Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාවේ ජනාධිපති විය හැකි සහ විය නොහැකි කාට ද​?

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ඒ සමගම අපේක්ෂකයින් පිළිබඳව ද කතාබහ තීව්‍ර වනවා.

බහු පක්ෂ ක්‍රමයක් තිබුණ ද​, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන බලවේග ලෙස ක්‍රියාත්මක වූයේ නිදහසටත් පෙර 1946 දී පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය සහ 1951 දී පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. කෙසේ නමුත් මෑතක දී පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආගමනයත්​, 1999න් පසු පළමු වරට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට තරග කිරීමත් හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය පිළිබඳ අවධානය වැඩි වී තිබෙනවා.

පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ සිය අපේක්ෂකයන් නිවේදනය කර අවසන්. එමෙන්ම තවත් පක්ෂ කිහිපයක් ද සිය අපේක්ෂකයන් නම් කර අවසාන යි. එහෙත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවම (සැප්තැම්බර් 20 උදෑසන වෙද්දී) ඒ පිළිබඳ සඳහනක් කර නැහැ.

මේ සියල්ල මැද්දේ, ජනාධිපති විය හැක්කේ සහ විය නොහැක්කේ කවරෙක් ද යන්න පිළිබඳ සොයා බලන්න අපි තීරණය කළා.

මේ අනුව​, ජනාධිපති ධුරය දැරීම සඳහා විවිධ නිර්ණායක සලකා බැළුව ද​, ඒ සඳහා කිසිදු අධ්‍යාපනික හෝ වෘත්තිමය සුදුසුකමක් අවශ්‍ය නොවන බව පැහැදිලියි. ඒ වගේම​, මුදල් විසි කිරීම​, ජනප්‍රිය පුද්ගලයින් ඉදිරිපත් කරවීම​, වර්ගවාදී දේශපාලනය යනාදී කරුණු ද ජනාධිපතිවරණයක දී වැදගත් සාධක වෙන්නට ඉඩ තිබෙනවා. ඒත්, ඇත්තෙන්ම සිදුවිය යුත්තේ එය ද? ජනාධිපති කෙනෙකු වීමට අධ්‍යාපන හෝ වෙනත් නෛතික සුදුසුකම් වැදගත් නොවේ ද​? ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රගමනයට මෙවැනි කරුණු පිළිබඳ ඔබේ අදහස් ද වැදගත් වනවා ඇති.

Related Articles