Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Wireless Mi Security කැමරාව සමඟ ගෙදර CCTV එක ඔබ ම සවිකර ගන්න

CCTV සේවා සඳහා ඉතා අධික මිලක් වියදම් කරන්නට සිදු වෙනවා වගේ ම, බිත්ති පුරා වයර් අදින්නට සිදුවීමත්, උපාංග සම්බන්ධ කිරීමත් සඳහා විශාල ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. බිත්ති කැඩීම නිසා ගේ පුරා දූවිලි ඇති වෙනවා. කැමරා සඳහා අඛණ්ඩ ව විදුලිය සැපයීමට ඉන්වර්ටර්-බැටරි පද්ධතියක් ද සවි කිරීමට සිදුවන අතර, ඒ වෙනුවෙන් විශාල අමතර වියදමක් දරන්නට සිදු වෙනවා. ඒ සියල්ල අවසානයේ ඔබට ලැබෙන්නේ 2MP තරම් අඩු වීඩියෝ ගුණාත්මක භාවයක් ඇති කැමරාවක් පමණ යි. එවිට ලැබෙන දර්ශන පැහැදිලි ව දකින්නට නොහැකි වීමෙන් කරදරයක් සිදුවූ දිනෙක CCTV එක නමට පමණක් සීමා වෙනවා. ඒ සඳහා ඔබ දැරූ සම්පූර්ණ වියදම වතුරේ යනවා.

මේ සියල්ලට විසඳුම Mi Wireless Outdoor Camera පද්ධතිය යි. වයර් කරදර කිසිවක් නොමැතිව, ඉන්වර්ටර්වලට වියදම් නොකර, පහසුවෙන් ඔබට තනිව ම CCTV පද්ධතියක් සකසා ගන්නට එය සහාය වෙනවා. මෙම කැමරාව රැහැන් රහිත ව Indoor Unit එකක් සමඟ සම්බන්ධ වන අතර, දින 90ක බැටරි ආයු කාලයකින් සමන්විත යි.

සකසා ගැනීම පහසුයි

Indoor Unit එකෙහි පසුපස පෙනුම – mi.com

Mi Home ඇප් එක දාගෙන Indoor unit එකේ QR කේතයත්, කැමරාවේ QR කේතයත් ස්කෑන් කළා ම ඒවා එකිනෙක සම්බන්ධ වෙනවා. කැමරාව අවශ්‍ය ස්ථානයේ සවිකරන්නට පමණයි දැන් තිබෙන්නේ. එය එතරම් ම පහසු යි. කැමරාව Wireless නිසා Indoor Unit එකට සම්බන්ධ වෙනවා. Indoor Unit එක WiFi හෝ Ethernet කේබලය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා දින 3ක් පුර‍ාවට රෙකෝඩ් කරගත් වීඩියෝ Cloud එකේ තබා ගන්නවා.

මෙම Indoor Unit එකට කැමරා 4ක් දක්වා සම්බන්ධ කරන්න පුළුවන් නිසා පසු අවශ්‍යතා අනුව කැමරා ගණන වැඩි කරගත හැකි යි. මෙයට පෙන් ඩ්‍රයිව්, මෙමරි චිප් සම්බන්ධ කරන්නටත් හැකියාව තිබෙනවා. Power ලබා ගන්නේ USB-C port එකකින්.

කැමරාව හොරු ගනීවිද?

කැමරාවට හානියක් වුවහොත් ඒ බව දැනුම් දෙනවා – mi.com

ගෙදර ආරක්ෂාවට කැමරාවක් දැම්මත්, අන්තිමට කැමරාව හොරු අරන් ගියොත් ඒ තරම් අපහාසයක් තවත් නැහැ. එනමුත් Motion Detection සමඟ කැමරාවේ සුළු හෝ වෙනසක් ඇති වුවහොත් වහාම ඒ බව දැනුම් දීමේ හැකියාව Mi කැමරාවට තිබෙනවා.

මෙහි තිබෙන ඇණ සොරකම් කිරීමට නොහැකි ආකාරයෙන් සකසා තිබෙනවා වගේම, gyroscope එකකුත් තිබෙන නිසා කැමරා උපාංගය සෙලවීමකට ලක්වුණත් එය detect වෙනවා. මේ නිසා කෙනෙක් එය ගලවන්නට උත්සාහ කරද්දී අපට ඒ බව දැනගන්නට පුළුවන්. Intercom එක නිසා නිවසේ හෝ ලොව ඕනෑම තැනක සිට ඇප් එක හරහා කැමරාවේ ස්පීකරයෙන් ඔබට කතා කරන්න පුළුවන්. Voice changer එකකුත් තිබෙන නිසා ඔබේ සත්‍ය කටහඬ නිරාවරණය නොකර කතා කරන්නත් පුළුවන්.

ඉතින් ඔබ කැමරාව ගලවන්න යද්දී ඔබ ම හොරෙක් යැයි හසුවීම වලක්වා ගන්නට, මුලින් Anti-theft සැකසුම disable කළ යුතු වෙනවා. ඉන්පසුවයි චාර්ජ් කිරීම සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා කැමරාව ඉවත් කළ යුත්තේ. 5700mAh බැටරිය දින 90ක් දක්වා පවතින නිසා නිතර එසේ කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ.

ඊට අමතරව මීටර් 7ක් දක්වා PIR human detection තිබෙන නිසා අසාමාන්‍ය ලෙස උෂ්ණත්ව වෙනස් වීමක් හෝ අසාමාන්‍ය සිදුවීමක් සිදුවූ වහා ඔබට notification එකක් ලැබෙනවා. 

ඕනෑම කාලගුණ තත්වයකට ඔරොත්තු දෙයි

අව්වට වැස්සට ඔරොත්තු දෙනවා  – mi.com

Mi කැමරාව IP65 rating එකක් තිබෙනවා. ඒ කියන්නේ, ආගන්තුක වස්තු, විදුලි සන්නායක හෝ චලනය වන කොටස්, දූවිලි, මිනිස් ස්පර්ශය වගේ පරිපථයට හානි කළ හැකි දේවල්වලින් එය සම්පූර්ණයෙන් ම ආරක්ෂා වෙනවා. එහි ඇති “6” ඉලක්කමේ අදහස් වෙන්නේ මේ සම්බන්ධ ඉහළ ම ආරක්ෂාව යි. ඒ වගේම “5” ඉලක්කමෙන් කියවෙන්නේ ජලය ඉසීම්, වැස්සෙනුත් එය ආරක්ෂා කර තිබෙන බව යි.

සෙල්සියස් අංශක -20 සිට 50 දක්වා ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙන නිසා අව්වෙන් හානියක් සිදුවන්නේත් නැහැ. මේ සියල්ල කැටිවුණා ම ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වවල දී වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාව මේ කැමරාවට තිබෙනවා.

HD Quality view එකක්

සුපැහැදිලි රාත්‍රී මෙන්ම දිවා දර්ශන – mi.com

1080p වීඩියෝ Quality එකක් සමඟ ඉතා සුපැහැදිලි දර්ශන පටිගත කරන්නට Mi Wireless Outdoor Camera පද්ධතිය සමත් වෙනවා. මේ නිසා ඉතා හොඳින් මුහුණු බලා ගන්නට හැකියාව ලැබෙන අතර අංශක 130ක wide angle එකක් තිබෙන නිසා වැඩි ප්‍රදේශයක් ආවරණය කරන්නටත් හැකියාව තිබෙනවා.

වැඩි වීඩියෝ quality එකක් කියන්නේ වීඩියෝ upload වෙන්නත් ලොකු වෙලාවක්, ලොකු data ප්‍රමාණයක් වැය වේවිද? කොහෙත්ම නැහැ. මෙහි Indoor Unit එකේ H.264 encoding ක්‍රමය පාවිච්චි කරන්න නිසා සාමාන්‍ය H.265ට වඩා 50%කින් storage සහ bandwidth ප්‍රමාණය අඩු වෙනවා.

F 2.1 aperture එකක් ඇති මෙය රාත්‍රියේදී පවා ඉතා සුපැහැදිලි දසුන් ලබා ගන්නට සමත් වෙනවා. Smart Night Vision හැකියාව නිසා මීටර් 7ක් දක්වා හොඳින් noise අඩුවී grayscale වීඩියෝ එකක් ලැබෙනවා.

Mi Wireless Outdoor Security Camera 1080p කැමරාව සහ Indoor Unit එක රු. 24,500කට Dialog Smart Home වෙබ් අඩවියෙන් මිලදී ගෙන, නිවසට ම ගෙන්වා ගන්නට පුළුවන්. මිලදී ගැනීමට මෙතන ක්ලික් කරන්න.

Related Articles