දත් බුරුසු මෙන්ම දත් බෙහෙත් භාවිතයට පෙර කාලයේ පටන්ම අතීත මුතුන් මිත්තන් තමන්ගේ දන්ත සෞඛ්‍යය ගැන සැලකිලිමත් වුණා. අදට වඩා ආහාර රටාවන් එකල වෙනස් වූවත් දත්වලට වින කටින බැක්ටීරියාවන් තමන්ගේ රාජකාරිය අත් නොහරින නිසා දත් දිරායාම් වලින් ඇතිවන වේදනාවන් කලින්ම වළක්වා ගන්නට තමන්ගේ දත් පිරිසිදුව තබා ගත යුතු බව අතීත වැසියන් දැන සිටියා. අවුරුදු මිලියන 3.5ක් තරම් ඉපැරණි කාලයේ සිටි වලසකුගේ ෆොසිලයකින් තහවුරු වූයේ එකල සතුන්ට පවා දත්රෝග තිබූ බව යි. ස්වාභාවික ආහාර රටා පවත්වන සතුන්ටත් එවන් ඉරණමක් අත් වෙනවා නම්, ඍජුවම සීනි ආහාර දත් අතරින් යවන අප ගැන කවර කථා ද?
මුල් කාලිනව තම දත් සහ විදුරුමස් පිරිසිදුව තබා ගැනීමට, කටෙන් ඇතිවන දුගඳ නැති කරගැනීමට මිනිසා විවිධ ක්‍රම අනුගමනය කළා. උපකරණ බිහි වන්නට පෙර දත්වල බැඳුණු දේවල් යවන්නට ඔවුන් රළු රෙදි කැබැල්ලක් සහ ජලය පාවිච්චි කළා. ලුණු හෝ රටහුණු දත් බෙහෙත් ලෙස පාවිච්චි කළා. දත් මැදීමේ උපකරණ ක්‍රි.පූ. 3500-3000 දක්වා අතීතයට දිවෙනවා. බැබිලෝනියානුවන් මෙන්ම ඊජිප්තු වැසියන් කෝටු සපා හෝ තලා ඒවායෙන් බුරුසු සකසාගෙන දත් පිරිසිදු කර ගත්තා. අතීත ඊජිප්තු සොහොන්වල තිබී එලෙස සැකසූ කෝටු හමුව තිබෙනවා. ක්‍රි.පූ. 1600 පමණ කාලයේ, චීනයේ සුවඳැති ශාකයකින් ගත් රිකිලි වලින් මුඛ දුර්ගන්ධය මකන “සැපුම් කූරු” සකසාගෙන තිබෙනවා.
යුරෝපීයයන්, මැද පෙරදිග හා බටහිර අප්‍රිකානුවන් ද සැපුම් කූරු පාවිච්චි කළා. සෝල්ට්බුෂ් හෙවත් දත්බුරුසු ගස, දෙහි, සහ දොඩම් ගස් ඔවුන් ඊට යොදාගත් අතර, ඉන්දියාවේ කොහොඹ ශාකයත්, ලංකාවේ බෝඹුකෝටුත් දත්කූරු සඳහා ප්‍රසිද්ධියක් දරනවා. අප්‍රිකාවේ පාවිච්චි වන බුරුසු පැන්සලක් තරම් මහත කෝටු යි. සැපීමෙන් පසු ඒවා කොසු ආකාරයට පත්වන අතර අනතුරුව දත් මත ඇතිල්ලීමෙන් බුරුසුවක් මෙන් මැදීම සිදු කරනවා. දත් බුරුසු වලට වඩා මිල අඩු බව, දුම් පානයෙන් මිදීමට මෙම කෝටු සැපීම හා භාවිතය උපකාර වීම මෙන්ම එම ශාකවල ඇති බැක්ටීරියා නැසීමේ හැකියාවන් සහ ප්‍රදාහයන් නවතාලීමේ ගුණාංග නිසා අදටත් ඒවා අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල භාවිතයට ගැනෙනවා.
දත් බුරුසුව චීනයෙන් සොයාගත් බවට විශ්වාස කරනවා. එහි ස්වාභාවික බුරුසු කෙඳි යොදා තිබුණා. 15වන සියවසේදී සකසන ලද මේ බුරුසු ඌරන්ගේ ගෙලෙන් ගලවා ගත් දැඩි කෙඳි, ඇටකටුවකට හෝ උණ ලීයකට සවි කිරීමෙන් සකසා තිබුණා. සේද මාවත හරහා මෙය යුරෝපයට ආ අතර පසුව එයට අශ්ව කෙඳි සවි කර භාවිතයට ගැණුනා. මෘදු අශ්ව කෙඳි වලට අමතරව ඇතැම් යුරෝපීය නිපැයුම්වල පිහාටු ද පාවිච්චි කෙරුණා. එංගලන්තයේ විලියම් ඇඩීස් විසින් 1780 කාලයේ දී නූතන දත් බුරුසු ආකෘතිය නිපැයූවා. එය ගවයකුගේ අස්ථියකට ඌරු කෙඳි සවිකරමින් තැනූවක්. 1944 දී පේළි තුනක කෙඳි යෙදු බුරුසුව නිපැයුණා. 1938 දී නයිලෝන් කෙඳි භාවිතයත් සමග ස්වාභාවික කෙඳි යෙදීම අවසන් කෙරුණා.
මුඛයේ නැවුම් බව පවත්වා ගන්නට චීනයේ කරාබු නැටි තෙල් භාවිතයට ගැණුනා. හන් රාජවංශික පාලකයන් හමුවීමට පෙර කරාබු නැටි සපා මුඛ දුර්ගන්ධය නැති කර ගැනීම අනිවාර්ය කර තිබුණා. මුස්ලිම් වෙළඳුන් මධ්‍යතන යුගයේ දී කරාබු නැටි වෙළඳාමේ යෙදුණු බව ඉබන් බතූතා සහ අරාබි නිසොල්ලාසය සඳහන් කරනවා. කරාබු නැටි තෙල්වල ප්‍රතිබැක්ටීරිය සහ වේදනා නාශක ගුණයන් මෙන්ම සුගන්ධවත් බව අතීතයේ වැසියන් පවා හොඳින් දැන සිටියා. නූතනයේ ඉන්දුනීසියාව, මැඩගස්කරය, පකිස්ථානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව කරාබු නැටි වගාවට දායක වෙනවා.
දත් දිරායාම, දත්වල වේදනාව හා ඉදිමුම වැනි මුඛ රෝගවලට මෙන්ම ආහාර දිරවීමේ ගැටලු, දියවැඩියාව, ශ්වසන ආසාදන වලට ද ක්ෂණික සහනයක් දෙන්නට කරාබු නැටි හොඳ අත් බෙහෙතක්. නිවසේදීම මුඛ සෝදනයක් (mouth wash) හදා ගන්නට මෙහෙම කරන්න: කරාබුනැටි තෙල් බිංදු කිහිපයක් ජලය තේ හැඳි 2ක් සමග මිශ්‍ර කර, ඉන් මුඛය සෝදාහරින්න. කරාබුනැටි තෙල් වලින් ලැබෙන මේ වේගවත් සහනයට හේතුව එය සතු ඉයුජිනෝල් සංයෝගය යි. කරාබුනැටි තෙල් නොමැති අවස්ථාවක දී කරාබු නැටි කැබැල්ලක් සපා මුඛයේ වේදනාකාරී ස්ථානයේ තබන්නටත් පුළුවන්. එමඟින් මුඛයේ ඇති බැක්ටීරියා මර්දනය කරමින්, ප්‍රදාහ තත්ත්ව සමනය කරමින් වේදනාව ද නසාලන්නේ මුඛය තුළ නැවුම් බවක් හා සුවඳක් ද රඳවමින්.
කරාබුනැටි සතු මේ මැජික් එකට, එහි අඩංගු ඉයුජිනෝල් සංයෝගය බෙහෙවින් දායක වෙනවා. දේහ කොටස් ඉදිමීම් ඇතිකිරීම සමනය කරන්නට කරාබු නැටිවල අඩංගු ඉයුජිනෝල් සමත් වන බව විද්‍යාගාර මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් සොයා ගනු ලැබුවා. ඉන් ඉයුජිනෝල් මඟින් වේදනා ප්‍රතිග්‍රාහක මත බලපාමින් ඉන් ඇතිවන වේදනාවන් ද සමනය කරන බව පිළිඹිබු වුණා. මේ අතීතයේ පටන් ජනතාව දැන සිටි අපූරු දත් බෙහෙත තවත් වැඩි වර්ධනය කරමින් නවතම ක්ලෝගාඩ් වැනි නිෂ්පාදනයන් දන්ත සෞඛ්‍යය රැකගන්නට දායක වෙනවා. ඒවායේ ඇති ස්වාභාවික කරාබුනැටි සංයෝගය නිසා මුව නැවුම්ව තබමින් 99%ක විශබීජ නාශන ගුණයක් ලබාගන්නට පුළුවන් බවයි කියැවෙන්නේ.