Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලහි ලහියේ හැදෙන ලොව උසම ගොඩනැගිල්ල – ජෙඩා ටවර්

අපි හැමෝම දන්න කාරණයක් තමයි මේ වෙනකොට ලොව උසම ගොඩනැගිල්ල ඩුබායි හි පිහිටා තිබෙන බර්ජ් කාලිෆා බව. එය උසින් මීටර 828ක් බව සදහන් වෙනවා. නමුත් ලගදීම බර්ජ් කාලිෆා වෙතින් ලොව උසම ගොඩනැගිල්ල වාර්තාව ගිලිහීමට නියමිතයි. ඒ ලහි ලහියේ  සෞදි අරාබියාවේ හැදෙන අහස උසට නැගයන ජෙඩා ටවර් හේතුවෙන්. මේ සටහන ඒ පිළිබඳවයි.

ජෙඩා ටවර්

gizmodo.com

ජෙඩා ටවර් සම්බන්ධව විශේෂම කාරණය වන්නේ එය මින් පෙර නොවූ විරු අයුරෙන් උසින් කිලෝ මීටර සීමාව ඉක්මවා තිබීමයි. දැනට සදහන් වෙන ආකාරයට ගොඩනැගීමෙන් පසු මෙහි සම්පුර්ණ උස මීටර 1138 ක් පමණ​ බව සදහන් වෙනවා.

මින් පෙර සිනමා නිර්මාණ වල පමණක් දැකගැනීමට හැකිවූ මෙතරම් උස මෙම කුළුණ නිර්මාණය වෙන්නේ සෞදි අරාබියාවේ යි. අන්තර්ජාතික වශයෙන් සෞදි අරාබියේ සෞභාග්‍යය සහ ආර්ථික වර්ධනයේ සංකේතයක් වීම සහ කලාපීයව​ කැපී පෙනෙන සංකේතයක් බවට පත්වීම ජෙඩා ටවර් ගොඩනැගීමේ මූලික අරමුණ වෙනවා.

Kingdom Tower ලෙස මුලින් නම් කෙරුණු මෙය පසුව ජෙඩා ටවර් ලෙස නම් කෙරුණා. මුල්ම සැලසුම් වලට අනුව මෙහි උස සැතපුමක් එනම් මීටර 1600ක් පමණ උසකට මෙය නිර්මාණය කිරීමට නිර්මාපකයන් සැලසුම් කලද පසුව එය මීටර 1100ක් දක්වා පහත වැටුනා. මෙයට හේතු වූයේ මෙම කුළුණ නිර්මාණය වෙන ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම අනුව මෙතරම් උසින් යුත් කුළුණක් නිර්මාණය කිරීම අවදානම් සහගත වීම යි. කෙසේ වෙතත් මෙම කුළුණේ සැබෑ උස තවමත් හෙළිකර නැති වීම හේතුවෙන් අපට මෙහි සැබෑ උස දැනගැනීමට හැකිවන්නේ කුළුණ සාදා නිමකළ පසුවයි.

විදුලි සෝපාන 59කින් මෙම කුළුණ සමන්විත වන බව සදහන්. ඒවායින් 5ක් තට්ටු දෙකක් සහිත විදුලි සෝපාන වනවා. එමෙන්ම චලනය වන පඩිපෙළවල් 12ක් ද මෙයට ඇතුලත්. තත්පරයට මීටර 10ක වේගයකින් මෙම විදුලි සෝපාන ක්‍රියාත්මක වන බව සදහන්. වායු පීඩන වෙනස්කම් හේතුවෙන් ඇතිවන ශාරීරික අපහසුතා හේතුවෙන් මෙම කිසිදු සෝපානයක් පහලම මහලේ සිට ඉහලම මහල දක්වා ධාවනය නොවන බවත් සදහන් වෙනවා.

තට්ටු 170ක් පමණ වන මෙම කුළුණ සුඛෝපබෝගී හෝටල, මහල් නිවාස, කාර්යාල සහ නැරඹුම් තට්ටුවකින්ද සමන්විත වන ආකාරයට නිමවන බව සදහන්.

හිමිකරු සහ වැයකළ මුදල

fortune.com

මෙහි හිමිකරු මෙන්ම මෙම ව්‍යාපෘතියේ නිර්මාපකයා වන්නේ පසුගිය කාළයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සෞදි අරාබියාවේ අල් වලීඩ් බින් තලාල් කුමරුයි. මැද පෙරදිග කලාපයේ ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුව හදුන්වනවා. මෙම කුළුණේ අයිතියෙන් වැඩිම කොටස් ප්‍රමාණයක හිමිකාරිත්වය දරණ Kingdom Holding Company හි සභාපතිවරයාද  ඔහු වෙනවා.

ඔසාමා බින් ලාඩ්න්ගේ පියා විසින් අරඹන ලද ප්‍රකට Saudi Binladin Group මෙම කුළුණ ගොඩනැගීමේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරනවා. ඒ සදහා ගිවිසුම්ගත මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23ක් බව සදහන් වෙනවා. පුදුමයකට මෙන් මෙම මුදල බර්ජ් කාලිෆා ගොඩනැගීමට වියදම් වූ මුළු මුදලට ( ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් ) වඩා අඩු අගයක් ගන්නවා. මෙයට හේතු වන්නේ අරාබියේ කම්කරුවන් සදහා වැයවෙන මුදල අවම අගයක් ගැනීමත් ලෝක ආර්ථික අර්බුදය හමුවේ මිල පහත වැටීමත් යන සාධක යි.

ගොඩනැගෙන ප්‍රදේශය

Youtube screengrab

ජෙඩා හි ගොඩනැගෙන තුන් ඈදුතු ව්‍යාපෘතියක් වන ජෙඩා ආර්ථික නගරයේ එක් කොටසක් ලෙස මෙම කුළුණ ගොඩනැගෙනවා. මෙම ආර්ථික නගරය කිලෝ මීටර 5.2ක භුමි ප්‍රමාණයක් පුරා පැතිරෙන අතර කුළුණ සහිත භුමිය හෙක්ටයාර 50ක ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. එනම් වර්ග මීටර 243,886 ක පමණ ප්‍රමාණයක්. මෙම නගර ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ HOK Architects සමාගම වන අතර ඇස්තමේන්තුගත මුළු ව්‍යාපෘති වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් වනවා.

නිර්මාණාත්මක සැලසුම් සහ ඉංජිනේරු ශිල්පය

Rankred.com

බර්ජ් කාලිෆා, චිකාගෝ හි ට්‍රම්ප් කුළුණ වැනි අද්විතීය නිර්මාණ වල සැලසුම් ශිල්පියා වන Adrian Smith ජෙඩා ටවර් හි මූලික සැලසුම් ශිල්පියා වනවා. කුළුණ නිර්මාණය කළමනාකරණය සිදුකරන්නේ Emaar Properties PJSC සමාගමයි. සිවිල් ඉන්ජිනේරුමය ශිල්පිය දායකත්වය Thornton Tomasetti Group සමාගම දරනවා. විදුලි, යාන්ත්‍රික ඉංජිනේරු දායකත්වය, ගිනි අනතුරු ආරක්ෂක පද්ධති නිර්මාණය, ආරක්ෂක පද්ධති නිර්මාණය Environmental Systems Design Inc. සතු වෙනවා.

සුළං ප්‍රතිරෝදය අවම කිරීම සදහා ත්‍රිකෝණාකාර ආකාරයෙන් සහ බාහිරින් බෑවුම් ආකාරයක් ගන්නා මෙම කුළුණේ මුළු බර ආසන්න වශයෙන් ටොන් 900,000 ක් පමණ වනවා. ඝන මීටර 500,000ක පමණ කොන්ක්‍රීට් ප්‍රමාණයක් මෙන්ම ටොන් 80,000ක පෑමට යකඩ කම්බි ප්‍රමාණයක් මේ සදහා වැයවේ යයි ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

නැරඹුම් තට්ටුව

The Skyscraper Center

බිම් මට්ටමට වඩා මීටර 610ක් ඉහලින් එනම් කුළුණේ 157වන මහලේ පිටතින් විශාල නැරඹුම් බැල්කනියක් නිර්මාණය කර තිබෙනවා. කුළුණේ එක පසකින් පමණක් වෘත්තාකාර ආකාරයට සකසා ඇති මෙය මීටර 30කින් පමණ යුක්තයි. එමෙන්ම මෙහි විදුරු වලින් නිර්මාණය කල කොටසක්ද ඇති බව සදහන්.

දැනට ප්‍රගතිය

Curbed.com

මේ වන විට ජෙඩා ටවර් බලාපොරොත්තු මට්ටමෙන් 26.44%  ක් නිම කර අවසන්. මහල් 66ක් එනම් මීටර 242ක උසකින් මේ වනවිටත් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතිනවා. යම් යම් ප්‍රමාද වීම් සිදු වුණත් එහි කටයුතු දිගටම කෙරෙමින් පවතිනවා. 2020 වසරේදී මෙම කුළුණ සම්පුර්ණයෙන්ම ඉදිකර අවසන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

කවරයේ ඡායාරූපය Weburbanist.com

Rankred.com හි පළවූ Jeddah Tower ; The Tallest Building By 2020 ලිපිය ඇසුරෙන්

Related Articles