Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහසින් සටන් බිමට ළඟා වූ යතුරුපැදිය – වෙල්බයික්

දෙවන ලෝක යුද්ධ කාලය තුළ ලෝකයට කාර්මික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් බිහිවනවා. එයට මූලික හේතුව වන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශවයන්ට තම සතුරා පරයා යාමට තිබූ දැඩි උනන්දුවයි. යුද්ධය ආරම්භයත් සමඟ විශේෂ බළකා හා කමාන්ඩෝ සොල්දාදුවන් විසින් යුධ භූමිය තුළ සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා යතුරුපැදි කිහිපයක් මිත්‍ර පාර්ශවය විසින් මෙන්ම අක්ෂ පාර්ශවය විසිනුත් හදුන්වා දෙනවා.

article

දෙවන ලෝක යුධ සමයේදී කොළඹට එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාරය

ජපානය විසින් පර්ල් වරායට බෝම්බ එල්ල කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙ ඊළග ඉලක්කය වන්නේ දකුණු ආසියාව බව මිත්‍ර පාර්ශවය විසින් අනුමාන කරනවා. ඊට හේතුව වන්නේ ඔවුන් විසින් ඒ වන විටත් ඉන්දියන් සාගරයේ බටහිර දෙසට​ තම අණසක පැතිරවීමයි. අනුමානය සත්‍ය බව පසක් කරමින් ඊට දින 119කට පසු ජපන් ගුවන් හමුදාව විසින් කොළඹට ප්‍රහාරයක් එල්ල කරනවා.

article

තුන් ලක්ෂයක් ආබාධිතයින් මරු තුරුලට යැවූ හිට්ලර්ගේ ව්‍යාපෘතිය​ : Aktion T4

මෑත ඉතිහාසයේ දී වඩාත් කතාබහ ලක් වූ මාතෘකා අතරින් ‘සුඛ මරණය’ හෙවත් Euthanasia යන්නට හිමි වන්නේ ඉහළ ස්ථානයක් බව පැවසීමේ වැරැද්දක් නැහැ. ඇතැම් විටෙක වෛද්‍ය සහය ඇති ව සිය දිවි නසා ගැනීම ලෙස ද ‘සුඛ මරණය’ අර්ථ නිරූපණය කරන අතර එහි දී බොහෝ විට සිදු වන්නේ කිසියම් ශාරීරික ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අධික ලෙස පීඩා විඳින පුද්ගලයෙක් ස්වකීය කැමැත්තෙන් වේදනා රහිත ක්‍රමවේදයක් අනුගමනය කර ජීවිතය තොර කර ගැනීම යි.

article

සයිබීරියාවෙන් මතු වූ වැම්පයර්

මිනිස් ලේ උරා බොන වැම්පයර්වරුන් ගැන ඔබ මීට පෙර අසා ඇත්තේ ප්‍රබන්ධයකින් වන්නට ඇත. කවුන්ට් ඩ්‍රැකියුලා නම් ධනවත් පුද්ගලයෙකු මිය යාමෙන් පසු ජීවත්ව සිටින මිනිසුන් කරා පැමිණ ඔවුන්ගේ ලේ උරා බීම පදනම් කරගත් “ඩ්‍රැකියුලා” සහ සත්ව ලේවලට හුරු වූ වැම්පයරයන් පිරිසක් සැබෑ ලොව මිනිසුන් සමග ජීවත් වීමේ කතාවක් පදනම් කරගත් “ට්වයිලයිට්” වැනි ප්‍රබන්ධ මේ අතර ප්‍රධාන වේ.

article

ජනප්‍රිය සමාජය වැළඳගත් “හිපි” ලක්ෂණ

හිපි සංස්කෘතිය තුළ සමාජ සංස්කෘතියට හා සභ්‍යත්වයට විරුද්ධව පැවති ක්‍රියාකාරකම් නිසා හිපියන්ට සමාජයෙන් විරෝධය එල්ල වන්නට විය. ක්‍රම ක්‍රමයෙන් හිපි සංස්කෘතිය පිරිහී යන්නට සමාජ බලපෑම ප්‍රබල හේතුවක් වූ නමුත් හිපියන්ට ආවේනිකව තිබුණු ගති ලක්ෂණ බොහොමයක් නවතාවයකින් යුතුව ජනප්‍රිය සමාජයෙන් මතුව ආයේය.

article

දෙවන ලෝක යුද්ධයෙන් පසු මිලියන 8ක් ඇමරිකානු සෙබළුන් නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම – Operation Magic Carpet

1945 වසරේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව යුරෝපයේ, ආසියාවේ හා පැසිෆික් කලාප වල ඒ වනතුරු රැදී සිටි මිලියනයකට ආසන්න ඇමරිකානු යුධ භටයන් ප්‍රමාණය නැවතත් ඉක්මනින්ම මව් රටට ගෙන්වා ගැනීම, ඇමරිකානු රජයට අභියෝගයක් බවට පත්වෙනවා. එම අභියෝගයට පිළිතුරක් ලෙස ඇමරිකානු යුධ දෙපාර්තුමේන්තුව හා ඇමරිකානු යුධ නාවික හා ගුවන් හමුදා එකතු වී මෙහෙයුමක් දියත් කරනවා. ඉතින් Operation Magic Carpet ලෙස හැදින්වූ එම මෙහෙයුම පිළිබඳවයි අද ලිපිය දිග හැරෙන්නේ.

article

රටේ හරි මැද නාලන්ද ගෙඩිගේ

මාතලේ ඉඳන් දඹුල්ලට හුඟ දෙනෙක් ගියත් ඒ අතරමඟ හමුවන නාලන්ද ගෙඩිගේ දැකබලාගන්න නම් උනන්දු වන්නේ එහෙමත් කෙනෙක් තමයි. මාතලේ ඉඳන් නාලන්දට දුර කි. මී. 35යි. දඹුල්ලෙ සිට වුණත් පහසුවෙන් මෙතැනට එන්න පුලුවන්. නාලන්ද රෝහල අසලින් හැරිලා තවත් කි. මී. 1.5ක් අතුරු මාර්ගයක (තාර දමා කාපට් කළ) ගමන් කළ විට ගෙඩිගේ පිහිටි පුරාවිද්‍යා භූමියට ළඟාවිය හැකි යි. අවට පැතිරී තිබෙන බෝවතැන්න ජලාශය නිසා වටපිටාව අපූරු සුන්දරත්වයක් උසුලනවා. ඈතින් දුම්බර කඳුවැටිය නීල වර්ණයෙන් පැතිර යන ආකාරයත් රමණීය දර්ශනයක්.

article

ලිබර්ටි ප්‍රතිමාවේ අන්දරය

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ හරි හරියට කියැවෙන දේ අතරින් ‘ලිබර්ටි’ හෙවත් ‘නිදහසේ ප්‍රතිමාව’ මුල් තැනක ලා සලකන්නට පිළිවන්. ගිනි සිළුවක් අතින් ගත් කාන්තාවක් දැක්වෙන මේ ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරයි. මීට වසර සියයකටත් වඩා ඉතිහාසයක් ඇති මෙය හා සබැඳි ඉතිහාස කතාවත් මේ ප්‍රතිමාව තරම්ම අලංකාරයි. එමෙන්ම මෙය ඇමෙරිකාවට ප්‍රංශයෙන් ලැබුණු ත්‍යාගයක් වීමත් විශේෂයි.

article

End of Articles

No More Articles to Load