දෙවන ලෝක යුද සමය පුරාවට ම තම සේවාවන් මිත්‍ර හා අක්ෂ පාර්ශවයන්ට සපයමින් ධනවත් වූ සමාගම් හතරක් පිළිබඳව “ලිස්ට්” තුළින් ගෙන ඒමට තීරණය කළා.
HUGO BOSS
HUGO BOSS යනු 1924 වර්ෂයේ දී ආරම්භ වුණු, අදටත් ලොව පුරා ජනප්‍රිය වෙළඳ නාමයක්. 1931 වන විට මෙම ව්‍යාපාරය බංකොළොත් වීමට ආසන්න වූ අතර එම කාලයේ දී සමාගමේ හිමිකරු, නාසි ව්‍යාපාරය හා එකතු වෙනවා.
1938 වසරෙන් පසු HUGO BOSS සමාගම විසින් නාසි හමුදාවට නිළ ඇදුම් මසා දීමේ කොන්ත්‍රාත්තුවක් භාර ගන්නවා. ඔවුන් ප්‍රධාන වශයෙන් SS හා වර්මාච් බලකා වෙත නිළ ඇදුම් සැපයීම සිදු කරනවා.
නාසි පක්ෂය විසින් මෙම සමාගමේ සේවය සඳහා සිරකරුවන් සැපයූ අතර, ඉන් වැඩි ප්‍රමාණයක් වූයේ ගැහැණු පාර්ශවය යි. දෙවන ලෝක යුද සමයේ සිරකරුවන් 140ක් පමණ මෙම ආයතනයේ සේවය කරනවා.
හිට්ලර් සමග පෞද්ගලික හිතවත්කමක් පැවැත්වූ ආයතනයේ හිමිකරු වන හියුගෝ බොස් (Hugo boss) දෙවන ලෝක යුද්ධ කාලය පුරා නාසි හමුදාවට නිළ ඇදුම් සපයමින් විශාල ලාභයක් ලබනවා. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් HUGO BOSS ආයතනය 2011 වසරේ දී ලෝක ජනතාවගෙන් සමාව අයැද සිටිනවා.
Coca-Cola
කෝක – කෝලා සමාගම මෙම සමයේ ඇමරිකාවට මෙන්ම ජර්මනියටත් තම සහයෝගය දක්වා තිබෙනවා. යුද්ධ කාලය අවසන් වනතුරුම ලෝකය පුරා විසිරී සිටින ඇමරිකානුවන්ට කෝක-කෝලා සැපයීම මෙම සමාගම විසින් සිදු කරනවා.
යුද්ධය ආරම්භයත් සමග අමරිකාව විසින් සියලුම ඇමරිකානු සමාගම් ජර්මනියෙන් ඉවත් කර ගන්නවා. නමුත් ජර්මනියේ කෝක-කෝලා නියෝජිතයා විසින් සමාගමේ අවසර ඇතිව ජර්මනිය තුළ ෆැන්ටා නිෂ්පාදනය ආරම්භ කරනවා. ෆැන්ටා කර්මාන්ත ශාලාවේ සේවය සඳහා යුදෙව් සිරකරුවන් විශාල ප්‍රමාණයක් යොදාගන්නා අතර යුධ සමය තුළ මිත්‍ර හා අක්ෂ පාර්ශව දෙකෙන්ම ලාබ උපයා ගැනීමට කෝක – කෝලා සමාගම කටයුතු කරන්නේ එලෙස යි.
IBM
IBM සමාගම නාසි ජර්මනියේ විවිධ ආකාරයේ දත්ත ගබඩාකරණය, දත්ත විශ්ලේෂණය වැනි කටයුතු සඳහා තම දායකත්වය ලබාදෙනවා. ඉන්ධන බෙදා හැරීම, කඳවුරු ගතකරන යුදෙව්වන් අංකකරණය කිරීම, හා ඔවුන්ගේ බැංකු ගිණුම්වල විස්තර ලබාගැනීම වැනි බොහෝ කාර්යයන් ප්‍රමාණයක් පරිගණක භාවිතා කරමින් සිදුකර තිබෙනවා.
තව ද පෝලන්තයේ යුදෙව් සිරකරුවන් විශාල ප්‍රමාණයක් IBM කර්මාන්ත ශාලාවල සේවයට යොදාගෙන තිබෙනවා. නමුත් මේ පිළිබඳව IBM සමාගම විසින් මේ වනතුරු ප්‍රසිද්ධියේ සමාව ගෙන නෑ.
Volkswagen
1930 වසර වන විට ජර්මනියේ මෝටර් රථ වෙළඳපොළේ සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනයට පමණක් අවධානය යොමු වී තිබූ බැවින් සෑම ජර්මානුවන් 50 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ යි මෝටර් රථයක් හිමිවන්නේ.
සාමාන්‍ය ජනතාවට භාවිතා කළ හැකි මොටර් රථයක් නිපදවීමට වෝක්ස් වැගන් කර්මාන්තශාලාවට භාර දෙන අතර යුද්ධය ආරම්භ වූ බැවින් මෙම රථ සාමාන්‍ය ජනතාව අතරට නොයන අතර ඒවා වැඩිපුරම භාවිතා කරන්නේ නාසි හමුදාවේ ඉහළ නිලධාරීන් විසිනු යි.
මෙම රථ නිෂ්පාදනය සඳහා 15,000ක් පමණ යුදෙව් සිරකරුවන් ප්‍රමාණයක් කම්කරුවන් ලෙස යොදාගනු ලබනවා. මෙම ක්‍රියාව පිළිබඳව වොක්ස්වැගන් සමාගම 1998 වසරේ දී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා.
Kodak
Kodak යනු ඇමරිකානු සමාගමක් වූ අතර දෙවන ලෝක යුද්ධයට ඇමරිකාව එකතුවීමත් සමග සියලුම ඇමරිකානු සමාගම් ජර්මනිය හා තිබෙන සියලු ව්‍යාපාරික සම්බන්ධතා අතහැර දමනවා.
නමුත් Kodak සමාගමේ ජර්මනියේ පිහිටි නියෝජිත ආයතනය නාසි ජර්මනිය සමග එකතු වී ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමට තම කැමැත්ත ප්‍රකාශ කරනවා. ඔවුන් විසින් හිට්ලර්ගේ පෞද්ගලික ආර්ථික උපදේශකයා වන විල්හෙල්ම් කෙප්ලර් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා.
ඔවුන් විසින් නාසි ජර්මනියට කැමරා, වීඩියෝ උපකරණ හා විද්‍යුත් උපකරණ ආදී බොහෝ දේවල් ප්‍රමාණයක් දෙවන ලෝක යුද්ධය අවසන් වනතුරු අලෙවි කිරීම සිදු කරනවා. මෙම කර්මාන්තශාලාවල යුදෙව් සිරකරුවන් 250ක් පමණ සේවය සඳහා යොදාගන්නවා.
පසු කාලයේ දී මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින Kodak සමාගම, එම කාලයේ සේවය කළ යුදෙව් ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කරනවා.