Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බාහුබලී පරාජය කරන්නට මහාභාරතය සුදානම් වෙයි

ඉන්දියානු සිනමාව මේ වන විට හොලිවුඩ් සිනමාවටත් අභියෝගයක් වන තරමට සීග්‍රයෙන් වර්ධනය වෙමින් සහ ජනප්‍රිය වෙමින් ඇති බව ප්‍රකට කරුණක්. බොලිවුඩ් ,කොලිවුඩ් සහ ටොලිවුඩ් කියන ඉන්දියානු සිනමාවේ ප්‍රධානතම ධාරා තුන වර්තමානයේ දී ලබා ඇති සාර්ථකත්වයම එය සනාථ කරනවා. ඉන්දියානු සිනමාවේ සුවිශේෂිත්වය ලොවට පෙන්වූ මෑත කාලීන ආදර්ශය වුනු ‘බාහුබලී’ සිනමාපටය සිනමා කලාව, තාක්ෂණය සහ ශිල්ප ක්‍රම යන අංශ සියල්ලෙන්ම අති සාර්ථක වුනේ එදා මෙදාතුර ඉන්දියානු සිනමාව බිහි කළ සාර්ථකම වාණිජ්‍ය සිනමාපටය බවටද පත්වෙමින්.

http://data1.ibtimes.co.in/

වැඩිම වියදමක් දරන ඉන්දියානු සිනමාපටය

bahubali සිනමාපට දෙක සඳහා වැය වූ මුළු මුදල ඉන්දියානු රුපියල් කෝටි 430 වූ අතර එම සිනමාපට දෙක මගින් ලොව වටා ප්‍රදර්ශනයෙන් ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2500 ඉක්ම වූ බව පැවසෙනවා. එය එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමාවේ වැඩිම මුදලක් සහ වැඩිම කාලයක් යොදවා නිර්මාණය කල සිනමාපට මාලාව  වූ අතර වැඩිම ආදායමක් ලැබූ සිනමාපට මාලාව බවටත් වාර්තා පොත් අතරට එක්වුණා.

කෙසේ වෙතත් සුප්‍රකට දමිල සුනාම අධ්‍යක්ෂක ශංකර් ගේ නවතම සිනමාපටය වන 2.0 තනි සිනමාපටයක් සඳහා වැය කළ වැඩිම මුදල යෙද වූ සිනමාපටය ලෙස වාර්තාගත වන්නේ ඒ වෙනුවෙන් ඉන්දියානු රුපියල් බිලියන හතරක් වැය වී ඇති බැවිනුයි.

bahubali සිනමාපටයේ ඇති සාර්ථකත්වය නිසාම එහි අධ්‍යක්ෂකවරයා වන s.s.රජාමෞලි හට එයටත් වඩා දැවැන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමේ අවස්තාව හිමිව තිබෙනවා. 2020 වසරේදී තිරගත කිරීමට නියමිත එම සිනමාපටය නිර්මාණය කෙරෙන්නේ සුප්‍රකට ඉන්දියානු පුරාවෘත්තය වන මහාභාරත් ඇසුරෙන්.එම සිනමාපටය නම්කර ඇත්තේද ‘මහාභාරත්’ යන නමෙනුයි.

https://cdn.dollsofindia.com

කතාව මහාභාරතයෙන්

මෙම දැවැන්ත සිනමාපටයේ නිෂ්පාදන වියදම සඳහන් වන්නේ ඉන්දියානු රුපියල් බිලියන 10 ක් ලෙසටයි. කොටස් තුනකින් යුතුව නිර්මාණය වන මෙම සිනමාපටය නිර්මාණය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සුප්‍රකට මලයාලම් නළු මෝහන්ලාල්. ‘මහාභාරත්’ සිනමාපටය සඳහා බොලිවුඩ්,කොලිවුඩ්,ටොලිවුඩ් සහ මලයාලම් යන ඉන්දියාවේ ප්‍රධාන සිනමා ධාරා සියල්ලේම දැවැන්ත නළු නිලියන් සියල්ල එක්වීමට නියමිතයි.

‘මහාභාරත්’ සිනමාපටය නිෂ්පාදනය කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දියානු ප්‍රකෝටිපතියකු වන B.R.ෂෙට්ටි නැමැත්තා විසිනුයි.

https://i.ytimg.com

‘මහාභාරත්’ ඉන්දියානු සිනමාවේ සදානුස්මරණිය සිනමාපටය වනු ඇත්තේ කිසිදා එකම සිනමාපටයක දක්නට නොලැබෙන ඉන්දියානු සිනමාවේ සුපිරි තරු සියල්ල එහිදී එකම තිරයක් මත දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්තාව හමු වනු ඇති බැවිනුයි.මෙම සිනමාපටයේ ඉන්දියානු සිනමාවේ සිටින දැවැන්තම නළු නිලියන් හතළිහකට වැඩි ගණනක් රඟපාන බව මේ වන විටත් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

https://i.ytimg.com/vi

සුපිරි තරු එකම තිරයක

අමිතාබ් බච්චන්,රජිනි කාන්ත්, කමල් හසන්, මෝහන් ලාල්, රිතික් රොෂාන්, නස්රුදින් ශා, අභිෂේක් බච්චන්, අමීර් ඛාන්,ප්‍රියංකා චොප්රා, සල්මන් ඛාන්, රාම් චරන්, සයිෆ් අලි ඛාන්,පන්කජ් කපුර්,රන්දීප් හුඩා,රන්බීර් කපුර්,අනිල් කපුර්,මධුරි දික්ෂිත්,අයිශ්වර්යා රායි,විද්‍යා බාලන්, විද්‍යුත් ජම්වාල් ,දීපිකා පදුකෝන්,නානා පතේකාර්,හේමා මාලිනි ,ජූහි චවුලා,අක්ශේ කුමාර්,කත්‍රිනා කායිෆ්,අජේ දේව්ගන්,මනෝජ් බජ්පායි,සන්ජේ දත්,මුකේෂ් කන්නා,කරිෂ්මා කපූර්,මුකේෂ් කන්නා,ෆරහන් අක්තාර්,සෝනු සෝඩු,වික්‍රම්,රානා දග්ගුභාති,ප්‍රිත්විරාජ් සුකුමාරන්,ජෝන් ඒබ්‍රහිම්,විවේක් ඔබරෝයි,මහේෂ් බාබු, ඇතුළු නළු නිලි පිරිසක් ‘මහාභාරත්’ හි රඟපානු ඇති බවට මේ වන විට තොරතුරු පලවී තිබෙනවා.

‘මහාභාරත්’ සිනමාපටය සඳහා පදනම් කරගනු ලබන්නේ වාසුදේවන් නෙර් විසින් රචනා කළ  Randamoozham නම් සම්මානනීය නවකතාව ඇසුරෙනුයි. භීමා ගේ ඇසින් මහාභාරතය කියවෙන පරිදි සිනමාපටයේ තිර රචනයද ඔහු විසින් සම්පාදනය කරනු ඇති බවත් පැවසෙනවා .සිනමාපටය මහාභාරත් නමින් හැඳින්වුවද එය තිරගත කෙරෙනු ඇත්තේ Randamoozham යන නමෙන් වනු ඇති බවත් පැවසෙනවා. ඊට හේතුව මහාභාරත් යන නමෙන් යුතුව ඉතාම මෑතකදී තවත් සිනමාපටයක් ඉන්දියාව තුල තිරගත වීමයි.

https://i.ytimg.com

ප්‍රධාන චරිතය මෝහන් ලාල්

‘මහාභාරත්’ සිනමාපටයේ ප්‍රධාන චරිතය  භීමා ගේ චරිතය තමන් විසින් රඟපෑමට නියමිත බව මලයාලම් නළු මෝහන් ලාල් මේ වන විට සනාථ කර තිබෙනවා. රජිනි කාන්ත්  ද්‍රෝනාචාර්ය ලෙසත්, අමිතාබ් බච්චන් බිෂ්මා ලෙසත්, රිතික් රොෂාන් ක්‍රිෂ්නා ලෙසත්, ෆර්හාන් අක්තාර් අර්ජුන් ලෙසත්, විද්‍යුත් ජම්වාල් නකුල් ලෙසත් ආදී ලෙස මෙහි චරිත රඟපෑමට නියමිතව සිටින බව පැවසුනත් තවමත් ඒ පිළිබඳව සනාථ කල තොරතුරු පල වී නැහැ.තවමත් අදාල චරිත  තීරණය කිරීම ගැටලුකාරී වී ඇත්තේ ඇතැම් නළුවන් ඇතැම් චරිත සඳහා ස්වකීය කැමැත්ත ප්‍රකාශ කර ඇති බැවිනුයි.

අමීර් ඛාන් තමා ක්‍රිෂ්ණා ගේ චරිතය රඟපෑමට කැමති බව පවසා ඇති අතර වෙනත් චරිතයක් රඟපෑම සම්බන්ධයෙන් සිය අකමැත්ත පල කර තිබෙන බවද පැවසෙනවා. කෙසේ වෙතත් මේ වන විට ක්‍රිෂ්ණා ගේ චරිතය සඳහා රිතික් රෝෂන් සහ තෙලිඟු නළු මහේෂ් බාබු ගේ නම් යෝජනා වී ඇති නිසා අමීර්ට ක්‍රිෂ්ණා ගේ චරිතය නොලැබීමට වැඩි ඉඩක් පවතින බවත් සඳහන් වනවා.

http://cdn.bollywoodmdb.com

මේසේ නළුවරණය ගැටළුවක් වීම වැලැක්වීම සඳහා නළු නිලියන් තොර ගැනීම වෙනම ආයතනයකට භාර දීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කර ඇති අතර, එක් එක් චරිත සම්බන්ධයෙන් තිර රචකයා ලබා දෙන චරිත විස්තරයට නිශ්චිතවම ගැලපෙන පුද්ගලයා අදාල චරිතය වෙනුවෙන් තෝරා ගන්නා බවත් සිනමාපටයේ අධ්‍යක්ෂක වරයා පවසනවා.

‘මහාභාරත්’ සිනමාපටයේ පළමු අදියරේ රූගත කිරීම් 2018 වසරේ සැප්තැම්බර් මස ආරම්භ වීමට නියමිතයි. මෙම සිනමාපටය ලෝකය තුල දැවැන්ත ඉන්දියානු සලකුණක් තබනු ඇති බවට විශ්වාසය පලකරන එහි නිෂ්පාදකවරයා එය ලොව වටා රටවල් සියයක පමණ ප්‍රදර්ශනය කිරීමට සුදනමෙන්ද සිටිනවා. ඔහුගේ අරමුණ ප්‍රේක්ෂකයන් බිලියන තුනක් හෝ මෙම සිනමාපටය නරඹනු දැකීමයි.

COVER-

පාදක සටහන්

http://indianexpress.com/

http://www.thehindubusinessline.com

Related Articles