දෙවන ලෝක යුද්ධයෙන් පසු ව සෝවියට් හා ඇමෙරිකානු කඳවුරු අතර නිරවි යුද්ධය නොහොත් සීතල යුද්ධය ආරම්භ වෙනවා. මෙම කාලය පුරාවට කඳවුරු දෙක ම සිය යුධ ශක්තිය ඉහළ නංවා ගැනීමට නොයෙකුත් ව්‍යාපෘති දියත් කරනවා. එහි ප්‍රධාන අංගයක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් හඳුන්වා දෙන්න පුළුවන්.
න්‍යෂ්ටික ශක්තිය අතින් අනෙක් කඳවුර පරයා නැඟී සිටීමට රටවල් දෙකට අවශ්‍ය වෙනවා. ඇමෙරිකාව විසින් සිදු කළ අත්හදා බැලීම් බොහෝ ප්‍රමාණයක් සිදුවන්නේ ඔවුන් අල්ලාගත් යටත් භූමිවල යි.
ඕස්ට්‍රේලියාව හා හවායි අතර කුඩා දූපත් 29කින් යුක්ත මාෂල් දිවයින් සමූහය තුළ පමණක් ඇමෙරිකානුවන් විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 67ක් සිදු කරනවා. ඒ එම දූපත්වල වාසය කළ මිනිසුන් හා අනෙකුත් ජීවින් පිළිබඳ ව කිසිඳු තැකීමක් නොකර යි. අද ලිපිය ඔවුන් විසින් සිදු කළ එම න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ ව යි.
මාෂල් දිවයින් ඇමෙරිකානු හමුදා භාරයට
1914 දී ජපාන අධිරාජයාගේ හමුදා මාෂල් දිවයින් හා එහි වාසය කළ ස්වදේශිකයන් යටත් කරගන්නා අතර, එහි ජපාන හමුදා විසින් හමුදා කඳවුරක් ගොඩ නඟනවා. දෙවන ලෝක යුද්ධය අතරතුර එනම්, 1944 පෙබරවාරි මාසයේ දී මෙම දූපත් සමුහයෙන් කොටසක් අල්ලාගැනීමට ඇමෙරිකානු නාවුක හමුදා සමත්වෙනවා.
දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසු ව ඇමෙරිකානු හමුදා අල්ලාගෙන සිටි මෙම දූපත් සමුහයේ පාලනය භාර ගන්නා අතර, න්‍යෂ්ටික බෝම්බ පරීක්ෂණ සඳහා භූමිය භාවිතා කිරීමට ඇමෙරිකානු රජය විසින් තීරණය කරනවා.
එම කාලයේ දී 52,000කට අධික ජනතාවක් මෙම දූපත් සමුහයේ වාසය කළ නමුත් එම ජීවිත පිළිබඳ ව අවධානය යොමු නොකරන එක්සත් ජනපද රජය වසර කිහිපයක් තුළ දී න්‍යෂ්ටික අත්හදා බැලීම් 67ක් සිදු කරනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරගෙන යාමට පරමාණුක බලශක්ති කොමිෂන් සභාව (Atomic Energy Commission) ස්ථාපිත කරනවා. එහි නිලධාරින් විසින් ඒ සඳහා මාර්ෂල් දිවයින් සමූහය තෝරා ගන්නවා.
මෙම දිවයින් සමුහයේ බිකිනි හා එන්විටෑක් දූපත් දෙකේ මෙම සියලු අත්හදා බැලීම් සිදු කළ නමුත් අහිතකර විකිරණවල බලපෑම සියලු දූපත්වලට එල්ල වෙනවා.
ඔපරේෂන් ක්‍රොස්රෝඩ්ස්
ඇමෙරිකානුවන් විසින් මෙහි සිදු කළ ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම් මාලාව මේ නමින් හඳුන්වනවා. එහි අරමුණු වන්නේ න්‍යෂ්ටික අවි නාවික යාත්‍රාවලට ස්ථාපිත කරන්නේ කෙසේ ද යන්න යි.
1946 දී බිකිනි හි මෙම අත්හදා බැලීම් මාලාව ආරම්භ වූ අතර, හිරෝෂිමා හා නාගසාකිවලට පරමාණු බෝම්බ එල්ල කිරීමෙන් පසු ව ඇමෙරිකාව විසින් පරමාණුක අවි නැවතත් භාවිතා කළ පළමු අවස්ථාව මෙය යි.
මෙහි දී සිදුකළ පළමු පුපුරවා හැරීම ඒබල් ලෙස ද, දෙවන පුපුරවා හැරිම බේකර් ලෙස ද හඳුන්වනවා. මෙහි දී දූපතේ වාසය කළ ස්වදේශිකයන් සියල්ල ඇමෙරිකානු හමුදා විසින් අසල පිහිටි රොන්ග්‍රේයික් දූපත වෙත පිටත් කර හරිනවා. අහිතකර විකිරණ අධික ප්‍රමාණයක් නිකුත් වීම හේතුවෙන් 2015 වන තුරු බිකිනි දූපත ජනශුන්‍ය ව ලෙස පවතිනවා.
ඔපරේෂන් ග්‍රීන්හවුස්
1951 දී ඔපරේෂන් ග්‍රීන්හවුස් නමින් න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම් මාලාවක් නැවතත් මාර්ෂල් දිවයින් සමුහයේ එන්විටෑක් දූපතේ ආරම්භ වෙනවා. මේ සඳහා න්‍යෂ්ටික පුපුරවා හැරීම හතරක් අඩංගු වෙනවා. එහි දී ඉහළ අහස තුළ පරමාණු බෝම්බ පුපුරවා යැවීම පිළිබඳ ව ඇමෙරිකානු හමුදාව අධ්‍යයනය කරනවා.
ඔපරේෂන් අයිවී නමින් එම දුපතේ ම තවත් න්‍යෂ්ටික අත්හදා බැලීම් මාලාවක් ආරම්භ කරන්නේ 1952 වසරේ යි.
කාසල් බ්‍රාවෝ
බිකිනි දූපතේ දී ඇමෙරිකානුවන් විසින් කාසල් බ්‍රාවෝ නමින් පරමාණුක අත්හදා බැලීමක් සිදුකරන අතර, එය ඔවුන් විසින් හිරෝෂිමාවට එල්ල කළ ලිට්ල් බෝයි පරමාණු බෝම්බයට වඩා 1000 ගුණයක ප්‍රබලත්වයකින් යුක්ත වුණා.
මෙම අත්හදා බැලීම විද්‍යාඥයන් හා යුද විශ්ලේෂකයන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අධික ප්‍රබලත්වයකින් යුක්ත වෙනවා. ඇමෙරිකානු හමුදා භටයන්ට මෙන්ම, ඕස්ට්‍රේලියා මහද්වීපයට, හා ඉන්දියාවට පවා මෙහි බලපෑම් ඇති විය හැකි බවට ඇතැමුන් විසින් ප්‍රකාශ කරනවා. 1969 වසරේ ඇමෙරිකා හමුදාවේ මැදිහත් වීමෙන් බිකිනි හි නැවතත් ඉවත් කළ වැසියන් පදිංචි කළ ද, ඒ ප්‍රදේශය පුරා පවතින අධික විකිරණ බලපෑම් හේතුවෙන් 1978 වන විට දූපත් නැවතත් ජනශුන්‍ය වෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව
කාසල් බ්‍රාවෝ අත්හදා බැලීමෙන් පසු ව මාෂල් දිවයින ඇමෙරිකා එක්සත් ජනපදයට විරුද්ධ ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන අතර තම දූපත් සමුහයේ සිදුකෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහා නවතා දමන ලෙස ඔවුන් ඒ මඟින් බලකර සිටිනවා. නමුත් ඇමෙරිකාව විසින් ඒ පිළිබඳ ව තැකීමක් නොකරන අතර, ඔවුන් විසින් දිගින් දිගටම තම න්‍යෂ්ටික පර්යේෂණ සඳහා මෙම දූපත් යොදා ගන්නවා.
කාසල් බ්‍රාවෝ අත්හදා බැලීමෙන් ටික දිනකින් පසු ව ඇමෙරිකාව විසින් ස්වදේශිකයන් ව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරනවා. එහි දී ඔවුන් සියලු දෙනා ම අධික ලෙස විකිරණවලට නිරාවරණය වී ඇති බවට තහවුරු වෙනවා. 1954 වන විට මෙම දූපත්වල වාසය කළ බොහෝ වැසියන් ප්‍රමාණයක් සමේ රෝගවලින් හා විකිරණ නිසා හටගත් නොයෙකුත් රෝගයන්ගෙන් පීඩා විඳිනවා.
ඇමෙරිකානුවන්ගේ අපරාධය
කාසල් බ්‍රාවෝ අත්හදා බැලීමෙන් පැය පහකට පමණ පසු ව ඇති වූ පාරිසරික වෙනස් වීම් මත අධික වර්ෂාවත් සමග හිම මෙන් ද්‍රව්‍යයක් දූපත්වලට වැටුණු බව සඳහන් වෙනවා. මේ පිළිබඳ ව දූපත් වැසියන් කිසිත් නොදැන සිටි අතර, එය හිමයැ යි සිතා කුඩා දරුවන් ඒ හා ක්‍රීඩා කළ බව සඳහන් වෙනවා.
2010 දී ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය මෙහි වාසය කරන පුද්ගලයන්, පිළිකාවලට ලක්වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බවත්, 1948 – 1970 කාලය තුළ ජීවත් ව සිටි පුද්ගලයෙකු නම් එය ඊටත් ඉහළ අගයක් ගන්න බවත් පෙන්වා දෙනවා.
1979 වසරේ මාෂල් දිවයින ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්ව ස්වාධීන රජයක් බවට පත්වෙන අතර, ඇමෙරිකාව විසින් මෙම දිවයින් සමූහයට කළ අපරාධයට වන්දි ගෙවීමක් වශයෙන් එහි ජීවත්වෙන වැසියන්ට සෞඛ්‍ය ආධාර පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන150ක් යොදා මාෂල් සෞඛ්‍ය පදනම පිහිටවනවා.
ඇමෙරිකානුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් දහස් ගණන් වැසියන් තම ජීවිතෙන් වන්දි ගෙවූ මෙම දිවයින අද ද, එම විකිරණවල බලපෑම නොඅඩු ව ලබනවා. මේ අපරාධය හේතුවෙන් මියගිය හා අබාධිත තත්ත්වයට පත් වූ තම සහෝදර ජනතාව සැමරීම මාර්ෂල් වැසියන් සෑම වසරකම මාර්තු 2 වන දින සිදු කරනවා.