ඇමේසන් ලෝකයේ විශාලතම ගංගා ද්‍රෝණියයි. ලොව රටවල් 9ක් පුරා වර්ග කිලෝ මීටර් මිලියන 6.7 ක් ආවරණය කරන ලොව විශාලතම වැසි වනාන්තරය ද මෙහි දැකගත හැකි වේ. ඇමසෝනියා නමින් හඳුනා ගන්නා මේ ප්‍රදේශයට මානව ජනාවාසයේ දිගු ඉතිහාසයක් තිබේ. සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් නම් දේශ ගවේෂකයා විසින් ඇමෙරිකාව සොයාගත් බවත්, ඇමෙරිකාවේ ඇමසෝනියා ප්‍රදේශය ජනාවාස වූයේ ඉන් පසුව බවත් ය. නමුත් නවතම සොයා ගැනීමකදී අනාවරණය වී ඇත්තේ කොලොම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර සිටම ඇමසෝනියා ප්‍රදේශය ජනාවාසව පැවති බවයි.
ඇමේසන්හි ඉතිහාසය
එක්තරා කාලයක දී ඇමේසන් ගංගාව බටහිර දෙසට ගලා ගියේය. මීට වසර මිලියන 15 කට පෙර ඇන්ඩීස් කඳුවැටිය සැදුණේ දකුණු ඇමෙරිකානු ප්ලාස්ටික් නස්කා තහඩුව සමඟ ගැටීමෙන් ය. ඇන්ඩීස් කඳු වැටියේ නැඟී ඒම සහ බ්‍රසීලියානු සහ ගයානාවේ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් මත ගංගාව අවහිර වී ඇමේසන් වනාන්තරය විශාල මුහුදක් බවට පරිවර්තනය වූ බවයි අතීත කතාවලින් පැවසෙන්නේ.
මීට වසර මිලියන 10 කට පමණ පෙර ඇමේසන් ගංගාව නැගෙනහිර දෙසට ගමනාරම්භ කළ අතර මේ කාලයේදී ඇමේසන් වැසි වනාන්තරය උපත ලද බව සැලකෙයි. මේ සමයේ මුහුදු මට්ටම පහත වැටී මහා ඇමේසන් වැව ශීඝ්‍රයෙන් දිය වී ගොස් ගංගාවක් බවට පත්ව ඇත.
ඇමේසන් ගංගාව
ඇමේසන් ගංගාව පිහිටා ඇත්තේ පෘථිවියේ විශාලතම වැසි වනාන්තරය තුළයි. මෙය දළ වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් 48% ක ප්‍රමාණයක් ද, දකුණු ඇමෙරිකානු අර්ධද්වීපයෙන් 40% ක්ද ආවරණය කරයි. දකුණු ඇමෙරිකානු රටවල් අටක් මෙයට අයත් වන අතර බ්‍රසීලය, බොලිවියාව, පේරු රාජ්‍යය, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයානාව සහ සුරිනාමි මේ අතර වැදගත් වේ.
ඇමේසන් වැසි වනාන්තරය
ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය වන මෙය ස්වභාවික සැවානා සිට වගුරු බිම් දක්වාම විවිධ පරිසර පද්ධති වලින් සමන්විත වේ. මෙය ලොව රටවල් 9ක් පුරා වර්ග කිලෝ මීටර් මිලියන 6.7 ක් ආවරණය කරයි. ලොව පුරා සිටින හඳුනාගත් ශාක විශේෂ 1- 10 දක්වාත්, කුරුළු විශේෂ 1- 5 දක්වාත් මෙහි දැකගත හැකි වේ.
ඇමේසන් ජනාවාස වීම
කොලොම්බස්ගේ ආගමනයෙන් පසු ඇමේසන් ජනාවාස වූ බවයි මෙතෙක් තිබූ මතය. නමුත් ගවේෂකයින්ගේ නවතම සොයා ගැනීම් මත වෙනත් මතයක් ලොවට හෙළිදරව් විය. එනම් කොලොම්බස් ඇමෙරිකාව වෙත පැමිණීමටත් පෙර, ඇමසෝනියා ජනාවාස වී තිබූ බවයි. කොලොම්බස් පැමිණීමටත් පෙර සිටම මේ ප්‍රදේශය විශාල හා සංකීර්ණ සමාජයක් ලෙස ගොඩනැඟී තිබූ බවට සාක්ෂි ද හමුව ඇත.
මෙම නව සොයා ගැනීම් 20 වන සියවසේ ඇමසෝනියා හි සිටි මානව විද්‍යාඥයන් කරන ලද අධ්‍යයනයන් හා පටහැණි වුවත්, මේ ප්‍රදේශය පෙර සිටම ජනාවාසව තිබුණු බවට යුරෝපීයන්ගේ ඇසින් දුටු සාක්ෂි පවතින බවයි විචාරකයන් පවසන්නේ.
උදාහරණයක් වශයෙන්, පූර්ව පර්යේෂණ මඟින් ඇමෙරිකානු වැසි වනාන්තරයේ දකුණු මායිම ඔස්සේ විශාල පවුරක් තිබුණු බව සොයාගෙන තිබේ. “මෙම භූගෝලයන් හේතු කිහිපයක් නිසා සිත් ඇදගන්නා සුළුයි.” යනුවෙන් එංගලන්තයේ එක්සිටර් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයෙකු වන ජෝනෑස් ග්‍රෙගරියෝ ඩි සූසා පවසා ඇත. “මෙම අංග වල ආකර්ශණීය ගෘහ නිර්මාණ ශිල්පය හා ඔවුන්ගේ කාර්යයන් හා ඔවුන්ගේ සැලසුම් වලට සම්බන්ධ වූ උත්සාහයන් තුළින් පෙන්නුම් කෙරෙන්නේ මොවුන් බොහෝ විට තම නිවෙස් වලම වාසය කර නොමැති බවයි. කෙසේ වෙතත් සමහර විට ඔවුන් ජනාවාස වී නොතිබුණා වන්නට ද පුළුවන්. මේ සියල්ල උත්සව සමයේ එක්රැස් වූ විට ගොඩනඟන ලද ඒවා විය හැකියි. කෙසේ වුවද ඔවුන්ගේ කාර්යභාරය තවමත් අබිරහසක්.”
ඇමසෝනියාවේ දකුණු මායිමේ දී විද්‍යාඥයින් මේ වන විට සොයාගෙන ඇති පවුරු නැත්නම් බැමි සාමාන්‍යයෙන් එකිනෙකට බෙහෙවින් දුරස්ව ඉදි කර තිබේ. මෙම පවුරු ඇත්ත වශයෙන්ම සැතපුම් 1100 ක් (කිලෝමීටර් 1800 ක්) පමණ දික් වූ දම්වැලකින් සාදන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ ප්‍රදේශයේ ජනාවාසව සිටි ජනයා පොදු ජීවන රටාවකට හුරු පුරුදුව සිටින්නට ඇති බව ද අනාවරණය කරගෙන ඇත.
ඇමේසන් වනාන්තරයේ ව්‍යාප්ත වූ ජනාවාසයන් කෙතරම් පුළුල්ව පැවතියා ද යන්න සොයා බැලීම සඳහා විද්‍යාඥයින් විසින් ඇමේසන් හි ප්‍රධාන අතු ගංගාවක් වන ටැන්ජෝස් ගඟේ ඉහළ තටාකය වෙත අවධානය යොමු කරන ලදි. පර්යේෂකයන් විසින් චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් පවුරු 104 ක්, පුරාවිද්‍යා ස්ථාන 104 ක්, සහ නව ටැන්ජෝස් ද්‍රෝණියේ නව පුරාවිද්‍යා ස්ථාන 81 ක් ද සොයාගෙන ඇත.
“අපි ඇමේසන් පුරාවිද්‍යාවේ අන්තිම කොටසත් පිරෙව්වා” ලෙසින් සූසා Live Science වෙත ප්‍රකාශ කර ඇත. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ආකාරයට, “ඉහළ ටැන්ජෝස් ගඟේ අපගේ පර්යේෂණ වලට ස්තුතියි. මේ පෘථිවියේ ඉදි කරන්නන් විසින් අත්පත් කරගෙන සිටින වැසි වනාන්තර කිලෝමීටර් 1800 ක පමණ දුරට විහිද තිබෙනවා.” විද්‍යාඥයන් විසින් ඇමසෝනියා හි මෙවැනි ස්ථාන 24 ක භූමි මැනුම් සිදුකර ඇත.
“ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන විට, ඔබ සැලසුම් කළ ආකාරයටම සියල්ල සිදු වන්නේ නැහැ. මෙම කලාපයේ ඇති පර්යේෂණ වල දී ඇතිවන විශාලම ගැටලුව වන්නේ ඊට ප්‍රවේශ වීමට ඇති අපහසුතාවයයි. දුර බැහැර වන ඉඩම් විශාල වන අතර ඔබට ප්‍රවේශ වීම සඳහා ඉඩම් හිමියන්ගෙන් අවසර ලබා ගැනීමත් දුෂ්කර යි. වරෙක සිත් ඇදගන්නා සුළු පවුරක් අප දුටුවා, නමුත් අපට ඒ සඳහා ප්‍රවේශය හිමි වූයේ නැත.” සූසා වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වුවද ඇමසෝනියා ප්‍රදේශයේ පර්යේෂණ සිදු කළ මෙවැනි පර්යේෂකයන්ගේ අවසන් නිගමනය වී ඇත්තේ, ඇමෙරිකාව සොයා ගත්තා යැයි කියන කොලොම්බස්ගේ ආගමනයටත් පෙර සිටම ඇමසෝනියා ප්‍රදේශය ජනාවාස වී තිබුණු බවයි.
කවරයේ කතාව- foodevolution.com.ph
මූලාශ්‍ර
livescience.com
japantimes.co