වහල් මෙහෙය මනුෂ්‍යත්වයට තරම් නොවන, ඉතා අශිෂ්ට පිළිවෙතක්. නමුත් 17 වන සියවසේ සිට 19 වන සියවස දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වහල් මෙහෙය ඉතා දරුණු ලෙස පැවතුනා. 1619 දී වර්ජිනියා ප්‍රාන්තයේ ඇමරිකානු කොලනියට අප්‍රිකාවෙන් වහලුන් ලෙස අල්ලාගෙන පැමිණි කළු සම ඇත්තන්ගෙන් මෙය ඇරඹුනු බවට සැලකෙනවා. 1863 දී ජනපති ඒබ්‍රහම් ලින්කන් විසින් කළු වහලුන්ට නිදහස ප්‍රධානය කිරීමෙන් ඇමරිකානු වහලුන් නිදහස් මිනිසුන් බවට පත්වූවත්, ඉන්පසුත් ඔවුන් ජීවත් වූයේ දෙවනි පන්තියේ පුරවැසියන් සේයි. මේ ලිපිය ඒ ගැන නොව, නිදහසට පෙර වහලුන්ගේ ජීවිතය ගැනයි.
වහලුන්ගේ නිවාස, ආහාර, සහ ඇඳුම්
වහලෙකුගේ අයිතීන් ඔවුන් වාසය කළ ජනපදයෙන් ජනපදයට වෙනස් වුණා. ඇතැම් ජනපදවල මුදල් උපයන රක්ෂාවන්හි යෙදීමට ඔවුන්ට අවසරයක් තිබුණේ නැහැ. ඇතැම් ජනපද ඔවුන්ට ඉඩම් හිමිකරගැනීමේ අයිතිය අහිමි කර තිබුණා. එම නිසා පිසීමට හට්ටියක් සපයා ගැනීමේ සිට නිවසක් ගොඩනැගීම දක්වාම තමා අයිති ස්වාමිවරුන් මත යැපීමට වහලුන්ට සිදුවුණා.
මේ නිවාස බොහෝ විට මැටි පොළව සහිත ලෑලි නිවාස වුණා. ඒවායින් වැසි දිය කාණ්දු වුණු අතර බිත්තියේ සිදුරු වලින් සීතල ඇතුලට ආවා.
වැවිලිකරුවන්ගේ වහලුන්ට නිවාස ලැබුණේ වත්තේ කොණකයි. ඇතැම්විට ඔවුන්ට ඉතා කුඩා පැලක් ලැබුණා. ඇතැම්විට එයත් ඔවුන්ටම ගොඩනගාගැනීමට සිදුවුණා. ඔවුන්ට ගෘහ භාණ්ඩ තිබුණේ නැහැ.
ඔවුන්ගේ ආහාර වෙනුවෙන් වහල් හිමියන් වැය කළේ ඉතා සුළු මුදලක්. ඇතැම් වතු වල සතියකට සරිලන ආහාර සලාකයක් ඔවුනට ලබාදුන්නා. ඔවුන්ට ජීවත්වීමට පමණක් ප්‍රමාණ ලෙස ආහාර ලබා දුන් බැවින් කුඩා දරුවන් පෝෂණ ඌණතා වලින් පෙලුණා.
වහල් හිමියන් විසින් වහලුන්ට ඇඳුම් පැළඳුම් සැපයිය යුතු වුණා. එනිසා වසරකට වරක් පාවහන් යුගලක්, සහ ඇඳුම් කීපයක් ඔවුන්ට ලබා දෙනු ලැබුවා. නමුත් මේ ඇඳුම් ඉතාමත්ම බාල අමුද්‍රව්‍යයන්ගේ නිපදවා තිබුණු, සිරුරට ප්‍රමාණයෙන් නොගැලපෙන ඒවා වුණා.
වත්තේ වැඩ කරන සේවකයින්ට වඩා සුළු වශයෙන් යහපත් පහසුකම් නිවෙස් වල සේවය කරන වහලුන්ට හිමි වුණා. ඔවුන්ට වඩා හොඳ ඉඳුම් හිටුම් පහසුකම් ලැබුණු අතර ආහාර ද යම් යහපත් මට්ටමක පැවතුණා.
වැඩ කිරීම
වහලෙකු සතියට දින හයක් හිරු නැගීමට පෙර සිට හිරු බසින තුරුම වැඩ කළ යුතු වුණා. ඔවුන්ට නිවාඩු ලැබුණේ ඉරිදාට පමණයි. කුඩා දරුවන් සහ මහල්ලනුත් ගිනි ගහන අව්වේ, ධාරාණිපාත වැස්සේ වැඩෙහි යෙදිය යුතු වුණා. ඇතැම් වහල් ස්වාමිවරුන් තම වහලුන්ව දිනපතා වැඩෙහි යෙදවූ අතර ඔවුන්ට නිවාඩුවක් ලැබුණේ මසකට එක් දිනක් පමණයි.
වහලුන් වැඩෙහි යෙදවීමට වතු පාලකයින් පත්කොට සිටියා. ඔවුන්ගෙන් අපේක්ෂා කෙරුණේ වහලුන්ව හැකිතාක් වැඩෙහි යෙදවීමයි. මෙනිසා මොවුන් බොහෝවිට වහලුන්ට පහරදීම් වැනි හිංසා සිදුකළා. වහලුන්ගේ පැමිණිලි වලට වඩා වතු පාලකයාගේ වචනය විශ්වාසවන්ත වූ නිසා වහලෙකුට කොතරම් පහර දුන්නත් එයට විරුද්ධව පියවර ගැනුණේ නැහැ.
වතු වල වහල්කම් කළ කලු ජාතිකයින්ට වඩා නිවෙස් වල වහල්කම් කළවුන් වඩා පහසු ජීවිතයක් ගතකළ බව කිව හැකියි. ඔවුන් වතුවල වහලුන් හා සම්බන්ධකම් නොපැවත්වූ අතර වහලුන් අතර ද පන්ති භේදයක් හටගත්තා.
වහලුන් හා සම්බන්ධ නීති
බොහොමයක් ජනපද වහලුන් හා සම්බන්ධ නීති පද්ධතියක් හඳුන්වා දුන්නා. මේ නීති ජනපදයෙන් ජනපදයට වෙනස් වුණා. නමුත් මේ සෑම නීති පද්ධතියකම පොදු නීති රීති දක්නට ලැබුණා.
ඒ අනුව වහල් හිමියාගේ අනුදැනුමකින් තොරව කිසිදු වහලෙකු සමඟ කිසිදු අයුරක සම්බන්ධතාවක් පවත්වාගැනීමට අවසර ලැබුණේ නැහැ. ඔවුන්ගේ සේවයට ත්‍යාගයන් මිස වැටුපක් ගෙවීම අධෛර්යමත් කෙරුණා. වහලුන්ට ඉගෙනීමත්, ඔවුන්ට ඉගැන්වීමත් තහනම් වුණා. වහලුන්ට උගන්වන සුදු ජාතිකයින්ට සිර දඬුවම් සහ දඩ පැනවුණා.
සුදු ස්ත්රීන්ට අතවර කිරීම, කැරලි ගැසීම, සහ ගිනි තැබීම් වලට වරදකරු වන වහලුන්ට හිමිවුණේ මරණ දඬුවමයි. නමුත් වහල් කාන්තාවන් දේපල වශයෙන් සැලකුණු නිසා සුදු ජාතිකයින් ඔවුන්ට අතවර කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වුණේ නැහැ. අන් අයෙකුගේ දේපල පරිහරණයට එරෙහිව පමණක් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි වුණා. 1774ට පෙර උතුරු කැරොලයිනාවේ දී වහලෙකු මැරූ සුදු ජාතිකයෙකුට දිය හැකි උපරිම දඬුවම වුණේ වසරක සිර දඬුවමක් පමණයි. 1774න් පසු, වහලා සුදු ජාතිකයා අතින් මියගියේ වරදකට දඬුවම් කරද්දී නම්, සුදු ජාතිකයා කිසිදු දඬුවමක් නොලැබිය යුතු බවට නීතිය සම්මත වුණා.
එසේම සුදු ජාතිකයින්ට එරෙහි නීතිමය කටයුතු වලදී වහලෙකුගේ සාක්ෂිය පිළිගැනුනේ නැහැ. තමන්ගේ පැමිණිලි උසාවියකට ගෙනයෑමේ අයිතිය වහලුන්ට ලබාදුන්නේ ද නැහැ. මෙය වාසියකට හරවා ගනිමින් වහලුන්ගේ ඉතා කුඩා වැරදි වලට ද ඉතා දැඩි ශාරීරික දඬුවම් දීමට වහල් හිමියන් පෙළඹුනා. වහලුන්ගේ විවාහ ලියාපදිංචි නොකෙරුනු අතර, එනිසා වහල් හිමියාට අවැසි ලෙස පවුල් කඩා, වහලුන් එක් එක් තැන්වලට විකුණා දැමීමට හැකිවුණා.
මේ වහලුන්ට 1800 පමණ වනතුරු ආගමක් ඇදහීමට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ සිතීමේ සහ කල්පනා කිරීමේ හැකියාව ආගම් ඇදහීම මගින් දියුණු වෙතැයි වහල් හිමියන් විශ්වාස කළ නිසයි ඒ. නමුත් වහලුන් කෙමෙන් කෙමෙන් කතෝලික දහම ඇදහීමට හුරුවුණා. ඔවුන් උද්යෝගයෙන් ආගමික කටයුතු වල නියැලීමේ වැඩ කිරීමට වැඩ කිරීමේ කාලයෙන් පැය කීපයක් වෙන්වීම වහල් හිමියන් මෙයට අකමැති වීමට තවත් හේතුවක් වුණා.
මුදල් ගෙවා සේවකයින් බඳවාගන්නවාට වඩා, වහලුන් මිලට ගැනීම ලාභදායී වූ නිසා මිලියන ගණනක් කලු ජාතිකයින් සියවස් දෙකකටත් වඩා අධික කාලයක් අමානුෂික සැලකීමකට ලක්වුණා. ඔවුන්ව ඒ ඉරණමින් මුදාගත් ජනාධිපති ලින්කන්ව වෙඩි තබා ඝාතනය කෙරුණේ ද එම හේතුව නිසාම බව ඇතැමෙක් පවසනවා.
මුලාශ්‍ර –
- ushistory.org
- pbs.org
- learnnc.org
- history.com
කවරයේ පින්තූරය (history.com)