිතයන් සිව්දෙනෙකු සහභාගී විය. මෙම සාකච්ඡා එම වසරේ මාර්තු සිට ඔක්තෝම්බර් දක්වා පැවතුනු අතර රාජ්‍යයන් ද්විත්වයම මෙම දූපත තමාට අයත් බවට සාක්ෂි ඉදිරිපත් කරන ලදී. මෙහිදී ඉන්දියාව ඉදිරිපත් කළ තර්කය වූයේ කච්චතිව් රාමන්ඩ්හි රාජාට අයිති වූ දූපතක් බව ය. ඔහු බෙංගාලියෙකු වූ නමුත් එහි පාලකයෙකු නොවූ අතර, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන් විසින් පත්කරන ලද බදු එකතුකරන්නෙකු පමණක් විය. ඒ හේතුවෙන් ඔහු එම දූපතේ පාලකයෙකු නොවූ නිසා ඉතිහාසයේ කිසිම විටක දී කච්චතිව් ඉන්දියාවට අයත් නොවූ බවට ශ්‍රී ලංකාව ප්‍රතිතර්ක ඉදිරිපත් කරන ලදී.

1724 – 1726 අතර සමයේ ඇඳි ශ්‍රී ලංකාවේ සිතියමක්. (colombotelegraph.com)

ශ්‍රී ලංකාව මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ ප්‍රබල තර්කයක් වූයේ පෘතුගීසි පාලන සමයේ සිට මෙම දූපත ශ්‍රී ලංකාවට අයත්ව තිබී ඇති බව ය. එය තහවුරු කිරීම සඳහා පෘතුග්‍රීසි පාලන සමයේ යොදාගත් සිතියම් සහ වාර්තා සාක්ෂි ලෙස යොදාගන්නා ලදී. බ්‍රිතාන්‍ය සමයේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තා අනුව ද එකලත් දූපත ශ්‍රී ලංකාවට අයත්ව තිබී ඇති  බව තහවුරු වන්නේ යාපනයේ අන්තිම රජු වූ සංකිලි කුමාරන් නැමති පාලකයා ඔහු ආහාරයට ප්‍රිය කරන ලද ඉබ්බන් විශේෂයක් ඇල්ලීම සඳහා යාපනයට අයත් කච්චතිව් දූපතට මිනිසුන් යැවූ බවට ඒවායේ සටහන් වන නිසාවෙනි. එම දත්තයන්ට අනුව කච්චතිව් දූපත යාපනයෙහි කොටසක් ලෙස හැඳින්වීමෙන් එය අප සතු බවට තහවුරු විය.

නමුත් ඉන් පසුව ද මෙම දූපත පිළිබදව ගැටළු ඇති වූ අතර ඉහත කච්චතිව් ගිවිසුම මගින් ධීවර කර්මාන්තයට සිමා පැනවීමක් සිදු නොවීම ද ගැටළු මතුවීමට එක හේතුවක් විය. ඉන්දියානු ධීවරයින් දූපත අවට නිදහසේ ධීවර කර්මාන්තයේ යෙදුනේ මේ හේතුව නිසාවෙනි. 1976 දී දෙරට අතර තවත් ගිවිසුමක් ඇති වූ අතර, එමගින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියානු මුහුදු සීමාව තුළ හෝ ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකීය මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් කරන ලදී. යම් මුහුදු සීමාවකට ඇතුලත් වීමේ අවශ්‍යතාවයන් පවතී නම් අදාල මුහුදේ අයිතිය දරණ රාජ්‍යයේ අවසර ලබාගත යුතු විය.

sundaytimes.lk

ශ්‍රී ලංකාව තුළ 1991 වන විට පැවති සිවිල් යුද්ධයත් සමඟ තමිල්නාඩු ප්‍රාන්තය නව යෝජනා සම්මතයක් මගින් නැවතත් කච්චතිව් දූපත පිළිබදව ප්‍රශ්න කරන ලදී. ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මෙම කාල සීමාව තුළ ඉන්දියානු ධීවරයින් ලංකා මුහුදු සීමාව පහසුවෙන් සහ අනවසරයෙන් භාවිත කරන ලදී.

2008 වර්ෂයේ දී තමිල්නාඩු ප්‍රාන්තය තුළ ජයලලිතා ජයරාම් බලයට පත්වීමත් සමඟම තමිල්නාඩුව විසින් 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙසට ඉල්ලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු ගොනුකරන ලදී. කෙසේ නමුත් සිවිල් යුද්ධය 2009 වසරේ දී හමාරවීමත් සමඟම ශ්‍රී ලංකාව තම නාවුක සිමා ශක්තිමත් කරන ලදී.

සිවිල් යුද්ධයෙන් පසු තත්ත්වය

සිවිල් යුධ සමයෙන් පසුවත් ඉන්දියානු ධීවරයින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට පැමිණීම හේතුවෙන් ආරක්ෂක අංශයන්හි අත්අඩංගුවට පත් වූයේ එය රටේ අභ්‍යන්තර ආරක්ෂාවට ගැටළුවක් වන නිසාවෙන් මෙන්ම කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති, ලංකා මුහුදු සිමාවේ පිහිටි භූමියක් බවට ඒ වන විටත් තහවුරු වී තිබූ නිසාවෙනි.

(sundayobserver.lk) ශාන්ත අන්තෝනි දෙව් මැදුර

වසරේ එක කාල සීමාවක පමණක් මෙම දූපතේ පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය වන්දනා කරගැනීම සඳහා ඉන්දියානුවන්ට මුහුදු මාර්ග ඔස්සේ කච්චතිව් දූපතට පැමිණීමට ශ්‍රී ලංකාව විසින් අවසර ලබා දී ඇති. එනිසා මෙම කාල සීමාව තුළ නිත්‍යානුකුල නොවන විවිධ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළට ගෙන ඒම ද සිදුවේ. නෛතිකව සහ අන්තර්ජාතික මුහුදු සීමා සම්මතයන්ට අනුව ශ්‍රී ලංකාවට මෙම දූපත අයත් වුවත්, ඉන්දීය ධීවරයින් සහ අනෙකුත් ජාවරම්කරුවන් තවමත් මෙම මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිටී.

Cover: trips.lakdasun.org

මුලාශ්‍ර:

dailymirror.lk

island.lk

Related Articles