Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ආනයන හා ආනයනික රටවල්

ශ්‍රී ලංකාවේ 2019 වසරේ දී සිදු වූ ප්‍රධාන අපනයන ඒ සම්බන්ධ අපනයන ගමනාන්ත මෙන්ම, 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ කෘෂිකාර්මික හා කාර්මික අපනයනයන්ගේ සිදු වූ වෙනස්කම් පිළිබඳව මීට පෙර ඔබ වෙත ලිපියක් ගෙන ආවා.

මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ 2019 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන, ඒවාගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයනියක අන්ත, සහ 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී මෙරට ආනයන ක්‍රියාවලියේ විශේෂත්වය පිළිබඳව විස්තර කිරීමට යි.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන 

2019 වසරේ ශ්‍රී ලංකාව, ආනයනයේ දී වැඩිපුරම වියදම් කර තිබෙන්නේ ඉන්ධන සඳහා යි (steelguru)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ආනයන කාණ්ඩ තුනක් දකින්න පුළුවන්. ඒවා පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, හා ආයෝජන භාණ්ඩ ලෙස වර්ග කර දැක්විය හැකි යි. ඊට අමතරව නිශ්චිතව වර්ග කර නොහැකි ආනයනයන් ද පවතිනවා.

වෙන වසරවල මෙන්ම 2019 වසරේ දී ආනයනයේ දී වැඩිම වියදමක් දරා තිබෙන්නේ අන්තර් භාණ්ඩවලට යි. මෙරට මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 19 937.1ක් ලෙස සඳහන් වෙන අතර අන්තර් භාණ්ඩ ආනයනය සඳහා ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11 369.6ක වියදමක් දරා තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස සලකන විට 57.0%ක් ලෙස සටහන් කළ හැකි යි.

ශ්‍රී ලංකාව ආනයනයේ දී වැඩිම මුදලක් වැය කරන ඉන්ධන ද අයත් වෙන්නේ අන්තර් භාණ්ඩ යටතට යි. ඉන්ධන ආනයනය සඳහා රජය 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3,891.6ක් වැය කර ඇති අතර එය, 2019 වසරේ ශ්‍රී ලංකාව් සම්පූර්ණ ආනයන වටිනාකමින් 19.5% ක ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

2019 වසරේ මෙරට ආනයන සංයුතිය (cbsl)

රෙදිපිළි හා රෙදිපිළි උපාංග, දියමන්ති, අගනා ගල් හා ලෝහ වර්ග, රසායනික නිෂ්පාදන, තිරිඟු හා ඉරිගු, පොහොර අනෙකුත් අන්තර් භාණ්ඩ ලෙස දැක්වියහැකි යි. 

ශ්‍රී ලංකාව ඉහත සඳහන් ආනයනික භාණ්ඩ වර්ග තුනෙන් දෙවනුවට වැඩිම වියදමක් දරන්නේ ආයෝජන භාණ්ඩ සඳහා යි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 4,602.6ක්. ප්‍රතිශතයක් ලෙස 23.1%ක්. මෙම කාණ්ඩය යටතේ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ සඳහා වැඩිම වියදමක් දරන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය හා ප්‍රවාහන උපකරණ, අනෙකුත් ආයෝජන භාණ්ඩ ලෙස සඳහන් කළ හැකි යි. 

ඉන්පසුව ආනයනයේ දී වැඩිම මුදලක් වැය වන්නේ පාරිභෝගික භාණ්ඩ සඳහා යි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,956.5ක විදමක් වන අතර සම්පූර්ණ අපනයන වියදමෙන් 19.8% ක ප්‍රතිශතයක් දරනවා. ඒ යටතේ වැඩිම වියදමක් යන භාණ්ඩය ලෙස නම් කළ හැක්කේ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වර්ගය යි. ආහාර හා පාන වර්ග, සහල්, සීනි හා රසකැවිලි, කිරි නිෂ්පාදන, පරිප්පු, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ, පුද්ගලික රථවාහන, බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදන හා ගෘහ උපකරණ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ලෙස සඳහන් කළ හැක.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආනයනික රටවල්

ප්‍රධාන ආනයනික රටවල් (cbsl)

මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආනයනික රට බවට පත් වී තිබුනේ ඉන්දියාව යි. නමුත් 2016 වසරෙන් පසුව නැවතත් 2019 වසරේ දී චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආනයනික රට බවට පත්ව තිබෙනවා. 2018 වසරේ මෙරට ආනයන වියදමෙන් 18.2%ක ප්‍රතිශතයකට උරුමකම් කියන ලද චීනය 2019 වසරේ මෙරට ආනයන වියදමෙන් 20.2%ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට චීනයෙන් ආනයනය කරන ලද සමස්ත ආනයනවලින් 60%කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, රෙදිපිළි හා ගොඩනැගිලි ද්‍රව්‍ය යි. චීනයෙන් කළ ආනයන සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 4 034ක් වැය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන ආනයනකරුවා ලෙස 2019 වසරේ පත් වී තිබෙන්නේ ඉන්දියාව යි. ඉන්දියාවෙන් කළ ආනයන සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 

3 899ක් වැය වී තිබෙනවා. එය 2019 වසරේ සම්පූර්ණ ආනයනයන්ගෙන් 19.6%ක ප්‍රතිශතයක්. 2019 වසරේ මෙරට ආනයන වියදමෙන් ඇමෙරිකානු ඩොලර් 1669ක් හිමි කරගෙන ඇති එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ශ්‍රී ලංකාවේ තෙවන විශාලම විශාලම ආනයනකරු ලෙස හැඳින්විය හැකි යි. එම රට සමස්ත ආනයනවලින් හිමිකරගෙන තිබෙන ප්‍රතිශතය 8.4%ක් ලෙස සටහන් වෙනවා.

රෙදිපිළි, ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර ඇතුළු උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව වෙත ආනයනය කළ ප්‍රධානම ආනයන භාණ්ඩ ලෙස දැක්විය හැකි අතර ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට කළ ප්‍රධානම ආනයනය භාණ්ඩය ලෙස දැක්වෙනවා. 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ හතරවන හා පස්වන ආනයන රටවල් ලෙස ක්‍රියා කරන්නේ සිංගප්පූරුව හා ජපානය යි. ඒවාගේ ආනයන ප්‍රතිශත පිළිවෙලින් 4.8%ක් හා 4.4%ක් ලෙස දැක්විය හැකි යි. 

කවරයේ පින්තූරය - pakistangulfeconomist

මූලාශ්‍රයයන් - 

CBSL

statistics.gov.lk

Related Articles