Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෘත්තීමය රෙස්ලින් ක්‍රීඩාව ගෙන එන WWE ගැන ඔබ නොදත් දේ

“රෙස්ලින්“ යන වචනය ඇසෙන මොහොතින් ඔබේ සිතට නැගෙන්නේ කුමක් ද? නිසැකයෙන් ම, ඔබේ සිතට එනු ඇත්තේ ප්‍රේක්ෂකයන් දහස් ගණනක් මැද, සිව්කොණ ආවරණය වන ලෙස කඹ ඇද තැනූ වේදිකාවක් මත පුද්ගලයන් දෙදෙනකු පොර බදින ආකාරය ඔබේ සිතේ චිත්‍රණය වනු ඇත. රෙස්ලින් සමග ඈදෙන තවත් නාමයක් ඇත. ඒ WWE යන්න යි. සත්‍ය වශයෙන් ම WWE යනු කුමක් ද? එයින් අදහස් වන්නේ කුමක් ද? අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ එකී WWE ගැන ය.

WWE යනු

World Wrestling Entertainment Incorporation ( http://www.estadio.ec )

“World Wrestling Entertainment Incorporation” යන්න මෙහි දීර්ඝ නාමය වේ. මෙය ඇමෙරිකානු සමාගමක් වන අතර වෘත්තීමය රෙස්ලින් ක්‍රීඩාව, පුද්ගලිකව ක්‍රීඩා පවත්වාගෙන යාම මෙමගින් සිදු කරනු ලබයි. මෙය 1952 දී ජේම්ස් මැක්මෝහන් හා ටූට්ස් මොන්ඩිට් යන දෙදෙනා විසින් “වෘත්තිමය රෙස්ලින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම“ අරමුණු කර ගනිමින් ආරම්භ කරන ලද්දකි.

මෙය ලෝකයේ පවත්නා විශාලතම රෙස්ලින් ප්‍රවර්ධන ආයතනය වන අතර තරග ඉසව් 500කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබයි. එසේ ම ලොව පුරා රටවල 150 ක ප්‍රේක්ෂක ක්‍රීඩා ලෝලීන් මිලියන 30 කට අධික ප්‍රමාණයක් ද ඔවුන් සතුව පවතී. මෙය නිල ක්‍රීඩාව නොවන අතර හුදෙක් ම විනෝදය පදනම් කරගනිමින් පවත්වනු ලබන්නකි. මෙය කිසියම් පිටපතකට අනුව දිවයන, කිසියම් සිද්ධිමය ගලායමකින් යුතු, රෙස්ලින් ක්‍රීඩාවකින් යුතු වේ.

WWE නම ගැන

WWE, WWF සහ අාරම්භයේ සිට භාවිතා කරන ලද වෙළඳ සලකුණු (http://www.imgrum.org)

1977 දී වින්සන්ට් ජේ මැක්මෝහන්ගේ පුත්‍රයා වන වින්සන්ට් කේ මැක්මෝහන් විසින් ආරම්භ කරන ලද TItan Sports Inc. යන ආයතනය පසුකාලීනව WWF හෙවත් World Wrestling Federation Inc. ලෙස 1998 දීත්, WWFE  හෙවත් World Wrestling Federation Entertainment Inc. ලෙස 1999 දීත් නැවත නම් කරන ලදී. පසුව 2002 දී නැවතත් තම ව්‍යාපාරයේ නම WWE (World Wrestling Entertainment Inc.) ලෙස වෙනස් කරන ලදී. ඊට ප්‍රධානතම හේතුව වූයේ යන WWF නාමයෙන් ම හැදින්වෙන World Wide Fund for nature පාරිසරික සංවිධානයෙහි භාවිත නම හා ඇතිවුණු ගැටලුකාරී තත්ත්වයන් ය.

World Wide Fund For Nature Logo

සෞඛ්‍ය ප්‍රතිපත්තිය

මෙය ඔබ මින් පෙර අසා නොමැති කරුණක් විය හැකි ය. එනම් මෙම රෙස්ලින් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් WWE ආයතනය විසින් පවත්වනු ලබන වෛද්‍ය පරීක්ෂණවලට ඔවුන් අනිවාර්යෙන් ම සහභාගී විය යුතු ය. එකී ප්‍රතිපත්ති WWE  සමාගම හා අදාල ක්‍රීඩකයා අතර ඇති කරගන්නා සේවක ගිවිසුමෙහි පැහැදිලිව ම සදහන් වන අතර යම් හෙයකින් අදාල සෞඛ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරයි නම් WWE ආයතනය විසින් අදාළ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් අවසන් කොට එයින් ඉවත් කරනු ලබයි. මෙමගින් ඔවුන්ගේ ඖෂධ භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය සහ හෘදය පිළිබඳ පර්යේෂණයන් සිදු කරනු ලබයි.

එඩී ගරේරෝ www.wrestlingonline.com

මෙවැනි ප්‍රතිපත්තියක් ඇති කිරීමට ප්‍රධානතම සාධකය වූයේ 2006 වසරේ දී එඩී ගරේරෝ යන ක්‍රීඩකයාගේ හදිසි අභාවය යි. ඉන් අනතුරුව මෙම සෞඛ්‍යය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට WWE ආයතනය කටයුතු කරන ලද අතර මෙම ප්‍රතිපත්තිය තුළින් වාර්ෂිකව පවත්නා හෘද තත්ත්වයන් යටතේ අදාල ක්‍රිඩකයා සතු දක්ෂතාව ද මැන බැලිම සිදු කරනු ලබයි. Aegis Sciences Corporation මගින් ඖෂධ තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු සිදු කරන අතර New York Cardiology Associates P.C මගින් හෘද පරීක්ෂාවන් සිදු කරනු ලබයි.

ක්‍රිස් බෙනට් www.deathrowartshow.com

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය පැවතිය ද රෙස්ලින් ක්‍රීඩකයන් කිසින් ස්ටෙරායිඩ් (නීතිවිරෝධී තහනම් උත්තජේක) අධික මාත්‍රාවන්ගෙන් යොදා ගන්නා බවට  2007 දී WWE ආයතනයට එරෙහිව විශාල චෝදනා එල්ල විය. මීට ප්‍රධානතම හේතුව වූයේ, WWEහි පළමු පෙළේ ක්‍රීඩකයකු වූ ක්‍රිස් බෙනට් තම අවුරුදු 7 ක් වයසැති කුඩා දරුවාට සහ ඔහුගේ බිරිදට වෙඩි තබා ඝාතනය කර ඉන්පසු ඔහුට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීම යි. මරණ පරීක්ෂණය තුළින් අනාවරණය වූ කරුණු අතර ඔහුගේ එකී හැසිරීමට අධික මාත්‍රාවන්ගෙන් තහනම් උත්තේජන භාවිතා කිරීම ද හේතුවක් ලෙස දක්වා තිබුණි. මෙම සිද්ධියෙන් පසුව WWE ආයතනය නැවතත්  ක්‍රීඩකයන් පරීක්ෂාවට ලක් කළ අතර එහි දී තවත් ක්‍රීඩකයන් 10 දෙනෙකු එලෙස තහනම් උත්තේජක භාවිතා කිරීමට වරදකරුවන් වී ඔවුන් WWE ආයතනයෙන් ඉවත් කරන ලදී.

කෙසේ වෙතත් මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනු ලබන ක්‍රීඩකයන්, සිදු කරන ලද ඒ ඒ වරදෙහි ස්වභාවය අනුව ස්ථිර වශයෙන් ම හෝ තාවකාලික වශයෙන් WWE හි ක්‍රීඩා කිරීම වළක්වාලීමට එම ආයතනය කටයුතු කරනු ලබයි. එහි දී ස්ථිර ලෙස ඉවත් කිරීම්/ ඉවත්ව යෑම් අතර කාර්ලිටෝ, උමාගා, ක්‍රිස් මාස්ටර්, බුකර් ටී වැනි ක්‍රීඩකයන් කැපී පෙනෙන අතර තාවකාලික ඉවත් කිරීම්/ තරග තහනම් කිරීම් අතර රැන්ඩි ඕර්ටන්, ඩොල්ෆ් සිග්ලර්, රේ මිස්ටීරියෝ වැනි ක්‍රීඩකයන් කැපී පෙනෙයි.

Raw සහ SmackDown

ලංකාවේ අපට නම් වඩාත් හුරුපුරුදු මේ නම් දෙකක්. මේ නම් දෙකෙන් අදහස් වෙන්නේ මොකද්ද? Raw සහ SmackDown යනු මොනවා ද? සත්‍ය වශයෙන් ම Raw සහ SmackDown යනු වෘත්තිය රෙස්ලින් වැඩසටහන් දෙකකට ය. Raw ආරම්භ වන්නේ 1993 ජනවාරි 11 වනදා ය. Raw අද වන විට ලොව පුරා රටවල් රැසක සජීවී විකාශය සිදු කරනු ලබයි. රටවල් 11 ක, නගර 171 ක පිහිටා ඇති ක්‍රීඩාගාර 208 ක Raw වැඩසටහන පවත්වාගෙන යනු ලබයි.

Rawහි වෙළෙද සලකුණ www.youtube.com

SmackDown ආරම්භ වන්නේ 1996 අගෝස්තු 22 වන දින දී ය. මෙය ද WWE ක්‍රීඩකයන් ක්‍රීඩා කරනු ලබන වැඩසටහනකි. රටවල් හතක, නගර 147ක පිහිටා ඇති ක්‍රීඩාගාර 162 ක SmackDown වැඩසටහන පවත්වාගෙන යනු ලබයි.

SmackDown හි වෙළඳ සලකුණ www.youtube.com

WWE හි මූල්‍ය දත්ත

WWE සමාගමේ මූල්‍ය ප්‍රමාණයන් පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහි දී අමතක නොකළ යුතු වපසරියක් ලෙස සැලිකය යුතු ය. 2016 වසරේ දී WWE සමාගම ලබා ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන 729.2 ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සමත්ව ඇත.

ඔවුන්ගේ 2016 වාර්ෂික වාර්තාව දක්වන ආකාරයට 2017 පෙබරවාරි මස වන විට, රෙස්ලින් ක්‍රීඩකයන් ද ඇතුළුව ඔවුන්ගේ සේවකයන් සංඛ්‍යාව 870 ක් පමණ වන බව 2016 වාර්ෂික වාර්තාව දක්වා සිටී.

Brock Lesnar http://theathleticbuild.com

මෙවැනි ආදායමක් උපයන WWE සමාගමෙහි ක්‍රීඩකයන් අතරින් වැඩිම වාර්ෂික වැටුපකට හිමිකම් කියන්නේ බ්‍රොක් ලෙස්නර් ය. ඒ ඇ.ඩො. මිලියන 3 ක් වන අතර ඊට අමතරව ඔහු විසින් WWE සමාගම වෙත ජනනය කරන සමස්ත මුදලින් 3.25%ක බෝනස් මුදල් ප්‍රමාණයක් ද ලබා ගනී.

John Cena www.solowrestling.com

දෙවැනි ස්ථානයට පත් වන්නේ ජෝන් සීනා වන අතර ඔහුගේ වාර්ෂික වැටුප ඇ.ඩො. මිලියන 2.75 ක් වේ. ඔහුට ද 7%ක බෝනස් මුදලක් හිමිවේ.

Triple H http://www.allkpop.com

තෙවැන්නා ට්‍රිපල් එව් (ඇ.ඩො. මිලියන 2.12ක්) වන අතර සිව්වැන්නා වන්නේ අන්ඩර්ටේකර් ය. ඔහුට ඇ.ඩො. මිලියන 1.75 ක වාර්ෂික වැටුපක් හිමි වන අතර 7%ක බෝනස් මුදලක් ද ගෙවනු ලබයි.

WWE රෙස්ලින්වලට අමතරව

මේ වන විට WWE සමාගම රෙස්ලින් තරග පැවැත්වීමට අමතරව තවත් ව්‍යාපාරික කටයුතු කිහිපයකට යොමු වී ඇත. එයින් චිත්‍රපට නිෂ්පාදනය කැපී පෙනෙයි. WWE Studios වශයෙන් හැදින්වෙන එය 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 10.1 ක දල ආදයමක් ඉපැයීමට සමත්වූ බවට 2016 වාර්ෂික වාර්තාවේ සදහන් කර ඇත. (7-8 පිටු)

මෙහි දී 2016 දී WB සමාගම හා එකතුව WWE Studios නිපද වූ Scooby doo & WWE: Curse of the Speed Demon සජීවීකරණ චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ වඩාත් අවධානයට පාත්‍ර වීමට සමත් විය.

මීට අමතරව WWE Shop මගින් රෙස්ලින් ක්‍රීඩකයන්ගේ අනුරූ (සෙල්ලම් බඩු), කෝපප, පිගන්, චැම්පියන් බෙල්ස්ට්, පොත්, ඩීවීඩී, පෝස්ටර්, ඇඳුම් පැළදුම් වැනි දේ නිපදවා විකිණීම සඳහා ඉදිරිපත් කිරීම ද සිදු කරනු ලබයි. එය රෙස්ලින් නරඹන ලක්ෂ ගණනක් වූ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති ව්‍යාපාරයක් ලෙස හැදින්වීම නිවැරදි ය.

WWE ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ අනරූ/ සෙල්ලම් බඩු idlehands1.blogspot.com

පසුවදන

මෙම කරුණු සොයා බැලිමේ දී පෙනී යන්නේ WWE යනු විශාල වපසරියක දිව යන ව්‍යාපාරයක් බව යි. එසේ ම එය තවදුරටත් රෙස්ලින් ක්‍රීඩාවට පමණක් සීමා වී නැති බවත්, ජනතාවගේ කාටුන්, චිත්‍රපට, කතාන්දර, සෙල්ලම් බඩු, ඇදුම් පැළඳුම්වලට පවා බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක් නිර්මාණය කරගෙන ඇති බවත් පෙනී යයි. එසේ ම විශාල ආදායමත් එරට ආර්ථිකයට දායක කරන WWE සමාගම අනාගතයේ දී තව තවත් අලුත් පැතිකඩයන් වෙත තම ව්‍යාපාරය නිසැක වශයෙන් ම යොමු කරනු ඇත.

කවරයේ පින්තූරය: pwpnation.com

මූලාශ්‍ර

  1. www.wwe.com
  2. www.raw.com
  3. www.smackdown.com
  4. www.wikipedia.com
  5. www.youtube.com

Related Articles