මෙම ලිපියෙන් කතා කරන්නේ සුන්දර ස්ථානයක් ගැනයි. ඒ එංගලන්තයේ තේමිස් නදියට සමගාමිව වන ලෙස පිහිටා තිබෙන කිව් උද්‍යානය ගැනයි. මෙම උද්‍යානය පිහිටලා තියෙන ස්ථානය ගැන සඳහන් කරනවානම් බෝට්ටුවක් මගින් කිව් උද්‍යාන තොටුපළින්ද ඇතුළු වීමේ අවස්ථාව උදා වනවා. එමෙන්ම ලන්ඩන් මාර්ගයේ කිව් ගාඩ්න්ස් දුම්රිය ස්ථානයේ සිටද පයින් යා හැකි තරමේ කෙටි දුරක මෙම උයන පිහිටා තිබෙනවා.
මෙම උද්‍යානයේ නිර්මාණය, උද්‍යානයේ කටයුතු දියුණු කරන්නට පුරෝගාමී වූ තැනැත්තන්, උද්භිද උද්‍යානයක් හා ලෝක උරුමයක් ලෙස නම් කිරීම හා අලංකාර කිව් උද්‍යානයේ අපුරු ස්ථාන සම්බන්ධයෙන් මෙම ලිපියෙන් වැඩි දුරටත් කරුණු සඳහන් වනවා.
උද්‍යානය නිර්මාණය කිරීම හා පුරෝගාමී චරිත
මෙම උද්‍යානයේ තිබෙන විශේෂත්වයක් වන්නේ ලෝකයේ විවිධ රටවල විවිධ දේශගුණික කලාප වලට අයත් වන්න වූ ශාක විශාල ප්‍රමාණයක් වගා කිරීමට හැකියාව ලැබීමයි. මේ හේතුවෙන් මෙම උද්‍යානය උද්භිද විද්‍යාත්මකව විශාල වැදගත් කමක් උසුලනවා.
මේ ආකාරයට වැදගත් කමකින් යුක්ත විශේෂ ආකාරයේ උද්‍යානයක් නිර්මාණය කිරීමට අදහසක් ඇති වුයේ කාහටද? ටූක්ස්බරියේ කැපල් සාමිවරයා මෙම සුන්දර උද්‍යානයේ මුල්ම නිර්මාතෘ වරයා ලෙස සලකනවා. නමුත් පසුකාලීනව මෙය දියුණු කර අද තිබෙන තත්වයට ගැනීමට වේල්සයේ පේරඩ්රික් නම් කුමරුගේ වැන්දඹු බිරිය ඔගස්ටා කුමරිය දායකත්වය ලබා දුන්නා.
සර් විලියම් චැම්බර්ගේ දායකත්වයද මෙම උද්‍යානයට ලබා දී තිබෙනවා. ඔහු උද්‍යාන විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙන පළපුරුදු තැනැත්තෙකි. 1762 වසරේදී නිර්මාණය කරන ලද චීන පැගෝඩාවද ඔහුගේ අපූරු නිර්මාණයකි.
පසුකාලීනව විලියම් ඒටන් සහ සර් ජෝසප් බෑන්ක්ගේ සහයෝගය ලබා ගැනීමට III වන ජෝර්ජ් රජතුමා හා චාලට් බිසව කටයුතු කළා. ඒ අනුව උද්‍යානය වැඩි දියුණු කරන්නට මග පෙන්වූ අතරම මාලිගාවක් ඉදි කරන්නට සැලැස්සුවා. III වන ජෝර්ජ් රජු 1781 වසරේදී පමණ මෙසේ ඉදි කරන ළද රතු ගඩොලින් සැදු කිව් මාලිගාව ළදරු පාසලක් පවත්වන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙනවා.
මෙම උයනේ තිබෙන මෙම විශේෂත්වය හේතුවෙන්ම වර්තමානය වන විට වෘත්තීය වගාකරුවන් උදෙසා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට භාග්‍ය උදා වී තිබෙනවා. ඒ වගේම කිව් උද්‍යානය ගවේෂණ මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරනවා.
උද්භිද උද්‍යානයක් හා ලෝක උරුමයක් ලෙස නම් කිරීම
මෙම උද්‍යානය 1840 වසරේදී උද්භිද උද්‍යානයක් ලෙස නම් කරනු ලැබුවා. මුල් කාලයේ උද්‍යානයේ බිම් ප්‍රමාණය වුයේ අක්කර 75ක් පමණි. නමුත් පසුකාලීනව අක්කර 270ක් දක්වා වර්තමාන අක්කර 300 දක්වාද වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදා වුණා. මෙසේ උද්‍යානයේ බිම් ප්‍රමාණය වර්ධනය කර ගැනීම උදෙසා අධ්‍යක්‍ෂවරයකු ලෙස පත්වූ විලියම් හූකර් මහතා සිය දායකත්වය ලබා දී තිබෙනවා.
කිවි උද්‍යානය ලබා ගත් තවත් ජයග්‍රහණයක් වුයේ ලෝක උරුමයක් ලෙස නම් කිරීමයි. ඒ අනුව 2003 ජුලි මසදී කිවි උද්‍යානය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සිදු වුවා.
කිවි උද්‍යානයේදී දැක බලා ගත හැකි අපූරු ස්ථාන
කිවි උද්‍යානයේ ඉතාමත් අලංකාර ස්ථාන කිහිපයක්ම තිබෙන බව සඳහන් වනවා. මේ අතරින් සිත් ගත් ස්ථාන කිහිපයක් ගැන කතා කිරීමට මෙහිදී හැකි වනවා.
විවිධ වර්ණයන්ගෙන් යුත් රෝස පාත්ති 54ක් පමණ උද්‍යානයේ තිබෙනවා. මෙය උද්‍යානය නරඹන කාගේත් සිත් ගත් ස්ථානයක් වනවා. වසන්ත කාලය මේ රෝස පතති බැලීම සඳහා සුදුසුම කාලය ලෙස වාර්තා වන අතරම, ජුනි හා ජුලි යන මාසයන් වලදී රෝස උයන මල් වලින් බර වී ප්‍රදේශයම සුවඳ වත් කරන බවද දැක්වෙනවා.
වොටර්ලිලී නිවසේ ද ලෝකයේ විශාලම විවිධ වර්ග වලින් යුක්ත වන ලිලී වර්ග දැක බලා ගැනීමේ හැකියාවක් පවතිනවා.
කිවි උද්‍යානයේ කෙලවරට වන්නට පිහිටා තිබෙන්නේ පැගෝඩායි. මෙය 1762 වසරේදී දී විලියම් චැම්බර්ග් විසින් නිර්මාණය කරා තිබෙනවා. උස මීටර් 50ක් වන අතරම, ඉහළ මලයට පිවිසීමට නම් පඩි 253ක් පමණ නැගිය යුතු බවද දැක්වෙනවා. තට්ටු 10ක් තිබෙන බවත් දැක්වෙනවා.
Temperate House යනුවෙන් අදහස් කරනු ලබන්නේ මෙම උද්‍යානය තුළ තිබෙන විශාලතම තෘණ උයන වනවා. මෙහි තිබෙන උස මීටර් 16ක් වන Chilean Wine Palm ගෘහයක් ඇතුලත වවන ලද විශාලම පැලෑටිය වීමේ භාග්‍ය උදා වනවා.
පාම් නිවසට මෙම උද්‍යානය තුළ තිබෙන විශේෂ ස්ථානයක්. ලෝහ පතුරු ඉරා යතුගා ඉදි කර තිබෙනවා.1844 වසරේ සිට 1848 වසර දක්වා ඉදි කිරීමි කටයුතු කර තිබෙනවා. ඉදි කිරීමේ ගෞරවය හිමි වන්නේ ගෘහ නිර්මාණ ශිල්පි ඩිසිමස් බර්ටන් සහ ලෝක ගෘහ නිර්මාණ ශිල්පි ටර්නර් ය. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ වැසි වනාන්තර වලින් ලබා ගත් ශාක විශේෂ ඇතුලත් වීමයි. 1987 වසරේදී ඩයනා කුමරිය විසින් මෙය විවෘත කර තිබෙනවා.
Kew Explorer යනුවෙන් හඳුන්වන්නේ උයන තුළ සංචාරකයින් රැගෙන යනු ලබන වාහනයක් වේ. මෙහිදී උද්‍යාන ගැන විස්තරාත්මක කරුණු කාරනා ඉදිරිපත් කරනු ලැබෙනවා. ඒ වගේම විනාඩි 40ක් වැනි කාලයක් තුළදී කිවි උයන නැරඹීමේ හැකියාවක්ද උදා වනවා.
සිත්ගන්නා ස්ථාන හා අරුම පුදුම දේවල් වලින් සමන්විත මෙම උද්‍යානයේ සංචාරය කිරීමට ලැබෙන්නේ නම් එය ඇති මහත් භාගයක් වන අතරම විශේෂී අත්දැකීමක් වනවා නොඅනුමානයි.
කවරයේ පින්තුරය: theenglishgarden.co.uk