හිපොක්‍රටීස්ටත් පෙර ශල්‍යකර්ම සිදු කළ අාසියානු වෙෙද්‍යවරයා

අතීතයේ සිට අාසියානු රටවල වෙෙද්‍ය විද්‍යාව දියුණු වී පැවතිය ද එ්වා බොහෝ විට සැලකෙන්නේ ඉපැරණි බෙහෙත් ක්‍රම ලෙසයි. එසේ හැඳින්වීමට ඔවුන් යොදා ගන්නා තර්කය වනුයේ සංකීර්ණ ශල්‍යකර්ම වැනි දෑ පිළිබඳව එම වෙෙද්‍ය ක්‍රමවල දක්නට නොතිබීමයි. මේ නූතන වෛද්‍ය විද්‍යාවේ පිතෘත්වය අප සොයා බැලීමකින් තොරවම ලබා දෙන්නේ හිපොක්‍රටිස් (ක්‍රි. පූ. 460-370) වෙතට යි.

නමුත් ඒ සත්‍ය අසත්‍යයක් බවට පත් කරන කාරණා ද නැතුවාම නොවේ. එ් අතර ප්‍රධාන තැනක් ගත් සුශ්‍රත නම් දකුණු අාසියානු වෙෙද්‍යවරයා යි. හදවත් ශල්‍යකර්ම පවා සිදු කළ බවට එතුමා පිළිබඳව අැති වාර්තා මෙන්ම, හදවත් ශල්‍යකර්ම කරන අාකාරය එතුමාගේ ග්‍රන්ථයක සවිස්තරාත්මකව විස්තර කර තිබීම ද අාසියානු වෙෙද්‍ය ක්‍රම පෞරාණික එ්වා වූ බවට වන තර්කය ගැන ගැටලුවක් මතු කරයි.

සුශ්‍රත ප්‍රාඥයා

මානව ප්‍රඥාවේ ආරම්භය සහ විකසනය ඇති වන්නේ දකුණු ආසියාවේ ය. එසේම නූතන වෛද්‍ය විද්‍යාවේ පදනම නිර්මාණය කර ඇත්තේ ද දකුණු ආසියාවෙන් බවයි දැන් දැන් සොයා ගැනෙන්නේ. එනම් ඉන්දීය ප්‍රාඥ සුශ්‍රත වෛද්‍යවරයා විසින් නුතන වෛද්‍ය විද්‍යාවට පදනම සැපයු බවයි.

සුශ්‍රත ප්‍රාඥයාට වෛද්‍ය දැනුම ලැබෙන්නේ මහා බ්‍රාහ්මයාගේ වෛද්‍යවරයා වූ ධන්වන්තරි දේවතාවා වෙතින් බවයි හින්දු දේව කතා පවසන්නේ. එකල හිමාලයේ වාසය කළ ප්‍රාඥයන් දස දෙනෙකුට එතුමාගේ දැනුම බෙදා දී ඇති බවත්, සුශ්‍රත ප්‍රාඥයා ඒ අතරින් ප්‍රමුඛ වී ඇති බවත් ඉතිහාස දේව කතා සඳහන් කරයි.

සුශ්‍රත ප්‍රාඥයා ක්‍රි. පු. 600 ජිවත් වී ඇති බවයි පතපොතෙහි සඳහන් වන්නේ. බ්‍රිටනිකා විශ්ව කෝෂය සඳහන් කරන ආකාරයට ක්‍රි. පු. 1200- 600 අතර කාලයේ එතුමා ජීවත් වී ඇති අතර එතුමාණෝ වරනාසි ප්‍රදේශයේ සිටි රෝගීන් හට බෙහෙත් කරමින් වෛද්‍ය චිකිත්සාව උගන්වා ඇත.

antient-origins.net

සුශ්‍රත සම්හිතා

එතුමා විසින් ලේඛනගත කරන ලද “සුශ්‍රත සම්හිතා” නම් වූ වෛද්‍ය ග්‍රන්ථය ක්‍රි. පු. 6 වන සියවසේ දී ලේඛනය වී ඇති බවයි සඳහන් වන්නේ. මේ ග්‍රන්ථය වෛද්‍ය හා ශල්‍ය චිකිත්සක විද්‍යාව ගැනයි ලියන ලද්දක්. ඔහු තම චින්තනය මේ කෘතිය තුළින් එළි දක්වා ඇති බවයි බොහෝ දෙනාගේ මතය.

එවකට ලොව දියුණුම භාෂාව ලෙසින් සැලකුණේ සංස්කෘත භාෂාවයි. මේ කෘතිය රචනා වී ඇත්තේ ද සංස්කෘත භාෂාවෙන් වන අතර වෛද්‍ය චිකිත්සාව පිළිබඳව ලියන ලද ලොව ප්‍රථම විධිමත් ග්‍රන්ථය වන්නේ ද මෙයයි.

ඖෂධීය ශාක 700 ක්, ඛණිජ ලවණ ඖෂධ සංයෝග 64 ක්, ඔසු නිපැයුම සඳහා සත්ත්ව කොටස් 57 ක් පමණ සංස්කරණය කරමින් මේ කෘතියේ විවිධ රෝගාබාධ රැසකට ඖෂධ නිඝණ්ඩු 1120 ක් දක්වා තිබේ. එය පරිච්ඡේද 184 ක් පුරා සටහන් වී තිබෙනු දැකගත හැකියි.

ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන

වෛද්‍ය චිකිත්සාව පිළිබඳව පමණක් නොව ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් එතුමා මේ කෘතියේ දක්වා ඇත. එතුමා තම ශල්‍ය වෛද්‍ය ඥානය ඉදිරිපත් කරමින් ශල්‍ය කර්මයන් ගණනාවක් සිදු කරන ආකාරය මේ කෘතියෙන් ඉදිරිපත් කර තිබේ.

දේහ ව්‍යවඡේදනය, සියුම් සැතකින් දේහය විවෘත කර දේහය තුළට සැත ඇතුළු කොට පරික්ෂා කිරීම, මානව දේහයට ඇතුළු වූ ආගන්තුක දේහ ඉවත් කිරීම හා ක්ෂාරීය හෝ උණුසුම් පිළිස්සීම මගින් තුවාල සුව කිරීම මේ අතර වේ. එපමණක් නොව ශරීර කොටස් ඉවත් කිරීම, ගඩුවක් ඉවත් කර සැරව ඉවත් කිරීම, හෘද අකරණිය වැනි තත්ත්ව හේතුවෙන් ස්ථර දෙකක් අතර රැඳෙන දියර ඉවත් කිරීම, ප්‍රෝස්ටේට් හෙවත් පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීම, හර්නියා සැත්කම්, හෘද සැත්කම්, සිසේරියන් සැත්කම වැනි අතිශය සංකීර්ණ ශල්‍යකර්ම පිළිබඳව පවා මෙහි සඳහන් වීම සැබැවින්ම පුදුම සහගත ය.

මේ ආකාරයෙන් වූ ශල්‍ය කර්ම රැසක් පියවරෙන් පියවර පැහැදිලි කරමින් ඔහු තම කෘතිය රචනා කොට ඇත.

ශල්‍ය කර්මය සඳහා රෝගියා සූදානම් කිරීම

dreamstime.com

ශල්‍ය කර්මය සඳහා රෝගියා සූදානම් කරන ආකාරය ද එතුමා තම කෘතියෙන් රචනා කොට ඇත. පළමුව රෝගියා නිර්වින්දනය කරන අයුරු ද මනාව පැහැදිලි කරයි. නිර්වින්දනය කිරීම සඳහා මද්‍යසාර සහ අබිං මිශ්‍ර පානයක් හෝ අබිං වාෂ්පය යි එතුමා නිර්දේශ කර ඇත්තේ. එම ඖෂධ ලබා දිය යුතු මාත්‍රාව ද එතුමා පැහැදිලි කරයි.

ළදරුවෙකු නිර්වින්දනය කිරීමට යොදාගන්නා මාත්‍රාව මෙන් දෙගුණයක් කාන්තාවන් නිර්වින්දනය කිරීම සඳහා යොදාගත යුතු බවත්, එමෙන් දෙක හමාරක ප්‍රමාණයක් පිරිමියෙකු නිර්වින්දනය කිරීම සඳහා යොදාගත යුතු බවත් එතුමා දක්වා ඇත.

සැත්කම් සඳහා තමාටම ආවේණික වූ ක්‍රමවේදයන්

සුශ්‍රත ප්‍රාඥයා තම සැත්කම් සඳහා තමාටම ආවේණික වූ ක්‍රමවේදයන් භාවිත කොට තිබෙනවා. එතුමා හෘද සැත්කම් කිරීමේදී ශරීරයේ ඉදිරිපසින් දේහය විවෘත කොට ඇති අතර වකුගඩු ආශ්‍රිත සැත්කම් කිරීමේදී ශරීරයේ පිටුපස ප්‍රදේශයෙන් දේහය විවෘත කොට ඇත.

එමෙන්ම සැත්කම් කිරීමේදී අවශ්‍ය වන සැත්කම් උපකරණ ද එතුමා තමන්ට ඇවැසි පරිදි නිර්මාණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

ආධුනික වෛද්‍යවරුන් පුහුණු කිරීම

වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය දැනුම තම ගෝලයන් හට නොමඳව ලබා දුන් ඔහු නිරන්තරයෙන් ඔවුන් පුහුණු කළේය. ආධුනික වෛද්‍යවරුන් හට ශල්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමේ දී එ් සඳහා ඔවුන්ව නිරන්තර අභ්‍යාසවල ද යොදවා ඇත. මියගිය සතුන්ගේ ශිරා සිදුරු කිරීම, මිය ගිය රෝම සහිත සතුන්ගේ සම විවෘත කිරීම, නෙලුම් දඬුවල අභ්‍යන්තර නාල දික් අක්ෂය ඔස්සේ විවෘත කිරීම, සිහින් නාරටි දික් අක්ෂය ඔස්සේ විවෘත කිරීම ආදිය ඒ අතර ප්‍රධාන වේ.

හදවත් සැත්කම්

myindiamyglory.com

සුශ්‍රත ප්‍රාඥයා හෘදයාබාධ ගැන මනා අවබෝධයක් තිබුණු ප්‍රාඥයෙකි. ලොව මුල්ම හදවත් සැත්කම සිදුකර ඇත්තේ ද මොහු විසින් ය.

හෘදය නිර්මාණය වී ඇති හෘද පේශි ‍සඳහා අවශ්‍ය වන වායු  සැපයුම අඩාල වීම නිසා මේ රෝගය හටගන්නා බවයි ඔහු පවසා ඇත්තේ. ඔහුගේ මතය අනුව එසේ වන්නේ හෘද පේශියට රුධිරය සපයන රුධිර නාලයේ ඇතිවන බාධා සහ ඇතරෝමා ලෙස නම් කරන අභ්‍යන්තර බිත්තියේ ඝන වීමයි.

නූතන වෛද්‍ය විද්‍යාව සඳහන් කරන ආකාරයටම ඔහු ද තම ලේඛන මඟින් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයෙකුගේ පපුවේ වේදනාව ඇති වීමත්, එය උරහිස හා හනුව හරහා වම් අත දිගේ ගමන් කිරීමත් මේ රෝගයේ රෝග ලක්ෂණ වන බවයි.

හෘද රෝග තත්ත්වය සමනය කරගැනීම ‍සඳහා හෘද පේශියට වෙනත් රුධිර මාර්ගයක් ලබා දිය යුතු බවයි ඔහු අදහස් කර ඇත්තේ. මේ තත්ත්වය සමනය කිරීම සඳහා රුධිරය ඉවත් කිරීමෙන් යම් සහනයක් ලැබෙන නමුත් සම්පුර්ණ සුවය සඳහා පෙර කි සැත්කම කළ යුතු බව ඔහුගේ මතය යි. මේ අනුව නූතනයේ අප දන්නා බොහෝ සේ සුශ්‍රත වෛද්‍යවරයා එකල පවා දැන සිටි බව පැහැදිලි ය.

මේ සියල්ල සලකා බලන විට නූතන වෙෙද්‍ය විද්‍යාවේ පියා සැබැවින්ම හිපොක්‍රටීස් දැයි සිතා බැලීමට අපට සිදු වේ.

කවරයේ රූපය : decodinghinduism.com 

මුලාශ්‍ර :

www.ancient-origins.net

https://archive.org

www.rarebooksocietyofindia.org

Related Articles

Exit mobile version