Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලින්කන් සහ කෙනඩිගේ ඝාතනවල විශ්මයජනක සමානකම්

ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය ජනාධිපතිවරුන් දෙදෙනකු ලෙස ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ් කෙනඩි හැඳින්වීමේ වරදක් නැත. මේ ජනාධිපතිවරු දෙදෙනාම සාහසික ලෙස ඝාතනයට ලක්වූහ. එම ඝාතනයන් දෙක සංසන්දනය කළ විට ඒවායේ පුදුම එළවන සුළු සමානකම් දැකගන්නට ලැබේ. සමහරු මෙය ඉතිහාසය නැවත සිදුවීමක් ලෙස විග්‍රහ කරති. කිසියම් අදෘශ්‍යමාන යමක් මේ පසුපස ඇතැයි පවසන්නටත් සමහරු උත්සාහ දරති. කෙනඩි යනු ලින්කන් ජනාධිපතිවරයාම යයි සනාථ කරන්නට තවත් සමහරු උත්සාහ දරති. කෙසේ නමුත් මෙම සමානකම් දෙස වඩා තාර්කිකව බලන විට ඒවා පුදුමසහගත සිදුවීම් නොව හුදු අහම්බයන් බැව් පෙනී යයි. එම සමානකම් එකින් එක ගෙන සිදු කෙරෙන විමසුමකි මේ.

article

යටත්විජිත සමයේ ගාලු පුරවරයෙන් බිහිවූ අමරණීය චරිත

යටත්විජිත කාලය යනු උඩරටට නම් 1815 පසු කාලය වුවත්, දකුණේ වෙරළබඩ අගනගරය වූ ගාල්ලට නම් 1600 ගණන්වල සිට උදා වුණි. ලෝකය හා වේගයෙන් ගැටුණු පෘතුගීසින්, ලන්දේසින්, සහ ඉංග්‍රීසින්ගේ ඇසුර පාතරට පළාතේ ප්‍රභූන්ට නිතරම ලැබුණි. එසේම වැවිලි හා වෙළදාම් කටයුතු දියුණු වීම හේතු කොටගෙන යටත්විජිත කාලය තුළ උඩරට පළාතට වඩා වෙරළබඩ කලාපයන් යම් සමෘද්ධිමත් ස්වභාවයක් ඉසිලීය. ඒ තත්ත්වය තුළ බෞද්ධ ශාසනික සේවාවන්වල ද යම් පිබිදීමක් දකින්නට ලැබුණි. හෙළ ගද්‍ය පද්‍ය සාහිත්‍යය ක්ෂේත්‍රය ද දකුණු වෙරළබඩ කලාපයෙන් ලැබුණු දායකත්වය විශේෂ ය. එකල ලංකාවේ බස රැකීමට, සාහිත්‍යය නැංවීමට, රටේ අධ්‍යාපනය පිහිටුවීමට කැපවුනු ගාලු පුත්‍රයින් රැසක්ම විය. එයින් කිහිපදෙනෙක් ගැනයි මේ.

article

පුළුවන් නම් මාව අල්ලාගන්න!

FBI ආයතනය ලෝකයේ ලොකුම හොරුන්ව තමන්ගේ වැඩ වලට යොදාගන්නා අවස්ථාවන් තිබෙනවා. පහුගිය කාලය පුරාවට ලංකාවෙත් ගොඩදෙනෙක් කතාවුණානේ කොන් ආර්ටිස්ට්ලා ගැන. ඔහු කළ සූක්ෂම අපරාධයන් රාශියක් හෙළිවීමෙන් පසු FBI එක තමන්ගේ සේවයට බඳවාගත් කොන් ආර්ටිස්ට් කෙනෙක් තමයි ෆ්‍රෑන්ක් ඇබිග්නේල් කියන්නේ. ඔහු එක්සත් ජනපදය පුරා අපකීර්තියට පත්වුණේ ඔහු කළ වංචනික ක්‍රියාවන් නිසා යි. නමුත් ඇත්තටම ඒ ලොකු මොළයකින් කළ වැඩක්. බුද්ධිමත් විදියට වංචා කළාට, ඇබිග්නේල් මේ සියල්ල පටන්ගෙන තිබුණේ ඔහුට වයස අවුරුදු දහසයේ දී යි.

article

තම දියණියගේ මරණයට බිල්බෝඩ් වලින් යුක්තිය ඉල්ලූ තාත්තා

මිනිස්සු මැරෙන එක ස්වාභාවිකව සිද්ධ වුනාට, මිනිස්සු ඝාතනය වෙන එක එහෙම ස්වාභාවිකව සිදුවෙන සංසිද්ධියක් නෙමෙයි. වෙනත් පාර්ශවයක බලපෑම එක්ක සිද්ධ වෙන්න පුළුවන් ඕනෑම ආකාරයේ ඝාතනයකට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ, ඒක නීති පොත්වල තියන නිසාම විතරකුත් නෙමෙයි. තමන්ගේම කෙනෙකුට එවැනි අසාධාරණයක් සිදුවෙන තෙක් එහි බරපතලකම බොහොම දෙනාට දැනෙන්නේ නැහැ. ඒ වගේ සිදුවුණු ඝාතනයකට යුක්තිය ඉල්ලපු තාත්තා කෙනෙක්ගේ කතාවක් මේ.

article

ලංකාවේ පළමු ලොතරැයි ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේ ද? බහුතරයේ පිළිතුර ‘ඔව්’ යනු නිසැක යි. ලොතරැයියක් හෙවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක්, මිල දී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේ වෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුදලක් ඇදුනත් හිත සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. මේ ජයමල්ල හිමිවන තැනැත්තාගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? ලංකාවේ පළමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන කතාව යි මේ.

article

රජගල කන්දේ මහා සංඝාරාමය

අම්පාර දිස්ත්‍රික්කයේ සුන්දරත්වය වගේම ඓතිහාසිකත්වයටත් ඉහළ වටිනාකමක් දෙන තැනක් තමයි රජගල කන්ද හෙවත් රජගලතැන්න කියන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ කාලයක් වනයට යටවී තිබූ රජගල බෞද්ධ සංඝාරාමයේ නටබුන් පසුගිය කාලයේ පුරාවිද්‍යා කැණීම්වලට ලක් වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලය විසින් සාමූහිකව මෙම කැණීම් සඳහා දායකත්වය දක්වනවා. ශ්‍රී ජයවර්ධනපුර සරසවිය රජගල කැණීම් ආරම්භ කළේ 2012 දී යි. එම කැණීම් වලින් පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේ දානයට පෙර හමුවූ ස්ථානය), ඡන්ථාඝරය (භික්ෂූන් වහන්සේ ඖෂධ ස්ථානය කළ ගොඩනැගිල්ල), දානශාලාව, බෝධිඝරය, සහ දාගැබ් 25ක් හමුවී තිබෙනවා. රජගල කන්දට නැඟීම සඳහා පුරාණයේ පැවති පෙත්මඟ පාදාගෙන ඒ අයුරින්ම සංරක්ෂණය කර අවසාන යි. දාගැබ් කිහිපයක් ද සංරක්ෂණය කර තිබෙනවා.

article

වසර 30 කට පසුවත් ලොව දිගම මුහුදු උමං දුම්රිය මාර්ගය – සීකන්

1988 මාර්තු 13 ජපානයට වගේම මුළුමහත් ලෝකයටත්, ඉංජිනේරු කර්මාන්තයටත් විශේෂ දිනයක්. ලෝකයම පරයමින් ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටි ජපානය තවත් යෝධ පිම්මක් ඉදිරියට පැන්නේ එදායි. ඉංජිනේරු කර්මාන්තය විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි “සීකන්” මුහුදු උමං මාර්ගය එදින විවෘත කෙරුණා. එදා සිට අද වන විට වසර 30 කටත් වඩා ගත වී තිබුණත් තවමත් එම වාර්තාව සීකන් සතුයි.

article

ලංකාවේ ද පතල වූ ඉන්දීය සාහිත්‍යකරුවෝ

ලංකාවේ සාහිත්‍ය කලාවට ඉන්දියාවෙන් ලැබූ ආභාෂය දිගු කලෙක පටන්ම පැවති එකකි. වර්තමාන ලංකාවේ කියවන්නන් අතර ද ඉන්දීය කතා කරුවෝ කිහිප දෙනෙකු ජනප්‍රිය වී සිටිති.

article

End of Articles

No More Articles to Load