1982 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. එය පැවැත්වීමෙන් පසුව 2019 වසර දක්වා තවත් ජනාධිපතිවරණ 6ක් පැවැත්වුණේ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන්. එලෙස පැවති ජනාධිපතිවරණ අතුරින් 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණ සුවිශේෂී ඒවා බවට පත්වුණේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටන නිසා යි. එලෙස ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටනක් පවතින අවස්ථාවක යම් ආසනයක් විශාල පරතරයක් ඇතිව ජයග්‍රහණය කිරීමට ලැබීම ඕනෑම අපේක්ෂකයෙකු ලබන විශාල භාග්‍යයක්. මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම තීරණාත්මක වුණු ආසන 2ක ප්‍රතිඵල පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට යි.
1988 ජනාධිපතිවරණය
1988 වසරේ දෙසැම්බර් 19 වැනි දා දෙවන ජනාධිපතිවරණය පැවැත්වුණේ රට පුරාම භීෂණකාරී තත්ත්වයක් පැවති අවස්ථාවක යි. 1982 වසරේ පැවති පළමු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වුණත් 1988 වසරේ ඉදිරිපත් වුණේ අපේක්ෂකයන් තුන්දෙනෙකු පමණ යි. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස සටනට පිවිසෙන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සටනට පිවිසියේ වසර ගණනාවක් ප්‍රජා අයිතිය අහෝසි වී සිටි සිරිමාවෝ බණ්ඩාරනායක යි. ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකර සටන් බිමට පිවිසියත් උග්‍ර සටනක් පැවතුණේ රණසිංහ ප්‍රේමදාස සහ සිරිමාවෝ බණ්ඩාරනායක අතර යි.
මෙහිදී රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබාගෙන 50.43%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගන්නා විට ඡන්ද 2,289,860ක් ලබාගත් සිරිමාවෝ බණ්ඩාරනායකට 44.95%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගැනීමට හැකිවුණා. මේ අවස්ථාවේ රණසිංහ ප්‍රේමදාසට වැඩි ඡන්ද 279,339කින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ආසන 2ක ප්‍රතිඵලය විශාල වාසියක් ලබාදුන්නා. රණසිංහ ප්‍රේමදාසට වාසියක් ලබාදුන් ආසන වුණේ ඔහු පාර්ලිමේන්තුවට පිවිසි මැද කොළඹ ආසනය, සහ එක්සත් ජාතික පක්ෂයට ඉතාමත් වාසිදායක වුණු නුවරඑළිය-මස්කෙලිය ආසනය යි.
මැද කොළඹ ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන්
රණසිංහ ප්‍රේමදාස – 58795
සිරිමාවෝ බණ්ඩාරනායක – 26083
රණසිංහ ප්‍රේමදාස ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 32712
නුවරඑළිය-මස්කෙලිය ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන්
රණසිංහ ප්‍රේමදාස – 52653
සිරිමාවෝ බණ්ඩාරනායක – 22209
රණසිංහ ප්‍රේමදාස ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 30444
එම ආසන දෙකෙන් රණසිංහ ප්‍රේමදාස ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 63156
මෙම ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාස දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කරන විට සිරිමාවෝට ජයග්‍රහණය හිමිවුණේ දිස්ත්‍රික්ක 6ක් පමණ යි. එහිදී ඇය ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය, සහ යාපනය යන දිස්ත්‍රික්කයන් ජයග්‍රහණය කළා. දැන් අප යාපනය හැර ඉතිරි දිස්ත්‍රික්කවල දී අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණ ගැන සලකා බලමු.
ගම්පහ දිස්ත්‍රික්කය
සිරිමාවෝ බණ්ඩාරනායක – 355553
රණසිංහ ප්‍රේමදාස – 350092
සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 5461
කළුතර දිස්ත්‍රික්කය
සිරිමාවෝ බණ්ඩාරනායක – 179761
රණසිංහ ප්‍රේමදාස – 169510
සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 10251
ගාල්ල දිස්ත්‍රික්කය
සිරිමාවෝ බණ්ඩාරනායක – 148615
රණසිංහ ප්‍රේමදාස – 124912
සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 23703
මාතර දිස්ත්‍රික්කය
සිරිමාවෝ බණ්ඩාරනායක – 57424
රණසිංහ ප්‍රේමදාස – 45399
සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 12025
අනුරාධපුර දිස්ත්‍රික්කය
සිරිමාවෝ බණ්ඩාරනායක – 73154
රණසිංහ ප්‍රේමදාස – 56951
සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 16203
එම දිස්ත්‍රික්ක පහෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 67648
ඉහත ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව පැහැදිලිවම පෙනීයන කරුණ වන්නේ සිරිමාවෝ ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක 5කින් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ප්‍රේමදාස මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය ආසනවල දී වැඩි ඡන්ද ලෙස ලබාගෙන ඇති බව යි. එම නිසාම රණසිංහ ප්‍රේමදාස ඉතාමත් තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කළ 1988 දෙවන ජනාධිපතිවරණයේ දී මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය තීරණාත්මක ආසන 2ක් වුණේ කෙසේදැ යි දැන් ඔබට වැටහෙනවා ඇති.
2005 ජනාධිපතිවරණය
ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ හමුවන තියුණුම ජනාධිපතිවරණය පැවැත්වුණේ 2005 වසරේ දී යි. එම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 13ක් ඉදිරිපත් වුණත් සටන පැවතුණේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අතර යි. එදා කරට කර සටනක් පැවති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්ද 4,887,152 ලබාගෙන 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගන්නා විට රනිල් වික්‍රමසිංහ ඡන්ද 4,706,366ක් ලබාගෙන 48.43%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එහිදී මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 22න් වැඩි ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක 11ක් ජයග්‍රහණය කළත් ඔහුට ලබාගැනීමට හැකිවුණේ වැඩි ඡන්ද 180,786ක් පමණ යි. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ඡන්ද පරතරය අඩුවීමට විශාල හේතුවක් වුණේ මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර තිබීම යි.
මැද කොළඹ ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන්
රනිල් වික්‍රමසිංහ – 78908
මහින්ද රාජපක්ෂ – 20395
රනිල් වික්‍රමසිංහ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 58513
නුවරඑළිය-මස්කෙලිය ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන්
රනිල් වික්‍රමසිංහ – 156343
මහින්ද රාජපක්ෂ – 33453
රනිල් වික්‍රමසිංහ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 122890
එම ආසන දෙකෙන් රනිල් වික්‍රමසිංහ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 181403
මෙම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික්ක 11 බැගින් ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල යි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණ ගැන සලකා බලමු.
කුරුණෑගල දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 468507
රනිල් වික්‍රමසිංහ – 418809
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 49698
අනුරාධපුර දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 231040
රනිල් වික්‍රමසිංහ – 182956
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 48084
පොළොන්නරුව දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 110499
රනිල් වික්‍රමසිංහ – 97142
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 13357
රත්නපුර දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 294260
රනිල් වික්‍රමසිංහ – 252838
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 41422
කෑගල්ල දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 239184
රනිල් වික්‍රමසිංහ – 223483
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 15701
එම දිස්ත්‍රික්ක පහෙන් මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 168262
ඉහත ඉදිරිපත් කර ඇති දත්තවලට නිරීක්ෂණය කිරීමේ දී පෙනීයන කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක 5කින් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයටත් වඩා මඳකට වැඩි ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය ආසනවල දී වැඩි ඡන්ද ලෙස ලබාගෙන ඇති බව යි. එම නිසාම මහින්ද රාජපක්ෂ වැඩි ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක 11ක් ජයග්‍රහණය කළත් රනිල් වික්‍රමසිංහට ඡන්ද පරතරය 180,786ක් දක්වා අඩුකර ගැනීමට හැකිවුණා.
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හමුවුණු ජනපතිවරණ අතුරින් උණුසුම්ම එකක්. එයට හේතුව වුණේ අපේක්ෂකයන් 19ක් ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනා ලෙස දිගු කලක් එකම පක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන සටන් වැදීම යි. එහිදී තියුණු සටනක් පැවති ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 6,217,162 ලබාගෙන 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගන්නා විට මහින්ද රාජපක්ෂ ඡන්ද 5,768,090ක් ලබාගෙන 47.58%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එහිදී මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 10ක් ජයග්‍රහණය කළත් ඔහුට ඡන්ද 449,072කින් පරාජය වීමට සිදුවුණා. එහිදී මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කර තිබීම මහින්ද රාජපක්ෂගේ පරාජයට වක්‍රාකාර හේතුවක් වුණා.
මැද කොළඹ ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන්
මෛත්‍රීපාල සිරිසේන – 82495
මහින්ද රාජපක්ෂ – 17779
මෛත්‍රීපාල සිරිසේන ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 64716
නුවරඑළිය-මස්කෙලිය ආසනයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයන්
මෛත්‍රීපාල සිරිසේන – 171578
මහින්ද රාජපක්ෂ – 57718
මෛත්‍රීපාල සිරිසේන ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 113860
එම ආසන දෙකෙන් මෛත්‍රීපාල සිරිසේන ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 178576
මෙම ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්ක 12ක ජයග්‍රහණය තහවුරු කරගන්නා විට මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 10ක් ජයග්‍රහණය කළා. එසේ නම් මහින්ද ජයග්‍රහණය කළ කළුතර, අනුරාධපුරය, මාතලේ, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල යි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගත් ඡන්ද ප්‍රමාණ ගැන සලකා බලමු.
කළුතර දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 395890
මෛත්‍රීපාල සිරිසේන – 349404
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 46486
අනුරාධපුර දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 281161
මෛත්‍රීපාල සිරිසේන – 238407
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 42754
කෑගල්ල දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 278130
මෛත්‍රීපාල සිරිසේන – 252533
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 25597
මාතලේ දිස්ත්‍රික්කය
මහින්ද රාජපක්ෂ – 158880
මෛත්‍රීපාල සිරිසේන – 145928
මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 12952
එම දිස්ත්‍රික්ක හතරෙන් මහින්ද රාජපක්ෂ ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය – 127789
ඉහත ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව පැහැදිලිවම පෙනීයන කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක 5කින් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයට ආසන්න ඡන්ද ප්‍රමාණයක් සහ තවත් ඡන්ද 50787ක් මෛත්‍රීපාල සිරිසේන මැද කොළඹ සහ නුවරඑළිය-මස්කෙලිය ආසනවල දී වැඩි ඡන්ද ලෙස ලබාගෙන ඇති බව යි. මෛත්‍රීපාලට සිරිසේනට 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉහත ආසන දෙක විශාල පරතරයකින් ජයග්‍රහණය කිරීම වක්‍රාකාරව සහාය වුණා.