Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගප්පියාත් එක්ක චැට් එකක්

මේ දවස්වල ලංකාවේ වැඩිපුරම කතාබහ වෙන චරිතයක් තමයි ගප්පියා කියන්නෙ. YouTube හා Facebook වල මෙයාගෙ වැඩකිඩ ඔයලා ඕනෑ තරම් දැකල අැති. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තරිඳු විජේසේකර නම් වූ මොහු හදවතින්ම ශ්‍රී ලාංකික පුද්ගලයෙක්. සරලව කියනව නම් ලෝකෙ කොතැනක හිටියත් බොක්කෙන්ම ලංකාවෙ කොල්ලෙක්. විකට චරිතයක් ලෙස ජනප්‍රිය වුවත් අැතැම් අවස්ථාවන්හීදී මොහුගේ නිර්මාණ ඉතාමත් අාන්දෝලනාත්මක ස්වරූපයක් ගනු ලැබුවා. මෙයට හේතු වූ කරණු කාරණා හා නොයෙකුත් දේ ගැන ගප්පියා සමග Roar හි අපි පැවැත්වූ කෙටි පිළිසඳරක් තමයි මේ.

ගප්පියා (තරිඳු විජේසේකර)

ගප්පියා (තරිඳු විජේසේකර)

ලංකාවේ මේ වෙන කොට අන්තර්ජාලය ආශ්‍රිතව බිහිවූ උප සංස්කෘති ගණනාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබඳව 1) අන්තර්ජාලය ආදායම් මාර්ගයක් ලෙස භාවිතා කරන ඔබට ඇති අදහස කුමක්ද? 2) මෙම ආහාර දාමයේ ගප්පියා සිටින තැන කුමක්ද?

ඔය කිව්ව උප සංස්කෘති ඇති වීම ඉතා ස්වාභාවිකයි. ඕක ලොකේ කොහෙත් දකින්න ලැබෙන දෙයක්. ලංකාවේ අන්තර්ජාලය භාවිතය එන්න එන්න වැඩි වෙනකොට ඔය කිව්වා වු උප සංස්කෘති වල පරමාණයද වැඩි වෙනවා. තවමත් අන්තර්ජාලය ප්‍රධාන ආදයම් මාර්ගයක් ලෙස යොදා ගන්න තරම් මිනිස්සු පරමාණයක් ලන්කාවේ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නැ කියන එක තමයි මට නම් තෙරෙන්නේ. ඉතින් තව තව මේකට සෙට් වෙන එක හොද දෙයක් කියලා තමා මට හිතෙන්නේ. ඔය කිව්ව ආහාර දාමයේ ගප්පියා ඉන්නේ කොතනද කියලානම් සුවර් නැ.

ගප්පියා කියන්නේ චරිතයක්. නිර්මාණයක්. ප්‍රබන්ධයක්. ඔහු විවිධාකාරී ස්වරූප වලින් වරින්  වර අප වෙත ඉදිරිපත් වෙනවා. ගප්පියා කියන චරිතය සහ තරිඳු විජේසේකර කියන සැබෑ පුද්ගලයා දෙදෙනෙක් නොව එක්කෙනෙක් වෙන අවස්ථා තියෙනවද?

නැති තරම්. මිනිස්සු කියන විදියට නම් – ගප්පියා මාර සයිලයින්ට් රියල් ලයිෆ් එකේ.

මනුස්සයෙක්ව හිනස්සනව කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒක රස්සාවක් හැටියට කරනවා කියන එක ඊටත් එහා. ගප්පියා කෙසේ වෙතත්, තරිඳු නම් පෘතග්ජන මිනිසා කොහොමද මේ දේ දිගටම කරගෙන යන්නේ? තවත් නම් මේක කරන්න බෑ කියල, දමල ගහල නිකං ඉන්න හිතෙන වෙලාවල් නැද්ද?

දමල ගහන්න හිතිලා තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. එත් පරස්නේ තියෙන්නේ එහෙම හිතෙන වාර ගනනට වඩා කොහොම හරි කරගෙන යනවා කියල හිතෙන වාර ගණන වැඩියි. ගොඩක් කරපු රස්සාවල් වලින් මාව අස් කරලා තියෙනවා. මට සෙට් වෙන්නේ මේක. මම ආස කරන්නේ මේක. උදේට නැගිට්ට වෙලේ ඉදන් රැ නිදා ගන්නකම් (නිදා ගත්තාට පස්සේත්) මගේ ඔලුවේ වැඩ කරන්නේ ගප්පියා. ඉතින් දිගටම කරගෙන යන්න උත්සාහ කරනවා.

ස්වයං වාරණය, එසේත් නැතිනම් self-censorship ගැන ගප්පියාගේ අදහස කුමක්ද?

හ්ම් අදමයි එහෙම දෙයක් ගැන ඇහුවේ. එක ගොඩක් විට සමාජයට ඇපීල් වෙන්න, තමන්ගේ දේවල් ලේසියෙන් මාකට් කරගන්න, තමන්ට වෙන අයගේ කැමැත්ත ගන්න, එහෙමත් නැත්නම කවුරුහරි බනිවි කියන බයට වෙන දෙයක් වෙන්න පුලුවන්. ඔය කියන ස්වයං වාරණය ගැන මම එච්චර විශ්වාස කරන්නේ නැහැ. මොකද මට එක අදාල නැහැ.

අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමග ඊට සමගාමීව බිහි වෙමින් පවතින දැඩි-මතධාරී සදාචාර පොලිසියක් වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මෙයට හොඳම උදාහරණයක් ලෙස ඔබේ Facebook පිටුවේ පල වුනු කාටුන් දෙකකට එල්ල වූ දැඩි විරෝධය සලකන්න පුළුවන්. එම සටහන් වලට කිසිම සම්බන්ධයක් නොමැති ඔබේ වෙනත් video වලට පවා මෙයින් බලපෑමක් වී ඇති බවක් ඒවාට ලැබෙන සමහරක් ප්‍රතිචාර දෙස බැලීමෙන් පැහැදිලි වෙනවා. මෙම ඊනියා සංස්කෘතික පොලිසිය හා සමහර පුද්ගලයින්ගේ අන් මත නොඉවසීමේ හැකියාව පිළිබඳව ගප්පියාගේ අදහස කුමක්ද?

පුහුණුවීම් අතරතුර

පුහුණුවීම් අතරතුර

ඕක ලංකාව වගේ රටක හරි ස්වාභාවිකයි. ලංකාවේ ( ලොකේ ඔනම මනුස්සයකුට) ඕනෑකම තියෙන්නේ පොරක් වෙන්න. තමන්ට වටිනාකමක් ලබා ගන්න. වැඩේ කියන්නේ ලන්කාවේ එක කරගන්න හරි ආමාරැයි. කොහෙ ගියත් කට්ට. බස් එකේ ඉදලා වැඩ පොල, මාර්කට් එක, ඉස්කොලේ – මේ හැමතැනම අපි තෙරෙපෙනවා. අපි නෝන්ඩි වෙනවා. පහත් වෙනවා. නිදහසක් නැ. ඉතින් පොර වෙන්න තියෙන එකම තැන සෝෂල් මීඩියාව. කොටින්ම තමන්ගේ තියෙන අපේක්ෂාභංගත්වය පිට කරන්න තියෙන හොදම තැන. ඒ මිනිස්සු ගැන තරහකට පිළිකුලකට වඩා මට ඇතිවෙන්නේ දුකක්. අනේ පව්.

විදෙස් රටක ජීවත් වන ඔබට ලංකාවේ ප්‍රශ්න හාස්‍යයට ලක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි කියා කෙනෙක් පැවසුවොත් ඔබ ඔහුට හෝ ඇයට දෙන පිළිතුර කුමක්ද?

අයිතියක් තිවුනත් නැතත් මම කරන්නේ මට ඕනේ දේ.

ගප්පියාගෙන් ඉදිරියේදී බලාපාරොත්තු විය හැකි අලුත් දේවල් මොනවද?

වෙනත් තේමා ගවේශණය කරමින් ඉන්නේ. ඉතින් අලුත් තේමා කිහිපයක් යටතේ වැඩ ටිකක් එළියට එයි. පොතක් ලියන්නත් ආසවක් තියෙනවා.

Cover image credit: gappiya.com

Related Articles