Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වසන රෝග හුස්මෙන් අල්ලන ලක් මහැදුරුගෙ ඇප් එක

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් කොවිඩ් හා සහ අනෙකුත් ස්වසන රෝග හදුනාගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් (smartphone app) නිර්මාණය කළා. එය ලොව විශාලත ම හා ප්‍රසිද්ධ ම ඖෂධ සමාගම් අතරින් එකක් වන ෆයිසර් සමාගම (Pfizer) එක්සත් ජනපද ඩොලර් මිලියන 180 කට ආසන්න මුදලකට මිල දී ගෙන තිබෙනවා.

ResApp Health වෙනුවෙන් නිර්මාණය වූ ජංගම දුරකථන යෙදවුම

පර්යේෂණ කණ්ඩායම මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කරන්නේ ResApp Health Limited නම් ඕස්ට්‍රේලියානු ආයතනය වෙනුවෙන්. ඔවුන් දියුණු කළ මෙම යෙදවුමට රෝගියකුගේ කැස්ස පටිගත කිරීමට හා විශ්ලේෂණය කිරීමට හැකියාව තිබෙනවා. ඒ මඟින් රෝගියාට කොවිඩ් වැලඳී ඇත් ද යන්න ප්‍රකාශ කිරීමට මෙම යෙදවුමට හැකි යි.

ඊට අමතර ව නාසයෙන් දියර ගැලීම හෝ උණ වැනි සරල රෝග ලක්ෂණ ස්වයංව වාර්තා කිරීමට මෙම යෙදවුම කටයුතු කරනවා. එම රෝග ලක්ෂණ සලකා බලමින් ඇදුම මෙන් ම නියුමෝනියාව ඇතුළු ස්වසන රෝග රාශියක් අනාවරණය කර ගැනීමේ හැකියාව පවතිනවා.

කොවිඩ් හා සහ අනෙකුත් ස්වසන රෝග මඟින් ලෝකයේ සෑම රටකටම වාගේ බලපෑම් එල්ල වෙනවා – news.tulane.edu

ස්වසන රෝග රැසක් අනාවරණය කර ගැනීමේ හැකියාව

රෝග ලක්ෂණ සහිත රෝගීන් අතර කොවිඩ් වෛරසය, හඳුනා ගැනීමේ හැකියාව 92% ක සාර්ථක ප්‍රතිශතයක් ගන්නා බව මේ වන විට ෆයිසර් සමාගම නිවේදනය කර තිබෙනවා. මෙය තවදුරටත් තහවුරු කර පරිභෝගිකයා වෙත ජංගම දුරකථන යෙදවුම හැකි ඉක්මනින් ලබා දීමට සමාගම සුදානමින් සිටිනවා.

මහාචාර්ය උදන්ත අබේරත්නගේ අදහස්

“COVID-19 ඇතුළුව ස්වසන රෝග මේ වන විට ගෝලීය ජනගහනයට ඉතා තර්ජනාත්මක ලෙස ශීඝ්‍රයෙන් ළං වෙමින් තිබෙනවා. ලෝකයේ සෑම මහද්විපයකට ම ගැළපෙන පරිදි ලාභදායි තාක්ෂණය යොදාගනිමින් මෙම ගැටලුවට පිළියම් නිර්මාණය කළ යුතු යැයි මට මුල සිට ම අදහසක් තිබුණා. එබැවින් නිර්මාණය කරන ඩිජිටල් යෙදවුම පාරිභෝගිකයන්ට භාවිත කිරීමට පහසු හා ලාභදායී විය යුතු ලෙස නිපදවීමට අපි හැකි සෑම විට ම උත්සාහ කළා.

 මහාචාර්ය උදයන්ත අබේරත්න – www. island.lk

හුස්ම ගැනීම සඳහා පෙනහළු විවෘත කර නැවත හුස්ම පිට කිරීම මා දකින්නේ තොරතුරු බෙදා හරින මාර්ගයක් ලෙස යි. එහිදී මට අවශ්‍ය වුණා කෘත්‍රිම බුද්ධිය හා උසස් තාක්ෂණය යොදා ගනිමින් හුස්ම නැවත පිටකිරීම පරික්ෂා කරන්න. නැවත හුස්ම පිට කිරීමේ දී ලබාදෙන තොරතුරු විශ්ලේෂණය කිරීම ආරම්භ වන්නේ ඉන් පසුව යි. වෛද්‍යවරයෙක්, වෙද නළාව රෝගියකුගේ ශරිරරයට ස්පර්ශ කර ශරීරයෙන් නිපදවන ශබ්දවලට සවන් දෙන ආකාරයට ම පිටවන හුස්මේ ඇති විවිධ ශබ්ද, අපේ කණ්ඩායම වැඩි දියුණු කළ ජංගම දුරකථන යෙදවුමට හදුනාගැනීමේ හැකියාව තිබෙනවා.

රෝග විනිශ්චය ක්ෂණික ව

ජංගම දුරකථන යෙදවුම රෝග විනිශ්චය ක්ෂණික ව ලබා දෙනවා. ඒ සඳහා මිනිත්තුවක් හෝ ඊට වඩා අඩු කාලයක් තමයි ගත වෙන්නේ. රෝගියාට විශේෂිත ස්වසන රෝගයක් තිබේ ද යන්න සොයා ගැනීමට ජංගම දුරකථනය පමණක් සෑහෙන අතර වෙනත් වෛද්‍ය හෝ තාක්ෂණික උපාංග ඊට සම්බන්ධ කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

යෙදවුමෙන් විනාඩියක් ඇතුළත ස්වසන රෝග හඳුනාගත හැකි යි – www.hhmglobal.com

ෆයිසර් සමාගම යෙදවුම මිලදී ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලත් ජයග්‍රහණයක්

වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉතා නිවැරදි තොරතු ලබා දීම, ස්වසන රෝග හඳුනා ගැනීමට වැය වන කාලය හා පිරිවැය අඩු කිරීම, වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත පැවරී ඇති වගකීම් අඩුකිරීම වැනි දේ යථාර්ථයක් කර ගන්න මේ ඔස්සේ අපි බලාපොරොත්තු වුණා. ෆයිසර් සමාගම යෙදවුම මිලදී ගැනීම ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්. ආසියාවේ හා අප්‍රිකාවේ නොදියුණු ග්‍රාමීය ප්‍රදේශවල ජනයාට නවීන රෝහල්වලට ප්‍රවේශවීමේ හැකියාවක් නෑ.

අනාගතයේ දී කොවිඩ් ඇතුළු ස්වසන රෝග කළමනාකරණයට මෙය වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇත – assets.newatlas.com

මෙම සමාගම මිලදී ගත් යෙදවුම එවැනි මිනිසුන්ට පිළිසරණක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. එමඟින් නියුමෝනියාව වැනි මාරාන්තික රෝග කලින් හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති. වේගයෙන් රෝගය හඳුනා ගැනීමටත්, අධික වියදමකින් යුක්ත රෝහල්වලට ඇතුළත් නොවී රෝගය නිශ්චය කර ගැනීමට හැකි බැවිනුත් මෙම යෙදවුම සංවර්ධිත රටවලට ද වැදගත් වෙනවා. අනාගතයේ දී මෙය තවදුරටත් වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යි මහාචාර්ය උදයන්ත අබේරත්න දීර්ඝ ලෙස අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා.

නිදන්ගත රෝග නිවසේ සිට ම නිරීක්ෂණය

ඇදුම වැනි නිදන්ගත රෝග නිවසේ සිට ම නිරීක්ෂණය කිරීමට හා කළමනාකරණය කිරීමට මෙම යෙදවුම භාවිත කළ හැකි යි. වසංගත හෝ ගංවතුර, සුළි කුණාටු වැනි ආපදා සහිත ප්‍රදේශලවල ඉක්මනින් ස්වසන රෝග ව්‍යාප්ත වෙනවා. එබැවින් ඒ අසල ඇති ආපදා මධ්‍යස්ථානවල හා ගුවන් තොටුපොළවල දී මෙම තාක්ෂණය භාවිත කර එම රෝග කඩිනමින් කළමනාකරණය කළ හැකි වෙන බවයි පෆයිසර් සමාගමේ අදහස වෙන්නේ.

මාරාන්තික ස්වසන රෝග ඉතා ඉක්මනින් හඳුනාගත හැකිවීම මෙහි ප්‍රධාන වාසියක් වෙනවා – www. medicaldialogues.in

කවුද මේ උදයන්ත අබේරත්න? ඔහු Queensland විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තොරතුරු තාක්ෂණ හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහකාර මහචාර්යවරෙයක්. ඔහු ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් තම ප්‍රථම උපාධිය වන විදුලි ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා ගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.

පර්යේෂණ රැසක් කළ විද්‍යාඥයෙක්

පසුව ජපානයේ Tokushima විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ලබාගන්නා උදයන්ත අමෙරිකා එක්සත් ජනපදයේ Drexel විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සම්පුර්ණ කරනවා. ඒ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව (Biomedical Engineering) වෙනුවෙනු යි. ඊට අමතර ව ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (Institute of Electrical & Electronic Engineers) ජේෂ්ඨ සාමාජිකයෙක්. විද්‍යුත්, විදුලි හා ජෛවවෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ රැසක් කළ විද්‍යාඥයෙක් ලෙස ද ඔහු හඳුන්වන්න පුළුවන්. ඒ ඔස්සේ පර්යේෂණ නිබන්ධන රැසක් ද ඔහු එළි දක්වා තිබෙනවා.

ඒ තමන් කොවිඩ් ඇතුළු ස්වසන රෝගවලට සෙවූ පිළිතුර හා මෙම කණ්ඩායමේ සොයා ගැනීම එකිනෙක සමපාත වන බව ප්‍රකාශ කරමින්.ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ අග භාගයේ දී යි. මේ ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කිරීම සඳහා වූ එම කණ්ඩායමට නායකත්වය දුන් ශ්‍රී ලාංකික මහාචාර්යවරයා වන්නේ උදයන්ත අබේරත්න යි.

කවරයේ ඡායාරූපය - අනාගතයේ දී කොවිඩ් ඇතුළු ස්වසන රෝග කළමනාකරණයට මෙය වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇත - BRIAN STAUFFER
මුලාශ්‍ර :
www.uq.edu.au
www.uniindia.com
abcnews.go.com

Related Articles