Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිනිසුන් අතර තිබෙන අමුතු ෆෝබියාවන් 6ක්

ලෝකයේ විවිධ පුද්ගලයින්, ඇතැම් දේවල්වලට බියක් දක්වනවා. නමුත් මේ බිය රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා. බිය අතිශය සාමාන්‍ය කාරණයක් නමුත් එකී බිය වීම්, රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය වීම මේ වන විට සුලබ ව දක්නට පුළුවන් තත්ත්වයක්. මේ කියන්න යන්නේ ලෝකයේ මිනිසුන් අතර තිබෙන අමුතු ෆෝබියාවන් කිහිපයක් ගැන යි.

Turophobia

චීස් එක්ක බැදුණු Turophobia- ahlanlive.com

චීස් කියන්නේ අපි බොහෝ දෙනෙක් කන්න ගොඩක් ආස කෑමක්. හැබැයි ලෝකයේ සමහර අය ඉන්නවා චීස්වලට බියක් දක්වන. මේ භීතිකාව දක්වන්නේ සමහර විට එක චීස් වර්ගයකට වෙන්න පුළුවන්. ඒ වගේ ම සියලුම චීස් සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදනවලට බයක් දක්වන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. මේ බය ඇති වෙන්න බොහෝ විට චීස් එක්ක බැඳිලා තියෙන ඔවුන්ගේ අමිහිරි මතක බලපාන්න පුළුවන්.

Somniphobia

නින්දට ඇති බිය- staticflickr.com

නින්ද කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය විවේකයක්. අහලා තියෙනවා ද නින්දට බයක් දක්වන පුද්ගලයින් ගැන. මේ ෆෝබියා තත්ත්වයට පත්වන පුද්ගලයින් නින්දට යාමට යම් බියක් දක්වනවා. ඔවුන් නින්දට බිය වන්නේ නින්දේ දී ම ඔවුන් මරණයට පත්වේයැ යි ඔවුන්ට දැනෙන නිසා. මේ භීතිකාවට බොහෝ විට නින්දේ දී පෙනෙන බියකරු සිහින නිසා ඇති වන තත්ත්වයක් වන්නටත් පුළුවන්. ඒ වගේ ම තවත් දේවල් හරහා මේ ෆෝබියාව හටගන්න පුළුවන්.

Nomophobia

ජංගම දුරකථනය තමන් ළඟ නැති වීම ෆෝබියාවක්- fearlessmotivation.com

අද තාක්ෂණයේ දියුණුවත් එක්ක ජංගම දුරකථනය කියන්නේ කාගේත් ළඟ සුලබ ව දකින්න ලැබෙන දෙයක්. නමුත් ජංගම දුරකථනය තමන් ළඟ නැති වීම ෆෝබියාවක් බවට පත් වූ පුද්ගලයන් අද වෙද්දී සුලබ වෙලා තියෙන බව තමයි මනෝවෛද්‍ය මතය. මේ රෝගය ඇති බොහෝ දෙනෙක් දවසේ නින්දෙන් ඇහැරුණ වෙලාවේ සිට නාන්න යාමේ දී පවා දුරකථනය නැති ව ම බැරි බවක් තමයි කියන්නේ. මේ රෝගය එක්කෝ දුරකථනය ළඟ නැති වීම, බැටරි නොමැතිකම, හෝ අන්තර්ජාල සම්බන්ධතා නැති වීම කියන කරණා එක්ක මතුවෙන්න පුළුවන්. තරුණ පරම්පරාව මේ රෝගයට ගොදුරු වෙන්න වැඩි ඉඩක් තියෙනවා.

Ombrophobia

වැසි බිය- nyt.com

වැස්ස සහ වැසි සහිත කාලගුණය කියන්නේ බොහෝ දෙනෙක් ආස කරන කාලගුණයක්. නමුත් වැස්සට භීතිකාවක් දක්වන පුද්ගලයිනුත් ඉන්නවා. මේක කුඩා දරුවන් අතර සුලබ ව  දැකගන්න පුළුවන් රෝගයක්. වැඩිහිටියන් කුඩා කාලයේ දී ම තම දරුවන් වැසි කාලයට එළිබහින එක නතර කරන්න ඔවුන්ට ‘වැස්සට තෙමුණොත් අසනීප වෙයි’ වැනි දේ කියනවා. මේ වගේ දේවල් පසුකාලීන ව මෙවන් භීතිකාවන් දක්වා වර්ධනය වීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ම විවිධ මානසික අවපාතයන් නිසාත් මේ භීතිකාව ඇති වෙන්න පුළුවන්.

Triskaidekaphobia

අංක 13ට ඇති බය- listsoplenty.com

මේ ෆෝබියාව තරමක් විශේෂ එකක් විදිහට සලකන්න පුළුවන්. අංක 13ට ඇති බය නිසා මේ ෆෝබියාව ඇති වෙන්න පුළුවන්. මේකට විවිධ ආගමික වගේ ම සමාජීය සාධකයන් ද බලපාන්න පුළුවන්. මොකද සමහර තැන්වල දී 13 අසුබ අංකයක් ලෙස සලකනවා. මීට සමානව ම numerophobia (අංක සඳහා ඇති බිය), Tetraphobia (අංක 4ට ඇති බිය) වැනි භීතිකාවන් සමාජයේ දක්නට ලැබෙනවා. මේ ෆෝබියාවන් ඇති බොහෝ දෙනෙක් එම අංක සහිත දේවල් මඟ හරිනවා උදාහරණයක් විදිහට ලැගුම්හලක තමන්ට ලැබෙන කාමරේ අංකය 13 වුණොත් එය ප්‍රතික්ෂේප කරන්නට ඔවුන් පෙළඹෙනවා.

Trypophobia

සිදුරු සහිත රූපවලට ඇති බිය- medicalnewstoday.com

අන්තර්ජාලයේ බොහෝ විට share වෙන සිදුරු සහිත රූප ඔබ දැකලා තියෙනවා ද? කුඩා සිදුරු සහිත රූප දැකීම තුළින් හටගන්නා භීතිකාව තමයි Trypophobia කියන්නේ. නමුත් මෙය නිල වශයෙන් ෆෝබියාවක් ලෙස නම් කර නැහැ. නමුත් දහස් ගණනක් මේ ගැන මැසිවිලි නඟන බව කියැවෙනවා. මී වද හි ඇති සිදුරු, කුඩා සිදුරු සහිත ශාක, හා ස්පොන්ච් වැනි දෑ නිසා මේ බිය හට ගන්නවා. මේ භීතිකාව නිසා සම කැසීම් වගේ ම ක්ලාන්ත වීම් සිදුවෙන්නත් පුළුවන්.

කවරයේ පින්තුරය: youtube.com

Related Articles