Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් හැරී කුමරුගේ ‘Spare’

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආන්දෝලනාත්මක චරිතයක් වන හැරී කුමරු, සිය ජීවිතය අළලා ලියූ ‘Spare’ නම් කෘතිය පසුගිය දා ප්‍රකාශයට පත් කළේ ය.

අමෙරිකානු නවකතාකරුවෙක් වන J. R. Moehringer ගේ සහය ද ඇති ව, හැරී කුමරු රචනා කළ එම කෘතිය, නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති Penguin Random House නම් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.

හැරී කුමරුගේ ජීවිතයේ ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් මෙම කෘතිය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන් ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් ද පිහිටුවා තිබේ.

බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල එය නිකුත්කළ පළමු දිනයේ දී ම පිටපත් මිලියන 1.43ක් අලෙවි වී තිබීම පදනම් කරගෙන එය ගිනස් පොතට ඇතුළත් ව තිබේ.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙක් වන බැරැක් ඔබාමා 2020 වසරේ ප්‍රකාශයට පත් කළ සිව්වන කෘතිය වන “අ ප්‍රොමිස් ලෑන්ඩ්” කෘතිය යි.

ලිපිය කියවන්න https://tinyurl.com/yfby9wdf ලින්ක් එක ක්ලික් කරන්න.

Related Articles