Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛරසවලින් තොර ලොවක් අපට සැනසුම සදයි ද?

ලෝකයේ කලින් කලට ඇති වූ වෛරස ගණනාවක් අතර භයානක ප්‍රතිපල රැසක් අත් කර දුන් එකකි- කොවිඩ්-19 වෛරසය. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා පැතිර යමින් පවතින මෙම වෛරසය, වෛරසයන්හි ඇති විනාශකාරී ස්වරූපය මනාව පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, මනුෂ්‍ය වර්ගයාගේ වර්ධනයට සහ පැවැත්මට වෛරස ඉතා වැදගත් බව ඔබ දැන සිටියා ද?

වෛරස් නොමැති පෘථිවියක්‌?

කොවිඩ්-19 ඇතුළු වෛරස ගණනාවක් නිසා සියවස් කිහිපයක් පුරාවට විනාශකාරී ප්‍රතිපල අත්විඳි මිනිසාගේ එක ම බලාපොරොත්තුව එවැනි වෛරස මෙලොවින් තුරන් වී යාම බව අමුතුවෙන් කිව යුතු නොවේ. යම්කිසි වෛරසයක් රටකින් තුරන් වූ පසු එය සමරා එම රටටත්, සෞඛ්‍ය ආයතනවලටත් විවිධාකාරයෙන් ප්‍රශංසා ලැබෙන අයුරු අපි දැක ඇත්තෙමු.

කොවිඩ්-19 වසංගතය සමග මුඛ ආවරණ භාවිතය සුලබ වී ඇති අයුරු – www.news.un.org

 

එවැනි තත්ත්වයක ජලභීතිකාව, පෝලියෝ, මාරාන්තික ඉබෝලා, සරම්ප, කම්මුල්ගාය, සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස සම්පූර්ණයෙන් තුරන් වේ යැයි සිතමු. ඒ සමඟ මිනිසුන් විඳින දුක් වේදනා හා මරණ විශාල වශයෙන් අඩු වී යනු ඇත. ඊට අමතර ව,  ඒඩ්ස් සහ ඩෙංගු වැනි වෛරස ද මුළුමනින් ම පහ වේ යැයි සිතමු. එසේ වුවහොත්, වෛරස ආශ්‍රිත රෝග හේතුවෙන් සිය දහස් ගණන් මිනිසුන් මිය නොයනු ඇත.

ප්‍රථම වරට 2003 වසරේ දී හඳුනාගත් SARS වෛරසය, තවත් එක් වසංගත යුගයක්‌ පිළිබඳ අනතුරු අනතුරු ඇඟවීම සිදු කළ කොවිඩ්-19 වෛරසය ද පහව ගොස් ඇති බව සිතන්න. මෙසේ සිතන විට ඔබට අතිමහත් සැනසුමක්‌ දැනෙනු ඇත.

වෛරසවලින් තොර ලොව සැනසුම්දායක ද?

ඉහත සඳහන් කළ වෛරසවලින් තොර ලෝකයක ජීවත් වීම ඔබේ සිහිනවලින් එකක් වනවාට නොඅනුමාන ය. කෙසේ වෙතත් ඒ ලෝකය ඔබ සිතනවාට වඩා ගැටලු සහගත එකක් වනු ඇත. සත්‍යය නම්, අප ජීවත් වන්නේ වෛරසවලින් පිරුණු ලෝකයක යි. එම ලෝකය තේරුම්ගත නොහැකි තරම් විවිධාකාර සහ ගණනය කළ නොහැකි තරම් බහුල වෛරසවලින් පිරී ඇත. අපට පෙනෙන විශ්වයේ ඇති තාරකාවලටත් වඩා වෛරස් අංශු ප්‍රමාණයක් සාගරයේ පමණක් අඩංගු විය හැකි ය.

දෑත් සේදීම මගින් වෛරසවලින් ආරක්ෂා විය හැක – www.theconversation.com

 

විශේෂයෙන් ම, ක්ෂීරපායීන් තුළ පමණක් අව ම වශයෙන් විවිධ වර්ගයන්ට අයත් වෛරස් විශේෂ 320,000ක් පමණ පවතින බව සොයා ගෙන තිබේ. ක්ෂීරපායී නොවන සතුන්, ශාක, භෞමික බැක්ටීරියා සහ වෙනත් හැකි සෑම ධාරකයක ම ජීවත්වන වෛරස එකතු කළ විට, විශ්වාස කළ නොහැකි තරමේ විශාල වෛරස ප්‍රභේද සංඛ්‍යාවක්‌ සොයාගත හැකි ය. එම වෛරස් බොහොමයක් පෘථිවිය මත මිනිස් ජීවය පවත්වා ගෙන යාමේ දී සාධනීය කාර්යභාරයක් ඉටු කර යි.

ඔවුන් නොමැති ව මිහිමත ජීවයට පැවැත්මක් නොමැත. වෛරස්වලින් ආරම්භ වූ DNAවල ආකාර දෙකක් ඇති අතර ඒවා මිනිසුන්ගේ ජෙනෝමවල සහ අනෙකුත් වානර විශේෂවල දැකිය හැකි ය. විස්මයජනක කරුණක්‌ නම් එය නොමැතිව ගැබ් ගැනීමක් සිදුවිය නොහැක. වෛරස්, අනෙකුත් ජාන කළල වර්ධනයට දායක වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය නියාමනය කරයි. ඇතැම් වෛරස පිළිකාවන්ට පවා ප්‍රතිරෝධය දක්වන බව ආදී ඉතා වැදගත් කරුණු වර්තමානය වන විට සොයා ගෙන තිබේ. ප්‍රධාන පරිණාමීය සංක්‍රාන්ති අවධීන්හි දී වෛරස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ගැන පළ වූ පුවත්පත් වාර්තාවක් – www.converse.edu

 

වාසි සහගත පරපෝෂිතයෙක්

වෛරසයක් යනු පරපෝෂිතයෙකි. සමහර අවස්ථාවන්හි දී එම පරපෝෂිතභාවය, පරපෝෂිතයා සහ දාරකයා යන දෙදෙනාට ම වාසි සහගත අන්‍යෝන්‍ය යැපීමක්‌ විය හැකි ය. ගින්දර සේ ම, වෛරස ද  ඇතැම් අවස්ථාවල යහපත් වන අතර, ඇතැම් තැනක අයහපත් වන දෙයක් බව ද කිව යුතු ය. ඔවුන්ට යහපත මෙන්ම විනාශය ද ළඟා කර දිය හැකි ය. මේ සෑම දෙයක් ම රඳා පවතින්නේ වෛරසය සහ එහි තත්ත්වය මත ය.

වෛරසයක් යනු කුමක්ද?

වෛරසයක් යනු කුමක්දැයි පැවසීම, නිර්වචනය කිරීම ඉතාමත් සංකීර්ණ වී ඇත. වෛරසය පිළිබඳ වන අර්ථ දැක්වීම් පසුගිය වසර 120 තුළ බෙහෙවින් ම වෙනස් වී ඇත. ‘Tobacco mosaic’ නම් වෛරසය පිළිබඳ අධ්‍යයනය කළ ලන්දේසි උද්භිද විද්‍යාඥයකු වන Martinus Beijerinck 1898 දී එය බෝවන එකක් බව අනුමාන කළේ ය.

එම වෛරසය කාලයක් තිස්සේ හඳුනා ගෙන තිබුණේ ප්‍රධාන වශයෙන් එහි ප්‍රමාණයෙන් පමණි. වෛරසයක් යනු බැක්ටීරියාවකට වඩා ඉතා කුඩා දෙයක් වන මුත් බැක්ටීරියා වැනි ම රෝග තත්ත්වයන් ඇති කළ හැකි දෙයක් බවට නිර්වචන ඉදිරිපත් වී තිබිණි. තවමත්, වෛරසයක් යනු ජීව සෛල තුළ ප්‍රතිවර්තනය වන ඉතා කුඩා ජෙනෝමයක් පමණක් දරන උප ක්ෂුද්‍ර කාරකයක් ලෙස සැලකෙයි.  එය වඩා හොඳ අවබෝධයක් සඳහා වූ පළමු නිර්වචනය පමණි.

වෛරස වර්ග – www.genome.com

වෛරසයේ ඉතිහාසය සොයායමු

ලෝකයේ පළමු වෛරසය පැමිණියේ කොහේ සිට දැයි සොයා බැලීමට අපට වසර බිලියන හතරකට ආසන්න කාලයක් ආපසු හැරී යාමට සිදු වෙයි. පෘථිවියේ ජීවය ආරම්භ වන මුල් කාලය දක්වා ම එම වෛරසයේ ඉතිහාසය දිව යයි.

වෛරස්වල පරිණාමීය මූලාරම්භය පැහැදිලි කිරීමට ප්‍රමුඛ උපකල්පන තුනක් ඇත, එය විද්‍යාඥයන් ‘Viruses -first’, ‘escape’ සහ ‘reduction’ ලෙස හැඳින්වේ. ‘Viruses-first’ යනු සෛලවලට පෙර වෛරස් බිහිවූ බවට වන විශ්වාසය යි. ‘Escape’ නමැති කල්පිතය ප්‍රකාශ කරන්නේ ජාන හෝ ජෙනෝමවල දිගු සෛලවලින් කාන්දු වී, ප්‍රෝටීන් කැප්සිඩ තුළට වැසී ගොස්, පරපෝෂිතයන් ලෙස වෛරස බිහිවූ බව ය. ‘Reduction’ නමැති කල්පිතය සඳහන් කරන්නේ සමහර සෛල, පීඩනය යටතේ ප්‍රමාණයෙන් අඩු වීමේ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස වෛරස් ඇති වූ බව ය. 

අතීතයේ වසංගතයක් පැතිර ගිය අවස්ථාවක රෝහලක් – www.history.com

 

කුඩා වුණත් සංකීර්ණයි

වෛරස් නිසා පෙර සඳහන් කළ පරිදි වාසි සහ අවාසි දෙක ම මිනිසාට ලැබෙ යි. සමහර විට වෛරස ජීවන වෘක්ෂයක දැක්වීම අපහසු වීමට හේතුව ජීවිතයේ ඉතිහාසය, ගසක් මෙන් ක්‍රමවත් ව හැඩගස්වී නොතිබීම යි. සෑම දෙයක් ම ඉතා සංකීර්ණ වන බව තේරුම් ගැනීමට වෛරස ඉතා හොඳ උදාහරණයකි. බැලූ බැල්මට ඉතා සරල බව පෙනෙන වෛරස් පවා ඉතා සංකීර්ණ ය. මිනිසුන් වන අපට, වෛරස, ස්වභාවික ලෝකය තුළ ඇති සංකීර්ණත්වය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක්, අවබෝධයක් ලබා දෙයි. එහෙයින් වෛරස  මිනිසාට හිතකර ද අහිතකර ද යන්න පිළිබඳ සිතා බැලීම වටී.

කවරයේ ඡායාරූපය-  වෛරසයක ස්වරූපය දැක්වෙන ග්‍රැෆික් නිර්මාණයක් -www.nationalgeographic.com

මූලාශ්‍ර:

www.nationalgeographic.com

Related Articles