Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශෝකාන්තයකින් නිම වූ සුප්‍රසිද්ධ ආදර අන්දර නවයක්

ලෝක සුප්‍රසිද්ධ ආදර කතා බොහොමයක් ඛේදනීය අවසානයකට හිමිකම් කියනවා. රෝමියෝ – ජුලියට් ආදර කතාවටත්, ජැක් සහ රෝස්ගේ ටයිටැනික් ආදර කතාවටත් එබඳු ඛේදජනක අවසානයන් උරුම වූවා. කඳුළින් පිරි මෙබඳු ම ආදර කතා නවයක් ගැන තොරතුරු සාහිත්‍ය – කලා ඉතිහාසයේ මෙලෙස සඳහන් වනවා.

1). ඇනා කැරනිනා – Anna Karenina

ප්‍රකට රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයිගේ නවකතාවකි – ඇනා කැරනිනා. 1878 වසරේ ප්‍රථම වරට ග්‍රන්ඨාරූඩ වූ මෙය, සාහිත්‍යය ඉතිහාසයේ තිබෙන විශිෂ්ටත ම කෘතියක් ලෙස පිළිගැනෙනවා. ටෝල්ස්ටෝයිට අනුව මෙය ඔහුගේ පළමුවන සැබෑ නවකතාව යි. කෙටියෙන් ගත් විට ඇනාගේ කතාව මෙසේයි:

ඇගේ සමාජ තත්ත්වයට නොගැළපෙන කඩවසම් තරුණයකුට ආලය පෑ ඇනා, රුසියානු දුම්රිය මාර්ගය තම මරණ මංචකය ලෙස තෝරා ගත්තා – wallpapercave.com

ඇනාගේ පවුල් ජීවිතය ප්‍රීතිමත් වූයේ සිය ධනවත් සැමියාත්, ඔවුන්ගේ පුත්‍රයාත් නිසා යි. ඇගේ සමාජ තත්ත්වයට නොගැළපෙන කඩවසම් තරුණයකුට ආලය පෑ ඇනා, රුසියානු දුම්රිය මාර්ගය තම මරණ මංචකය ලෙස තෝරා ගත්තා. අසම්මත ඇසුර හමුවේ අපකීර්තියට, ලැජ්ජාවට සහ හද කම්පාවට පත් ඇය තම දිවි ගමන අවාසනාවන්ත ව නිම කළා.

ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ජෝසප් රයිට්, 2012 වර්ෂයේදී ඇනා කැරනිනා නවකතාව චිත්‍රපටයකට පරිවර්තනය කළ අතර ඇකඩමි සම්මාන කිහිපයක් සඳහාත් මෙය නිර්දේශ වී තිබෙනවා.

2). West Side Story

ලෙනාඩ් බර්න්ස්ටයින්ගේ සංගීත අධ්‍යෂණයෙන් සහ ජෙරොම් රොබින්ස්ගේ සංකල්පයකින් බිහි වූ සංගීතමය චිත්‍රපටය West Side Story යි.

මාරියා සහ ටෝනිගේ ආදර කතාව ඔවුන් අයත්ව සිටි ප්‍රතිවාදී කල්ලි හේතුවෙන් විනාශ මුඛයට ඇඳ වැටෙනවා – static01.nyt.com

50 දශකයේ නාගරික යෞවනයන් ව සිටි මාරියා සහ ටෝනිගේ ආදර කතාව ඔවුන් අයත් ව සිටි ප්‍රතිවාදී කල්ලි හේතුවෙන් විනාශ මුඛයට ඇද වැටෙනවා. ප්‍රතිවාදී කල්ලි දෙක අතර පවතින විරසකය උත්සන්න වී මහා ඛේදවාචකයකින් එය අවසන් වන විටත් ඔවුන්ගේ ප්‍රේම සබඳතාව ප්‍රසිද්ධ රහසක් ලෙස පැවතියා. නිව් යෝර්ක් නගරයේ සිදු වූ මෙය, රෝමියෝ – ජුලියට් ආදර කතාව පාදක කර ගනිමින් නිපද වූවක්.

3). මැඩම් බෝවාරි – Madame Bovary

ගුස්ටාව් ෆ්ලෝබෙයාගේ නවකතාවේ එන එමා බෝවාරි, වෛද්‍යවරයකු හා විවාහ වූවා. එමාගේ දිවිය කම්මැලි සහ අතෘප්තිමත් එකක් වන්නේ එතැන් සිට යි. තම වෛද්‍ය සැමියාට ද්‍රෝහි ව හුන් තැනින් පැන යන බෝවාරි මූල්‍යමය විනාශයකට ගොදුරු වනවා. මීට පසු ඇගේ අවසානයත් ඛේදජනක අන්දමින් සිදු වූවා.

එමා බොවාරි, වෛද්‍යවරයකු හා විවාහ වූවා. එමාර්ට්ගේ දිවිය කම්මැලි සහ අතෘප්තිමත් වන්නේ එතැන් සිටයි – pbs.twimg.com

ප්‍රංශ – අමෙරිකානු සම්භවයක් සහිත චිත්‍රපට අධ්‍යක්ෂවරිය – සොෆී බාර්තස් මැඩම් බෝවාරි නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උර දුන්නා.

4). Brokeback Mountain

ඇකඩමි සම්මානලාභී චිත්‍රපටයක් බිහිවීමට තුදුඩුන් ඇමරිකානු කෙටිකතාවකි ‘ Brokeback Mountain ‘. ඊ. ඇනී ප්රොල්ක්ස් ලේඛිකාවගේ නිර්මාණයක් වන මෙම ආදර අන්දරය වෝමින් (Wyoming) හි ග්‍රාමීය ගොවිපළක් පාදක කරගනිමින් දිවයන්නක්. ජැක් සහ එනීස් කතාවේ එන ප්‍රධාන චරිත ද්විත්වයයි. තමා සැබවින්ම ආදරය කරන මිනිසාට රහසිගතව ප්‍රේම කරන ජැක්, සැබෑ ලොවේ දී ඔහුගෙන් හැකිතාක් ඈත්ව ජීවත් වීමට වෙර දරණවා.

තමා සැබවින්ම ආදරය කරන මිනිසාට රහසිගතව ප්‍රේම කරන ජැක්, සැබෑ ලොවේ දී වෙන්ව ජීවත් වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නවා. m.media-amazon.com

5). නොට්‍රේදාමයේ කුදා- The Hunchback of Notre Dame

සුන්දර වීදි රංගන ශිල්පිනිය – එස්මරල්ඩා අරබයා නොට්‍රේදාම පල්ලියේ සීනු නාද කරන්නා – ක්වාසිමෝඩෝ දැක්වූ අසීමිත ආදරය අලලා වික්ටර් හියුගෝ ලියූ කතාන්දරයයි The Hunchback of Notre Dame.

එස්මරල්ඩා සමඟ ඊර්ෂ්‍යාවකින් උන් එක් වියරු ඝාතකයෙක් ඇගේ ආදරවන්තයා පිහියකින් ඇන ඝාතනය කිරීමට උත්සාහ දරණවා. ඝාතනය වැරදුණ තැන පලා යන සැබෑ ඝාතකයා මිනීමැරීමට තැත් කළ වරදකාරිය එස්මරල්ඩා බව පවසනවා. නොකළ වරදට අවසන වන්දි ගෙවීමට සිදු වන්නේ අහිංසක එස්මරල්ඩාට යි. එල්ලී මිය ගොස් ජීවිතයෙන් වන්දි ගෙවන එස්මරල්ඩාගේ දේහය සොහොන් ගැබක තැන්පත් කරන්නේ මින් පසුව යි. කිසියම් හෝ කටයුත්තකට එස්මරල්ඩාගේ සොහොන් ගැබ පරීක්ෂා කරන පුද්ගලයකුට, මිය ගොස් සිටින නොට්‍රේදාමයේ කුදාගේ ඇටසැකිල්ල එස්මරල්ඩාගේ ඇටසැකිල්ල වැලඳගෙන සිටින ආකාරයක් එහිදී දක්නට ලැබෙනවා.

ගැරී ට්‍රවුස්ඩේල් සහ කිර්ක් වයිස් අධ්‍යක්ෂණය කළ The Hunchback of Notre Dame හි සජීවීකරණ චිත්‍රපටයක් (Animation Movie) අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ‘වෝල්ට් ඩිස්නි පික්චර්ස්’ ආයතනය 1996 දී නිර්මාණය කළා.

සුන්දර වීදි රංගන ශිල්පිනිය – එස්මරල්ඩා අරබයා නොට්‍රේදාම පල්ලියේ සීනු නාද කරන්නා – ක්වාසිමෝඩෝ දැක්වූ අසීමිත ආදරය අලලා වික්ටර් හියුගෝ ලියූ කතාන්දරය The Hunchback of Notre Dame ය.

6). වදරින් හයිට්ස් – Wuthering Heights

ඉංග්‍රීසි නවකතාකාරියක සහ කිවිඳියක වූ එමිලි බ්‍රොන්ටේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඇගේ එක ම නවකතාව – වදරින් හයිට්ස් හේතුවෙන්. නාට්‍යානුසාරීව රචිත ආදර අන්දරයක ඛේදවාචකයක් ලෙසත් මෙම නවකතාව ප්‍රසිද්ධ යි.

කැතී නමැති කාන්තාව හීත්ක්ලිෆ් සමඟ ආදර සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමට ගත් උත්සාහය නිශ්ඵල වනවා. එකල පැවති සමාජ සීමා සහ පෞද්ගලික උඩඟුකම මෙම දෙපළ ගේ එක්වීමට බාධා පමුණනවා. අවසානයේ කැතී වෙනත් පිරිමියකු සමඟ හාදව විවාහ වනවා.

කැතී නැමති කාන්තාව හීත්ක්ලිෆ් නම් පිරිමියා සමඟ ආදර සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට ගත් උත්සාහය නිශ්ඵල වනවා. 64.media.tumblr.com

මෙයින් සිත් තැවුලට පත් හීත්ක්ලිෆ්, කැතී හා තමා ඈත් කළ පුද්ගල බලවේගයන්ගෙන් පළිගැනීමට උත්සුක වනවා. හීත්ක්ලිෆ්ගේ ජීවිතයට මෙමඟින් දැඩි කටුක බවක් එකතු වනවා . කැතී තම පළමු දරු ප්‍රසූතියෙන් මිය ගිය විට හීත්ක්ලිෆ් ඔහුගේ මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන්ටත් සිය කෝපය නොමසුරුව පෙන්වනවා.

ඇන්ඩ්‍රියා ආර්නෝල්ඩ් නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරිය 2011 වසරේ දී වදරින් හයිට්ස් චිත්‍රපටය සිනමාලෝලීන්ට එළි දක්වනවා.

7). ටයිටැනික් -Titanic

කැනේඩියානු සිනමාකරු ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටය 1997 වර්ෂයේ තිරගත වනවා. ධනවත් පන්තියේ කාන්තාවක් වූ රෝස්, කම්කරු පන්තියේ තරුණයකු වූ ජැක් සමඟ හාද වන්නේ ටයිටැනික් නෞකාවේදී යි. මේ වන විට රෝස් සිටින්නේ ඇය ආදරය නොකරන ඇගේ ධනවත් පෙම්වතා මඟහරිමින්. ඇයට ඔහු හා වාසය නීරස වන අතර නෞකාව ගොඩබිමට සේන්දු වූ විගස ජැක් හා එක්ව පලා යාමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට රෝස් උත්සුක වනවා.

ධනවත් පන්තියේ කාන්තාවක් වූ රෝස්,කම්කරු පන්තියේ ජැක් සමඟ හාද වන්නේ ටයිටැනික් නෞකාවේදීයි. images.bauerhosting.com

ටයිටැනික් නැව අයිස් පර්වතයක හැපීමත් සමඟ රෝස්ගේ සැලසුම අවාසනාවන්තව ලෙස නිෂ්ඵල වනවා. අත්ලාන්තික් සාගර අයිස් ජලයේ ගිලී ජැක් මිය යන අතර නෞකා ව්‍යසනයෙන් දිවි ගලවා ගත් රෝස් තනිකඩ ජීවිතයක් ගත කිරීමට හුරු වනවා. ජැක් හා රෝස් එක් ව නෞකාවේ ගත කළ සොඳුරු අවස්ථා, වත් පොහොසත්කම් මැද රෝස් ගෙවන තනිකඩ දිවියේ තනි නොතනියට සිටියා.

8). රෝමියෝ සහ ජුලියට් – Romeo & Juliet

රෝමියෝ සහ ජුලියට් විලියම් ෂේක්ස්පියර්ගේ තවත් එක නාට්‍යයක්. 1597 වසරේ ප්‍රථමයෙන් එළි දැක්වූ මෙය පෙම්වතුන් දෙපළකගේ ඉරණම්කාරී කතාවක් අරබයා ලියවුණු සාහිත්‍යමය නිර්මාණයක්. රෝමියෝ සහ ජුලියට්ගේ රහසිගත ආදරය ඔවුන් ගත කරන ජීවිතයට බලපාන්නේ කෙසේද යන වග මෙමඟින් නිරූපණය වනවා.

පළමු බැල්මෙන්ම ආදරයෙන් බැඳී උන් රෝමියෝ සහ ජුලියට් තම පවුල්වලට ඇස් වසා රහසේ විවාහ වනවා static01.nyt.com

පළමු බැල්මෙන්ම ආදරයෙන් බැඳෙන ඔවුන් දෙදෙනා තම පවුල්වල ඇස් වසා විවාහ වනවා. එනමුත් පවුල්වලින් එල්ල වන අකමැත්ත හමුවේ බියෙන් කල් ගත කිරීමට රෝමියෝ හා ජුලියට්ට සිදු වනවා. රෝමියෝ හා එක් ව සිටීමට මඟක් සොයන ජුලියට්, විනාශකාරී ප්‍රතිවිපාක හමුවේ වුවත් ඇගේ මරණය ව්‍යාජ ව රඟ දක්වනවා.

රෝමියෝ සහ ජුලියට් වනාහි ඛේදනීය ආදර අන්දරයක්. අසංඛ්‍යාත භාෂාවන්ගෙන් සමන්විත චිත්‍රපට අනුවර්තන රාශියක් මේ කතාව පාදක කර ගෙන බිහිව තිබෙනවා.

ට්‍රිස්ටන් සහ අයිසෝල්ඩ් – Tristan and Isolde

බටහිර සාහිත්‍යයේ එන සම්භාව්‍ය ආදර කතාවකි ට්‍රිස්ටන් සහ අයිසෝල්ඩ්. රජ කුමරකු හා විවාහ වීමට පොරොන්දු වූ කුමරියකගේ කතාවක් මෙයින් නිරූපණය වනවා. කෙසේ නමුත් එම කුමාරිකාව රජ කුමරාගේ බෑණනුවන් (ට්‍රිස්ටන්) හා ආදර සම්බන්ධයක් ගොඩ නඟා ගන්නවා.

රජ කුමරකු හා විවාහ වීමට පොරොන්දු වූ කුමරියකගේ කතාවක් ට්‍රිස්ටන් සහ අයිසෝල්ඩ් නිරූපණය වනවා. upload.wikimedia.org

වසර කිහිපයකට පසු ට්‍රිස්ටන් සහ අයිසෝල්ඩ් යන දෙපළ වෙන් වනවා. වසර ගණනාවක් මෙලෙස වෙන්ව සිටීමෙන් අනතුරුව ට්‍රිස්ටන් සහ අයිසෝල්ඩ් නැවත එක් වීමට සියල්ල සැලසුම් කරනවා. 12 වන ශතවර්ෂයේ පුරාවෘත්තයක් ව පැවති මෙම කතාව විශාල වාර ගණනක් විවිධ නිර්මාණ සඳහා අනුවර්තනය වී තිබෙනවා. එලෙස අනුවර්තනය වූ එක් ඔපෙරා නිර්මාණයක් ලෙස රිචඩ් වැග්නර්ගේ ට්‍රිස්ටන් සහ අයිසෝල්ඩ් හඳුන්වන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය - media.istockphoto.com
මූලාශ්‍ර :
www.britannica.com
en.wikipedia.org

Related Articles