කොළඹ නගරය දැන් සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, ඉහළ පෙළේ හෝටල් සහ අවන්හල්වලින් පිරී යමින්, නවමු නාගරික අත්දැකීමක් නිර්මාණය කරමින් පවතිනවා. නගරය දේශීය හා අන්තර්ජාතික වශයෙන් ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වූවත්, ඉඩකඩ සම්බන්ධ විශාල ගැටළුවක් ඇති බව පෙනී යනවා. මෙයට විසඳුමක් ලෙස පසුගිය වසරවල සිටම කොළඹ නගරය දැවැන්ත ගොඩනැගිලිවලින් පිරී යනු දකින්නට ලැබුණත් එය අපේ රටට වඩාත් සුදුසු ක්‍රමයක් ද නැද්ද යන්න බොහෝ දෙනෙක්ට නැගෙන ප්‍රශ්නයක්.
අනාගත මිනිස්සු ජීවත් වෙන්නේ කොහි ද?
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මානව සංවර්ධන වාර්තාව දක්වන්නේ, “ආර්ථික වර්ධනය කෙළවර වන්නේ මානව සංවර්ධනයෙහි අග්‍ර තලයෙන්” බව යි. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර වැඩි ජනගහනයක් කේන්ද්‍රගතව සිටින නගර අලංකාර කිරීම සඳහා මිලියන ගණන් ආයෝජනය කරමින් පවතිනවා.
ජනගහනයෙන් 15%කට වැඩි ප්‍රමාණයක් දැන් නාගරික ප්‍රදේශවල පදිංචි වී සිටින බැවින් නාගරික ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. ගොඩනැගිලි සහිත ප්‍රදේශ 1995 දී 41km2 සිට 2017 දී 281km2 දක්වා වර්ධනය වූ අතර, නිදහස් පරිසරය 125km2 සිට 10km2 දක්වා අඩුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නාගරික ව්‍යාප්තිය එතරම් ඉහළ අගයක් ගන්නා නමුත්, කොළඹින් සුදුසු නිවසක් සොයා ගැනීම අපහසු වන්නේ ඇයි?
කොළඹට සහ එහි තදාසන්න ප්‍රදේශවලින් පිටත ජීවත් වන අය ඊට පිළිතුර ලෙස මිල අධික බව දක්වනු ඇති. දැරිය හැකි මිලකින් යුත් නිවෙස් සොයා ගත නොහැකි වීමට ඉඩම් නොමැතිකම ප්‍රධාන සාධකයක් විය හැකියි.
2018 දී කොළඹ සාමාන්‍ය නිවසක මිල (වාර්ෂික 50%ක වර්ධනයක් සමග) රු. මිලියන 165.74ක් බවට පත් වුණා. සෑම පළාතකම පාහේ සාමාන්‍ය නිවාස මිල ඉහළ යාමක් දක්නට ලැබුණ ද, කොළඹ ඒ සියල්ල අභිබවා ගියා. දිවයින පුරා ඉඩම් මිල ගණන් ද 2018 දී ඉහළ ගොස් ඇති අතර නිවාස බිම් කොටස් සඳහා සාමාන්‍ය පිරිවැය වාර්ෂිකව 15.3% දක්වා ඉහළ ගොස්, පර්චසයක් රු. මිලියන 1.36ක් බවට පත් වුණා. ඒ අනුව, කොළඹ ජීවන වියදම කොතරම් ඉහළ ද යන්න පුදුමයට කරුණක්. එම වසරේ කොළඹ සාමාන්‍ය ඉඩම් මිල රු. මිලියන 11.56 ක්ව තිබුණා!
මහල් නිවාස ජීවිතය
අද, මහල් නිවාස ගොඩනැගීම විශාල සමාගම් වලට පමණක් සීමා වූවක් නොවෙයි. තිරස්ව ජීවත් වෙනවා වෙනුවට සිරස්ව, ඉහළට නිවාස ගොඩ නැගීම ලොව පුරා බහුලව සිදුවන දෙයක්. භූමියේ සීමිත ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගැනීම මෙන්ම මෙම නිවාසවල දැරිය හැකි මිල, පහසුව සහ වාසි සහගත බව මෙහි දී සැලකිල්ලට ගත යුතු වෙනවා. එනම්, ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ජීවන වියදම අවම මට්ටමක තබා ගන්නට මෙම විසඳුම හරහා අවස්ථාව ලැබෙනවා.
රටක් සංවර්ධනය වත්ම, ජනතාවගේ අවශ්‍යතාවන් ද සංවර්ධනය වෙනවා. ඉන් අදහස් වන්නේ ජීවන වියදමත් ඉහළ යන බව යි. බොහෝදෙනා දැන් නගරයෙන් ඈත්ව ග්‍රාමීයව, අඩු පහසුකම් යටතේ ජීවත් වෙනවා වෙනුවට නගරාශ්‍රිතව සැපවත් දිවියක් ගෙවීමට උනන්දු වෙනවා. ඉන් කොළඹ වාණිජ්‍ය හා නිවාස අවකාශයන් සඳහා ඇති ඉල්ලුම වැඩිවන අතර, එම ඉල්ලුම සපුරාලීම සඳහා විශේෂඥයන් යෝජනා කරන්නේ සිරස් ජීවන රටාවක් අනුගමනය කිරීම සුදුසු බව යි.
දැනට නම් සිරස් අතට ගොඩනැගෙන නගර දැකගැනීම සිහිනයක් බඳු වුවත්, ක්‍රමයෙන් ඒ වෙතට කොළඹ නගරය ඇදී යනවා. එතුළින් සුවපහසු ජීවන රටාවන් ගොඩනැඟෙන බවට උදාහරණ ලෙස Cinnamon Life, One Galle Face, සහ Capitol TwinPeaks, වැනි ව්‍යාපෘතීන් දැක්විය හැකියි.
නිව් යෝර්ක්වල සිට ෂැංහායිවල දක්වා වූ ලොව පුරා නගර සිරස් ජීවන රටාවක් වෙත ශීඝ්‍රයෙන් ගමන් කරමින් සිටිනවා. මෙම මහල් නිවාස බොහෝ වශයෙන් ඒ හා සමසමව සිටින වානිජ්‍ය ගොඩනැගිලි සමග පවතින ආකාරය දකින්නට ලැබෙනවා.
මෙම සිරස් නිවාසකරණයේ තවත් විශේෂත්වයක් වන්නේ එලෙස මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති ගෙන ඒම යි. එනම්, ජනතාව වෙනුවෙන් වෙන්කළ ගොඩනැගිල්ලට යාබදව එම ව්‍යාපෘතිය යටතේම වානිජ්‍ය ගොඩනැගිලිත් පිහිටුවීම යි. එවිට තමන්ගේ දෛනික කටයුතු නිවස ආශ්‍රිතවම කරගන්නට නේවාසික ජනතාවට හැකි වෙනවා. Gym එකට යන්න, දවසට අවශ්‍ය ආහාර සපයා ගැනීම සහ අනෙකුත් බඩු භාණ්ඩ මිල දී ගැනීම ගැනීමට කළ යුත්තේ යාබද ගොඩනැගිල්ලට පිවිසීම පමණ යි. මේවා ‘සිරස් නගර’ ලෙස හඳුන්වන්නට පුළුවන්.
ඒ හරහා මාර්ගවල පටු බව, මාර්ග තදබදය, අධි ජන ඒකරාශීවීම් වැනි ලෝකය මුහුණ දෙන ගැටළු රැසක්ම පාලනය වෙනවා.
ඉහළට නැගෙන නිවාස දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතිනවා. භූමිය ඵලදායීව භාවිතා කරමින්, නිවාස ගැටළුව විසඳමින්, සුවදායී ජීවිතයක් උරුම කරමින් කොළඹ නගරය තුළ නවමු අත්දැකීමක් නිර්මාණය කරන්නට ඒවා සමත්ව තිබෙනවා.
ක්‍රමයෙන් භූමිය අවසන්ව යන බැවින් අහසට නැඟීම හැර වෙනත් පිළියමක් ඉතිරිව නැහැ. දැරිය හැකි මිල, ආරක්ෂාව, සහ අමතර පහසුකම් සමග මහල් නිවාස දැන් තිරසාර ජීවන ක්‍රමයක් ශ්‍රී ලංකාවට දායාද කර තිබෙනවා.