Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ වැඩිපුර ම අහන්න ලැබෙන නත්තල් ගීතය හැදුණු හැටි

නත්තල් සීතල ටික ටික වැඩිවෙන කොට නත්තල් අසිරියේ සිතිවිලි කාගෙත් සිත්තුළට පිවිසෙනවා. විද්‍යුත් මාධ්‍යවලින් නිතර ම නත්තල් කැරොල් සහ නත්තල ගැන සඳහන් ගීත ප්‍රචාරය වෙනවා. නත්තල් සාදවලදිත් ගීතවලට ලැබෙන්නේ මුල් තැනක්. අපේ රටේ කතෝලික ජනයා ජීවත් වන පළාත්වල නත්තල් රාත්‍රියේ හා ඒ ආසන්න දිනවල කැරොල් ගීතිකා ගායනා සජීවීවම අසන්න පුළුවන්. 

මේ නත්තල් ගීත අතර බහුල ව අසන්නට, දකින්නට ලැබෙන ගීතයක් තමයි We wish you a merry Christmas නම් කැරොල් ගීතය. ‘ජිංගල් බෙල්ස්’ ගීතය හැරුණු විට එය අද ලෝකයේ ජනප්‍රියත ම නත්තල් ගීතය බවයි කියවෙන්නේ. නත්තලේ සහ අලුත් අවුරුද්දේ සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු උත්සව සමය ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ.

අතීතයේ ගෙයින් ගෙට ගොස් කැරොල් ගායනා කරමින් – Bristolpost.co.uk

නත්තල් කැරොල්

කැරොල් ගායනා ගැන මුලින් ම වාර්තා වෙලා තියෙන්නේ 4 වැනි ශතවර්ශයේ රෝමයෙන් බවයි කියවෙන්නේ. ලතින් භාෂාවෙන් ලියැවුණු දේව භක්ති ගායනා රෝමයේ දේවස්ථානවල සිදු කර තියෙනවා. 9 වැනි හා 10 වැනි ශතවර්ශවල උතුරු යුරෝපීය රටවල තාපසාරාමවල දේව භක්තිය, කිතු උපත පිළිබඳ ව කාව්‍ය රචනා කර ගායනා කර  තියෙනවා. 12 වැනි ශතවර්ශයේ පැරීසියේ  සාන්ත වික්ටර්හි ඇඩම් පියනම එකල ජනප්‍රිය ගීතවල තනු යොදා කිතුබැති ගීත නිර්මාණය කර තියෙනවා. අද අසන්නට ලැබෙන කැරොල් සම්ප්‍රදායේ   ගීතවල ආරම්භය මේ ආකාරයට සිදුව ඇති බවයි සැලකෙන්නේ.

නත්තල් බැති ගී මුල් වරට ඉංග්‍රීසි භාෂාවෙන් ලියවිලා තියෙන්නේ 1426දී ජෝන් අව්ඩ්ලේ කියන පියනමගේ මූලිකත්වයෙන්. ඔහු කිතු බැතිගී 25ක් ඉංග්‍රීසියට පරිවර්තනය කර, ඒවා ගෙයින් ගෙට යන ගීතිකා කණ්ඩායමක් මඟින් ගායනා කර තියෙනවා.

නත්තලට හදන පිගී පුඩිමක්- 12tomatoes.com

 We wish you a merry Christmas….ගීතය

මේ ගීතයේ මූලාරම්භය සිදුවුණේ කෙසේ ද යන්න ගැන නිශ්චිත සඳහනක් සොයා ගැනීමට අපහසු යි. මේ සුබ පැතුම් ගීතය එංගලන්තයේ 16- 18  සියවස් අතරේ මුලින් ම නිර්මාණය වූ බව සැලකෙනවා. පසුව විවිධ වෙනස්කම්වලට ලක්වෙමින්   එක එක පළාත්වල වචන වෙනස් කිරීම් සිදුකර ගායනා වී තිබෙනවා. ගීතයේ කියවෙන Figgy Pudding කියන අතුරුපස ආහාරයේ උපත සහ ජනප්‍රියත්වය සිදු ව ඇත්තෙත් 16- 18 සියවස්වල යි.  

මෙය මිදි ඇතුළු පලතුරු එකතු කර කල්තබාගත හැකි සේ හදන පුඩිමක්. එය ජනප්‍රිය නත්තල් රසකැවිල්ලක් බවට පත්ව තිබුණා.  අද වෙනකොට Figgy Pudding වෙනුවට වැඩිදෙනෙක් සකස් කරන්නේ නත්තල් පුඩිං,  නත්තල් කේක් වැනිදෑ යි.    ගීතයේ  දැනට හොයාගෙන තියෙන  පද පෙළේ මුලික උපත  1830 තරම් ඈත අතීතයකට දිව යනවා.

පුරාණ නන්තල් සුබ පැතුමක් – Pinterest.com

ඒ වගේ ම අතීතයේ එංගලන්තයේ කුඩා දරුවන්  මේ ගීත, යමක් කමක් තියෙන මිනිසුන් ඉන්නා ගෙයින් ගෙට ගිහින් කැරොල් ගීත විදිහට ගායනා කිරීම සිරිතක් වී තිබුණා. ඒවා අසා සතුටුවෙන ධනවතුන් ගීතය ගායනා කළ ළමයින්ට කැවිලිවලින් සහ තෑගිවලින් සංග්‍රහ කර තියෙනවා. මුල් ගීතයේ තියෙන වචන අනුව එය එංගලන්තයේ නිරිත දිග ප්‍රදේශයෙන් නිර්මාණය වුණු ගීතයක් කියලා මතයකුත් අහන්න ලැබෙනවා.

 We wish you a merry Christmas….

We wish you a merry Christmas….

We wish you a merry Christmas….

And a happy New Year….

 බීට්ල්ස් සංගීත කණ්ඩායම ගීතය ගයා නිකුත් කළ තැටියක කවරයක්- Pinterest.com

මෑත අතීතයේ ලෝකය වටා ප්‍රචලිත වෙයි

මේ ගීතය සියවස් කිහිපයකට පෙර  නිර්මාණය වුණු ගීතයක් වුණත්, එය ලොව පුරා  ගීතය ජනප්‍රිය වෙලා තියෙන්නෙ 1935 අවුරුද්දෙන් පසුව යි. ඒ සඳහා පදනම දැමුවේ ආතර් සිඩ්නි වොරල්  කියන බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥයා යි.  මේ ගීතයට අලුත් තනුවක් එකතු කරලා, වචන සංස්කරණය කරලා 1935 දෙසැම්බර්  06 වෙනිදා පැවති  ප්‍රසංගයක දී ඔහු ගායනා කර තිබෙනවා.

එහිදී ඔහු එය ගායනා කර තිබෙන්නේ I wish you a merry Christmas කියල යි. එයට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. පසුව එය නත්තලට සහ නව වසරට සුබ පැතීමට සුදුසු ගීයක් ලෙස ලෝකය පුරා ගායනා කරන්නට පටන් ගත්තා. අදටත් අපට අහන්න ලැබෙන්නේ ආතර් වොලර්ගේ මිහිරි තනුවට අනුව ගැයෙන  ගීතය යි.  නත්තල් සුබ පැතුම් පත්වලටත් මේ ගීතයේ වචන බහුල ව යොදා ගැනීම සිදුවුණා.

 බීට්ල්ස් බටහිර ලන්ඩනයේ පැවති මාධ්‍ය හමුවක දී – John Pratt/Keystone/Getty Images

කව්ද මේ ආතර් වොලර්?

ආතර් වොලර් සේවය කළේ එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස යි. සමර්සෙට්වල 1883 දී  උපන් මේ සංගීතඥයා ලොව හැර යන්නේ 1939 අගෝස්තු 12 වැනි දා යි. ඔහු උසස් අධ්‍යාපනය ලබන්නෙ බ්‍රිස්ටල් නගරයේ තාක්ෂණ විද්‍යාලයේ යි. ඕගන් වාදනයට ඉමහත් දක්ෂතාවක් දැක්වූ වොලර් බ්‍රිස්ටල්හි පල්ලි කිහිපයක ම  ගීතිකා කණ්ඩායමේ ප්‍රධාන ඕගන වාදකයා ලෙස කටයුතු කර තිබෙනවා.

ආතර් වොලර් දැක්වෙන කාටුන් චිත්‍රයක්- Walkerhomeschool.blogspot.com

ඔහුට බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ සංගීත ආචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබෙන්නේ 1909 දී යි.  එහි සේවය කරන අතරතුර යි ඔහු එම විශ්වවිද්‍යාලයේ ම සංගීත කණ්ඩායමක් ආරම්භ කර  මේ ගීතයට නව තනුවක් යොදා පද සකස් කර සංස්කරණය කර ඇත්තේ.  

1935 වර්ෂයේ දී ම එම ගීතය සහ තනුව  ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය පළ කළ A Merry Christmas west country traditional song කෘතියේ පළ කරනවා. 1939 දී ම ඔහුට මේ කැරොල් ගීතය සඳහා පේටන්ට් අයිතිය හිමි වෙනවා. එය වර්ෂ 1961 දී Cords for Coirs  නම් ගීත එකතුවට එක් කර තිබෙනවා. ඒ සමඟ ම එහි ජනප්‍රියත්වය තවත් ඉහළ නැංවෙනවා. බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය  1940 දී We wish you a merry Christmas ගීතය ගායනා කරවා ඉන් ප්‍රචාරය කරන අතර ඒ සමඟ එය විශාල රසික ප්‍රසාදයක් අත්කර ගත් බව සඳහන්.

වොලර් සේවය කළ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාල පරිශ්‍රය – English Heritage/Heritage Images/Getty Images

We wish you a merry Christmas ගීතයේ සම්පූර්ණ පෙළ මෙසේයි:

We wish you a merry Christmas

We wish you a merry Christmas

We wish you a merry Christmas and a happy new year

Good tidings we bring to you and your kin

We wish you a merry Christmas and a happy new year

Oh, bring us some figgy pudding

Oh, bring us some figgy pudding

Oh, bring us some figgy pudding

And bring it right here

Good tidings we bring to you and your kin

We wish you a merry Christmas and a happy new year

We won’t go until we get some

We won’t go until we get some

We won’t go until we get some

So bring it right here

Good tidings we bring to you and your kin

We wish you a merry Christmas and a happy new year

We all like our figgy pudding

We all like our figgy pudding

We all like our figgy pudding

With all its good cheers

Good tidings we bring to you and your kin

We wish you a merry Christmas and a happy new year

We wish you a merry Christmas

We wish you a merry Christmas

We wish you a merry Christmas and a happy new year 

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ බිල් ක්ලින්ටන්,1992 දෙසැම්බරයේ, මාධ්‍ය හමුවේ “We Wish You a Merry Christmas” ගීතය ගායනා කරයි – BOB PEARSON/AFP via Getty Images

කවරයේ ඡායාරූපය - බීට්ල්ස් සංගීත කණ්ඩායම We wish you a merry Christmas ගීතය ගායනා කරන අවස්ථාවක්- www.thedailybeast.com 
මූලාශ්‍ර:
walkerhomeschoolblog.wordpress.com
galaxymusicnotes.com
christmassongsandcarols.com

Related Articles