Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රූමත් හෙලන් ගලවා ගැනීමේ මෙහෙයුම : ට්‍රෝජන් යුද්ධය

පුරාණ ඇනටෝලියාවේ ට්‍රෝයි නුවර රණ ශූරයන් සහ බලවත් ග්‍රීක සටන්කාමීන් අතර ලෝකඩ යුගයේ අවසන් භාගයේ දී ඇති වූ බව කියන ට්‍රෝජන් යුද්ධය, සියවස් ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින්ගේ පමණක් නොව අසිපත් ලෙළවමින් නිර්භය ව යුද පෙරමුණට ගිය රණකාමීන් පිළිබඳ ව සඳහන් වන කථාන්තර කියවීමට ප්‍රිය කරන උදවියගේ ද නොමද අවධානය දිනා ගැනීමට සමත් වූ බව පැවසීම වැරදි නැහැ. ක්‍රිස්තු පූර්ව 12 හෝ 13 වැනි සියවසේ දී සත්‍ය වශයෙන් ම ට්‍රෝජන් යුද්ධය ඇති වුණා විය හැකි වුව ද ග්‍රීක කිවිවර හෝමර් විසින් රචිත ‘ඉලියඩ්’ නම් වෙළුම් 24 කින් යුතු කාව්‍ය ග්‍රන්ථය කියවන අයෙක්ට එය සත්‍ය වශයෙන් ම සිදු වූ යුද්ධයකට වඩා මිථ්‍යාවට බර බව හැඟීම නොවැළැක්විය හැකි බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ.

article

මිථ්‍යා සාහිත්‍යයේ නිමල සංකේතය : කඟවේණා

සියවස් ගණනාවක් තිස්සේ නොයෙක් ස්වරූපයේ මිථ්‍යා කථාන්තර තුළින් මනුෂ්‍ය ලෝකයට පිවිසුණු ‘කඟවේණා’ මෑත ඉතිහාසයේ දී වඩාත් ජනප්‍රිය වුණේ ජේ. කේ. රෝලිං මහත්මිය විසින් රචිත ‘හැරී පොටර්’ පොත් මාලාව හේතුවෙන් බව පැවසීම වරදක් නොවෙයි. දිය කිඳුරියන් සහ මකරුන් සමග මිථ්‍යා ලෝකයේ වැජඹෙන සුදෝසුදු පැහැ කඟවේණුන්ගේ සොඳුරු රුව, මධ්‍යතන යුගයට අයත් තෙල් සායම් සිතුවම් මත මෙන් ම පොඩිත්තන් වෙනුවෙන් රචනා කරන ලද පින්තූර කථාන්තර පොත් තුළ ද දැක ගැනීමට ලැබෙනවා.

article

එවරස්ට් කන්ද මත ජීවිතය නිමා කළ කඳු නගින්නන්

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා වශයෙන් යොහාන් පීරිස් පසුගියදා තැබූ වාර්තාව පිළිබඳව ශ්‍රී ලාංකිකයින් ආඩම්බරයට පත්ව ඇතුවාට සැකයක් නැහැ. එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේත් යොහාන්ගේ බිරිඳ වන ජයන්ති කුරු උතුම්පාල යි. 1953 මැයි 29 වැනිදා එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමුවැන්නා ලෙස සර් එඩ්මන්ඩ් හිලරි ඉතිහාසගත වුවත් ඔහුට කලින් එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ අය සිටින බව විවාදයට දුඩු දී තිබෙන කාරණයක්. නමුත් ඒ බව තහවුරු කර ගැනීම බෙහෙවින් අසීරු දෙයක් බවට පත්ව තිබෙනවා.

article

හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශන ශාලාවක අගනා දියමන්ති මාලයක් තැන්පත් කොට ඇත්තේ වෙඩි නොවදින වීදුරු වලින් නිම වූ විශේෂිත අල්මාරියකය. පිටත ආලෝකය පරදවා බැබලෙන මෙය ලොව ඉමහත් ප්‍රසිද්ධියට ලක්ව ඇති, එමෙන්ම අයිතිකරුවන්ට මරණීය අපල ගෙන දුන් අසුබ දියමන්තියකි. එය නම් කොට ඇත්තේ හෝප් දියමන්තිය ලෙසිනි. වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති හෝප් දියමන්තිය ගැන අසුභවාදී කතා බොහොමයකි. මෙහි ඉතිහාසය පුරාවටම එක් අයිතිකරුවෙකු හැරෙන්නට අන් සියලු දෙනාටම වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදු විය.

article

හෙළ නාග පරපුරේ තතු මෙන්න

පැරණි වංශකතා සහ සාහිත්‍යය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට බුදුරදුන් තෙවරක් ලක්දිවට වැඩම කර ඇති අතර ඉන් දෙවන සහ තුන්වන ගමන් සිදුව ඇත්තේ නාග ගෝත්‍රිකයන් උදෙසා යි. නාග නමින් ගෝත්‍රයක් ලක්දිව තිබී ඇති බවත්, ඔවුන් ලක්දිව බලවත් ගෝත්‍රයක් වශයෙන් පැවත ඇති බවත් යන විශ්වාසය මෙනිසා ඇති වූ බව උපකල්පනය කෙරේ.

article

අද දක්නට නැති, පැරණි ලෝකයේ පුදුම හත

මීට වසර දහස් ගණනකට පෙර ලොව බිහිවූ ශිෂ්ඨාචාර වල ජනයා ද වර්තමාන ජනයා මෙන්ම නව සොයාගැනීම කිරීමට මහත් ආශාවකින් පෙළුණු අතර, ඒ සඳහා නිරන්තරයෙන් උත්සාහ ද කළා. විශේෂයෙන් අනුස්මරණීය දේ ඉදි කිරීමේ දී ඒවා හැකිතාක් අපූර්ව ලෙස ඉදිකිරීමට ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දැරුවා. ඒවා ඵල දැරූ අතර ඉන් සමහරක් වර්තමාන තාක්ෂණයෙන් පවා ඉදි කිරීම අපහසු බව විද්වතුන්ගේ මතය යි. ඒවායින් විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් වන ‘පැරණි පුදුම හත’ පිළිබඳව මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කරනවා.

article

සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී

ඔබ ඕනෑම අයෙක් වේදිකා නාට්‍යයක් බලා ඇතුවාට සැක නැත. මෙරට ගැමි නාටක අතුරින් පැරණිතම ගැමි නාටකය ලෙස සැලකෙන්නේ සොකරි නාට්‍යය යි. මෙය උඩරට සම්ප්‍රදායට අයත් ගැමි නාටක විශේෂයකි. පළමුව මෙම සොකරි කතා පුවත කුමක්දැයි සොයා බලමු.

article

දුර්ගා දෙව්දුව මහීෂාසුර යක්ෂයා පැරදවීම සමරන: දශායින්

ලෝකයේ ආගමික හා සංස්කෘතික විශ්වාස හා ඇදහිලි ඔස්සේ විවිධ උත්සව සමරනු ලබනවා. මේ අතරින් ඉන්දියාව, නේපාලය වැනි රටවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. නේපාල වැසියන් මහත් හරසරින් යුක්තව හෝලි, ඉන්ද්‍රා, තිහාර්, ටීජ් වැනි උත්සව සමරනු ලබනවා. නමුත් මොවුන් සමරන උත්සව අතරින් දශායින් නමැති උත්සවයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

article

End of Articles

No More Articles to Load