Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විශේෂ සිදුවීම් සහ ජයග්‍රාහකයෝ

ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙල අතරින් ඉහළ වැදගත්කමක් ලබා ගත් සිනමා උළෙල කිහිපයක් ලෝකයේ තිබෙනවා. ඒ අතරින් ඇකඩමි සම්මාන හෝ ඔස්කාර් සම්මාන උළෙල වඩාත් ම ජනප්‍රිය සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකි යි. ලෝක සිනමාව තුළ සිය පදනම ශක්තිමත් කර ගැනීමට උත්සහ කරන ඕනෑම වෘත්තිකයකුට ඇකඩමි සම්මානයක් දිනා ගැනීම යනු විශාල සිහිනයක් සැබෑ වීමක් බඳු යි.

ඉතින්, 95 වැනි ඇකඩමි සම්මාන උළෙල දැන් පවත්වා අවසන්. මෙවර සම්මාන උළෙලේ වඩාත් ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ නිර්දේශිත නාම අතර ආසියාතිකයන් වැඩිපුර සිටීම යි. ඒ අතර ජනප්‍රිය ඉන්දියානු නියෝජනයක් ද තිබෙනවා.

සම්මාන දිනා ගත් පුද්ගල සහ නිර්මාණ ලැයිස්තුවට යාමට මත්තෙන් සම්මාන උළෙලේ විශේෂ සිදුවීම් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමට යි මේ සූදානම් වන්නේ.

සම්මාන හතක් ම එකවර ම..

මෙවර ඇකඩමි සම්මාන උළෙලට තේරීපත් වූ පෙරළිකාර ම සිනමා නිර්මාණය ලෙස “Everything Everywhere All at Once” හැඳින්විය හැකි යි. බහුවිශ්ව වැනි සංකීර්ණ සංකල්පයක් ප්‍රබල යටි අරුතක් සමඟ සරල ව ඉදිරිපත් කිරීම පහසු කාර්යයක් නොවෙ යි. “Everything Everywhere All at Once”, ඒ අභියෝගය ඉතා සාර්ථක ව ජය ගැනීමට සමත් වුණා.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ පෙරළිකාර ම සිනමා නිර්මාණය, ‘Everything Everywhere All at Once‘ -www.timesofisrael.com

නමෙන් අරුත් ගැන්වෙන පරිදි ම වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන කාණ්ඩ සිසාරා ‘”‘Everything Everywhere All at Once'”‘ සිය බලය පෙන්වීමට සමත් වුණා. ඒ ඇකඩමි සම්මාන හතක් දිනා ගනිමින්.

හොඳ ම සහාය නළුවා ගේ සංවේදී කතාව

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රේක්ෂකාගාරය වඩාත් සංවේදී කිරීමට සමත් වූ පුද්ගලයන් දෙදෙනෙක් සිටිනවා. එක් පුද්ගලයෙක් තමයි බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්. අනෙක් පුද්ගලයා වන්නේ හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත් කී හුයි ක්වාන්.

කී හුයි ක්වාන් සම්මානය දිනා ගත් පසු කළ කතාව සමාජ මාධ්‍ය‍යේ පවා ප්‍රසිද්ධ වුණා.

“මගේ ගමන ආරම්භ වුණේ බෝට්ටුවකින්. ම වසරක කාලයක් සරණාගත කඳවුරක ගත කළා. ඒත්, කොහොමහරි මං මෙතනට, හොලිවුඩයේ විශාලත ම වේදිකාව මතට ආවා. මා නැවත පිළිගැනීම වෙනුවෙන් ඔබට බොහොම ස්තූති යි.”

කී හුයි ක්වාන්, සිය කටුක අතීතය සිහිපත් කළේ එලෙසින්.

“මේ වගේ කතා සිද්ධ වෙන්නේ චිත්‍රපටවල විතරයි කියලා කියනවා. මටත් එවැන්නක් සිදු වේවි කියලා මං විශ්වාස කළේ නැහැ. මේ තමයි අමෙරිකානු සිහිනය!”

ඔහු තම ආදරණීය බිරිය සිහිපත් කරමින් ද සංවේදී ප්‍රකාශයක් සිදු කළා.

“එයා අවුරුදු විස්සක් මුළුල්ලේ, මාසයක් මාසයක් ගාණේ, අවුරුද්දක් පාසා කිව්වා දවසක මගේ වේලාවත් ඒවි කියලා. සිහින කියන්නේ ඔබ විශ්වාස කළ යුතු දෙයක්. මාත් මගේ සිහිනය අත් හරින්න ආසන්න අවස්ථාවක තමයි හිටියේ. කරුණාකරලා ඔබ ඔබේ සිහින ජීවමාන ව තබා ගන්න.”

හොඳම සහාය නළුවා ගේ සංවේදී කතාව – www.youtube.com

ඉන්දියානුවන්ට අමතක නොවන මොහොතක්

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ දී සම්මාන කාණ්ඩ තුනකට ඉන්දියානු නිර්මාණ ඇතුළත් වුණා. හොඳම ගීතය සඳහා වූ ඇකඩමි සම්මානයට “RRR” චිත්‍රපටයේ “Naatu Naatu” ගීතය නිර්දේශ වූ අතර, සම්මානය දිනා ගැනීමටත් එය සමත් වුණා. ගීතය ප්‍රේක්ෂකාගාරය උදෙසා නැවත ඉදිරිපත් කිරීමෙන් සම්මාන උළෙලට එක් කළ ජීව ගුණයත් සඳහන් නොකර ම බැහැ!

https://www.youtube.com/watch?v=PCG5UHPvlKU
ඇකඩමි උළෙල වර්ණවත් කළ ‘Naatu Naatu’ – www.youtube.com

 හොඳ ම වාර්තාමය කෙටි නිර්මාණය සහ හොඳ ම වාර්තා වැඩසටහන යන කාණ්ඩ සඳහාත් ඉන්දියානු නිර්මාණ නිර්දේශ වී තිබුණා. මීට අමතර ව, බොලිවුඩයේ ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන්ට සම්මාන උළෙලේ නිවේදන කටයුතු සඳහා අවස්ථාවක් හිමි වීමත් විශේෂත්වයක්.

95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ ජයග්‍රාහී සහ නිර්දේශිත නාම ලේඛනය වෙත දැන් පිවිසෙමු.

1. හොඳ ම චිත්‍රපටය

ජයග්‍රාහී නිර්මාණය : Everything Everywhere All at Once

ජයග්‍රාහී චිත්‍රපටයේ එන දර්ශනයක් – www.alligator.org

නිර්දේශ වූ අනෙකුත් නිර්මාණ

  • All Quiet on the Western Front
  • Avatar: The Way of Water
  • The Banshees of Inisherin
  • Elvis
  • The Fabelmans
  • Tár
  • Top Gun: Maverick
  • Triangle of Sadness
  • Women Talking

2. හොඳ ම අධ්‍යක්ෂණය

ජයග්‍රාහී අධ්‍යක්ෂවරයා සහ නිර්මාණය : “Everything Everywhere All at Once” චිත්‍රපටය වෙනුවෙන් Daniel Kwan සහ Daniel Scheinert

ජයග්‍රාහී අධ්‍යක්ෂකවරු – www.pressdemocrat.com

නිර්දේශ වූ අනෙකුත් අධ්‍යක්ෂවරු:

  • “The Banshees of Inisherin” චිත්‍රපටය වෙනුවෙන් Martin McDonagh
  •  “The Fabelmans” චිත්‍රපටය වෙනුවෙන් Steven Spielberg
  • “Tár” චිත්‍රපටය වෙනුවෙ න් Todd Field
  • “Triangle of Sadness” චිත්‍රපටය වෙනුවෙන් Ruben Östlund

3. හොඳ ම නළුවා

හොඳම නළුවාට හිමි සම්මානය “The Whale” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් දිනා ගත්තා. බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් ගේ ජයග්‍රහණය බොහෝ දෙනාගේ සතුටට හේතු වූ බව නම් සැකයක් නැහැ. 90 දශකයේ වික්‍රමාන්විත රසයෙන් යුතු චිත්‍රපට සඳහා නැතිව ම බැරි රංගන ශිල්පියෙක් වූ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්, ඉන් පසු හොලිවුඩයේ බැස ගිය තරුවක් බවට පත් වුණා.

දිගින් දිගට ම ඔහු රංගනයෙන් එක් වූ චිත්‍රපට අසාර්ථක වූ අතර, අඩු පිරිවැයක් දරා නිපදවන චිත්‍රපට සහ ටෙලිකතා මාලාවල අප්‍රධාන චරිතවලට කොටු වීමටත් ඔහුට සිදු වුණා. බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්ට මෑත කාලයේ යම් තරමකින් හෝ අවධානයක් ලැබුණේ “Doom patrol” නිර්මාණය හරහා පමණ යි.

බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්. දකුණෙන් දැක්වෙන්නේ ඔහුට සම්මානය උපයා දුන් “චාලි” නමැති චරිතය යි – www.pauta.cl

පුද්ගලික ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ මුහුණ දුන් දහසක් ගැටලු මැද කෙසේ හෝ අනාගතය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට බ්‍රෙන්ඩන් සමත් වුණා. “The Whale” යනු එම බලාපොරොත්තු යතාර්ථයක් කර ගැනීමට හැකි වූ නිර්මාණය යි. ලෝක සිනමාවේ වඩාත් ම අවධානයට පාත්‍ර වූ වේදිකාව මත ඉහළ ම සම්මානය ලබා ගත් බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්, ජීවිතයට ලබා දෙන ආදර්ශ නම් බොහෝම යි.

අනෙකුත් නිර්දේශ

  • Austin Butler – “Elvis” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Colin Farrell –  “The Banshees of Inisherin” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Paul Mescal – “Aftersun” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Bill Nighy – “Living” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

4.හොඳ ම නිළිය

 ජයග්‍රාහී නිළිය  සහ නිර්මාණය: Michelle Yeoh – “Everything Everywhere All at Once” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

Michelle Yeoh – www.latimes.com

අනෙකුත් නිර්දේශ

  • Cate Blanchett – “Tár” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Ana de Armas – “Blonde” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Andrea Riseborough – “To Leslie” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Michelle Williams – “The Fabelmans” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

5. හොඳ ම සහාය නළුවා

ජයග්‍රාහී නළුවා සහ නිර්මාණය: Ke Huy Quan – Everything Everywhere All at Once චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

Ke Huy Quan – www.npr.org

අනෙකුත් නිර්දේශ

  • Brendan Gleeson – The Banshees of Inisherin චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Brian Tyree Henry – Causeway චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Judd Hirsch – The Fabelmans චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Barry Keoghan – The Banshees of Inisherin චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

6. හොඳ ම සහාය නිළිය

ජයග්‍රාහී නිළිය  සහ නිර්මාණය: Jamie Lee Curtis – “Everything Everywhere All at Once” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

Jamie Lee Curtis – m.imdb.com

අනෙකුත් නිර්දේශ

  • Angela Bassett – “Black Panther: Wakanda Forever” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Hong Chau – “The Whale” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Kerry Condon – “The Banshees of Inisherin” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්
  • Stephanie Hsu – “Everything Everywhere All at Once” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

7. හොඳ ම මුල් තිර රචනය

නිර්මාණය සහ ජයග්‍රාහකයා: Everything Everywhere All at Once – Daniel Kwan සහ Daniel Scheinert

අනෙකුත් නිර්දේශ

  • The Banshees of Inisherin – Martin McDonagh
  • The Fabelmans – Tony Kushner සහ Steven Spielberg
  • Tár – Todd Field
  • Triangle of Sadness – Ruben Östlund

8. හොඳ ම අනුවර්තිත තිර රචනය

නිර්මාණය සහ ජයග්‍රාහකයා: Women Talking – Sarah Polley

අනෙකුත් නිර්දේශ

  • All Quiet on the Western Front – Edward Berger, Lesley Paterson සහ Ian Stokell
  • Glass Onion: A Knives Out Mystery – Rian Johnson
  • Living – Kazuo Ishiguro
  • Top Gun: Maverick – Ehren Kruger, Eric Warren Singer සහ Christopher McQuarrie

9. හොඳම සජීවිකරණ චිත්‍රපටය

ජයග්‍රාහී නිර්මාණය: Guillermo del Toro’s Pinocchio

Guillermo del Toro’s Pinocchio චිත්‍රපටයේ එන දර්ශනයක් – www.imdb.com

අනෙකුත් නිර්දේශ

  • Marcel the Shell With Shoes On
  • Puss in Boots: The Last Wish
  • The Sea Beast
  • Turning Red

10.හොඳ ම වාර්තා වැඩසටහන

ජයග්‍රාහී නිර්මාණය: Navalny – (නිර්මාණ දායකත්වය: Daniel Roher, Odessa Rae, Diane Becker, Melanie Miller and Shane Boris)

අනෙකුත් නිර්දේශ

  • All That Breathes – (නිර්මාණ දායකත්වය: Shaunak Sen, Aman Mann and Teddy Leifer)
  • All the Beauty and the Bloodshed – (නිර්මාණ දායකත්වය: Laura Poitras, Howard Gertler, John Lyons, Nan Goldin and Yoni Golijov)
  • Fire of Love – (නිර්මාණ දායකත්වය: Sara Dosa, Shane Boris and Ina Fichman)
  • A House Made of Splinters – (නිර්මාණ දායකත්වය: Simon Lereng Wilmont and Monica Hellström)

11.හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය/ විදෙස් චිත්‍රපටය

ජයග්‍රාහී නිර්මාණය සහ රට: All Quiet on the Western Front (Germany)

All Quiet on the Western Front – www.netflix.com

අනෙකුත් නිර්දේශ

  • Argentina, 1985 (Argentina)
  • Close (Belgium)
  • EO (Poland)
  • The Quiet Girl (Ireland)

සම්මාන පිරිනැමූ අනෙකුත් කාණ්ඩ සහ ජයග්‍රාහකයෝ

හොඳ ම මුල් ගීතය – “Naatu Naatu” from “RRR”

හොඳ ම සංගීතය – “All Quiet on the Western Front”

හොඳ ම සිනමාකරණය – “All Quiet on the Western Front”

හොඳ ම දෘෂ්‍ය ප්‍රයෝග – “Avatar: The Way of Water”

හොඳ ම සංස්කරණය – “Everything Everywhere All at Once”

හොඳ ම ඇඳුම් නිර්මාණය – “Black Panther: Wakanda Forever”

හොඳ ම ශබ්ද සංකලනය – “Top Gun: Maverick”

හොඳ ම නිෂ්පාදන සැලැස්ම – “All Quiet on the Western Front” 

හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර – “The Whale”

හොඳ ම කෙටි චිත්‍රපටිය – “An Irish Goodbye”

හොඳ ම සජීවිකරණ කෙටි නිර්මාණය –  “The Boy, the Mole, the Fox and the Horse”

හොඳ ම වාර්තාමය කෙටි නිර්මාණය – “The Elephant Whisperers”

කවරයේ ඡායාරූපය: හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා සහ හොඳම සහය නිළිය එකම රූප රාමුවක - www.independent.ie
මූලාශ්‍ර:
www.oscars.org
Edition.cnn.com
www.bbc.com
www.insider.com
economictimes.indiatimes.com

Related Articles