දළදාව සැඟවූ උඩරට විහාර
මහනුවර රාජධානියට දළදා වහන්සේ වැඩමවාගෙන ආවේ පළමුවන විමලධර්මසූරිය රජු (1592-1603) විසින්. ඒ රජු එවකට දෙල්ගමුවේ සඟවා තිබූ දළදාව පෙරහරින් මහනුවරට වැඩම කරවාගෙන, දළදා මැදුරක් ද ඉදිකර පුදපූජා පැවැත්වුවා. ඊට පසු බලයට පත් සෑම රජ කෙනෙකුම දළදා පුදපූජා පැවැත්වූවා. දළදාව තමන් සතුවීම රජකම පවත්වාගෙන යාමට ඇති උරුමයක් ලෙස සැලකුණා. නමුත් මහනුවර දළදා මාලිගයේ එකදිගට වැඩ වැඩසිටීමට දළදා වහන්සේට හැකියාවක් නොලැබුණේ පරසතුරු ආක්‍රමණ නිසයි. පෘතුගීසි, ඕලන්ද, සහ ඉංග්‍රීසි ආකුමණ උඩරටට එල්ලවන විට රජවරු සහ නායක හිමිවරු දළදාව උඩරට ප්‍රදේශයේම රහසිගත ස්ථානවල සඟවා තැබීමට කටයුතු කළා. අදටත් එලෙස දළදා සඟවා තැබූ ගල්ලෙන්, විහාරස්ථාන අපට දැකබලා ගන්න පුළුවන්. ඒවායේ දළදා ඉතිහාසයට සම්බන්ධ රසවත් හා අනුවේදනීය තොරතුරු බැඳී තිබෙනවා. එවැනි ස්ථාන ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.