Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරීක්ෂණ සඳහා සතුන් යොදා ගැනීම හරිද?

වසරකට ඇමරිකා එක්සත් ජනපදය මීයන්, වඳුරන්, පූසන්, සුනඛයන් ඇතුළු සතුන් මිලියන විසිහයක් විවිධ පරීක්ෂණ සදහා යොදා ගනී. විද්‍යාත්මක සහ ව්‍යාපාරික පරීක්ෂණ ඒ අතර ප්‍රධාන වේ. සතුන් යොදා ගෙන සිදු කරනු ලබන මෙම පරික්ෂණ හේතුවෙන් මිනිස් සහ සත්ත්ව ජීවිත විවිධ රෝගවලින් ගලවා ගැනීමට හැකියාව ලැබෙනවා. සතුන් යොදාගෙන සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් යහපත් සහ අයහපත් ප්‍රතිචාර සමානව ලැබෙන අතර පරීක්ෂකයන් පවසන්නේ ජීවත්වන සතුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බවය. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම පරීක්ෂණ අමානුෂික වන අතර වෙනත් විකල්පයන් යොදාගත හැකි බවට සත්ත්ව අයිතීන් පිළිබදව සටන් කරනු ලබන ක්‍රියාකාරීන් පවසයි. එමෙන්ම සතුන් මිනිසුන්ට වඩා බෙහෙවින් වෙනස් නිසා මෙම පරීක්ෂණ හරහා විශාල සත්ත්ව ජිවිත ප්‍රමාණයක් විනාශයට පත්වීම අයහපත් කරුණක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

පරීක්‍ෂණ කිරීම සඳහා සතුන් යොදා ගන්නා ආකාර

  1.   The Draize Test

(assets3.thrillist.com) සාවෙකුගේ ඇස තුළට රසයන් ද්‍රව්‍ය ඇතුළත් කිරීම

මෙම පරීක්ෂණ ක්‍රමය තුළදී නිෂ්පාදනය තුළ අඩංගු වන විෂ වර්ග පරික්ෂා කරනු ලබයි. මෙහිදී එම නිෂ්පාදනයෙන් ලබාගත් සාම්පල සතුන්ගේ ඇස් සහ සම මත ආලේප කරනු ලබන අතර, වේදනාව හෝ අනෙකුත් හේතූන් මෙම සතුන් ඇස් වසාගැනීම වැළක්වීමට විවිධ කටු වැනි දේ යොදාගනි. සාමාන්‍යයෙන් මෙම නිෂ්පාදන සාම්පල සතෙකුගේ ඇස් හෝ සම මත ආලේප කිරීමෙන් අනතුරුව දින දා හතරක් දක්වා කාලයක් නිරීක්ෂණය කරනු ලබයි. දින දා හතර තුළ සතුන්ගෙන් අයහපත් ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ නම්, එම සතුන් ඝාතනය කරයි. නොමැති නම් දින දා හතරෙන් පසුව නැවත සම හෝ ඇස් හොදින් සෝදා නැවතත් ඉහත ක්‍රියාවලිය සඳහා යොමු කරනු ලබයි. පරීක්ෂණ සඳහා යොදාගත් සතුන් පරීක්ෂණයෙන් අනතුරුව අක්ෂි දුර්වලතාවලට ලක්වන අතර, බහුලව මේ සඳහා යොදා ගන්නා සාවුන්ගේ ඇස් අන්ධභාවයට පත් වේ.

  1.   Acute toxicity

(spsjagadeeshearthcare.files.wordpress.com) (සුනඛයන් දුම්කොළ නිෂ්පාදන ආශ්‍රිත පරීක්ෂණයකදී)

ඉහත සදහන් කළ ක්‍රමවේදය හා මෙම ක්‍රමය තරමක් දුරට සමාන නමුත් මෙහි සතුන් යොදාගෙන උග්‍ර විෂ වර්ග පරික්ෂා කරනු ලබයි. මෙහි අදාළ නිෂ්පාදනයේ පරීක්ෂණ සාම්පල මාස තුනක් පුරාවට මෙම සතුන් හරහා පරික්ෂා කරනු ලබයි. ඇතැම් විට සාම්පල සතුන්ට සෘජුවම එන්නත් කරනු ලබන අතර, අනෙකුත් අවස්ථාවලදී සතුන් වීදුරු නළ තුළට ඇතුළු කරමින් පරික්ෂා කරනු ලබයි. මෙම කාල සීමාව තුළ බොහෝ සතුන් මෙම සාම්පල ආහාරයට ගනු ලැබේ. මෙලෙස යොදාගනු ලබන්නේ නිෂ්පාදනය හරහා සතුන්ගේ වකුගඩු, අක්මාව, පෙනහලු වැනි අවයවවලට සිදුවන හානිය පරීක්ෂා කිරීමටය. පරීක්ෂණ අතරවාරයේ බොහෝ සතුන් මිය යන අතර අනෙකුත් සතුන්ගේ අභ්‍යන්තර අවයවවලට දැඩි ලෙස හානි සිදු වී අංශභාගය වැනි තත්ත්වයන්ට ගොදුරු වෙයි. මෙවැනි පරීක්ෂණ සඳහා මීයන් සුනඛයන් වැනි සතුන් යොදාගනු ලබයි.

  1.      සම ආශ්‍රිතව පරීක්ෂණ

(www.peta.org.au) (සම ආශ්‍රිත පරීක්ෂණයන්ට ලක් කළ සාවෙකු)

මේ සඳහා ද බහුලව යොදාගනු ලබන්නේ සාවුන් වැනි සංවේදී සමක් සහිත සතුන්. රූපලාවන්‍ය රූපලාවය නිෂ්පාදනයන් පරික්ෂා කිරීමට මෙම ක්‍රමවේදය යොදාගනු ලබයි. සාවුන්ගේ කකුල් ආශ්‍රිතව ලොම් ඉවත්කර පරික්ෂණ සාම්පලය සම මත ගල්වා එම ස්ථානය ආවරණය කරනු ලබයි. සම මත ඇතිවන ආසාදන තත්ත්වයන් පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය දින දා හතරක් දක්වා දීර්ඝ වීමේ හැකියාව පවතී. මෙම කාලසීමාව තුළ සාවුන් සඳහා වේදනා නාශක ලබා නොදෙන අතර, මෙම පරීක්ෂණ ක්‍රමය බොහෝවිට නිවැරදි ප්‍රතිපල ලබා දීමට සමත් නොවේ. මේ සඳහා යොදාගනු ලබන සතුන්ගේ පිළිස්සීම්, ඉරිතැලීම් සහ තුවාල සිදුවීම වැනි අතුරු ආබාධ හටගනී.

සම මතට තවත් පරීක්ෂණයක් සිදුකරනු ලබන අතර, මෙහිදී පරික්ෂා කරනු ලබන්නේ මෙම නිෂ්පාදනය අසාත්මික වීමට ඇති හැකියාවයි. සම තුළට පරීක්ෂණ සාම්පල එන්නත් කරනු ලබන අතර ඉහත ක්‍රමවේදය මෙන්ම මෙයත් අසාර්ථක ක්‍රමයකි. එයට හේතුව වන්නේ මිනිස් හා සත්ත්ව ශරීරය අතර විශාල වෙනස්කම් පැවතීමයි.

  1.   Toxicokinetics

මෙම පරීක්ෂණ ක්‍රමවේදය හරහා නිෂ්පාදනයේ අඩංගු රසායන ද්‍රව්‍ය කොපමණ වේගයකින් ශරීරය තුළ ගමන් කරනු ලබනවාද යන්න පරීක්ෂා කරනු ලබන අතර මෙහිදී රසායන ද්‍රව්‍ය එන්නත් කිරීම හෝ ආහාරයට ලබා දීම සිදු කරනු ලබයි.

  1.   පිළිකා කාරක පරික්ෂා කිරීම

(support.peta.org) (පිළිකා ආශ්‍රිත පරීක්ෂණ වලට ලක්වූ මීයෙකු)

පිළිකා කාරක අඩංගු නිෂ්පාදන භාවිතයට ගැනීම මගින් පිළිකා සෛල වර්ධනය වීමට හැකියාවක් පවතිනවාද යන්න මෙහිදී පරික්ෂා කෙරෙයි. අවුරුදු දෙකක් පුරාවට මෙම නිෂ්පාදන සාම්පල සතුන්ගේ සමට ඇතුළත් කිරීම, ආහාර ලෙස ලබාදීම, ආශ්වාසය සඳහා දෙනු ලබයි. වසර දෙකකට පසු සතුන් මරණයට පත්කොට ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරය පරික්ෂා කෙරෙයි. මෙම පරීක්ෂණ ක්‍රමයට යොදාගනු ලබන සතුන් වර්ගය අනුව ප්‍රතිපල වෙනස් වීමට පවතින හැකියාව නිසා සාර්ථක නොවේ.

  1.   ප්‍රජනන සහ වර්ධනය ආශ්‍රිත රසායනික පරීක්ෂණය

මෙම ක්‍රමවේදය මගින් සතුන්ගේ සරුබව සහ වර්ගයා බෝ කිරීමට ඇති හැකියාව, කුස තුළ සිටින නොඉපදුන සතුන්ගේ වර්ධනයට වන බලපෑම පරික්ෂා කරනු ලබයි. මෙහිදී සතුන් ප්‍රජනනයට පෙර සහ පසු පරීක්ෂණ ආරම්භ කරනු ලබයි. එමෙන්ම පරීක්ෂණයට යොදාගත් මව් සතුන්ගෙන් බිහිවන පැටවුන් ද පරීක්ෂණයට ලක් කරයි. මෙම පරීක්ෂණ නිසා මව් සතුන් ගබ්සාවීම, නියමිත කාලයට පෙර ප්‍රසුතිය සිදුවීම වැනි තත්ත්වයන්ට මුහුණපානු ලබයි.

නව ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීම සඳහා සතුන් යොදා ගැනීම අත්‍යවශ්‍ය නොවේ

පරීක්ෂණවලට සත්වයින් යොදා ගැනීමට විරුද්ධ මතයන් ගෙන ඉදිරිපත් කරන්නේ සත්ත්ව අයිතීන් ආරක්ෂා කරනු ලබන සංවිධාන මගිනි. ඔවුන් දක්වන මත අනුව මීයන් යොදා ගනිමින් පිළිකා සහ දුම්පානය අතර පවතින සම්බන්ධය පරික්ෂා කළ පරීක්ෂණයන්හිදී ලැබුණු ප්‍රතිපල අනුව පූර්ව නිගමනය කළ උපකල්පනයන් අසාර්ථක විය. එමෙන්ම කොලස්ටරෝල් සහ හෘදයාබාධ අතර සම්බන්ධය ද සතුන් යොදා සිදුකරනු ලැබූ පරීක්ෂණ මගින් සොයාගත නොහැකි විය. හදවත් රෝග සහ අධි රුධිර පීඩනය සඳහා සිදුකරන ලද පරීක්ෂණ මගින් පැමිණි නිගමන නිවැරදි නොවූ අතර ප්‍රතිකර්ම ක්‍රම අසාර්ථක විය.

1976 සහ 1985 වර්ෂයන්හිදී මුදා හරිනු ලැබූ බොහෝ නව ඖෂධ නිෂ්පාදන ප්‍රතික්ෂේප වූයේ සතුන් යොදා සිදු කරනු ලැබූ පරීක්ෂණ මගින් සොයා නොගත් අතුරු ආබාධ හටගැනීම හේතුවෙනි. මෙම අතුරු ආබාධ අතර හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍යතා වැනි භයානක තත්ත්වයන් විය.

නව ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීම සදහා සතුන් යොදා ගැනීම අත්‍යවශ්‍යයි

එච්.අයි.වී ඒඩ්ස් වෛරසය ලොව පුරාම ව්‍යාප්ත වෙමින් පවතින අතර මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නව ප්‍රතිකර්ම පරීක්ෂා කිරීම සඳහා සතුන් යොදා ගනී. මෙලෙස සතුන් යොදා පරීක්ෂණ කිරීම මගින් මිනිසුන් නියැදියක් ලෙස යොදා ගැනීමේදී වැය වන මුදල ඉතාම අධික වීම හේතුවෙන් සතුන් යොදා ගැනීම වාසි සහගත වේ. එමෙන්ම පරීක්ෂණ මට්ටමේ පවතින මෙම ප්‍රතිකාරයන් පිළිබඳව මිනිසුන් නියැදි ලෙස යොදාගෙන පරික්ෂා කිරීම භයානක වීම තවත් එක් හේතුවකි.

කවරයේ පින්තූරය : www.peta.org

මූලාශ්‍ර

1.www.animal-ethics.org

2..aerzte-gegen-tierversuche.de

3.peta.org

Related Articles