Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හිමි කර ගත් පළමු ජපන් ජාතිකයා – යසුනරි කවබතා

යසුනරි කවබතා යනු සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා ගත් පළමු ජපන් ජාතිකයා ය. මොහුගේ නිර්මාණ පැරණි ජපානයේ සුන්දරත්වය මෙන්ම නවීන නැඹුරුතාවයන් සමඟ ඒකාබද්ධ වී තිබුණා. එමෙන්ම මොහුගේ ගද්‍ය නිර්මාණ යථාර්ථවාදය හා අතාත්විකවාදී දෘෂ්ටි කෝණයන් සමඟ මුසු වී තිබුණා. මොහු විසින් රචිත කෘතීන් “දුකින් පිරුණු කාව්‍යමය ප්‍රකාශ” ලෙස විස්තර කරනු ලබනවා.

ළමා කාලය

යසුනරි කවබතා ජපානයේ ඔසාකා හි සමෘද්ධිමත් පවුලකට දාව උපත ලැබුවා. මොහුගේ පියා එයිකිචි කවබතා නම් වූ අතර, ඔහු වෘත්තීමය වශයෙන් වෛද්‍ය වරයෙකි. කෙසේ නමුත් යසුනරි ට වයස අවුරුදු දෙක පමණ වන විට සිය පියා ජීවිතක්ෂයට පත් වෙනවා. වයස අවුරුදු තුන පමණ වන විට මවගේ මිය යාමත් සමඟ යසුනරිට තනි වීමට සිදු වනවා. යසුනරිගේ මිත්තණිය ඔහුට අවුරුදු හයේදී පමණ ජිවිතක්ෂයට පත් වන අතරම සිය සහෝදරිය ඔහු අවුරුදු නවයේ පමණ පසු වන විට මෙලොවින් සමු ගනු ලබනවා.

පවුලේ සිදු වූ මෙම මරණ හේතුවෙන් කවබතාට සාමාන්‍ය දරුවෙකුට හිමි ළමා කාලය අහිමි වනවා. එමෙන්ම ඔහු ප්‍රකාශ කරන ආකාරයට මෙම තත්ත්වය ඔහුට පෙරදීම හුදකලාව ආදී කරුණු උගන්වනු ලැබුවා. පසු කාලීනව කතෘවරයා, ළදරුවෙකු ලෙස ඔහුව විස්තර කර තිබෙන්නේ “නිවසක් වත් පවුලක් වත් නොමැති” අයෙකු ලෙසයි.

අධ්‍යාපනය

තරුණ අවධියේ දී (thefamousbirthdays.com)

වර්ෂ 1915 සිය සීයාගේ මිය යාමෙන් අනතුරුව කවබතා ජපානයේ මහජන පාසලට ඇතුළත් වුණා. අනතුරුව 1920 සිට 1924 දක්වා කාලය තුළ යසුනරි ටෝකියෝ හි ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු අතරම, මෙහි දී සිය උපාධිය ලබා ගැනීම සිදු කරනු ලැබුවා.මොහු සහ තරුණ කතෘ වරුන් Bungei Jidai (“The Artistic Age”) නමැති සඟරාව ආරම්භ කරනු ලබනවා. එය නවීන ජපාන සාහිත්‍යයේ නව ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගයකි. එමෙන්ම යසුනරි යුරෝපීය පෙරටුගාමී පරපුරේ සාහිත්‍ය සඳහා ඇල්මක් දක්වනු ලැබුවා. 1926 දී එමෙන්ම කිනුගාසාගේ ප්‍රකාශනවාදී සිනමා පටය වූ ‘Kuritta Ippeji’ (A Page of Madness) සඳහා තිර පිටපත ලිවීම සිදු කරනු ලැබුවා.

සාහිත්‍යට පිවිසීම

goodreads.com

කවබතා සාහිත්‍ය සඳහා පිවිසීම​ සිදු වූයේ වර්ෂ 1925 ‘The Izu Dancer’ නමැති කෘතිය මඟිනි. ‘The Scarlet Gang of Asakusa’ නමැති නවකතාව සඳහා පාදක වූයේ ගීසා නිවාස, නර්තකයන්, බීම හලවල්, වෙසඟනන් හා රංග ශාලාවන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ටෝකියෝ හි අසකුසා නමැති දිස්ත්‍රික්කය පදනම් කර ගෙනය. මෙම නවකතාව අසාශි ශිම්බුන් නමැති පුවත්පතේ කොටස් වශයෙන් පළ කරනු ලැබුවා.

වර්ෂ 1931 දී කවබතා​ගේ විවාහය සිදු වුණා. පසුව ටෝකියෝ හි නිරිත දිග ප්‍රදේශයේ කමකුරා හි පැරණි සමුරායි අගනගරයේ පදිංචි වුණා. දෙවන ලෝක යුද්ධ සමයේ මොහු මැන්චූරියාවේ ද සංචාරය කළා.

වඩාත් සුප්‍රසිද්ධ නවකතාව

යසුනරිගේ වඩාත් සුප්‍රසිද්ධ නවකතාව (readersonboard.blogspot.com)

යුධමය තත්ත්වයෙන් පසුව කවබතා ඔහුගේ වඩාත් සුප්‍රසිද්ධ නවකතාව වූ Yukiguni (The Snow Country) වර්ෂ 1948 දී ප්‍රකාශයට පත් කරනු ලබනවා. මෙම නවකතාව කිහිප අවස්ථාවකදීම සිනමා පට බවට පත් තිබෙනවා. මෙම නවකතාවත් සමඟම ජපානයේ ප්‍රධාන ලේඛකයකු ලෙස ඔහුගේ ස්ථානය ස්ථිර වීමක් සිදු වුණා.

වර්ෂ 1953 දී යසුනරි ජපානයේ කලා ශාස්ත්‍රාලයේ සාමාජිකයෙකු බවට පත් වූ අතරම, ඉන් අවුරුදු හතරකට පමණ පසුව ජපානයේ පී. ඊ. එන් සමාජයේ සභාපති ලෙස තේරී පත් වුණා.

අනෙකුත් සාහිත්‍ය කෘති

japonsinemasi.com

මෙම අග්‍රගණ්‍ය රචකයා අතින් ලියවුණු කෘති අතර වර්ෂ 1961 දී රචිත Sleeping Beauty නමැති නිර්මාණයත්, Tanpopo  නමැති කෙටි නවකතාවත් දැක්විය හැකි වනවා.

වර්ෂ 1954 දී ප්‍රකාශයට පත් කළ කවබතාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස Yama-no Oto (The Sound of the Mountains) නමැති කෘතිය දැක්විය හැකි අතර එමඟින් විස්තර කරනු ලැබුවේ පවුලක පැවති අර්බුධකාරී තත්ත්වයකි. මේ සඳහා ජපාන ශාස්ත්‍රාලයෙන් සාහිත්‍ය ත්‍යාගය ලබා ගැනීමට හැකියාව උදා වුණා.

1952 දී රචිත ‘දොඹකර දහසක්’ නමැති කෘතියට ජපානයේ සම්ප්‍රදායික තේ පැන් මංගල්‍ය පසුබිම් වුණා.  1965 දී රචිත ‘සෞන්දර්ය හා ශෝකය’ නමැති නිර්මාණයේ දී යසුනරි වයස්ගත පුද්ගලයෙකුගේ හා කාන්තා කලා ශිල්පිනියකගේ නැවත හමුවීම සම්බන්ධයෙන් කතා කරනු ලැබුවා.

මොහු විසින් රචිත තවත් නවකතා සඳහා උදාහරණ ලෙස 1955 දී රචිත ‘විල’ නමැති කෘතියත්, 1962 දී රචිත පැරණි අගනුවර ආදිය දැක්විය හැකියි. මෙම පැරණි අගනුවර නමැති කෘතිය දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැඹුරුතම සංකල්පනාවන්ට බඳුන් වූ කෘතියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

සම්මාන හා අවසන් සමය

නොබෙල් ත්‍යාගය ලබා ගැනීම (thenation.com)

මේ ආකාරයට කවබතා ලොව පුරා ප්‍රසිද්ධියට පත් කතුවරයෙකු බවට පත් වුණා. වර්ෂ 1960 දී ලබා ගැනීමට පෙරාතුව එක්සත් රාජධානියට ගිය අතරම එහි දී විශ්ව විද්‍යාල වල දේශනා දීමද සිදු කරනු ලැබුවා. වර්ෂ 1968 දී සාහිත්‍ය සඳහා පළමු වතාවට යසුනරි ජපන් ජාතිකයෙකු ලෙස නොබෙල් ත්‍යාගය ලබා ගනු ලැබීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවකි.

දීර්ඝ කාලයක් කවබතා අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ අතරම, 1972 අප්‍රේල් මස 16 වන දින, එනම් ඔහුගේ මිතුරා වූ යුකියෝ මිශිමාගේ මරණයෙන් වසර දෙකකට පසුව, ගෑස් කාන්දුවකින් මරණයට පත් වුණා. මෙය සියදිවි නසාගැනීමක් යයි විශ්වාස කෙරෙන නමුත් ඔහුගේ හිතවතුන් සඳහන් කළේ එය අත් වැරදීමක් විය හැකි බවයි.

Cover Image: යසුනරි කවබතා (La Unión de Morelos)

Related Articles