Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එළැඹෙන වසර සඳහා එන Marvel හි නවතම චිත්‍රපට

Avengers: Endgame රසික හදවත් අතර තදින් බැ‍ඳ‍ෙද්දී, සැන් දියේගෝ කොමික්-කොන් හි දී අලුත් ආරංචියක් දැනගන්නට ලැබිණි. ඒ, Marvel වෙතින් තවත් චිත්‍රපට රැසක් සමග හතර වන අවධිය ආරම්භ වන බව Marvel Studios හි මුලසුන දරන කෙවින් ෆයිජ් ලොවට හෙළි කිරීමත් සමග යි. එළැඹෙන 2020 සඳහා මෙන්ම 2021 වසර සඳහා ද ඔවුහු නව චිත්‍රපට රැසක් සඳහා දැන් පිඹුරුපත් සකසමින් සිටිති. මේ නුදුරේ දී ම දකින්නට ලැබෙන ඒවා කිහිපයක්.

සටන් කලාවට ප්‍රිය අයට Shang Chi

වම්පස සිමු ලීයු සහ දකුණුපස කොමික් චරිතය (ew.com)

මාර්ෂල් ආර්ට්ස් වෙනුවෙන් තම දිවිය කැප කළ ෂැං-චී ආසියානු සුපිරි වීර චරිතයකි. ලොව වටා සංචාරය කරමින් ඔහු සිදුවන අසාධාරණකම්වලට විටෙක තනියමත්, තවත් විටෙක Avengers චරිත සමගත් සටන් වදියි. ස්පයිඩර්මෑන්ට සටන් කලාව කියා දෙන්නටත් ඔහු කටයුතු කරයි. වෙඩි උණ්ඩයකටත් වඩා වේගවත් චලන දක්වන ඔහු සටන් කිරීම හැරුණු විට තමාගේම අනුරූ රැසක් සැකසීමේ සුපිරි බලයකින් ද සමන්විත යි.

චිත්‍රකතාවලට පමණක් සීමා වී සිටි ඔහු, ලබන වසරේ දී සිනමාව වෙත ද දොරටු විවර කර ගනියි. මෙම ආසියානු චරිතය රඟදැක්වීමට තෝරාගෙන ඇත්තේ Kim’s Convenience කැනේඩියානු ප්‍රහසනයෙහි සිටි ‘සිමු ලීයු’ යි. Black Panther අප්‍රිකාව නියෝජනය කළාක් මෙන්, ආසියානු රසිකයන් වෙත සංස්කෘතිකමය බලපෑමක් මේ වෙතින් ඇති වනු ඇති. Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය පෙබරවාරි 21 වනදා එළිදැක්වීමට නියමිත යි.

X-Men වෙත Horror ගෙන එන The New Mutants

Marvel Comics හි The New Mutants චරිත සමූහය මත පදනම් වූ මෙම චිත්‍රපටය, 20th Century Fox සහ Marvel Entertainment විසින් නිෂ්පාදනය කරන ලද මෙන්ම Walt Disney Studios Motion Pictures විසින් බෙදා හරිනු ලබන සුපිරි වීර ත්‍රාසජනක (horror) චිත්‍රපටයකි. 2020 අප්‍රේල් 13 වනදා තිරගත වන මෙය, X-men චිත්‍රපට මාලාවේ 13වන සහ අවසාන චිත්‍රපටය බවට පත් වීමට ද නියමිත යි.

මෙහි කතාව දිවෙන්නේ රහස් පර්යේෂණාගාරයක සිරකර සිටින විකෘතිකයන් පිරිසක් තමන්ගේ දිවි ගලවාගෙන, ඉන් පැනගන්නා ආකාරය පිළිබඳව යි. සාමාන්‍යයෙන් X-Men චිත්‍රපට මාලාව ක්‍රියාදාම මත ගොඩනැඟුණත්, මෙහි ඇති විශේෂත්වය එය Horror ආකෘතිය වැඩි වශයෙන් ස්පර්ශ කර තිබීම යි.

ජෝෂ් බූන් අධ්‍යක්ෂණය කරන මෙය ඔහු සහ නේට් ලී විසින් තිර රචිත යි. ආන්යා ටේලර්-ජෝයි, බ්ලූ හන්ට්, ඇලිස් බ්‍රාගා, Game of Thrones හි ‘ආර්යා’ ලෙස රඟපෑ මේයිසි විලියම්ස්, Stranger Things හි සිටි චාලි හීට්න් සහ 13 Reasons Why හි හෙන්රි සාගා, රංගනයෙන් දායක වේ.

ස්කාර්ලට් වෙත තනි චිත්‍රපටයක් දායාද කරන Black Widow

බ්ලැක් විඩෝව් චරිතය රඟදක්වන ස්කාර්ලට් ජොහැන්සන් (metro.co.uk)

ස්කාර්ලට් ජොහැන්සන් 2010 වසරේ Iron Man 2 චිත්‍රපටයේ සිට ම රංගනයෙන් දායකත්වය සපයයි. MCU හි 24වන චිත්‍රපටය බවට පත් වන මෙය අවසානයේ ඇයටම එහෙමත් නැත්නම්, Black Widow ප්‍රධාන චරිතය කළ චිත්‍රපටයක් නිපදවයි. නව චිත්‍රපටයෙහි යෙලේනා නම් නව චරිතයක් වන අතර දරුණු සටන් ජවනිකා සහ ටස්ක්මාස්ටර් නමැති දුෂ්ට චරිතයක් ද දකින්නට ලැබෙනු ඇති. මෙය අධ්‍යක්ෂණය කරන්නේ කේට් ෂෝට්ලන්ඩ් විසිනි.

Black Widow චිත්‍රපටයක් සැකසීම 2004 අප්‍රේල් මාසයේ දී Lionsgate ආයතනය ආරම්භ කරන ලද අතර, ඩේවිඩ් හේටර් ලිවීමට හා අධ්‍යක්ෂණයට සම්බන්ධ විය. එනමුත්, එම ව්‍යාපෘතිය අතරමඟ නැවතුණු අතර චරිතයේ චිත්‍රපට අයිතිය 2006 දී නැවත මාර්වල් ස්ටූඩියෝ වෙත ලබා දෙන ලදී. නව Black Widow චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ Disney සමාගම යි. එය 2020 මැයි 1 වනදා තිරගත වීමට නියමිත යි.

The Eternals- නොමියෙන ලොවක්

ප්‍රසිද්ධ චරිත රැසක් රංගනයේ (screenrant.com)

The Eternals නමින් නවතම චිත්‍රපට කථාංගයක් ගෙන එන්නට Marvel සූදානම් වෙයි. Guardians of the Galaxy Vol. 2 හි සිටි රන් මිනිසුන් විසින් සකසන ලද නව සුපිරි මිනිස් වර්ගයක් වටා මේ කතාව ගෙතේ. මෙම අපූරු මිනිසුන් අමරණීයත්වය, පියෑඹීමේ හැකියාව, පරචිත්ථ විජානනය හෙවත් Telepathy, පදාර්ථයන් වෙනස් කිරීමේ හැකියාව ඇතුළු අමුතුම හැකියාවන් රැසකින් පිරි අතර ඔවුන්ගේ කාර්යය භාර්යය වන්නේ පෘථිවිය ආරක්ෂා කිරීම යි.

2020 නොවැම්බර් 6 වන දින තිරගත වීමට නියමිත මෙහි, Silicon Valley ටෙලිකතා මාලාවේ රඟදැක්වූ කුමායිල් නන්ජියානි සහ Game of Thrones හි (ජෝන් ස්නෝ) කිට් හැරිංටන්, (රොබ් ස්ටාක්) රිචඩ් මෑඩන් මෙන්ම ඇන්ජලීනා ජෝලී ද දක්නට ලැබෙනු ඇති.

Dr. Strange නැවතත් කරළියට

ප්‍රධාන චරිතය රඟදක්වන ඩේවිඩ් කම්බර්බැච් (whats-on-netflix.com)

MCU හි 27 වැනි චිත්‍රපටය වන මෙහි සුපුරුදු පරිදි ඩේවිඩ් කම්බර්බැච් ප්‍රධාන චරිතය නිරූපණය කරයි. 2016 වසරේ දී සිනමාවට ගෙන ආ මෙම නව චරිතය තවත් චිත්‍රපට මාලාවකට හිමිකම් කියනු ඇති බව ඉඟි කළත්, ඊටත් පෙර EndGame හි දී වඩාත් වැදගත් කොටසක් ඉටු කරනු ලැබීය. 2021 මැයි 7 වනදා තිරගත වීමට නියමිත මෙය ස්කොට් ඩෙරික්සන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

නව චිත්‍රපටය Doctor Strange in the Multiverse of Madness ලෙස නම් කර ඇති අතර, අවසන් ස්පයිඩර්මෑන් චිත්‍රපට‍යේ ද කතාබහට ලක්වුණු විවිධ සාමාන්තර ලෝකවල සිටින සුපිරිවීරයන් මෙහි දකින්නට ලැබෙනු ඇතැ යි අනුමාන කළ හැකියි. ඒ අනුව බහු-සක්වල (Multiverse) අත්දැකීමත් Marvel රසිකයන්ට දායාද වනු ඇති. එසේ වුවහොත්, මෙතෙක් කල් X-Men කණ්ඩායම ඔවුන්ගෙන් සැඟව සිටියේ කොහි ද යන්නට ද පිළිතුරක් ලැබෙනු නිසැක යි.

මීට අමතරව, 2021 නොවැම්බර් 5 වනදා Thor Love and Thunder, 2022 මැයි 6 වනදා Black Panther මෙන්ම SpiderMan සඳහා ද ටොම් හෝලන්ඩ් සමග තවත් චිත්‍රපටයක් දායාද වනු ඇති. මේවායෙන් ඔබ වඩාත්ම පුල පුලා බලා සිටින්නේ කුමක් වෙනුවෙන් ද?

මූලාශ්‍රයයන්:

  • time.com
  • collider.com
  • polygon.com
  • YT/IGN

කවරය: ytimg.com

Related Articles