Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කෑමෙන් පසු අප කරන වැරදි දන්නවාද?

වර්තමානයේ බොහෝ පුද්ගලයින් කාර්යබහුල ජීවිතයක් ගත කිරීම නිසා සමබල  අහාර වේලක් ගැනීම මග හැරේ. ඔවුන් බොහෝ විට සුළු ආහාරයක් ලබා ගන්නා අතර ඇතැම් විට එය පෝෂණ ගුණයෙන් අඩු ශරීරයට අහිතකර ආහාර වේලක් විය හැක. මෙලෙස ලබාගන්නා පෝෂණ ගුණයෙන් අඩු ආහාර වේලේ ඇති සීමිත පෝෂණ කොටස් පවා අප කෑමට පසු අනුගමනය කරන වැරදි පුරුදු නිසාවෙන් විනාශ විය හැක. මෙම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ කෑමට පසු කිරීමට සුදුසු නොවන විවිධ ක්‍රියාවන් පිලිබඳ ව ඔබව දැනුවත් කිරීම යි.

කෑමට පසු පහත සඳහන් දෑ කිරීම සුදුසු නොවේ

  • ස්නානය කිරීම
  • තේ පානය
  • නින්දට යාම
  • නර්තනයේ යෙදීම
  • දුම් පානය
  • පලතුරු ආහාරයට ගැනීම
  • ව්‍යායාම කිරීම ඒවා වේ.

අප දැන් මේ එකිනෙකක් පිලිබදව විමසා බලමු.

ස්නානය කිරීම

naukrinama.com

නිතරම සිරුර පිරිසිදුව තබා ගැනීම හොඳ පුරුද්දකි. නමුත් ආහාර ගැනීමෙන් පසු මිනිත්තු 30-45 දක්වා කාල සීමාවේ ස්නානය කිරීම සුදුසු නොවේ. මෙලෙස ස්නානය කිරීම ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා ඇති කරයි. ආහාර ජීර්ණයට ශක්තිය අවශ්‍ය වන අතර මේ සඳහා අමාශයට  හොද රුධිර සංසරණයක් පැවතිය යුතුය. ස්නානය කිරීම නිසා සිරුරේ උෂ්ණත්වය පහල යයි. මෙය යථා තත්වයට පත් කිරීමට හොඳ රුධිර සැපයුමක් අවශ්‍ය වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම යි.

තේ පානය

femside.com

අප බොහෝ දෙනා කාර්යබහුලත්වය හේතුවෙන් උදෑසන ආහාර වේලත් සමග තේ කෝප්පයක් බීමට පුරුදුව සිටී. නමුත් ආහාර ගැනීමෙන් පසු තේ පානය යෝග්‍ය නොවේ. මෙමගින් ආහාර වල ඇති ප්‍රෝටීන් සංඝටක ජීර්ණය වීම අපහසු කරන අතර යකඩ ශරීරයට උරා ගැනීම සඳහා ද බාධාව කි. ආහාර වේලකින් පසු තේ පානය නිසා යකඩ ශරීරයට උරා ගැනීම 87% කින් අඩු වේ. ආහාර ගැනීමෙන් පසු තේ කෝප්පයක් රස විඳීම සඳහා පැයක පමණ කාලයක් වත් සිටීම නුවණට හුරු ය.

නින්දට යාම

youtube.com

කුස පිරෙන්නට හොද ආහාර වේලක් ගත් පසු නිදිමත හැදීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙය යහපත් සෞඛ්‍ය පුරුද්දක් නොවේ. විශේෂයෙන්ම රාත්‍රී ආහාරය ගැනීමත් සමග නින්දට යාම නිසා රෑ පුරාම ආමාශය ක්‍රියාකාරීව පවතී. මේ හේතුවෙන් ඔබට අපහසුවක් දැනීම, නිසියාකාරව නින්ද නොයෑම සිදු වේ.

මීට අමතරව අහාර වේලකින් පසුව තිරස් ඉරියව්වක සිටීම ආහාර ජීර්ණය ප්‍රමාද කරයි. මෙය බඩ පුරවා දැමීම හා පපුවේ වේදනාව ඇති වීමට හේතු වේ. මේ නිසා ආහාර ගැනීමෙන් පසු ආහාර බඳුන් පිරිසිදු කිරීම වැනි ක්‍රියාවක නිරත වී නිදිමත නැති කර ගැනීමෙන් බොහෝ ගැටළු මගහැර ගත හැක.

නර්තනයේ යෙදීම

ආහාර ගත් විගස නර්තනයේ යෙදීම වැනි ක්‍රියාවන් තුළින් ආහාර වල ඇති පෝෂ්‍ය කොටස් ශරීරයට උරා ගැනීම අපහසු කරයි. මේ නිසා ආහාර ගත් විගස නර්තන පුහුණු වීම් ආදියේ යෙදීම සුදුසු නොවේ.

දුම් පානය

http://www.euorhealth.com

දුම් පානය කවර වෙලාවක සිදු කළ ද ශරීරයට අහිතකර වේ. ආහාර ගැනීමෙන් පසු දුම් පානය කිරීමට නම් විනාඩි 20ක් වත් සිටිය යුතුය. ආහාර ජීර්ණ ක්‍රියාවලියට සිරුරේ ඇති පද්ධති සියල්ලක්ම පාහේ දායක වේ. දුම් වල නිකොටින් අන්තර්ගත වේ. ආහාර ගැනීමෙන් පසු නිකොටින් මුසු වාතය ආඝ්‍රාණය කිරීමෙන් ශ්වසන පද්ධතියේ කාර්යන් දෙගුණයකින් ඉහළ යයි. එවිට ආහාර ජීර්ණයට ඇති ශක්තිය ද ඒ සඳහා වැය වේ. මීට අමතරව දුම්කොළ වලට ආහාර වල ඇති විටමින් හා ඛනිජ උරා ගැනීමේ හැකියාවක් ඇත. ආහාර වේලකට පසු දුම් පානයෙන් සිදු වන්නේ එහි ඇති පෝෂණය නිකරුනේ විනාශ වීමයි. ආහාර වේලකට පසු එක සිගරට්ටුවක් පානය කිරීම සිගරට් 10ක් පානය කිරීම හා සමාන බව පැවසේ.

පළතුරු ආහාරයට ගැනීම

debts-renting.ml

පළතුරු යනු අප කවුරුත් ආහාරයට ගැනීමට කැමති පෝෂ්‍යදායි ආහාරයකි. ආහාර වේලකට පසු අතුරුපස ලෙස පළතුරු ආහාරයට බොහෝ දෙනෙක් හුරු වී සිටී. නමුත් නියම ලෙස පළතුරු කෑම කළ යුත්තේ ආමාශය හිස්ව තිබෙන අවස්ථාවකදී ය. පළතුරු ජීර්ණයට විවිධ එන්සයිම අවශ්‍ය වේ. මිට අමතරව පළතුරු වල ඇති සීනි සම්පුර්ණයෙන් අවශෝෂණය වීමට කාලය අවශ්‍ය වේ. ආහාර වේලකට පසු ක්ෂණිකව පළතුරු ආහාරයට ගැනීමෙන් ඒවා ආමාශය තුළ  අනවශ්‍ය වෙලාවක් රැඳී තිබේ. මේ නිසා ඒවා ආමාශය තුළ පල් වීමට ලක් වේ. මෙය අපගේ සෞඛ්‍යයට එතරම් යහපත් නොවේ.

ව්‍යායාම කිරීම

sg-fitclub.com

ව්‍යායාම යනු නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයකි. ව්‍යායාම කිරීම තුළින් ශරීරයේ ඇති විය හැකි බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට හැක. නමුත් ආහාර වේලක් අවසානයේ ව්‍යායාම කිරීමෙන් ආමාශයේ වේදනාව හා කෙණ්ඩා පෙරළීම සිදු විය හැක. මේ නිසා ආහාර ගැනීමෙන් පසු ව්‍යායාම කිරීමට නම් පැය දෙකක් වත් සිටිය යුතු ය. එසේම රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු ව්‍යායාම කිරීමෙන් නින්ද ක්‍රමවත් කිරීමට උපකාරී වන මෙලටෝනින් නැමති හෝමෝනය නිකුත් කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවයි. සුවදායක නින්දක් නොලැබීම සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ.

කවරයේ පින්තුරය – rd.com

මුලාශ්‍ර

තරුණි පුවත්පත, 48 වැනි ඛාණ්ඩය, 11 වැනි පත්‍රය, වර්ෂ 2017 සැප්තැම්බර් මස 20 වන බදාදා

Related Articles