ලොව 8 වැනි පුදුමය ලෙසින් සලකන සීගිරි පර්වතය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත් ස්ථානයක්. රමණීය ගල් පර්වතයක් මුදුනේ ගෘහ නිර්මාණ ශිල්පය, ජල තාක්ෂණය, සහ ඉංජිනේරු තාක්ෂණය අපූරුවට යොදාගෙන කළ ඇති නිර්මාණයන් සැබවින්ම විශ්මය දනවනසුළු යි. සීගිරි පර්වතය මුදුනේ තිබෙන එම නිර්මාණයන් සේම සීගිරි බිතු සිතුවම් ද සීගිරියට අපූරු සුන්දරත්වයක් ගෙන එනවා. එදා සීගිරියේ චිත්‍ර 500ක් පමණ සිතුවම් කර තිබුණ ද වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ සිතුවම් 21ක් වැනි සුළු ප්‍රමාණයක්.