Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිව්යෝක් නගරය කාන්තාවන්ට දුම්වැටි පානය තහනම් කරයි!

කාන්තාවන්ට මත්පැන් අලෙවිය සහ මිල දී ගැනීමට ඇති නෛතික බාධාව ඉවත් කිරීමට පසුගිය වසරේ රජය සූදානම් වීමත් සමග සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධව බොහෝ වාද විවාද ඇති විය. මෙය සමාජය තවත් පරිහානියට ගෙන යන කටයුත්තක් බවත්, මෙය කාන්තාවගේ නිදහස වෙනුවෙන් ගත් තීරණයක් බවත්, මත්පැන් අලෙවිය ඉහළ දමා ගැනීමට රජය ගත් තවත් උපායක් බවටත් ආදී විවිධ අදහස් පළවිය. කෙසේ හෝ අවසානයේ එම යෝජනාව ක්‍රියාත්මක නොවුනි. ඒ අදටත් ලංකාවේ තත්ත්වය යි.

මේ ලිපියෙන් ගෙන එන්නේ සියවසකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල දුම්වැටි පානය නීතියෙන් තහනම් කිරීම පිළිබඳ පුවතකි. දුම්වැටි පානය පිළිකා ආදී නොයෙකුත් ශාරීරික රෝගයන්ට මුල පුරන බවත්, මෙය දුම්වැටි පානය ප්‍රචලිත කිරීමේ උත්සාහයක් නොවන බවත්, ඉතිහාස පුවතක් වාර්තා කිරීමක් පමණක් බවත් දැනුම්දෙමු.

1900 වසරේ ප්‍රංශයේ කාන්තාවක් (vintag)

නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යන අයිතීන් සමාජයට එකවර පහළ වූ දෑ නොවේ. එය තවමත් දිනාගෙන අවසන්ව ඇති දෙයක් ද නොවේ. 19 වන සියවස අග භාගය වන විටත් කාන්තාවට නිවසින් පිටතට යෑමට හෝ රිසි සේ නිදහසක් එක්සත් ජනපදය තුළ නොවීය. එපමණක් නොව පුරුෂ භාරකරුවකු නොමැතිව අවන්හල්, හෝටල්, සැලූන් (තැබෑරුමක්), සමාජ ශාලා ආදියේ දොර කාන්තාවන් සඳහා වැසුණු බව ද ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එමිලි රීමස් පවසයි. සමාජයීය වශයෙන් එදා කාන්තාවට පිළිගැනීමක් ලැබීමට නම් පුරුෂ භාරකාරීත්වයක් තිබිය යුතුම විය. එසේ නොමැතිව තනිව නගරයේ සැරිසරන, පොදු ස්ථානවල රැඳී සිටින කාන්තාවන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබුවේ ලිංගික ශ්‍රමිකයන් ලෙස යි. නමුත් ක්‍රම ක්‍රමයෙන් නව කර්මාන්ත බිහිවීම සමග කාන්තාවන්ට තනිව ගමන් කිරීම සඳහා තිබූ සාමාජයීය බාධා බැහැරවිය. සිගරට් කර්මාන්තය බිහිවී දැවැන්ත නිෂ්පාදනයන් ඇරඹෙන්නේ ද 19 වන සියවස අග භාගයේ සිට යි. එසේම 19වන සියවස අග භාගයේ සිට එක්සත් ජනපදය තුළ ද කාන්තා විමුක්ති සංවිධාන බිහිව කාන්තාවන් තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම ආරම්භ කරන ලදි.

19වන සියවස අවසාන භාගයේ (history)

සිගරට් පානය පැතිරීමත් සමග පුරුෂයන් මහ මඟ, අවන්හල් ආදී පොදු ස්ථානවල සිට දුම් පානය කළත් කාන්තාවක් එසේ කිරීම සම්බන්ධයෙන් සමාජයීය අනුමැතිය ලැබී නොතිබුණි. මේ නිසා පොදු ස්ථානවල දී කාන්තාවන්ට දුම්පානයට බාධා එල්ල වූ අතර දුම්පානය ප්‍රිය කළ කාන්තාවන් නිවසේ දී ඊට යොමු වුණි. මේ අතර 1907 වර්ෂාවසානය එළඹුනි. නිව්යෝක් නගරයේ Café Martin ආපනශාලාව 1907 දෙසැම්බර් මස 30 වන දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ‘LADIES MAY SMOKE’ ශීර්ෂය යටතේ දැන්වීමක් පළ කරමින් දැනුම් දුන්නේ නව වස‌ර වෙනුවෙන් නිව්යෝක් නගරවාසී කාන්තාවන්ට ත්‍යාගයක් ලෙස තම ආපනශාලාවේ දුම්පානයට කාන්තාවන් සඳහා ඉඩකඩ ලබාදෙන බව යි. මීට පෙර 1889 දී පුරුෂයන් සඳහා දුම්පානයට අවසර ලබාදුන් බව ද හිමිකරු වන ජේම්ස් බී. මාටින් වැඩිදුරටත් සඳහන් කරයි. මෙය ඔහුගේ ව්‍යාපාරික අවශ්‍යතාවක් මත සිදුකළ කටයුත්තක් විය හැකි නමුත් ඉන් අවසානයේ දී සිදුවූයේ කාන්තාවගේ නිදහස සීමා කිරීම පිළිබඳ සංවාදය පුළුල් වීමකි. ඔහු කාන්තාවක් සිගරට්ටුවක් පානය කිරීම සමාන කළේ තේ පානයට ප්‍රිය කාන්තාවක් තේ කෝප්පයක් පානය කිරීමට ය.

එම උත්සාහය සාර්ථක විය. ජේම්ස් මාටින්ගේ ආපනශාලාවේ කටයුතු වඩ වඩාත් සාර්ථක වන්නට විය. ඉන්පසුව නගරය පුරා සිටි අනෙකුත් ව්‍යාපාරිකයන්ට ද තමන්ගේ ආයතන තුළත් කාන්තාවන්ට දුම්පානය සඳහා ඉඩ ලබාදීමට තීන්දු කිරීමට සිදුවිය. අවසානයේ අපනශාලා මෙන්ම හෝටල් ද තමන් කාන්තාවන්ට දුම්බීමට පනවා තිබූ තහනම තම ආයතනයන්ගෙන් ඉවත් කළ බව ප්‍රසිද්ධ කරන ලදී. කරුණු මෙසේ සිදුවෙමින් පැවතෙන අතරතුර මේ සමග එකඟ නොවූ නාගරික මන්ත්‍රීවරයෙක් විය. ටිමති සලිවන් නම් ඔහුගේ අදහස වූයේ කාන්තාවන් දුම් පානය මඟින් පිරිමියාට ඇය කෙරෙහි ඇති ගෞරවය මොටවන බව යි. එසේම එය නොගැලපෙන අශ්ශීල ක්‍රියාවක් බවත් ඔහු පැවසීය.

ඔහු නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කාන්තාවන්ට දුම්පානය සඳහා ඉඩ සැලසීම නවතන ලෙසට පනතක් රැගෙන ආ අතර එය ඒකමතිකව සම්මත විය. 1908 ජනවාරි 21 දින නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව හෝටල්, ආපනශාලා හෝ පොදු ස්ථාන ලෙස පවත්වාගෙන යන කිසිදු ස්ථානයක කාන්තාවන්ට දුම් පානය සඳහා අවසර ලබාදීම එමඟින් සම්පූර්ණයෙන් තහනම් කෙරිණි. නමුත් මේ අනුව නගරයේ මං මාවත් දුම්පානයට තහනම් බව සඳහන් නොවුනි. අවසානයේ එය මාර්ග සඳහා ද අදාල වන ලෙස නීතිය අර්ථ ගන්වන ලදී.

දකුණු පසින් Timothy Sullivan සිටියි (Wikipedia)

මෙම ගැටලුව පිළිබඳව ඉන්පසුව වාද විවාද ඇතිවිය. මේ අතර මෙම නව නීතිය සම්මත වී කෙටි කලකින්ම කේටි මුල්කාහි නම් කාන්තාවක් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමේ වරදට අත්අඩංගුවට ගැණුනි. මෙම නීතිය යටතේ අත්අඩංගුවට පත් එකම කාන්තාව ද ඇය යි. මන්ද මෙය නීතියක් ලෙස සම්මත වී සති දෙකක කාලයක් ගතවීමෙන් පසුව නිව්යෝක් නගරාධිපති විසින් එම නීතිය බල රහිත කිරීම යි. ඉන් වසර කිහිපයකට පසුව ද නැවත මෙම තහනම නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ නමුත් අසාර්ථක විය.

Timothy ව විවේචනය කරමින් පුවත්පතක පළවූ දැන්වීමක් (clickamericana)

ඩොලර් 5ක දඩයක් සමග සිර දඬුවමකට ලක්වෙමින් කේටි මුල්කාහි උසාවියේ විනිශ්චයකරුට පැවසුයේ මෙවන් නීතියක් ගැන තමන් කිසිදා අසා නොතිබූ බවත්, ඒ ගැන තවත් කිසිවක් තමන්ට ඇසීමට අනවශ්‍ය බවත් ය.

Related Articles