Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තීන්තවල ඇති VOC නිසා දරුවන්ට වන බලපෑම අවම කර ගනිමු

අලුතෙන් ගෙදරක් හදන එක කාගේත් සිහිනයක්. මොන ක්‍රමයකින් හරි ඒ සිහිනය හැබෑ කරගත්තාම ඊළඟට තියෙන්නේ තමන්ගේ සිහින නිවස ලස්සනට හැඩ ගන්වන එකයි. නිවසක අලංකාරයට හොඳින් තෝරා ගත් වර්ණ සහිත තීන්ත ආලේපනයකින් ලැබෙන සුන්දරත්වය, පරිපූර්ණත්වය ඉතා ඉහළයි. පරණ ගෙදරකට වුණත් අලුතෙන් තීන්ත ගෑවාම ලැබෙන අලුත් බව, නැවුම් බව ගැන අපි කවුරුත් දන්නවා.

නමුත් මේ තීන්ත වල තියෙන VOC නම් සංයෝගයක් නිසා අපේ දරුවන්ට යම් යම් ගැටළු ඇති වීමට තියෙන බව දන්නවාද? ගෙදර ලස්සන කරන්න ගාන තීන්ත නිසා අපේ දරුවන්ට පුංචි හරි බලපෑමක් ඇති වීම මගහැර ගන්න එක හරිම වැදගත් බව ඕනෑම දෙමව්පියෙක් පිළි ගනීවි. ඉතින් ඒ ගැන දැනුවත් වෙන්නත්, එයට කරන්න පුළුවන් අපූරු පිළියමක් ගැන දැන ගන්නත් මේ ලිපිය වැදගත් වේවි.

තීන්ත පාවිච්චි කරන්න උදව් වෙන VOC

තීන්ත ද්‍රව විදිහට පවතින්නේ VOC නිසායි (ipl.co.nz)

තීන්ත කියන්නේ බඳුනක් තුළ කාලයක් තිස්සේ දියරයක් විදිහට තියෙන දෙයක්. විවිධ ලෝහ සංයෝග ඇසුරෙන් හදන තීන්ත අංශු ස්වභාවයෙන්ම ඉතා ඉක්මණින් කැටි ගැසෙන සුළුයි. මේවා ද්‍රව කරලා කාලයක් තියා ගන්නත්, ගාපු සැණින් වියළී යන්නත් උදව් කරන අපූරු සංයෝග වර්ගයක් තමයි තමයි “වාෂ්පශීලී කාබනික සංයෝග”, එහෙමත් නැතිනම් Volatile Organic Compounds. ෆෝමැල්ඩිහයිඩ්, Propilyn Glycol සහ Glycol Ether මිශ්‍රණ යොදාගෙන තමයි මේවා ප්‍රධාන වශයෙන් නිපදවන්නේ.

සාමාන්‍යයෙන් පොදුවේ VOC කියන කෙටි නමෙන් හැඳින්වෙන මේවා යොදා ගන්නේ තීන්ත දිය කර තබන ද්‍රාවකයක් විදිහටයි. තීන්ත බඳුනේ තියෙනකොට වාතයට නිරාවරණය වන වර්ගඵලය සීමිත නිසා බොහෝ කාලයක් ද්‍රව තත්වයේ පවතින්න තීන්තවලට හැකියාව ලැබෙනවා. නමුත් විශාල ප්‍රදේශයක් පුරාවට තීන්ත ගෑ පසු VOC වාෂ්ප වී යන නිසා තීන්ත ඝන වීම සිදු වෙනවා. තීන්ත භාජනයකට දමා ටිකක් කල් තිබ්බාම වාතයට නිරාවරණය වන කොටස ඉක්මණින් ඝන වෙන්නෙත් මේ VOC වාෂ්ප වී යාම නිසායි.

ඒ අතින් ලොකු ප්‍රයෝජනයක් තිබුණත් VOC නිසා යම් සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

තීන්තවල තිබෙන VOC හානිකර ඇයි?

තීන්තවල සැර සුවඳ එන්නේ VOC වලින් (thescottishsun.co.uk)

තීන්ත භාජනයක් ඇරපු ගමන් එන සුවඳ කවුරුත් දන්නවානේ. මේ අමුතු සුවඳට ප්‍රධාන හේතුව තමයි මේ වාෂ්පශීලී කාබනික සංයෝග හෙවත් VOC වර්ග. වාතයට විවෘත වූ සැණින් වේගයෙන් වාෂ්ප වී යන මේවා යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති කරන්න හේතු වන බව සොයාගෙන තිබෙනවා.

අලුතෙන් තීන්ත ගාපු කාමරයක වැඩි වෙලාවක් හිටියොත් හරි, සමහර විට තීන්ත ගානකොට හරි හිසරදය, කැරකෙන ගතිය, නිදිමතක් ඇති වීම ඇති වීම වගේ අත්දැකීම් ඔබට ඇති. තීන්තවලින් පිටවන VOC වාෂ්ප හුස්ම ගැනීමයි මේකට ඍජුවම හේතු වෙන්නේ. බොහෝ විට නැවුම් වාතාශ්‍රය ටිකක් වෙලා ලැබුවාම ඒ ගැටළු පහ වෙලා යනවා. ඒ හැරෙන්න කෙටි කාලයක් නිරාවරණය වීමෙන් ඇත්තටම ලොකු ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.

නමුත් නිතරම මේ විදිහට VOC ආඝ්‍රාණය කිරීම නම් ඒ තරම් හොඳ නැති බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේ තත්ත්වය වැඩිපුර බලපාන බවයි දැක ගන්න ලැබෙන්නේ. තීන්ත වියළීමෙන් පසුව වුවත් කාලයක් තිස්සේ VOC අංශු මාත්‍ර ප්‍රමාණයක් නිකුත් වීමට ඉඩ ඇති නිසා තීන්ත ගෑ කාමරවල නිදා ගන්නා කුඩා දරුවන්ට විවිධ ආසාත්මිකතා ඇති වීමේ අවදානම ඉහළ යා හැකි බව මෑතකදී කළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

අපි නොහිතා කරන දේවල්වලින් ගැටළු මතු වෙන හැටි ගැන පුංචි උදාහරණයක්

පුංචි දරුවන්ට නිදහසේ සිතන්න, චිත්‍ර අඳින්න ඉඩ දීම හරිම වැදගත්. (attitudemag.com)

අපි කුඩා දරුවන් දෙදෙනකු සිටින මවක් එක්ක තීන්ත භාවිතය ගැන කතා කළා. මේ ඇයගේ අදහස්වල සංක්ෂිප්තයක්.

“මට අවුරුදු 2 ක සහ අවුරුදු 5 හමාරක දුවලා දෙදෙනෙක් ඉන්නවා. අපේ ගෙදර හැම සිංහල දෙමළ අලුත් අවුරුද්දකටම පෙර අලුතෙන් තීන්ත ආලේප කරන්න අපි කටයුතු කරනවා. මීට අමතරව පොඩි දුව නිතරම ගෙදර බිත්තිවල විවිධ දේ අඳින නිසා ඒවා මකා දමන්නත් වරින් වර ඒ ප්‍රදේශවල තීන්ත ආලේප කරනවා. අපේ නිදන කාමරේ බිත්තිවල තමයි දුව වැඩිපුරම චිත්‍ර අඳින්න පුරුදු වෙලා තියෙන්නේ.”

අපි මේ ගැන සොයා ගත්ත කරුණු පිළිබඳව ඇයව දැනුවත් කරා. නිදන කාමරේ වරින් වර තීන්ත ගෑමෙන් VOC දිගුකාලීනව ආඝ්‍රාණය වෙන්න තියෙන ඉඩකඩ නිසා වයස අවුරුදු 2ක දරුවෙකුට යම් සෞඛ්‍ය අවදානමක් ඇති වෙන්න පුළුවන් බව කිව්වාම ඇය පුදුමයට පත් වුණා. තීන්ත භාවිතයේදී වඩා සැලකිලිමත් වීමේ වටිනාකම ඇය තේරුම් ගැනීම ඉතාම වටිනා දෙයක්. බොහෝ දෙනෙක් මෙවැනි දේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ.

මෙය ඔබට කිව්වේ අපේ රටේ බොහෝ දෙනෙක් නොදැනුවත්ව කරන දෙයක් නිසා ඇති විය හැකි ගැටළු ගැන ඔබට කියා දෙන්නයි. ශ්‍රී ලංකාවේ නිවෙස්වලින් 95% කටත් වඩා වැඩි ප්‍රමාණයක අභ්‍යන්තරය අලංකාර කර තිබෙන්නේ තීන්ත භාවිතයෙන් බව කැලණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණ වාර්තාවක දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණය, ආර්ථිකය ඇතුළු විවිධ හේතු නිසා බිත්ති අලංකරණ කඩදාසි, නැතිනම් Wallpaper යොදා ගැනීම ඉතාම අවමයි.

මේකට තිබෙන විසඳුම මොකක්ද?

දරුවන් නිදා ගන්නා කාමරයේ තීන්ත ආලේප කරන්න පෙර සියවරක් සිතන්න (lighting.com)

කුඩා දරුවන්ට VOC නිසා ඇති විය හැකි ගැටළු අඩු කරගන්න නම් VOC වලට නිරාවරණය වීම අවම කරගන්න අවශ්‍යයි. කලින් පෙන්වා දීපු උදාහරණය සමහර විට ඔබටත් අදාළ ඇති. කුඩා දරුවන් බිත්ති පුරා චිත්‍ර ඇඳල තියෙන එකේ අවලස්සන වහන්න වරින් වර තීන්ත ආලේප කිරීම, දරුවන් වැඩි කාලයක් නිදාගෙන සිටින කාමරයේම එය සිදු කිරීම ඇත්තටම කුඩා දරුවන් VOC ආඝ්‍රාණය කරන්න තියෙන ඉඩ තවත් වැඩි කරන්නක් නේද?

ඉතින් මොකද මේකට කරන්න පුළුවන්? කුඩා දරුවන්ගේ සෞඛ්‍යය ගැන දැඩිව හිතන ජපානයෙන් මෙයට ඉතා හොඳ විසඳුමක් ලැබී තිබෙනවා. ඒ තමයි VOC රහිත තීන්ත වර්ග. තීන්ත ක්ෂේත්‍රයේ ලෝක මට්ටමේ දැවැන්තයෙක් වන Nippon Paint  ආයතනය VOC රහිත, කුඩා දරුවන් සිටින නිවෙස්වලට විශේෂයෙන්ම සුදුසු තීන්ත වර්ග හඳුන්වා දී ඇත්තේ ඒ වෙනුවෙන්මයි.

Nippon Paint හි Child wellness range එකේ තීන්තවල තිබෙන තවත් වාසියක් තමයි පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවන් කම. මේ නිසා කුඩා දරුවන් බිත්තිවල චිත්‍ර ඇන්දත් ඒවා වැඩි උත්සාහයක් නොගෙනම මකා දමන්න පුළුවන්. VOC රහිත තීන්ත මිලෙන් තරමක් ඉහළ වුණත් දරුවන් බිත්තිවල අඳින දේවල් මකන්න නැවත නැවත තීන්ත ගෑම අවශ්‍ය නැති නිසා දිගුකාලීන වශයෙන් පැහැදිලි වාසියකුත් තිබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව ගැන නිතරම හිතමු (nipponpaint.com)

ඉතින් ලෝකයේ ලොකුම සම්පත වන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ තීරණයක් ගන්න ඔබත් මැලි වෙන්න එපා. කුඩා දරුවෙක් නිවසේ ඉන්නවා නම් පුළුවන් තරම් VOC රහිත තීන්ත වර්ගයක් පමණක් පාවිච්චි කරන්න සිතට ගන්න.

https://drive.google.com/file/d/1XSe_hvGWsIVodH-oZKMHaB8hJEMlWV8j/view 

කවරයේ රූපය : depositphotos.com

Related Articles