Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවැම්බර් මාසයේ ජනප්‍රියත ම Netflix චිත්‍රපට සහ ටෙලිකතා

ලොව ජනාදරයට පත්වුණු Movies සහ TV Series විශාල ප්‍රමාණයක් Netflix සතු ව තිබෙනවා. ඒවා අතරින් 2021 නොවැම්බරයේ ලංකාවේ ප්‍රචලිත ම Netflix සහ ටෙලිකතා කිහිපයකුයි මේ.

හාස්‍යයත්, ත්‍රාසයත් එක් තැන් කළ Doctor

හමුදා වෛද්‍යවරයකු වන වරුන්, පද්මිණී සමඟ විවාහ ගිවිසගෙන (Engage වී) සිටිනවා. පද්මිණී හැඟීම්බර චරිතයක් වුවත්, වරුන් ප්‍රායෝගික ව සිතන අයෙක්. මෙහෙයුමකට ගොස් ආපසු එන අතරවාරයේ දී ඔහුට පද්මිණීගෙන් පණිවිඩයක් ලැබෙනවා.

ඇය පවසන්නේ ඔවුන් දෙදෙනා විවාහ මංගල්‍යය නතර කළ යුතු බව යි. වරුන් පද්මිණීට ආදරය කළත් ඒ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වන්නේ පහත් ආකාරයකට යි. ඔහු පද්මිණීගේ නිවසේ අයට ඒ බව දැනුම් දීමට යාමේදී ඇය තවත් අසරණ වෙනවා. අවසානයේ වරුන් ඇගේ ජීවිතයෙන් බැහැර වත් ම, පද්මිණීගේ ඥාති සොයුරියක වන චින්නු ද අතුරුදහන් වෙනවා.

චින්නු සොයා දෙන්නට වරුන් පොරොන්දු වුවත්, ඔහුට එය ඉටු කරන්නට හැකි වේවි ද? ඇය සමඟ අතුරුදහන් වූ අනෙක් ගැහැනු ළමයින්ට සිදුවූයේ කුමක් ද? ඔබට මේ චිත්‍රපටයෙන් ඒ සියල්ලට ම පිළිතුරු සොයා ගන්නට සිදු වෙනවා. IMDb 8.0ක් ලබා ඇති, 2021 තිරගත වූ මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ හාස්‍යෝත්පාදක ගණයේ එකක්. එය ඔබට Netflix හරහා මෙතැනින් නරඹන්නට පුළුවන්.

ආදරය සොයා යන යෞවනියක් – Love Hard

ලොස් ඇන්ජලීස් හි පුවත්පත් තීරු ලිපි ලේඛිකාවක් Dating ඇප් එකකින් ජොෂ් ලින් නමැත්තකු සමඟ ආදරයෙන් බැඳ‍ෙනවා. නත්තලට ඔහු පුදුම කරවන්නට ඇය ඔහුගේ නගරයට ගියත්, අවසානයේ ඇයට පෙනී යන්නේ ඔහු ඇය රවටා ඇති බව යි. එතැන් පටන් දිග හැරෙන Love Hard චිත්‍රපටය ආදරය සොයා යන යෞවනියකගේ ජීවිතය වටා සැහැල්ලුවෙන් දිව යනවා. 2021 එළිදැක්වුණු මෙය IMDb 6.0කට හිමිකම් කියනවා. Netflix හරහා මෙතැනින් නරඹන්න.

ඔටිසම් ඇති නැණවත් වෛද්‍යවරයකුගේ වතගොත – Good Doctor

2013 දකුණු කොරියානු කතා මාලාවක් පදනම් කරගෙන සැකසුණු මේ ඇමරිකානු ටෙලිකතාව ඔටිසම් ඇති වෛද්‍යවරයකු වන ෂෝන් මර්ෆි වටා ගෙතෙනවා. ඔහුගේ ඇති විශේෂත්වය වන්නේ Savant Syndrome හෙවත් බුද්ධිමය හැකියාව වැඩි කරන සහලක්ෂණයකින් ද යුතු වීම යි. මේ නිසා අන් අය අතර ඔහුගේ හැකියා කැපී පෙනෙන අතර, ජීවිතයට තනිව මුහුණ දීමට ඇති හැකියාවත්, සමාජයෙන් ඔහුට එල්ලවන අභියෝගත්, වෘත්තීය දිවියෙන් ඔහුට එල්ල වන අභියෝගත් සමඟ නොබිය ව ගැටෙන ෂෝන්ගේ ආදර්ශවත් කතාව ඔබට මේ හරහා රසවිඳිය හැකියි.

සමාජයේ පවතින විවිධ මතවාද (ලිංගිකත්වය මාරු කිරීම, නිසරු බව නිසා ඇතිවන ගැටලු වැනි) සඳහා තාර්කික අවබෝධයක් ගෙන එන මෙය IMDb 8.1කට හිමිකම් කියනවා. 2017 ඇරඹුණු මෙහි Season 4 මෑතකදී Netflix වෙත එකතු වුණා. රෝහලක් තුළ සිදුවන ක්‍රියාදාම සහ ශල්‍යකර්ම කරන හැටි බලන්නට කැමති ඔබට මෙතැනින් එය නැරඹිය හැකියි.

යෝජිත විවාහයක කතාව – Meenakshi Sundareshwar

මීනක්ෂි සහ සුන්දරේෂ්වර් යෝජිත විවාහයකට යොමු වන්නේ ඔවුන්ගේ නම් දෙක එක්තැන් වූ විට ‘මීනක්ෂි සුන්දරේෂ්වර්’ නමැති මදුරායි හි පිහිටි ප්‍රසිද්ධ කෝවිලේ නම සෑදෙන නිසා යි. කෙසේ වෙතත්, තනිකඩ පිරිමින් සඳහා ම පමණක් වන රැකියා අවස්ථාවක් ලැබුණු නිසා සුන්දරේෂ්වර්ට ඔහුගේ උපන් නගරය සහ ඔහුගේ බිරිය මීනාක්ෂි හැර දමා අවිවාහකයකු ලෙස පෙනී සිටීමට සිදු වෙනවා. යන්තම් එකිනෙකා හඳුනා ගෙන විවාහ වූ මේ යුවළ මුහුණ දෙන පීඩා වටා ගෙත්තම් වන මේ චිත්‍රපටය IMDb 8.2ක් ලබා තිබෙනවා. කරන් ජොහාර් අතින් සැකසුණු මේ රසවත් Netflix Originals නිර්මාණය ඔබට මෙතැනින් නැරඹිය හැකියි.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ඒකාධිකාරය – Narcos:Mexico

IMDb 8.4කට හිමිකම් කියන Narcos: Mexico 2018 නොවැම්බර් 16 වන දින Netflix වෙත එක් වුණු අපරාධගණයේ අමෙරිකා නු කතා මාලාවක්. එය ඊට පෙර තිබූ Narcos හි 4 වැනි Season එක ලෙස පැහිණීමට තිබුණත් පසුව ඊට සමගාමී වෙනත් කතා මාලාවක් ලෙසයි එළි දැක්වුණේ. Narcos: Mexico මෙක්සිකෝවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම වටා දිවෙන අතර Narcos කතා මාලාව කොලොම්බියාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම පදනම් කරගෙන තිබුණා.

1980 වසරේ දී මෙක්සිකානු හමුදාව ග්‍රාමීය සිනලෝවාව වට කරද්දී මිගෙල් නම් පොලිස් නිලධාරියෙක් ග්වාඩලහාරා හි මත්ද්‍රව්‍ය ඒකාධිකාරියක් ඇති කරන්නට තීරණය කරනවා. එතැනින් ඇරඹෙන කතාව Season 3ක් දක්වා Episode 30කින් යුතු ව දිවෙනවා. මේ කතා මාලාව 2018 ඇරඹුණත් නැවත 2021 නොවැම්බර් මාසයේ Trend වෙන්නට හේතු වුණේ නොවැම්බර් 5 වැනිදා Season 3 ආ නිසා යි. නරඹන්න: Narcos මුල් කතාව, Narcos:Mexico

මරණයෙන් කෙළවර වන සෙල්ලම් ඇති Squid Game

ණය බරින් පීඩිත වූ කෙනකුට ණයකරුවන්ගේ තාඩන පීඩන මෙන් ම එදිනෙදා වගකීම් සපුරා ගන්නට නොහැකිව එල්ලවන මානසික පීඩන සමඟ ජීවත් වූවත් මළාක් වගේ යි. මෙලොව මැරි මැරී ජීවත් වෙනවාට වඩා, මරණින් කෙළවර වන සෙල්ලමක් ජය ගෙන විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණොත් නැවතත් පරණ ජීවිතයේ ම ජීවත්‍ වෙන්නට අවස්ථාව ලැබෙනවානම් එය කෙතරම් දෙයක් ද?. Squid Game යනු ණයකරුවන් පිරිසකට ලැබුණු එවන් අවස්ථාවක්.

2021 එළිදැක්වුණු මේ කොරියානු කතා මාලාවේ තවම Season 1ක් (Episode 9ක්) බැවින් අඩු කාලයකින් Trend එකට පිවිසෙන්නට ඔබට හැකි වෙනවා. ඉහළ ත්‍රාසයක්, සහ කතාව මුලදී සිතාගෙන සිටින දේට බොහෝ පටහැණි දේවල් අවසාන භාගයේ දී දකින්නට ලැබෙන නිසා කුතුහලයෙන් පිරි රසාස්වාදයක් ලැබෙනු  නියත යි. IMDb 8.1ක් ලද Squid Game මෙතැනින් නරඹන්න.

රජෙක් වූ රැජනකගේ ආලය – The King’s Affection 

නිවුන් දරුවන් අසුබ ලකුණක් ලෙස සැලකූ කාලයක් වූ ජෝසොන් රාජවංශ සමය පිළිබඳව මේ රෝමාන්තික කතාව ගොනු වී තිබෙනවා. ඔටුන්න හිමි කුමරිය නිවුන් දරුවන් බිහි කළ අවස්ථාවේ, අලුත උපන් දියණිය මරා දැමීමට නියෝගයක් එවනවා. එබැවින් දරුවා රහසේ ම මාලිගාවෙන් පිටමං කෙරෙනවා.

වසර කිහිපයකට පසු අනෙක් නිවුන් පුතු මිය යනවා. ඔහුගේ මරණය වසන් කිරීමට මව තම පිටමං කළ දියණිය නැවත ගෙන්වා ගන්නවා. සියල්ලන්ගෙන් ඈත් ව සිටින්නට උත්සාහ කරන, මේ කුමරකු ලෙස පෙනී සිටින දියණිය පසු ව ආදරයක බැඳ‍ෙනවා. පිරිමි වෙසින් සිටින ඇගේ ආලයට කුමක් සිදුවේ දැයි දැනගන්නට නම් ඔබට Episode 10කින් යුත් The King’s Affection නරඹන්නට ම සිදු වෙනවා. IMDb 8.0ක් ලද මේ ප්‍රේම වෘත්තාන්තය Netflixවලින් බලන්න මෙතැනට පිවිසෙන්න.

උරුමයට බැඳි පෙම – Dynasty

Dynasty යනු 1980 ගණන්වල එනමින් ම ප්‍රචලිත වූ ටෙලිකතාවක් පදනම් කරගත් අමෙරිකානු රූපවාහිනී කතා මාලාවකි. එය පැරණි කතාවේ ස්ටීවන්ගේ සමලිංගිකත්වය බ්ලේක්ට ගැටලුවක් නොවන යමක් ලෙසත්, සැමීගේ චරිතය කාන්තාවක් වෙනුවට සමලිංගික පුරුෂයකු ලෙසත් නිරූපණය කිරීම වැනි වෙනස්කම් සමඟයි දිග හැරෙන්නේ.

තම ප්‍රකෝටිපති පියා බ්ලේක් පවුලේ සමාගමේ ප්‍රතිවාදී සේවකයකු වන ක්‍රිස්ටල් සමඟ විවාහ ගිවිස ගැනීම ගැන අසතුටට පත් වූ උරුමක්කාරිය වන ෆැලන් කැරින්ටන් සමඟ Dynasty කතාව ආරම්භ වෙනවා. දැනට Seasons 4ක් (Episodes 86ක්) නිකුත් ව ඇති මෙහි පස්වැන්න 2021 දෙසැම්බරයේ පැමිණීමට නියමිත යි. IMDb 7.3කට හිමිකම් කියන මෙය ඔබට Netflix හරහා මෙතැනින් නැරඹිය හැකි යි.

මේ TV Series බලන්න Netflix ගත්තත්, ඒකට ගොඩක් ඩේටා වැය වෙනවා. ඒකට හොඳ ම විසඳුම තමයි Dialog Home Broadband හඳුන්වා දී ඇති Netflix UNLIMITED Data Add-on එක දාගන්න එක. Dialog Home Broadband පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගික දෙපිරිසටම ලබාගත හැකි මෙම Netflix සඳහා ලබාදෙන Unlimited ඩේටා Add-ons, රු.490 (+බදු) සිට පවතිනවා. ඒ ගැන වැඩි විස්තර ‘රුපියල් 499ට Unlimited Netflix ඩේටා පැකේජයක් Dialog Home Broadband වෙතින්’ ලිපියෙන් බලන්න.

Related Articles