ඇත්තටම ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට අපිට මේ රෝගය පිළිබද භීතිකාව ඇති කරන්නේ වෙළද දැන්වීම් වලින්. වෙළද දැන්වීම් මගින් ප්‍රචාරය කරන විදියට නම් මේ රෝගය හැමෝටම හැදෙන එකක්.
ඔස්ටියෝපොරෝසිස් වලට අපේ අය අනවශ්‍ය විදියට බයවෙලා ඉන්නේ.ඇත්තටම ඔස්ටියෝපොරෝසිස් වලින් මිදෙන්න මොනවද අපි කරන්න ඕන.අපි ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කැල්සියම් වැඩිපුර ගත්තාම මේ කියන රෝගය හැදෙන්නේ නැද්ද,ඒහෙම නැත්තම් අපි ඔස්ටියෝපොරෝසිස් භීතිකාව නැති කරන්න මොනවද කරන්න ඕන,ඔස්ටියෝපොරෝසිස් හැදෙන්න වැඩි සම්බවිතාවක් තියෙන්නේ කාන්තාවන්ටද, මෙන්න මේ දේවල් ගැන ටිකක් කතා කරන්නයි අපි අද හිතුවේ.කලින් ඔස්ටියෝපොරෝසිස් හැදීමේ වැඩි ප්රවනතාවක් තිබුනේ වයසක අයට.එත් දැන් අනිත් සැම රෝගයක් වගේම මේ ලෙඩෙත් වයස් සීමාවක් නැතිව හැදෙන්න පටන් අරන් තියන්නේ.ඉතින් අපි අද මේ ගැන කතා කරන්න හිතුවෙත් අන්න ඒ නිසයි.
ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකක්ද?
ඔස්ටියෝපොරෝසිස් කියන්නේ ශරීරයේ අස්ථි වලින් කැල්සියම් ඉවත් වීම නිසා අස්ථි ඝනත්වය අඩුවීමෙන් ඇතිවන රෝගී තත්වයක්. මේ වචනය සැදිලා තියෙන්නේ ඔස්ටියෝ සහ පොරස් කියන වචන දෙක එකතු වීමෙන්. ග්‍රීක භාෂාවට අනුව ඔස්ටියෝ කියන්නේ අස්ථි, පොරස් කියන්නේ සිදුරු ඇති වීම එහෙම නැත්තම් ක්ෂය වීම කියන එකයි .
ඒ කියන්නේ අස්ථි වලින් කැල්සියම් ඉවත් වීම නිසා ඒවායේ ඝනකම අඩුවීමෙන් අස්ථි පහසුවෙන් බිදියාමට හැකියාවක් තියනවා. අස්ථි වලින් කැල්සියම් ඉවත්ව යන්නේ අප ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලියක් නිසා.මේ ක්‍රියාවලිය ජිවිත කාලය පුරාවටම සිදුවන නිසා වයස් ගත වනවිට පහසුවෙන් වැළදෙන රෝගී තත්වයක් කියලත් කියන්න පුළුවන්.කොහොම වුනත් අපිට මේ රෝගී තත්වය නැති කරන්න පුළුවන්.අන්න ඒ කොහොමද කියලා මේ ලිපිය කියවලා ඉවර වෙනවිට දැනගන්න පුළුවන්.
කැල්සියම් සහ මිනිස් ශරීරය.
කැල්සියම් කියන්නේ මිනිස් ශරීරයට අත්‍යාවශ්‍ය ඛනිජයක්,මොකද අපි පොඩි කාලේ ඉදලම දන්නවා කැල්සියම් උනතාවය නිසා දත් වල රෝගී තත්වය වගේම අස්ථි වල රෝගී තත්වය හටගන්න පුළුවන් කියලා.ඒ කියන්නේ අපිට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය අපි සපුරා ගත යුතුයි.අපේ ශරීරයේ තියන කැල්සියම් වලින් 95%කටත් වඩා වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙන්නේ අපේ ඇටකටුවල සහ දත් වල.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දිනකට වැඩිහිටියෙකුට කැල්සියම් මිලිග්‍රෑම් 500 පමණ අවශ්‍ය වෙනවා. එත් මිනිස් ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය අපිට එකපාර ලබාගන්න බැ.මොකද ඒහෙම කියන්නේ ශරීරයට එක් වතාවකදී අවශෝෂණය කරගන්න පුළුවන් කැල්සියම් ප්‍රමාණයක් තියනවා,එක නිසා අපිට දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය එකපාර අරගන්න බැ.
කැල්සියම් ලබා ගන්න කිරි බොන්නම ඕනද?
හාවඩ් විශ්වවිද්‍යාලයේ වයස අවුරුදු 34ත් 59ත් අතර කාන්තාවන් 80000 අසන්න ප්‍රමාණයක් ගෙන සිදුකරන ලද පරීක්ෂණයකට අනුව කිරි හා කිරි ආශිත අහාර මුලික කරගත් කැල්සියම් ලබාගන්නා කාන්තාවන්ගේ අස්ථි බිදී යාමේ ප්රවනතාවය වැඩි බවයි.මෙයට හොදම උදාහරණය වන්නේ කළු ජාතිකයන්ය,සාමාන්‍ය කළු ජාතිකයන් කිරි නොබෝති.එයට හේතුව වන්නේ ඔවුන්ට කිරි දිරවා ගැනීමට අවශ්‍ය ලක්ටොස් එන්සයිමය නැති නිසා කිරි පානය කිරීමෙන් යම් යම් රෝග ඇති වෙන නිසාවෙනි.එහෙත් මොවුන්ට මෙවැනි රෝග නැත.වෛද්‍යවරයන් පවසන පරිදි අප්‍රිකානු බන්ටු නම් ගොත්ත්රීකයන් කිරිපිටි පානය නොකරන අතර එම ගොත්ත්රයේ කාන්තාවන් හට මේ කියන ඔස්ටියෝපොරෝසිස් රෝගයද වැළදෙන්නේ නැත.ඔවුන් දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබාගන්නේද ශාක අහාර වලිනි.එසේනම් ඔස්ටියෝපොරෝසිස් සහ කිරිපිටි අතර ඔය කියන තරම් සම්බන්ධතාවක් පෙනෙන්නට නැත.
ලොව වැඩියෙන්ම කිරි පානය කරන්නේ උතුරු ඇමරිකානුවන් වේ.එහෙත් ඉහත අපි සදහන් කරන ලද ඔස්ටියෝපොරෝසිස් රෝගය වැඩියෙන්ම වැළද ඇත්තේද උතුරු ඇමරිකානු කාන්තාවන්ට වේ. එසේනම් කිරිපිටි දැන්වීම් මගින් මේ සිදුකරනේ අසත්‍ය ප්රචනයක්ද?,කෙසේ වෙතත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට විසදුම වන්නේ ගන්න ආහාරයේ අඩංගු කැල්සියම් ප්‍රමාණය නොව ශරීරයට සැබවින්ම අවශෝෂණය කරගත හැකි කැල්සියම් ප්‍රමාණයයි. මේ නිසා රෝගයෙන් වැළකීමට කිරිබද්දන් වී පලක් නොමැත.
කිරි බොන්න එපානම් අවශ්‍ය කැල්සියම් ලබා ගන්නේ කෙසේද?
මේකට පිලිතුර නම් මෙසේ කිව හැක. අලියා,එළදෙන වගේ හැම සතෙක්ම අවශ්‍ය කැල්සියම් ලබා ගන්නේ කිරි වලින්ද, නැත.ඔවුන් අවශ්‍ය කැල්සියම් ලබා ගන්නේ ශාක භක්ෂණය මගින්ය. එත් ඔවුන්ගේ අස්ථි ප්‍රමාණය අපිට වඩා විශාලත්වයෙන්ද වැඩිය.ඔවුන් අපි වගේ වැඩිහිටි වියේදී තවත් සතෙකුගේ කිරි බොන්නේද නැත,මන් ඇ සතුන් අපිට සමාන කළේ නැත,උදහනයක් ගත්තේ,කොහොම උනත් ඇත්ත මේකයි, ඉතින් අපි බොහෝ දෙනෙකු ආහාරයට ගන්නා පලාකොල,කුඩා මාළු,සහල් ආදියෙහි අපට අවශ්‍ය කැල්සියම් ඕනෑ තරම් තිබේ, එතින් කැල්සියම අඩංගු කිරිබිමට මුදල් නාස්ති කලයුතු නැති අතර කැල්සියම් බහුල කිරි බිමට නැතැයි කනස්සලෙන් සිටිය යුතුද නැත.
කැල්සියම් වැඩියෙන් ගත්තත් හොද නැ.
අපි ඉතින් කතාවටත් කියනවනේ ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැ කියලා, එක ඉතින් ඕනෑම දෙකට පොදුයි,මතක ඇතිනේ අපිට පොඩි කාලේ උගන්වනවා,අයඩින් අඩු උනාම ගලගණ්ඩය,අයඩින් වැඩි උනාම අධි අක්ෂිය,අන්න ඒ වගේ කැල්සියම් අඩුවෙන එක වගේම කැල්සියම් වැඩියෙන් ගන්න එකත් හොද නැ,මොකද එහෙම කියන්නේ, හරිනම් කැල්සියම් වැඩියෙන් ගත්තාහම අස්ථිවල ඝනත්වය වැඩි වෙලා අස්ථි කැඩීම එහේම නැත්තම් අස්ථි සිදුරු වීම අඩුවෙන්න ඕනි,එත් අපි වැඩිපුර කැල්සියම් ලබගත්තහම ඒ වැඩිපුර ගන්න කැල්සියම් තැන්පත් නොවිය යුතු මෘදු පටක වල තැන්පත් වීම නිසා ඔස්ටියෝපොරෝසිස් කොහොම වෙතත් අත්රයිටිස්,වකුගඩුවල ගල්,එහෙම නැත්තම් රුධිර නාල වල යම් යම් රෝග ඇති වීමේ අවදානමක් තියනවා.අන්න එක නිසා කැල්සියම් වැඩිවෙන එකත් හොද නැ.
සත්ව ප්‍රෝටීන ලබාගන්න අයගේ උකුළු ඇටය බිදීමේ අවධානම වැඩියි.
වසර කිහිපයකට පෙර සිදුකරන ලද පරේෂණයකට අනුව ශාක ප්‍රෝටීන ලබාගන්නා කාන්තාවන්ට වඩා සත්ව ප්‍රෝටීන ලබාගන්නා කාන්තාවන්ගේ උකුළු ඇටය බිදීමේ හැකියාව වැඩි බව සොයාගෙන ඇත.ඒ කොහොමද?,
අපි මුලින් කයපු විදියට මේ රෝගය හැදෙන්නේ අස්ථිවල කැල්සියම් ඉවත් වීම නිසා, ඇයි මේ අස්ථිවලින් කැල්සියම් ඉවත් වෙන්නේ,අපි එහෙම අස්ථි වලින් කැල්සියම් ඉවත්ව යන එක අඩු කරනම් හරි නේද,ප්‍රධාන වශයෙන් අස්ථිවල තියන කැල්සියම් ඉවත්ව යන්නේ, අපි ගන්න සත්ව ප්‍රෝටීන දිරවිමේදී ශරීරයේ ආම්ලික තත්වයක් ඇති වෙනවා,මෙන්න මේ ආම්ලික තත්වය සමනය කරන්න තමයි මේ විදියට අස්ථිවල තියන කැල්සියම් ඉවත්ව යන්නේ,ඉතින් අපි වැඩිපුර සත්ව ප්‍රෝටීන ගන්න තරමට අස්ථිවල තැන්පත් වෙලා තියන කැල්සියම් ඉවත් වීමත් සිදු වෙනවා.ඉතින් ජිවිත කාලයේම මේ ක්‍රියාවලිය සිදු වෙනකොට වයස්ගත ගොඩක් අයට ඔස්ටියෝපොරෝසිස් හැදෙන එක පුදුමයක් නෙවෙයි නේද.
එහෙනම් ඔස්ටියෝපොරෝසිස් වලක්වා ගන්න මොනවද කරන්න ඕනි.
අපි මුලින් කියපු සත්ව ප්‍රෝටීන ගන්න ප්‍රමාණය අඩු කරන්න, සොයා ප්‍රෝටීනවල සල්ෆර් ඇමයිනෝ අම්ල අඩු නිසා සත්ව ප්‍රෝටීන දිරවිමේදී වඩා අඩු කැල්සියම් ප්‍රමාණයක් ඉවත් වීමෙන් සොයා ප්‍රෝටීන දිරවීමේ හැකියාව තියනවා.එහෙනම් කල යුත්තේ කිරි බිම නොව ශරීරයට අවශ්‍ය කැල්සියම් සහ අනෙකුත් පොෂ පදාර්ථ ශාකමය අහාර වලින් ලබාගැනීම වේ,ඒ වගේම තමයි ඔස්ටියෝපොරෝසිස් වලක්වා ගන්න කැල්සියම් විතරක් තිබිලා මදි කැල්සියම් වගේම අවශ්‍ය ප්‍රමාණයට විටමින් ඩි ත් ප්‍රයෝජනවත් වෙනවා.
ඒ වගේම තමයි ව්‍යයායාම කිරීමත් ගොඩක් වැදගත් දෙයක් තමයි මේ රෝගය වලක්වා ගන්න. අනිත් දේ තමයි,දුම් පානය සහ මධ්‍යසාර වලින් වැලකි සිටීමෙන්ද ඔස්ටියෝපොරෝසිස් වැළදීමේ හැකියාව අඩු කරගන්න ගොඩක් වැදගත් වෙනවා.එහෙම නැතුව කෝකටත් තෛලය කිරිපිටි කියලා කිරිපිටි බොන්න යන්න එපා.අනිත් එක තමා ලෙඩක් හැදුනම එක හොද කරන්න මුදල් ගියාට ලෙඩක් හදාගන්නේ නැතුව ඉන්න මුදල් වය කරන්න ඕනි නැ,කොහොම උනත් පිළිගන්න අකමැති ඇත්ත තියනවා අන්න ඒ වගේ දෙයක් තමයි මේ..
මුලාශ්‍ර –
- “කිරි වස කළෝ කවුරුහුද?”(වෛද්‍ය අචල ජයතිලක)
- 2008 Chinese Milk Scandal – Wikipedia
කවරයේ පින්තුරය – JustDoc Blog