
බංග්ලාදේශය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති මුස්ලිම් රටවල් අතළොස්ස අතරින් එකකි. තන්ගයිල් දිස්ත්‍රික්කයේ ඇති කන්දපර ගණිකා නිවාසය බංග්ලාදේශයේ පවත්වාගෙන යන ගණිකා නිවාසවලින් පැරණිතම සහ දෙවෙනියට විශාලතම ගණිකා නිවාසය යි. මෙය වසර 200ක් පැරණියැ යි කියැවේ.
2014 වසරේ දී මෙහි වාසය කළ කාන්තාවන් ඉවත් කරනු ලැබුව ද, පසුව දේශීය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකගේ මැදිහත්වීමෙන් ඔවුන්ට නැවතත් මෙහි වාසය කිරීමට ඉඩ හසර ලැබුණි.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අය පැවසුවේ මෙම ස්ථානවල වෙසෙන ලිංගික ශ්‍රමිකයන් යනු, සමාජයේ අන් අය සේම රැකියාවක් කර ජීවත්වන පුද්ගලයන් නිසා අන් අයට හිමිවන අයිතිවාසිකම් ඔවුන්ටත් හිමි විය යුතු බව යි. මෙම තර්කය මත කරුණු දැක්වූ එරට ජාතික නීතීඥවරියන්ගේ සංගමය ලිංගික ශ්‍රමිකයන් ඔවුන් රැඳී සිටින ස්ථානවලින් ඉවත් කරවීම නීතී විරෝධී බව බංග්ලාදේශයේ මහාධිකරණයට ඒත්තු ගැන්වීමට සමත් විය.
බොහෝ විට වයස අවුරුදු 10 සම්පූර්ණ වූ විට ගණිකා නිවාස අඩවියට පිවිසෙන මෙම කාන්තාවන් ඉන් පරිබාහිරව ඇති අවට ලෝකයේ සිදුවන්නේ කුමක්දැ යි නොදනී. එතැන හැර යා යුතු තැනක් ද කියාවත් ඔවුන් නොදනී. දවසේ ආහාර වේල් තුන සොයාගන්නවාට එහා විශාල වූ සිහින ද ඔවුන් තුළ නොමැත.
මේ ඔවුන්ගේ එදිනෙදා ජීවිත තුලට එබී බැලීමකි. 2016 වසරේ දී රූපගත කෙරුණු මේ ඡායාරූප පෙළ ගැස්ම අවසන් වූ පසු මනුෂ්‍යත්වය යනු කුමක්දැ යි සිතා බැලීම ඔබට බාර ය.
(ඡායාරූප – (1- 13) ඇන්ඩෲ බිරාජ්, (13-19) සැන්ඩ්‍රා හොන්)



11 හැවිරිදි ශිෆාලි කන්දපුර තුළට පැමිණියේ ඇගේ මව ද ලිංගික ශ්‍රමිකයෙකු වූ නිසා ය. දිනකට පාරිභෝගිකයන් 20 – 25 අතර ප්‍රමාණයකට සිය සේවය සපයන ඇය, එමඟින් තමන් උපයන ආදායම කෙතරම් ද යන්න පවා නොදන්නේ ඇගේ ‘හිමිකාරිය’ ඒ මුළු මුදලම සියතට ගන්නා නිසා ය.


දහසය හැවිරිදි මායා, ගනුදෙනුකරුවෙකු ඉදිරිපිට හැඩ වැඩ වෙමින්.



ගනුදෙනුකරුවෙකුට සේවය සැපයීමට ප්‍රථම සිගරට්ටුවක් උරන හෂී.


පද්මා නදිය අසල ඇති ගණිකා නිවාසයට අයත් පොදු වැසිකිළියක්.


අස්මා ගනුදෙනුකරුවෙකු සමග. (ඇය උපත ලැබුවේද කන්දපර තුළ දී ය.)

කන්දපර අඩවිය.

කවරය – endslaverynow.org
මූලාශ්‍රයයන් – Al Jazeera, The Independent