අවුරුදු නිවාඩුව යි, බෝන්ස්නුයි නිසා හිතට දැනෙන සහනය මොහොතකින් නැති වෙන්නේ ගෙදර අයට ඇඳුම් ගන්න වෙන බව මතක් වුණාම යි. මේ දවස්වල කඩවල්වල ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. කොච්චර බඩුවල ගණන් අඩු කරලා තිබුණත් ඒවායේ අපේ කැමැත්තට හරියන දෙයක් ඇත්තෙත් නැහැ. මේ ෂොපින් යෑමේ කට්ට කනවාට වඩා ලේසි දේවල් ටිකක් ගැනයි දැන් කියන්න යන්නේ.
අම්මලාට ෆෝන් ගැන කියලා දෙන එක
ඉස්සර ජනවහරේ “නයාට අඳුකොළ වගේ” කියලා තිබුණේ අම්මලා සහ ෆෝන් ඒ කාලේ තිබුණේ නැති නිසා වෙන්න ඇති. ෆෝන් එක අතේ තියාගෙන හිටියාම හැමදේම රුවිතෙට යන බව තමයි අපේ අම්මලාගේ මතය. ඒ කාලේ ඇඳ යට තිබුණු පාංකඩ දැකලා බඩේ අමාරුවක් හැදෙන්න හේතුව වුණේ ඒක බව කියපු වෙද මහත්තයාගේ ගෝලයා වගේ අපේ අම්මලාගේ සුවිශිෂ්ට රෝග නිර්ණ හැකියාවන්ට අනුව අපේ ලෙඩවලට ප්‍රධානම හේතුව, ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක යි.
හැබැයි අම්මලාට ෆෝන් එක ගැන දෙයක් දැන ගන්න ඕන වුණාම, “ළමයෝ… මේ ෆෝන් එකේ කෝල් ගන්න බෑනේ”, “පුතේ අහවල් ඇන්ටි ෆේස්බුක් ඉන්නවද බලන්න?” කියලා එසැණින් IT Support එකට කතා කරනවා. ඒවා ගැන විස්තර කරන්න ගියාම ඔබන්න ඕන බට්න් එක, වැරදිලා ඇඟිලි වැදිලා ටච් වෙන එක නවත්ව ගන්න හැටි විතරක් නෙවෙයි, ලෑන්ඩ් ෆෝන් එක වගේ මේසේ උඩ තිබිලා අතට අරගෙන ‘හලෝ’ කිව්වාට කෝල් එක Answer නොවෙන බවත් කියලා දෙන්න වෙනවා. හැබැයි ෂොපින් ගිහින් කට්ට කනවාට වඩා මේක දාහෙන් සම්පතයි!
කරන්ට් කැපිල්ල
අපේ ගෙවල්වල තියෙන බල්බ්වලටත් වඩා එහා ගෙදර තියෙන බල්බ් අපිට බොහොම වැදගත්. මොකද ඒවායින් තමයි අපි දැනගන්නේ කරන්ට් ආපු බව. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බ් එක හොයා ගත්ත වෙලාවේවත් එච්චර ප්‍රයෝජනයක් ඒකෙන් වෙයි කියලා හිතන්න නැතුව ඇති.
ඔෆිස් එකේ දි, බස් එකේ දි කාගෙත් කැපිල්ලට අහුවෙලා අමාරුවෙන් ගෙදර ආවාම කරන්ට් කපලා ෆෑන් එක දාගන්න විදියක් නෑ. ටෝච් එක හොයාගන්න කළුවරේ අතපත ගාගෙන යද්දි කකුල මේසේ හැපුණාම කෑ ගහද්දි ඇතිවෙන ශක්තියෙන් විදුලිය නිපදවන්න පුළුවන් නම් මුළු ලෝකෙටම පැයක් විතර කරන්ට් එක දෙන්න පුළුවන් වෙයි. වැහි දෙයියෝ අවුරුදු නිවාඩු අරන් නිසා මේ ටිකේම කරුවලේ ජරමරේ තමයි. ඒත් ඉතින් ගෙදර මිනිස්සු කොයි තරම් හොඳ ද කියලා දැනගන්න චාන්ස් එකක් කරන්ට් කපන නිසා ලැබෙනවා.
ෆෝන් එකේ බැටරි බහින එක
බැංකු ගිණුමත්, ෆෝන් එකේ බැටරියේත් කිසිම වෙනසක් නැති දේවල් දෙකක්. ඒ දෙකටම තියෙන සුවිශේෂී හැකියාවක් තමයි බලාගෙන ඉඳිද්දි අංක අඩුවෙන එක. පූසන්ට පණ නවයක් තියෙන නිසා බැටරිය වෙනුවට පූසෙක්වත් හයි කරගත්තා නම් පවර් බෑන්ක් එකක් නැතිව ගොඩයන්න තිබුණා.
මේ ජරා ෆෝන් එකකුත් අරගෙන දවස් දෙකක ට්‍රිප් එකක් යනවා කියන්නේ.. ඒක ගැන හිතද්දිත් හිත කීරිගැහිලා යනවා! පළවෙනි දවසේ හොඳටම ෆෝන් එක පාවිච්චි කරනවා. අඩියෙන් අඩියට සෙල්ෆි සහ දකින හැම දේකම ෆොටෝ ගන්නවා. අඳුරන්නේ නැති කට්ටියක් එක්ක ට්‍රිප් එක යනවා නම් කට්ටිය ශේප් වෙනකම් කොහොමත් පළවෙනි දවසේ ෆෝන් එකේ පිහිට තමයි. නවතින තැනක දි වුණත් හැමෝම දුවන්නේ ප්ලග් පොයින්ට් එකට. මහන්සියත් එක්ක නිදිමත නිසා චාර්ජ් කරගන්න තැනක් හොයාගන්න කම්මැලිකමේ නිදාගන්නවා. පස්සෙන්දා උදේ වෙද්දි ෆෝන් එක පාවිච්චි කරන්න විදියක් නැහැ. හැබැයි ආපු කට්ටිය ඒ වෙද්දි අපිත් එක්ක හොඳටම ෆිට් වෙන නිසා සින්දුවක් කියාගෙන නිදහසේ ගමන යන්න පුළුවන්. එතකොට තමයි ට්‍රිප් එකේ නියම ගතිය දැනෙන්නේ.
අරයාට දෙයක් තේරුම් කරලා දෙන එක
කතාවක් තියෙනවා පෙම්වතාට හෝ පෙම්වතියට දෙයක් පැහැදිලි කරනවාට වඩා හරකෙක්ට අනුකලනය කියලා දෙන එක ලේසියි කියලා. “මේ ඇඳුම හොඳයි ද?” කියලා ඇහුවාම හොඳයි කිව්වොත් “මෙච්චර ලොකු එකක් අඳින්න තරම් මං මහත් වෙලා ද?” අහනවා. හොඳ නෑ කිව්වොත්, “ඔව් නේද.. ඒයි, මං මහත් වෙලා ද?”
කොච්චර පැහැදිලි කරලා දුන්නත්, ඒ සේරම අහගෙන ඉඳලා ආයෙ ටිකකින් ගොන් ප්‍රශ්නයක් අහනවා. එතකොට ආයෙත් මුල ඉඳලාම පැහැදිලි කරන්න වෙනවා. ඊට පස්සේ “ඒත් ඉතින් මෙහෙම වුණොත්?” කියලා තවත් විදියකට අර ප්‍රශ්නෙම අහනවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. අන්තිමට දෙන්නාටම තරහා ගිහින් බැනගෙන පැයක් විතර කතා නොකර ඉන්නවා. ආයෙත් ඔන්න ටිකකින් “මොකෝ කරන්නේ?” කියලා මැසේජ් එකක් ආවාම අර තරහ ඔක්කෝම ඉවර යි. රණ්ඩුවක් වුණාට පස්සේ කලින්ටත් වඩා ආදරේ වැඩියි.
කාගෙහරි පම්පෝරියක් අහගෙන ඉන්න එක
හැම සෙට් එකකම පම්පෝරි ගහන යාළුවෙක් ඉන්නවා. ඒ නැතත්, බස් එකක් වාඩි වුණාම ජීවිතේට දැකලා නැතත් සමහරු කතාවට අල්ලගෙන එයාලාගෙ පරණ කතා, ඉස්සරහට කරන්න ඉන්න දේවල්, අඳුරන ලොකු ලොකු මිනිස්සු, එයාලාට කියලා කරගන්න පුළුවන් දේවල් වගේ සුරංගනා කතා පොතක්ම දිගාරිනවා. අකමැතියි වගේ පෙන්නලා අහක බලාගත්තාම ඇඟිල්ලෙන් ඇනලා කොහොමහරි එයාලාගේ සම්පූර්ණ කතාවම අපට කියලා තමයි නවත්වන්නේ. හැබැයි ඒවා අහගෙන ඉන්න එකෙන් ඒ අයගේ අත්දැකීම් ගැන අපට දැනගන්න ලැබෙන නිසා විනෝදයි. සමහරු ගල් පැලෙන බොරු කියද්දි ඒවා ඇත්ත වගේ පෙන්නගෙන අහගෙන ඉඳිද්දි දැනෙන්නේ හරිම කුරිරු සතුටක්.
අවුරුද්දට ගෙදරට එන නෑදෑයොත් ඊට දෙවැනි නෑ. අවුරුද්දට වැඩ අල්ලන්නත් කලින්ම ඇවිත් කතාවට වැටුණාම තමන්ගේ ළමයි, ළමයින්ගේ ළමයි, අසල්වැසි ළමයි, සමාජයේ තත්ත්වය, රටේ ආර්ථිකය වගේ ලොකු රවුමකින් ගිහින් දුව බඳින්නේ එහෙම නැද්ද අහලා තව මේ පාඩුවේ ඉන්න අපිවත් අමාරුවේ දානවා. ඒවාට කල්පනාවක් නැති අපේ හිතේ වැඩ කරන එකම දේ එයාලා මොනවා ගෙනල්ලා ඇතිද කියන එක විතරයි. අන්තිමට පැය ගාණකට පස්සේ එයාලා ගියාම; ගෙනාපුවා බලද්දි ඒක කටේ තියන්නවත් බැරි පරණ කේක් එකක්!
මේ හැමදේම විඳගන්න එක අවුරුදු කාලෙ දි ෂොපින් යන එකට වඩා නම් කොච්චර ලේසියි ද?! ඔළුව පැලෙන්න තරම් රස්නේ තියෙන අව්වේ ගිහින් දාඩිය දාගෙන, හම කළු කරගෙන කඩවල් ගාණකට යන්න වෙනවා. මොකද කඩවල් 10කට ගියොත් ඒ එකකින්වත් පවුලේ අයට සහ විශේෂයෙන් ‘පවුල’ට ගැලපෙන ඒවා හොයාගන්න එක ලේසි නෑ. ඉතින් ඒ කන කට්ට මතක් වෙද්දි තියෙන කඩමාල්ලක් ඇඳගෙන මේ අවුරුද්ද ඔහොමම ගෙවලා දාන්න හිතුණාට එහෙම හදිස්සි තීරණ ගන්න වෙන්නේ නෑ HSBC කාඩ් එකක් තියෙනකම්. ගෙදර ම ඉඳගෙන අන්තර්ජාලය හරහා ඕනම දෙයක් ටක් ගාලා විශේෂ වට්ටම් හා දීමනා එක්ක මිල දී ගන්න පුළුවන් කිසිම කට්ටක් නැතුව.
ඔබ වෙත ගෙන එන්නේ HSBC
When it’s easy as Kokis, go with it