Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකීය ජනයාට සෙත සැලසූ සමූපකාර ව්‍යාපාරය

වර්තමානයේ “සමූපකාරය” යන වචනය අපට නිතර අසන්නට නොලැබුණත් මීට දශක 4කට පමණ සමූපකාරය ඉතාමත්ම ජනප්‍රිය වචනයක් බවට පත්ව තිබුණා. 1970-77 කාල සමයේ මෙරට භාණ්ඩ හිඟයක් ඇති වුණු අවස්ථාවේ විවිධකාරයේ බඩුබාහිරාදිය මිල දී ගැනීම සඳහා සමූපකාර පෝලිම්වල සිටි බව අපගේ වැඩිහිටියන් අදටත් සිහිපත් කරනවා. එලෙස එක් කාල සමයක සමූපකාරය ලාංකිකයන්ගේ අවශ්‍යතා රැසක් සපුරාලන ස්ථානයක් බවට පත්ව තිබුණත් වර්තමානය වන විට එය ජනතාවගෙන් දුරස් වී තිබෙනවා.

article

ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබුණු “කොළඹ ක්‍රමය”

1948 වසරේ ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත් වුණා. එම අවධියේ ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජූනියස් රිචඩ් ජයවර්ධන බටහිර රටවල්වලින් ආධාර ලබාගන්නා ක්‍රමයක් ගැන කල්පනා කළා. ඒ අනුව ඔහු 1949 වසරේ දී ලංඩන් නුවර දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී කරන ලද යෝජනාවක් කොළඹ ක්‍රමය ආරම්භ කිරීමට අඩිතාලම දමනු ලැබුවා. ඉන් වසර 2කට පමණ පසුව, 1951 වසරේ ජූලි 1 වැනි දා සිට ක්‍රියාත්මක වුණු කොළඹ ක්‍රමයෙන් අදටත් අපට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා.

article

19 වැනි සියවසේ දී කොළරාවෙන් ලෝකය බැට කෑ හැටි

කලින් කලට ලෝකය පුරා විවිධ රෝග වසංගත පැතිරී යනවා. ඉන් සමහර රෝග වසංගත සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කර තිබුණත් සමහර රෝග තවමත් විටින් විට හිස ඔසවනවා. මහාමාරිය සහ කොළරාව වැනි රෝග ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් නොකළ වසංගත රෝග කිහිපය අතරට ඇතුළත් වනවා.

article

ක්‍රිකට් තරගය අතහැර වසූරිය මැඬලන්නට ගිය ලංකා වෛද්‍යවරයා

ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙසින් හැඳින්වුණු විලියම් ගිල්බට් ග්‍රේස් වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහුගේ ක්‍රිකට් දිවිය සම්බන්ධව විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් තිබුණත් අදටත් ග්‍රේස් දැක්වූ දස්කම් පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරනවා. එලෙස ග්‍රේස් නම් වෛද්‍යවරයා එංගලන්ත කණ්ඩායම නියෝජනය කළා සේම ලංකා කණ්ඩායම නියෝජනය කළ වෛද්‍යවරයෙකුත් සිටියා.

article

පොළොන්නරුවේ ආළාහන පිරිවෙනෙහි අසිරිය

අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙවන රාජධානිය බවට පත් වුණේ පොළොන්නරුව යි. එලෙස නිර්මාණය වුණු පොළොන්නරුව රාජධානිය පාලනය කළ ප්‍රබලම රජවරු අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාට යි. එදා පොළොන්නරුව සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන ගිය මහා පරාක්‍රමබාහු රජතුමා සුවිසල් නිර්මාණ රැසක් ඉදිකරනු ලැබුවා. එම යුගයේ දී පුලතිසි පුරවරය තුළ ඉදිවුණු නිර්මාණ අතුරින් ආළාහන පිරිවෙන නම් ආරාම සංකීර්ණය ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් වනවා. ප්‍රධාන ස්මාරක තුනකින් සහ තවත් පරිවාර ස්මාරක කිහිපයකින් සමන්විත වුණු මෙම ආරාම සංකීර්ණය විශාල භූමි ප්‍රදේශයක පිහිටා තිබෙනවා. එසේම, පොළොන්නරුවෙන් හමුවුණු මුල්ම රෝහලෙහි නටබුන් පිහිටා තිබෙන්නේ ද මෙම ආරාම සංකීර්ණ තුළ යි.

article

කෝවිඩ්-19 සමග කරළියට පැමිණි නිරෝධායනයේ ඉතිහාසය

මේ දිනවල ලොව පුරා පැතිරී යන කොරෝනාවෛරසය රටවල් රැසකට බලපෑම් ඇති කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැනෙන්නට පටන් ගත් නිසා ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. එලෙස කොරෝනාවෛරසය ලංකාව තුළ පැතිරී යාමත් සමගම නිරෝධායනය, නිරෝධානය මධ්‍යස්ථාන වැනි වචන නිතර අසන්නට ලැබුණා. මීට පෙර ලාංකීය ජනතාවට සමීප නොවුණු නිරෝධායනය නම් එම ක්‍රියාවලියේ උපත සිදුවුණේ 14 වැනි සියවසේ මැද භාගයේ දී යි. එදා ලෝකය පුරාම පැතිරී ගිය කළු මරණය නම් වසංගත තත්ත්වයත් සමගම කරළියට පැමිණි නිරෝධායනය නම් ක්‍රියාවලිය, විවිධ වසංගත අවස්ථාවන්වල දී යොදාගනු ලැබුණා. මෙම ලිපිය මඟින් අපි නිරෝධායනයේ උපත සහ එහි ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරමු.

article

දෙවන ලෝක යුද සමයේ ජර්මානු යුද ටැංකි

දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන්ගේ පාබල බල ඇණි ශක්තිමත් කළ යුද්ධ ටැංකි පිළිබඳව ඔබ අසා ඇති. ඒ ආකාරයෙන් මිත්‍ර හමුදාවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ යුද ටැංකි තුනක් පිළිබඳව කෙටි විස්තරයක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

බුදු පිළිමවලින් නිරූපණය වන මුද්‍රාවන්

බුදු පිළිම නිර්මාණය, අතීතයේ සිටම ලංකාවේ බෞද්ධ සමාජය තුළ දක්නට ලැබුණු අංගයක් වුණා. හෙළ කලාකරුවා බුදු පිළිම නිර්මාණය කිරීම සඳහා දැක්වූ නිපුණතාවය නිසාම, ඔවුන්ගේ අතින් නිම වුණු විස්මිත නිර්මාණ අදටත් ලක් භූමිය තුළ දක්නට ලැබෙනවා. එලෙස දක්නට ලැබෙන බුදු පිළිම විවිධ මුද්‍රා නිරූපණය කරන ආකාරයට නිර්මාණය කර තිබීම සුවිශේෂී කරුණක්. එම බුදු පිළිමවල ප්‍රධාන වශයෙන් මුද්‍රා 6ක් දක්නට ලැබෙන විට, තවත් දුර්ලභ මුද්‍රා 4ක් නිරූපණය කරන පිළිම ද හමුවනවා.

article

කෝට්ටේ රාජධානිය කොටස් 3කට වෙන් කළ විජයබා කොල්ලය

ලංකා ඉතිහාසය දෙස නැවතත් හැරී බැලීමේ දී බලය ලබාගැනීම සඳහා කළ කුමන්ත්‍රණ, පාවාදීම් සහ ඝාතන රැසක් හමුවනවා. එලෙස හමුවන සිදුවීම් අතුරින් විජයබා කොල්ලයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ, එහි දී පුතුන් තිදෙනා එක්ව පියා මරා දමමින් රජකම ලබාගත් නිසා යි. එදා 6 වැනි විජයබාහු රජතුමා ඔහුගෙන් පසුව ඔහුගේ පරිවාර බිසවකගේ පුතෙකු වුණු දේවරාජ නම් කුමාරයාට රජකම ලබාදීමට පොරොන්දු වීම නිසා මෙම කොල්ලය සිදුවුණා. එලෙස ක්‍රි.ව 1521 වසරේ දී විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය කොටස් 3කට වෙන් වී ගියා.

article

End of Articles

No More Articles to Load