Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇත්තටම Roar කියන්නේ කවුද?

Roar කියන්නේ මොකද්ද? Roar කියන්නේ පේජ් එකක් විතර ද? Roar සිංහල වෙබ් අඩවිය පිටුපස සිටින්නේ කවුද? Roar ආයතනයට මුදල් ලැබෙන්නේ කොහොමද? මේ, ඔබට Roar කියවන කවදා හෝ ඇතිව තිබීමේ සම්භාවිතාවක් තිබෙන ගැටළු. 

වසර කීපයකට උඩ දී, අපි Roar අපේ කතාව ලියුවා. එම ලිපිය ලියැවුණේ එතෙක් කලක් අපි Roar ඇරඹුනේ කොහොම ද, Roar ගොඩනැගුනේ කොහොම ද කියන එක ගැන විස්තරයක් අපේ සිංහල පාඨක ප්‍රජාව සමග බෙදාහදාගෙන තිබුණේ නැති නිසා. අපේ පාඨකයා වන ඔබ, අපේ ගමන් සගයෙක්. එනිසා අප ඇරඹුණේ ඇයි ද, කොහොම ද ආදී විස්තර ඔබට දැන්වීම අපේ යුතුකමක්. පෙර සඳහන් කළ ලිපිය කියවා නැති පාඨකයින් ලිපිය මෙතැනින් කියවන්නට හැකියි. 

Roar කියන්නේ මොකද්ද? 

Roar Global, ශ්‍රී ලංකාවෙන් බිහිව, අද වනවිට දකුණු ආසියාතික රටවල් කීපයක පැතිර ඇති නව මාධ්‍ය ජාලයක්. අපි අංශයන් තුනක් යටතේ දකුණු ආසියාතික ආයතන සඳහා විශිෂ්ට මට්ටමේ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ මාධ්‍ය සේවා සැපයීම සිදුකරනවා. Roar Globalහි ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී මුස්තාෆා කාසිම් Forbes සඟරාව මඟින් ප්‍රකාශයට පත්කෙරෙන, ආසියාවේ වයස අවුරුදු 30න් පහළ තරුණ ව්‍යවසායකයින්ගේ 30 Under 30 ලැයිස්තුවට 2020 වසරේ දී නම් කෙරුනා.

මුස්තාෆා කාසිම්

Roar Global යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය සන්නාමයන් ත්‍රිත්වයක් තිබෙනවා. Roar Media, Roar Studios, සහ Roar Digital ඒවා යි. 

Roar Digital 

Roar Digital, Facebook සමාගමේ ශ්‍රී ලංකාවේ සිය බලයලත් විකුණුම් සහකරු යි. මෙම සන්නාමය දේශීය ව්‍යාපාර හා ඒජන්සි සඳහා වෙළඳපොල සහාය හා විශේෂඥ උපදේශනය ලබාදීම සිදුකරනු ලබනවා. Roar Digital ලංකාවේ දේශීය ව්‍යාපාර හා ඒවායේ නියෝජිතායතන වෙත උසස් තත්ත්වයේ ෆේස්බුක් මාධ්‍ය උපදේශනයන් නොමිලේ ලබාදීමට ෆේස්බුක් වෙතින් පුහුණුව ලබා, සහතිකකොට සිටිනවා. දේශීය ව්‍යාපාර හා ඒජන්සිවලට අලුත් හා අත්‍යවශ්‍ය කුසලතා ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා ෆේස්බුක් වැඩමුළු වැනි වැඩසටහන්, විවිධ පුහුණුවීම් සඳහා මඟ පෙන්වීමට Roar Digital අංශයට හැකියාව පවතිනවා.

Facebookහි බලයලත් විකිණුම් සහකරු වන අප Facebook පවුලේ Facebook, Instagram, WhatsApp, සහ Messenger ආදී සියලු ඇප් සඳහා වෙළඳපොල සහාය ලබාදෙනවා

Roar Studios 

Roar Studios, Roar Globalහි ප්‍රචාරණ කටයුතු සහ නිෂ්පාදන අංශය යි. මෙම සන්නාමය යටතේ වෙළඳනාම සඳහා ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම හා අවශ්‍ය ආයතනයන් සඳහා මාධ්‍ය සංකල්පමය විසඳුම් ලබාදීම සිදුවෙනවා. 

Roar Studiosහි සේවාවන් ලබාගත් සේවාදායකයින් අතර, Dialog, Unilever, Dell, එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන, සහ Save The CHildren වැනි රාජ්‍ය නොවන සංවිධානයන් ද වෙනවා.

අපේ සේවාදායකයින්

Roar Media

Roar Media, Roar Globalහි මාධ්‍ය අවකාශය යි. දකුණු ආසියාවේ රටවල් කීපයක විහිදුනු මෙම මාධ්‍ය ආයතනය භාෂාවන් කීපයකින් සිය නිර්මාණයන් ඉදිරිපත් කරනවා. Roar LK ඉංග්‍රීසි බසින්, Roar සිංහල සිංහල බසින්, Roar Tamil දමිළ බසින්, සහ Roar Bangla බෙංගාලි බසින් ක්‍රියාත්මක වෙනවා. 

Roar සිංහල වෙබ් අඩවිය පිටුපස සිටින්නේ කවුද? 

“Roar සිංහල වෙබ්සයිට් එක කරන්නේ කවුද?”

කුමන හෝ හේතුවක් නිසා ඔබට මේ ගැටලුව මතුව තිබෙනවා විය හැකියි. එයට පිළිතුරක් දෙන්න යි මේ සූදානම. 

Roar සිංහල වෙබ් අඩවිය පිටුපස සිටින්නේ Roar Media සන්නාමය යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය කණ්ඩායමේ සිංහල අංශය යි. අංශ ප්‍රධානියෙකු යටතේ ක්‍රියාත්මක වන Roar සිංහල ඔබට ඉදිරිපත් කරන්නේ පූර්ණකාලීන ආයතන රචකයින්, නිදහස් රචකයින්, ආරාධිත රචකයින්, වීඩියෝ සංස්කාරකයින්, සහ කතෘන් විසින් නිපදවෙන, ඔප වැටෙන, සංස්කරණය කෙරෙන නිර්මාණ යි. මෙම නිර්මාණයන් Roar සිංහල ෆේස්බුක් පිටුව, Roar සිංහල ට්විටර් ගිණුම, Roar සිංහල YouTube චැනලය, සහ Roar සිංහල ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා ඔබ වෙත පිදෙනවා.

මේ වන විට Roar සිංහල අංශයට වසර 5ක් සපිරෙන්නට ආසන්න යි! අන්තර්ජාලයේ සිංහලෙන් කියවන පාඨකයින් ගෙවුණු වසරේ අපේ ලිපි 4,281,074 වරක් කියවා, අපේ වීඩියෝ 8,239,842 වරක් නරඹා තිබෙනවා. මේ වෙද්දී Roar සිංහල විවිධ ප්‍රවර්ගයන් යටතේ ලිපි 5375ක් පළකර තිබෙනවා. 

අවැසි නම් ඔබට ද Roar සිංහල වෙබ් අඩවියට ආරාධිත රචකයෙකු ලෙස සම්බන්ධ විය හැකියි. එයට මෙතැනින් පිවිසෙන්න

Roar Global ආයතනය ආදායම් උපයන්නේ කොහොමද? 

Roar, ආදායම් ඉපැයීම සඳහා භාවිතා කරනා ක්‍රමවේදයන් කීපයක් තිබෙනවා. ඉන් එක ක්‍රමවේදයක් වන්නේ පෙර කී පරිදි දේශීය සහ ජාත්‍යන්තර සන්නාමයන් සඳහා මාධ්‍ය, සහ ප්‍රචාරණ සේවාවන් ලබාදීම යි. ලංකාවේත්, ලෝකය පුරාත් ප්‍රසිද්ධ සන්නාමයන් සහ ආයතනයන් සඳහා හුදෙක් ප්‍රචාරක දැන්වීමක්ම පමණක්ම නොවී, Roar සිංහල පාඨකයාටත් එදිනෙදා දිවියට, දැනුමට ප්‍රයෝජනවත් වන තොරතුරු ඉදිරිපත් කෙරෙන අන්දමේ අනුග්‍රාහක දායකත්වය ඇතිව ලියැවෙන ලිපි ඉන් තවත් ක්‍රමවේදයක්. ඊට අමතරව, Roar වෙළඳ දැන්වීම් පළකිරීම හරහා ද ආදායම් ලබනවා. 

ඉතින් Roar Global සම්බන්ධයෙන් තවත් කුමක් හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය ද? ඔබට අපව මෙතැනින් සම්බන්ධ කරගත හැකියි.

Related Articles