ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ‘මනුදම් මෙහෙවර’

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව, Sunshine Holdings සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ පවුල් සඳහා හදිසි සහන සැලසීමේ අරමුණින් ‘මනුදම් මෙහෙවර’ මානුෂීය ක්‍රියාන්විතය බලගැන්වීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක හවුල්කාරීත්වයෙන් බලගැන්වුණු මෙම වැඩසටහන දැඩි ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව සිටින පවුල්වලට කඩිනමින් ආධාර සැපයීමට බලාපොරොත්තු වෙනවා. එය හරහා දැඩි දරිද්‍රතාවේ සිටින ප්‍රජාවන් හඳුනාගෙන, පීඩාවට පත් පවුල් 200,000කට වැඩි ප්‍රමාණයකට හදිසි සහන සැලසෙනවා. මෙම වැඩසටහනට ස්වාධීන විගණන සහකරු ලෙස PwC Sri Lanka එක්වන අතර, ITN, සියත, ස්වර්ණවාහිනී, TV දෙරණ සහ වසන්තම්, මාධ්‍ය හවුල්කරුවන් ලෙස මෙම ප්‍රයත්නයට එක්ව සිටිනවා.

මනුදම් මෙහෙවර 2022 අප්‍රේල් 10 වැනි දින මෙහෙයුම් ආරම්භ කළ අතර, දිස්ත්‍රික්ක 25 පුරාම සිටි හදිසි අවශ්‍යතා ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය වියළි සලාක ඇසුරුම් එමඟින් බෙදා දෙනවා. 2022 ජූනි මස 9 වෙනිදා වනවිට දිවයින පුරා සිටින අවශ්‍යතා සහිත පවුල් 60,000කට වැඩි පිරිසකට, රුපියල් මිලියන 150කට අධික වටිනාකමකින් යුත් හදිසි සහන ලබා දීමට හැකි වී තිබෙනවා.

ආයතනයක් ලෙස තම පුරවැසි වගකීම ඉටු කිරීමටත්, තනි පුද්ගලයෙක් ලෙස ඔබට හැකි පමණ දායකත්වයක් ලබාදීමටත් ඔබට මහඟු  අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම අරමුදලට දායකවීමට ඩයලොග් මනුදම් මෙහෙවර වෙබ් පිටුව වෙත පිවිස ඉතා පහසු ක්‍රම කිහිපයක් ඔස්සේ  ඔබේ වටිනා දායකත්වය මෙම උතුම් මානුෂීය කර්තව්‍යයට ලබාදෙන්න. නැතිනම් ඕනෑම මුදලක් 0766421421ට රීලෝඩ් කිරීමෙන් හෝ Ez Cash, Genie, Star Points ඔස්සේ ඔබට හැකි පමණින් ඔබේ දායකත්වය ලබාදී අපේම ජනතාවට දිරියක් වන්න අප හා එක්වන්න.

Related Articles

Exit mobile version