Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛද්‍යවරුන් පවා අල්ලේ නැටවූ දුම්කොළ සමාගම්

දුම්පානය ස්වසන මාර්ගයේ පිළිකා ඇති කරවීමට මෙන්ම නොයෙකුත් රෝග පීඩා ගෙන එන්නට සමත් බව විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පු වන්නේ මෑත කාලයේ දී යි. සිගරට් එහෙම නැත්නම් දුම්වැටි පානය මාරයාට අත වැනීමක් බව සොයා ගැනීමට ප්‍රථම එය ශරීරයට ගුණදායක බවත්, පානය තුළින් සිරුර හා මනස ප්‍රබෝධමත් වන බවත් පවසමින් දුම්වැටි අලෙවිකරණය සඳහා ප්‍රචාරණය වන දැන්වීම් සියල්ලකට ම පාහේ පෙනී සිටින්නේ වෛද්‍යවරුන් හා සොඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නොයෙකුත් උපදේශකයන් ය.

ඉතින් ඔවුන් වෙළඳ දැන්වීම්වල පෙනී සිටිමින් සිගරට් අලෙවිය වැඩි කිරීමට උත්සාහ ගත් එම කාලය පිළිබඳවත්, එම කාලයේ වෙළඳ දැන්වීම් පිළිබඳවත් සටහනක් ගෙන එන්නටයි මේ අපේ උත්සාහය.

ඇමෙරිකාව හා යුරෝපියානු රටවල දුම්පානය පිළිබඳ අදහස

ඇමෙරිකානු තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් 1933 දී නිර්මාණය වූ දැන්වීමක් (www.history.com)

1930 හා 1940 දශකවල දී වෛද්‍ය විද්‍යාවේ අද තරම් දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ. දුම්පානයට යොමුවීම පෙනහළු පිළිකා හෝ වෙනත් රෝගාබාධ නිර්මාණය කිරිමට සමත් වෙන බව යුරෝපියානු රටවල් හෝ ඇමෙරිකාව විසින් සොයාගෙන නෑ. ජර්මනියට සාපේක්ෂ ව එම කාලය තුළ යුරෝපීය රටවල් හා ඇමෙරිකාව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව අතින් සිටින්නේ පසුපසිනුයි.

නාට්සි ජර්මානු විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් එකතුව දුම්පානය හා එහි ප්‍රතිඵල පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වූ අතර, 1939 දී ජර්මනියේ විද්‍යාඥයෙක් වන ෆ්‍රාන්ස් ම්‍යුලර් විසින් මුල්වරට දුම්බීම හා පෙනහළු පිළිකා අතර සම්බන්ධතාවයක් ඇති බවට අනාවරණය කරනවා. ඒ හේතුවෙන් හිට්ලර් ප්‍රමුඛ නාට්සි ජර්මනිය දුම්වැටි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර මෑත ඉතිහාසය තුළ රාජ්‍ය නායකයකුගේ මෙහෙයවීමෙන් සිදුකළ පළමු දුම්වැටි විරෝධතා ව්‍යාපාරය ලෙස මෙය නම් කළ හැකියි.

ජර්මනිය එලෙස විරෝධතා ව්‍යාපාර ආරම්භ කළත් ඇමෙරිකාව හා යුරෝපියානු රටවල් දුම්වැටිය පිළිකා ඇතිවීමට බලපාන බව සොයාගන්නේ ඊට වසර කිහිපයකට පසුව යි.

සිගරට් වෙළඳ ප්‍රචාරණයේ ස්වර්ණමය යුගය

දුම්බීම හා ප්‍රීතිය (www.history.com)

සිගරට් හේතුවෙන් පිළිකා හෝ වෙනත් රෝග හට ගන්නා බව සොයා නොගැනීම හේතුවෙන් යුරෝපියානු හා ඇමෙරිකානු දුම්කොළ සමාගම් විසින් තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඔප්පු කරවීම සඳහා ප්‍රචාරණ වෙළඳ දැන්වීමවලට වෛද්‍යවරුන් යොදාගැනීම සිදුකරනවා. ඒ 1950 වසරට පෙර කාල සිමාවේ දී යි.

1940 ගණන්වල අග භාගයේ දී එම රටවල පෙනහළු පිළිකාවන්හි සීඝ්‍ර වර්ධනයක් දකින්න ලැබෙන අතර ඒ හේතුවෙන් සිදුවෙන මරණ ප්‍රමාණය අධික ලෙස ඉහළ යනවා. නමුත් මෙම කාලයේ දී දුම්පානය මෙයට මුල් වූ ප්‍රධාන සාධකය බව සෞඛ්‍ය අංශ විසින් හදුනාගන්නේ නෑ.

තව ද, දුම්පානයෙන් පසු ව උගුරට යම්කිසි අපහසුතාවයක් දැනීම පවා ඒ කාලයේ විවිධ දුම්කොළ සමාගම් විසින් තම අලෙවි ප්‍රචාරණයේ වාසිය සඳහා හරවා ගන්නවා. ඒ “සෑම සිගරට්ටුවක්ම අනර්ඝ නැත. අප සමාගම විසින් නිෂ්පාදනය කරන ඉස්තරම් සිගරට්ටු පානය කර අපහසුතා මඟහැර ගන්න” ලෙස යි.

වෛද්‍යවරුන් විසිදහසකට වඩා වැඩි ප්‍රමාණයක් අනුමත කළ පළමු සිගරට් සමාගම

වෛද්‍යවරුන්ගේ නිර්දේශ (www.history.com)

ඇමෙරිකාවේ පළමු සිගරට් සමාගම වන Lucky Strike විසින් 1930 දී තම සිගරට් වෙළඳපොළට හඳුන්වාදීමේ දී එම සිගරට්ටුව වෛද්‍යවරුන් 20,679 දෙනෙකු විසින් අනර්ඝ නිෂ්පාදනයක් බව තහවුරු කළ බවට වෙළඳ ප්‍රචාරණයක් රැගෙන යනවා.

ඔවුන් විසින් බොහෝ වෛද්‍යවරුන් වෙත සිගරට් බන්ඩල තොග ගණන් යැවූ අතර, ඒවා භාවිතා කිරීමෙන් පසු ව සිගරට්ටුවල තත්ත්වය පිළිබඳ ව ලියූ ලිපියක් තම සමාගමට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. බොහෝ වෛද්‍යවරු ප්‍රමාණයක් සමාගම කී ලෙස ම සිගරට් සෞඛ්‍යමය වශයෙන් උගුරට අපහසුතාවක් ඇති නොකරන බව ප්‍රකාශ කරමින් ලිපි යවනවා.

දුම්කොළ සමාගම් විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීම

කැමල්ස් සිගරට් (Stanford Research into the Impact of Tobacco Advertising)

1937 දී ස්ථාපිත කරන ලද Philip Morris නම් දුම්කොළ සමාගම විසින් සිගරට් විකිණීම සඳහා තවත් වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් අනුගමනය කරනවා. ඒ ඔබ එතෙක් කලක් පානය කළ සිගරට්වලින් උගුරට අපහසුතාවයක් ඇති වී තිබෙන බැවින් එලෙස කිසිදු අපහසුතාවයක් නොදැනෙන Philip Morris සිගරට්ටු භාවිතා කරන ලෙස යි.

1946 දී R.J. Reynolds දුම්කොළ සමාගම විශාල වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සමග සම්බන්ධතා නිර්මාණය කරගන්නවා. ඔවුන් සෞඛ්‍ය පර්යේෂණ සඳහා අනුග්‍රාහය දක්වන අතර ම තම වෙළඳ දැන්වීම් එම ක්ෂේත්‍රයේ පුවත්පත් හා සඟරාවල පළ කරනවා.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් මෙම සමාගම වටේ එකතු වී සිටි අතර, ඒ හේතුවෙන් මෙම දුම්කොළ සමාගම විසින් “වෛද්‍යවරුන් විශාල පිරිසක් පානය කරන්නේ තම සමාගමේ කැමල්ස් සිගරට් ය” යන වෙළඳ ප්‍රචාරණය රැගෙන යනවා.

දුම්පානය හා පෙනහළු පිළිකා අතර සම්බන්ධය සොයාගැනීම

තරුණ තරුණියන් ආකර්ෂණය කරගැනීම (www.history.com)

 

1950 ගණන්වල මැද භාගයේ දී දුම්පානය හා පිළිකා අතර සෘජු සම්බන්ධතාවයක් ඇත යන මතය ක්‍රමක්‍රමයෙන් විද්‍යාත්මක ව ඔප්පු වීම ආරම්භ වූ අතර, එය තම සමාගම්වලට එල්ල වෙන ප්‍රබල තර්ජනයක් බව දැනගන්නා දුම්කොළ සමාගම් සියල්ල එකට එකතු වෙනවා. මේ පිළිබඳ ව ඉතා නිවැරදි ව සොයාබැලීමට තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරන සමාගම්, ඔවුන්ගේ ම පර්යේෂණ කිහිපයක් ආරම්භ කරනවා.

1964 දී නිකුත් කළ ඇමෙරිකානු ශල්‍ය වෛද්‍යවරුන්ගේ වාර්තාවේ දුම්පානය හා පෙනහළු පිළිකා අතර සම්බන්ධතාවයක් ඇති බවට තහවුරු කරමින් විද්‍යාත්මක ලිපි පළ වෙනවා.

මේ සමග ම මෙතෙක් දුම්කොළ සමාගම්වලට හිතවත් ව කටයුතු කළ වෛද්‍ය කණ්ඩායම් සියල්ල දුම්වැටියට එරෙහිව කටයුතු කිරීම ආරම්භ කරන අතර, ඉන් පසු ව එළඹෙන්නේ විවිධ රටවල දුම්වැටි විරෝධතා ව්‍යාපාරවල ආරම්භය යි.

මූලාශ්‍රයයන්:

history.com

nytimes.com

adage.com

healio.com

කවරයේ පින්තූරය: www.history.com

Related Articles