1986 වසරේ අප්‍රේල් මස 26 වන දින රුසියානුවන් හට නම් අමතක නොවන, අමතක කළ නොහැකි දිනයක්. ඊට හේතුව වන්නේ, සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වූ යුක්රේනියානු සමාජවාදී සමූහාණ්ඩුවේ සුප්‍රසිද්ධ චර්නොබිල් බලාගාරය නොසිතූ නොවිරූ අයුරින් පුපුරා ගිය දිනය එය වීමයි. බලාගාරයේ පැවති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Reactors) අතුරින් හතරවැන්න විදුලි බල කප්පාදුවකදී පවා බලගන්වා තබා ගැනීමට කෙතරම් බලයක් අවශ්‍ය වේදැයි සිදු කළ පර්යේෂණයකදීයි මෙම පිපිරීම සිදු වුණේ.
චර්නොබිල් බලාගාරයේ පිපිරීම
එම පිපිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම භයානක විෂ රසායනික ද්‍රව්‍ය රැසක් වාතයට මුසු වූ අතර, ඒ මගින් වර්ග සැතපුම් දහස් ගණනක් නොව, මිලියන ගණනක් පවා ඈතින් පිහිටා තිබූ රටවල් වල වාතාශ්‍රයද බලපෑමට ලක්වුණා. ජාත්‍යන්තර න්‍යෂ්ටික බල ආයතනය (International Atomic Energy Agency – IAEA) ප්‍රකාශ කළේ චර්නොබිල් බලාගාරයේ සිදුවූ පිපිරීම මගින් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි. නමුත් එහි වූ විෂ ද්‍රව්‍ය නිදහස් වීම නිසා මරු වැළඳගත් සංඛ්‍යාව හාරදහසකට අධිකයි. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල අත්විඳීමට තරම් තවත් පුද්ගලයින් දෙලක්ෂයක් පමණ දෙනා අවාසනාවන්ත වූවා.
එසේ පුපුරා ගිය සිව්වන ප්‍රතික්‍රියාකාරකයට ඉතා නුදුරින් පිහිටා තිබුණු ප්‍රිප්යත් නම් නගරය මේ පිපිරීමෙන් දැඩි ලෙස හානියට පත් වූ නගරයක්. ප්‍රිප්යත් නගරය 1970 වසරේදී පුද්ගලය්න් 49,000කගේ පදිංචියත් සමගින් ආරම්භ කරන ලද්දක්. විශේෂයෙන්ම චර්නොබිල් බලාගාරයේ පූර්ණ කාලීන සේවකයින්ගෙ වාසය වෙනුවෙන්ම සෑදුණු මේ නගරය තුළ ප්‍රාථමික පාසල් පහළොවක්, එක් රෝහලක්, කඩ සාප්පු විසිපහක් සහ ශරීර සුවතා මධ්‍යස්ථාන දහයක් පිහිටවනු ලැබුවා.
මීට අමතරව, උද්‍යාන, චිත්‍රපට ශාලා හා කර්මාන්ත ශාලා පවා එහි පිහිටා තිබුණා. වර්ධනය වන නගරයක් සතු සියලු ලක්ෂණයන්ගෙන් පිරුණු ප්‍රිප්යත් නගරය තුළ විනෝද උද්‍යානයක් (Amusement Park) පවා පිහිටා තිබුණා. නමුත් ප්‍රිප්යාත් නගරයේ මේ සියලු ලක්ෂණයන්ට වැදුණු මරු පහරට එම නගරය සැණෙකින් ගොදුරු වුණේ ප්‍රිප්යාත් නගරය චර්නොබිල් බලාගාරයේ සිට කි.මී. තිහක් ආසන්නයෙන් පිහිටා තිබූ නිසාවෙනුයි.
බලාගාරය අනපේක්ෂිත ලෙස පුපුරා යාමත් සමග ප්‍රිප්යත් වැසියන්ව ක්ෂණිකව එතැනින් ඉවත් කරගත යුතුව තිබුණා. මේ සියල්ල සිදු වූයේ දින දෙකක් තරම් කෙටි කාලයක් ඇතුළතදී යි.
භූත නගරයක් වී ඇති ප්‍රිප්යාත්
දශක තුනකටත් පෙර සිදු වූ මේ අනතුර හේතුවෙන් ප්‍රිප්යත් නගරය කාලයාගේ ඇවෑමෙන් කාටත් අමතකව ගිය “භූත නගරයක්” බවට පත් වුණා. 1986 වසරේ සෝවියට් රුසියාව පැවති ආකාරය පෙන්නුම් කරන ගල් ගැසුණු චිත්‍රපට දර්ශනයක් හෙවත් freeze – frame එකක් ලෙසිනුයි මේ නගරය දැන් හඳුන්වනු ලබන්නේ. දශක තුනකටත් පෙර සිදු වූ මේ අනතුර හේතුවෙන් ප්‍රිප්යාත් නගරය කාලයාගේ ඇවෑමෙන් කාටත් අමතකව ගිය “භූත නගරයක්” බවට පත් වුණාදශක තුනකටත් පෙර සිදු වූ මේ අනතුර හේතුවෙන් ප්‍රිප්යාත් නගරය කාලයාගේ ඇවෑමෙන් කාටත් අමතකව ගිය “භූත නගරයක්” බවට පත් වුණා. සුපුරුදු පරිදි උදාවුණු දිනය වෙනුවෙන් මිනිසුන් සූදානම් වූ පරිදිම ඒ සියල්ලක්ම පාහේ එලෙසම නතර වී තිබෙනු ද දැකගත හැකියි. නගරය පුරා තාප්ප තුළ තවමත් කොමියුනිස්ට්වාදී පෝස්ටර් සහ වැකි එල්ලා තිබෙනු දැකිය හැකියි.
සෑම වීදි ලාම්පුවක් පාසාම කොමියුනිස්ට් ලාංඡනය වන දෑකැත්ත සහ මිටියේ සැරසිලි අදටත් එහි දක්නට ලැබෙනවා. පිපිරීම සිදුවූ දිනට දින පහකට පමණ පසුව එළැඹෙන්නට නියමිතව තිබූ මැයි දින රැළියට ප්‍රිප්යත් වැසියන් ඒ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් සිටියද ඔවුන්ට එය සමරන්නට වූයේ නැහැ. නමුත් ඒ සැරසිලි අදටත් නොවෙනස්ව නගරය පුරා එල්වා තිබෙන්නේ මිනිසුන්ගේ ජීවිත එක් ක්ෂණයකින් කෙතරම් වෙනස් වනු හැකිදැයි යන්න සිහිපත් කරවමිනුයි.
එක් ප්‍රාථමික පාසලක් තුළ සිටි කුඩා දරුවන් අත වූ බෝනික්කන් එතැනම දමා ගොස් තිබූ පරිදිම අදටත් දැකගත හැකි වනවා. දිවි බේරාගත් ඒ දරුවන් අද වන විට මැදිවිය පසු කරමින් සිටින වැඩිහිටියන් බවට පත්ව තිබෙනවා. නගරය පුරා විදුලි බලය ඇණ හිට ඇති උදෑසන 11:55 වේලාවට සියලු ඔරලෝසුද නතර වී තිබෙනවා. ප්‍රිප්යත් නුවරින් සොයා ගැනුණු සියලුම ඔරලෝසු වල වේලාව හරියටම නතර වී ඇත්තේ 11:55ට යි.
විකිරණ නිසා මනුෂ්‍ය වාසයට නුසුදුසු වූ ප්‍රිප්යත් නගරය මද කලකින් ස්වභාව ධර්මයේ රාජධානියක් බවට පත් වී තිබෙනවා. ජනශූන්‍ය නගරයේ හැකි සෑම තැනකම පැළෑටි වර්ග පැළ වී ඇති අතර, සාමාන්‍ය ප්‍රමාණයට වඩා දහස් ගුණයකින් ඉහළ අධික විකිරණශීලීත්වය හේතුවෙන් ඇතැම් පැලෑටි වල හටගත් මල් වලින් ආලෝකයක් විහිදී ඇති බවද සඳහන් වනවා.
ඊට ටික කලකට පසුව වනගත ජීවීන්ද කෙමෙන් ප්‍රිප්යත් නගරයේ අණසක පතුරවන්නට පටන් ගෙන තිබුණත්, විකිරණ වලින් ඔවුන්ට හානියක් වූ බවක් නම් වාර්තා වන්නේ නෑ. එල්ක් සහ මූස් වර්ගයේ ගෝනුන්, වල් ඌරන් පමණක් නොවෙයි, වෘකයින් වැනි සතුන් අදටත් මෙහි අරක්ගෙන සිටිනවා. මේ වන විට වනජීවී සංරක්ෂණ අඩවියකට පවා සෑහෙන තරමේ වන සතුන් මෙහි සිටිනා බවයි සඳහන් වන්නේ.
සංචාරක පැමිණීම
මේ අතරතුරදී තවත් එක් පාර්ශවයකගේ දෑස්ද ප්‍රිප්යත් නගරය වෙත යොමු වන්නට පටන් ගත්තා. ඒ සංචාරකයිනුයි. ස්වභාව සෞන්දර්යයේ රසය විඳ ගැනීමට කැමති සංචාරකයින්ගේ පැමිණීම මේ වන විට ප්‍රිප්යාත් නගරය තුළ නුපුරුදු දසුනක් නොවෙයි. නමුත් තමා රිසි පරිදි ප්‍රිප්යාත් නගරය ඇතුල් වන්නට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. චර්නොබිල්, ප්‍රිප්යත් ඇතුළු නගර දැකබලා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා රජයෙන් අවසරපතක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. මේ නගර වලින් කි.මී. 110ක් පමණ දුරින් පිහිටා ඇති ක්යීව් නම් නගරයේ පිහිටා ඇති සංචාරක ආයතන මගින් සංචාරකයින්ට එම අවසරපත් ලබා දෙනවා. මෙසේ අවසරපත් ලබා ගන්නා සංචාරකයින්ව මේ නගරය හරහා රැගෙන යන්නත් සංචාරක සමාගම් ඉදිරිපත්ව සිටිනවා. කෙසේ වෙතත්, බොහෝ කාලයක් තිස්සේ අතහැර දමා තිබුණු ගොඩනැගිලි මේ වන විට ඉතා අබලි තත්වයේ පවතින නිසා සංචාරකයින්ට ගොඩනැගිලි වලට ඇතුල් වන්නට නම් අවසර නැහැ. න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වීමට නම් පැයට රොන්ට්ජන් 300ත් 500ත් අතර විකිරණශීලීත්වයකින් යුත් රසායනික ද්‍රව්‍ය පැවතිය යුතු අතර, ප්‍රිප්යත් නගරයේ දැනට පවතින්නේ පැයට මයික්‍රෝ රොන්ට්ජන් 15ත් සියයත් අතර ප්‍රමාණයක විකිරණශීලීත්වයක්. කෙසේ වෙතත්, මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා මේ යන සෑම සංචාරක කණ්ඩායමක් සඳහාම වෙනම විකිරණ පරීක්ෂණයක් සංචාරය අවසානයේදී සිදු කෙරෙනවා.
විකිරණශීලීත්වය කොපමණ අඩු වී ගියත්, මේ නගරය නැවත කිසි දිනෙක ජනයා වාසය කරන නගරයක් නොවනු ඇත්තේ ඒ නගරය සමග බැඳී ඇති අමිහිරි මතකයන් නිසාවෙනුයි. කෙසේ වෙතත්, සංචාරකයින්ගේ තෝතැන්නක් බවට මේ වන විට පත්ව ඇති ප්‍රිප්යත් නගරයත් යම් දිනෙක ස්වභාවධර්මය වෙනුවෙන්ම වෙන් කෙරෙනු ඇතැයි බොහෝ දෙනා අදහස් පළ කරනවා.
කවරයේ ඡායාරූපය – www.flickr.com
තොරතුරු උපුටා ගැනීම – www.atlasobscura.com වෙබ් අඩවියේ “Abandoned city of Pripyat” ලිපිය ඇසුරිනි.