ඉන්දියානු දේශපාලනයේ නේරු-ගාන්ධි පරපුර

නේරු පරපුර හා ඉන්දීය දේශපාලනය අතර ඇත්තේ ඉතා දැඩි සම්බන්ධතාවයක්. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස ජවහර්ලාල් නේරු කොන්ග්‍රස් පක්ෂය ඔස්සේ දේශපාලනයට සම්බන්ධ වීම එම පවුලේ පක්ෂ දේශපාලනයේ වැදගත් සිදුවීමක් වුණා. අනතුරුව ඔහුගේ දියණිය වන ඉන්දිරා ගාන්ධි ද කොන්ග්‍රසය නියෝජනය කරමින් එරට අගමැතිවරිය බවට පත්වෙනවා.

ඉන් අනතුරුව ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයා, රජිව් ගාන්ධි ද ඉන්දියාවේ අගමැති ධූරය උසුලන අතර ඔහුගේ බිරිඳ වන සෝනියා ගාන්ධි ද, කොන්ග්‍රස් පක්ෂයේ නායිකාව ලෙස ලොක් සභා මැතිවරණවලට මුහුණ දෙනවා. වර්තමානයේ කොන්ග්‍රස් පක්ෂයේ නායකයා ලෙස කටයතු කරන්නේ සෝනියා හා රජිව් ගාන්ධි දෙපළගේ පුත්‍රයෙකු වන රාහුල් ගාන්ධි යි.

මේ ආකාරයට ඉන්දියානු දේශපාලනයේ මුල් ස්ථානයක් හිමි කරගන්නා ගාන්ධි-නේරු පවුලේ නවතම සාමාජිකාවක, ඉන්දියානු කොන්ග්‍රසය නියෝජනය කරමින් දේශපාලනයට පිවෙසෙන බව කොන්ග්‍රසය නිල වශයෙන් පසුගිය දින නිවේදනය කරනවා.

ඒ රාහුල් ගාන්ධිගේ නැගණිය මෙන්ම සෝනියා ගාන්ධිගේ දියණිය වන, ප්‍රියංකා ගාන්ධි යි. ඇය ව, ඉතා තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස පත් කිරීමට කොන්ග්‍රස් පක්ෂය විසින් තීරණය කර තිබෙනවා. එය නේරු-ගාන්ධි පරපුරේ නිජ භූමිය ලෙස ද හැදින්විය හැකි යි.

මෙම වසරේ එළඹෙන අප්‍රේල් හා මැයි මාසවල දී පැවැත්වීමට නියමිත ඉන්දියානු මහා මතිවරණයේ උණුසුම මේ වන විට තදින් දැනෙමින් ඇති අතර, ප්‍රියංකා ගාන්ධි පක්ෂයේ වගකිව යුතු තනතුරක් භාර ගැනීම කොන්ග්‍රසයට වාසිදායක බව විචාරකයන් පවසනවා.

නේරු-ගාන්ධි පවුලේ දේශපාලනික පිවිසුම

නේරු (NDTV.com)

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා බවට පත් වූ ජවහර්ලාල් නේරු කිහිපවරක් ම එරට අගමැතිවරයා ලෙස කටයුතු කරනවා. 1947 වසරේ දී නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා ජවහර්ලාල් නේරු පත් වෙනවා. නේරුගේ නායකත්වයෙන් 1951 වසරේ පැවති ඉන්දියානු මහා මැතිවරණය ජය ගැනීමට කොන්ග්‍රස් පක්ෂයට හැකියාව ලැබෙනවා. 1957 ඉන්දියානු මහා මැතිවරණය හා 1962 මහා මැතිවරණය ජය ගනිමින් නැවත නැවත අගමැති ධූරයට පත් වීමට ඔහුට හැකියාව ලැබෙනවා.  

1966 වසරේ ඉන්දියාවේ ප්‍රථම අගමැතිණිය ලෙස පත් වන්නේ නේරුගේ දියණිය වන ඉන්දිරා ගාන්ධි යි. 1967 ඉන්දියානු මහා මැතිවරණය සඳහා කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වය නියෝජනය කරමින් සහභාගී වන්නේ ද ඇය යි. එම මැතිවරණයේ දී ඉන්දියානු ලොක් සභාවේ (ඉන්දියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය) ආසන 520න් 283ක් දිනා ගැනීමට ඇයගේ නායකත්වයට හැකියාව ලැබෙනවා. 1971 මහා මැතිවරණය ජය ගැනීමට ඇය ප්‍රමුඛ කොන්ග්‍රස් පක්ෂය සමත් වෙනවා. නැවතත් 1980 වසරේ මහමැතිවරණය ජය ගැනීමට සමත් වෙන ඇය, අගමැතිණිය බවට පත්වෙනවා.

ඉන්දිරා ගාන්ධි (Rediffmail)

1984 වසරේ දී ඉන්දිරා ගාන්ධි ඝාතනය වීමත් සමග අගමැති ධූරය හිමි වන්නේ ඇයගේ පුත්‍ර, රජිව් ගාන්ධි ට යි. 1984 වසරේ දෙසැම්බර් මාසයේ පැවති ඉන්දියානු මහා මැතිවරණයෙන් රජිව් ගාන්ධි ප්‍රමුඛ කොන්ග්‍රසය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. 1989 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු ඝාතනය වන තුරු අගමැති ධූරය උසුලනවා.

  1. රජිව් ගාන්ධි (Cultural India)

ඉන්දිරා ගාන්ධි හා රජිව් ගාන්ධි ඝාතනය වීමටත් ප්‍රථම රජිව් ගාන්ධිගේ බාල සොයුරා වන සන්ජේ ගාන්ධි ගුවන් යානා අනතුරකින් මරණයට පත් වෙනවා. ඒ 1980 වසරේ දී යි. එවකට ඔහු කොන්ග්‍රසය නියෝජනය කරමින් ඉන්දියානු ලොක් සභාවේ කටයුතු කළ මන්ත්‍රීවරයෙක් විය.

සෝනියා ගාන්ධි හා මේනකා ගාන්ධි

සෝනියා ගාන්ධි (Famous People)

ඒ සමග ම නේරු-ගාන්ධි පවුලේ දේශපාලනික හිඩැසක් ඇති වූවැ යි සඳහන් කිරීම නිවැරදි යි. තිදෙනෙකු ම අකල් මරණයට පත් වීම හේතුවෙන් මීළඟට දේශපාලනයට පිවිසෙන්නේ රජිව් හා සන්ජේගේ බිරින්දෑවරුන් ය.

රජිව් ගාන්ධිගේ ඝාතනයත් සමග බිරිඳ වන ඉතාලි ජාතික ඉන්දිරා ගාන්ධිට කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වය භාර ගන්න ලෙස පක්ෂය විසින් පළමුවෙන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ඇය, දේශපාලනයෙන් ඉවත් වී සිටීමට කැමති බව ප්‍රකාශ කරනවා. නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම් හේතුවෙන් ඇය සක්‍රීය දේශපාලනයට පැමිණෙන්නේ 1997 වසරේ දී යි. 1999 වසරේ දී ඉන්දියානු මහා මැතිවරණය කොන්ග්‍රසයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ ඇය යි.

  1. සන්ජේ ගාන්ධි (Newsd)

2004 වර්ෂයේ පැවති මහා මැතිවරණයෙන් ඇය ප්‍රමුඛ කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළත්, ලොක් සභාවේ බහුතර බලය ලබා ගැනීමට හැකි වෙන්නේ නෑ. 2006 වසරේ දී ඇය ඉන්දියානු ලොක් සභාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරනවා.

සන්ජේ ගාන්ධිගේ බිරිද වන මේනකා ගාන්ධි ද සන්ජේගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසෙන අතර, ඇය කොන්ග්‍රස් පක්ෂය නියෝජනය නොකිරීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකි යි. ඇය ඊට ප්‍රතිවිරුද්ධ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අතර, වර්තමාන මධ්‍යම ආණ්ඩුවේ කාන්තා හා ළමා කටයුතු භාර ඇමතිවරිය ලෙස කටයුතු කරනවා.

නේරු පවුලේ හතරවන පරම්පරාව

රාහුල් ගාන්ධි (Live Law)

රාහුල් ගාන්ධි 2004 වසරේ ඉන්දියානු ලොක් සභාවට තේරී පත්වෙනවා. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් කොන්ග්‍රස් පක්ෂය 2014 වසරේ දී ඉන්දියානු මහා මැතිවරණයට තරග කරනවා. නමුත්, එහි දී ඔවුන්ට දරුණු පරාජයක් හිමිවෙන අතර නරේන්ද්‍ර මෝදීගේ නායකත්වයෙන් යුක්ත භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

මේ වන විට පක්ෂයේ නායකත්වය රාහුල් ගාන්ධි විසින් උසුලන අතර, පසුගිය දිනෙක ඔහුගේ එකම සොයුරිය වන ප්‍රියංකා ගාන්ධි ද කොන්ග්‍රසය හරහා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා.

ප්‍රියංකා ගාන්ධි (The Week)

නේරු පවුලේ හතරවන පරම්පරාවේ තවත් සාමාජිකයෙක් වන සන්ජේ හා මේනකා යුවලගේ පුත්‍රයා වන වරුන් ගාන්ධි තම මවගේ අඩි පාරේ යමින් වර්තමානය වන විට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ලොක් සභාවේ කටයුතු කරනවා.

වරුන් ගාන්ධි (Siasat)

එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කිරීම සැක සහිත නමුත්, එසේ ජයග්‍රහණය කළොත් බොහෝ දුරට තවත් ගාන්ධි පරපුරේ අගමැතිවරයෙක් බිහි වීම සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ රාහුල් ගාන්ධි යි.

කවරයේ පින්තූරය: Newslaundry

මූලාශ්‍රයයන්:

bbc.com

indiatoday.in

www.inc.in

Related Articles

Exit mobile version