ලියෝ ෆ්‍රෑන්ක් සිරෙන් පැහැරගැනීම හා ඝාතනය
නීතිමය ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් උසාවියෙන් නඩුවක් විසඳන තුරු බලාගෙන ඉන්න තරම් ඉවසීමක් ලංකාවෙ මිනිස්සුන්ට නැහැ. ඒ නිසා අපරාධයක් ගැන ආරංචි වුණු වහාම, තමන් දන්නා සුළු සුළු තොරතුරු මත පදනම්ව අහවලා වැරදිකරුවා ය කියලා තීරණය කරන්නත්, සැකකරුව අල්ලාගෙන තඩි බාන්න, හෝ “ආයුධ පෙන්වන්න” යවන්නත් ලංකාවෙ අපි වඩා කැමතියි.