Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝමය ශිෂ්ටාචාරයට පෙර ඉතාලියේ පැවති සමෘද්ධිමත් එට්රස්කන් ශිෂ්ටාචාරය

ලෝකය පුරා විවිධ ශිෂ්ටාචාර ගණනාවක් දක්නට ලැබේ. ‘එට්රස්කන්’ යනු එලෙස පැරණි ඉතිහාසයකට උරුමකම් කියන ශිෂ්ටාචාරයක් ලෙස දැක්විය හැක. මෙය 8 වන හා 3 වන සියවස අතර කාලය තුළ මධ්‍යම ඉතාලියේ වර්ධනය වූවකි. මෙය වඩාත් ප්‍රබල ශිෂ්ටාචාරයක් ලෙස හැඳින් වූයේ ඔවුන් සතු වූ ඛනිජ සම්පත් හා වෙළඳාම් කිරීමේ හැකියාව නිසයි. එට්රස්කන් ශිෂ්ටාචාරය සතු වූ ඇඳුම්, ආගමික වතාවත්, ගෘහ නිර්මාණ ශිල්පය ආදී බොහෝ දේවල් රෝමානුවන් වැළඳ ගත් නිසා මධ්‍යධරණී සංස්කෘතිය කෙරෙහි එට්රස්කන් ශිෂ්ටාචාරයේ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබුණි. එලෙස වර්ධනය වූ එට්රස්කන් ශිෂ්ටාචාරය පිලිබඳ සාකච්ඡා කිරීමට මේ ලිපිය තුලින් අප බලාපොරොත්තු වේ.

ඉතිහාසය

ancient.eu

මුල් කාලයේදී එට්රස්කන් සමාජයේ බලය පවත්වාගෙන යන ලද්දේ රදළයින් විසිනි. ඔවුන් සමාජයේ දේශපාලනය, යුධමය, ආර්ථික, ආගමික යන සියලුම අංශ තමාගේ පාලනය යටතට ගෙන තිබුණි. ක්‍රිස්තු පුර්ව 6 වන සියවස පමණ වන විට මේ ශිෂ්ටාචාරයේ නගර රාජ්‍යයන් බිහි විය. එට්රස්කන් රාජ්‍යයයේ රජ බවට පත් වූ රජවරුන් බොහොමයක් පසුපස යුද භට සේනාවක් සිටි අතර මොවුන් නිරන්තරයෙන්ම තම නගරවල දේශපාලනය හා ආර්ථික කටයුතු පිලිබඳ සැලකිල්ලක් දක්වන ලදී. ඇතැමුන් තම වෙළඳ බලය වැඩි කර ගැනීමට විවාහය වැනි උපක්‍රමද භාවිතා කරන ලදී.

ක්‍රිස්තු පුර්ව 5 වන සියවසේදී පමණ එට්රස්කන්ලාට එරෙහිව විවිධ බලවේග ගොඩනැගෙමින් පැවතුණි. ක්‍රිස්තු පුර්ව 474දි Syracuse නගරයේ නාවික කණ්ඩායමක් එට්රස්කන් නැව් පෙළකට පහර දී මුහුදේ බලය අල්ලාගන්නා ලදී.  මෙම සිදු වීමෙන් වසර ගණනාවකට පසු එට්රස්කන්වරුන්ගේ Veii නගරයට රෝමයෙන් පහර දීමක් සිදු විය. ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස පමණ වන විට රෝමානු බලපෑම නිසා බොහෝ එට්රස්කන් නගර ප්‍රමාණයක සමාජ ව්‍යුහය බිඳ වැටී තිබුණි. මේ නිසා ඔවුනට රෝමය සමඟ ගිවිසුම් වලට එළඹීමට සිදු විය. මේ ගිවිසුම් නිසා එට්රස්කන්වරුන්ගේ එදිනෙදා ජීවිතය පාලනය කරන ලද්දේ රෝම නීතිය යටතේය. මේ පාලනයට විරුද්ධව නැගී ආ එට්රස්කන් විප්ලව කීපයක් සාර්ථකව මැඩ පැවැත්වීමට රෝමයට හැකි විය. කාලයත් සමඟ එට්රස්කන්වරුන්ට රෝමානු පුරවැසිභාවය පිළිගැනීම සිදුවිය.  මේ නිසා ඔවුන් රෝමයේම කොටසක් බවට පත් විය.   

පාලනය හා සමාජ පසුබිම

pinterest.com

එට්රස්කන්වරුන්ගේ පාලන ඒකකයන් වුයේ නගර රාජ්‍යයි. ඔවුන්ගේ මවු රට නගර රාජ්‍යන් 12කට බෙදා දක්වා තිබුණි. නමුත් මොවුන්ගේ බලය පැතිරීමත් සමග අලුත් නගර බිහි වීම සිදු විය. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පමණ එට්රස්කන් නගර, රාජාණ්ඩු වල සිට රදළ ආණ්ඩු ක්‍රමයට පරිවර්තනය වීමක් සිදු විය. මේ නගර රාජ්‍යයන් අතර කලින් කල යුද්ධ පවා ඇති විය.

මෙම නගර රාජ්‍ය අතර දේශපාලන සම්බන්ධතා පැවති බවට ඇති එකම සාක්ෂිය වන්නේ එට්රස්කන්වරුන්ගේ එක්සත් මණ්ඩලයේ වාර්ෂික රැස්වීමයි. මෙහිදී බොහෝ විට සාකච්ඡා පවත්වන ලද්දේ ආගමික කටයුතු පිළිබඳවයි. එට්රස්කන් සමාජය තුල විවිධ සමාජ ස්ථර දක්නට ලැබුණි.එහි විදේශිකයන්ගේ සිට වහලුන් දක්වා බෙදීම් පැවතුණි. ඇතැම් කුල වලට අයත් පිරිමින් දේශපාලනය තුල ප්‍රධාන තැනක් උසුලන ලදී. අනෙකුත් පැරණි සංස්කෘතීන්ට වඩා වැඩි නිදහසක් කාන්තාවන්ට එට්රස්කන් සමාජය තුල ලැබී තිබුණි. උදාහරණයක් ලෙස ඔවුන්ට දේපළ උරුම වීමේ අයිතිවාසිකම් පැවතුණි. නමුත් ඔවුන්ට කිසිම විටක පිරිමින්ගේ තත්වයට සමානව නිදහස ලැබුණේ නැත.

ආගම

decorarconarte.com

එට්රස්කන්වරුන් බහුදේව වාදීන් ලෙස හැඳින්විය හැක. ඔවුන් සෑම දෙයක්ම දෙවියන් නිර්මාණය කල ඒවා ලෙස සලකන ලදී. ඉර, හඳ වැනි දෑ වන්දනා කල මොවුන්ට ආදරයේ දෙව්දුව, යුද්ධයේ දෙවියන්, මරණයේ දෙවියන් වැනි සිදුවීම් සම්බන්ධ වූ දෙවිවරුන් පවා සිටින ලදී. මීට අමතරව Aritimi, Menrva, Pacha වැනි ග්‍රීක දෙවිවරුන් ඇදහීමද මොවුන් සිදු කරන ලදී.

සටන් කලාව හා යුධ භට පිරිස්

pinterest.com

අනෙකුත් සියලුම ජනකොට්ටාශ වල මෙන් එට්රස්කන් සමාජයේද යුද භට පිරිස් දක්නට ලැබුණි. ඔවුන් ගිම්හාන කාලයේදී විවිධ ප්‍රදේශ අල්ලා ගැනීම සඳහා යුධ ව්‍යාපාර ගෙනයන ලදී. බිළි පූජාවන් එට්රස්කන් ආගම තුල ප්‍රධාන තැනක් ගන්නා ලදී. මෙලෙස බිළි පුජා සඳහා දෙනු ලැබුවේ යුධ සිරකරුවන්ය. ඇතැම් විට මෙම පූජාවේ කොටසක් ලෙස සිරකරුවන් ඔවුනොවුන් සමඟ සටන් කිරීමට යොදවයි. පසුව මෙම චාරිත්‍රය රෝමානුවන් විසින් වැළඳගන්නා ලදී.

කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය

theapricity.com

එට්රස්කන්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන අංගයක් වුයේ දෙවියන් පිදීම සඳහා නිර්මාණය කළා වූ පන්සල්ය. මුල් කාලයේ මඩ වලින් සැකසු මඩ කැට යොදා ගනිමින් මේවා නිර්මාණයේ යෙදුනත් පසු කාලය වන විට ගල් යොදා ගනිමින් ශක්තිමත් නිර්මාණ කිරීමට ඔවුන් සමත් විය. සෑම නගරයකම ප්‍රධාන පන්සල් තුනක් දක්නට ලැබුණි.

ඔවුන්ගේ පුද්ගලික නිවාස සකසා ඇති ක්‍රමය තරමක් වෙනස් ස්වරූපයක් ගනී. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී ඉදි වූ නිවාස වල එකිනෙක අතර අදහස් හුවමාරු කරගත හැකි කාමර ගණනාවක් දක්නට ලැබේ. ඇතැම් විට එක් තට්ටුවක් ශාලාවක් හා පුද්ගලික අංගනයකින් සමන්විත විය.

මොවුන්ගේ කලාව දෙස අවධානය යොමු කිරීමේදී කැටයම් ශිල්පය ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව බිතු සිතුවම් ඇඳීම, ලෝහමය නිර්මාණද දක්නට ලැබේ. මොවුන්ගේ කලාව දැඩි ලෙස ආගම හා බැඳී තිබුණි.

රෝමානු සංස්කෘතිය සඳහා කළ බලපෑම

labyrinthdesigners.org

රෝම ජාතිකයින්ට ඔවුන්ගේ බොහෝ සංස්කෘතික හා කලාත්මක සම්ප්‍රදායයන් උරුම වුයේ එට්රස්කන් ශිෂ්ටාචාරය තුළිනි. පන්සල් නිර්මාණය හා ආගමික වතාවත් ඒ අතර මුල් තැනක් ගනී. රෝමානුවන් එට්රස්කන් රාජ්‍ය අල්ලාගෙන වසර සිය ගණනකට පසුව වුවත් රෝමය තුළ එට්රස්කන් ආගමික වතාවත් පවත්වාගෙන යාම දක්නට ලැබුණි. මෙයට හේතුව වුයේ රෝමයට මුහුණ දීමට සිදු වූ බාබේරියානු ආක්‍රමණ වලදී එට්රස්කන් පුජකවරුන්ගේ අනුශාසනාවන් අවශ්‍ය වීමයි.

කවරයේ පින්තුරය – ancient.eu

Related Articles